මම සමාජ ඇසුරට ගොඩාක් කැමති කෙනෙක්. හැබැයි අපේ පවුලෙ අය අතරේ මම ප්‍රසිද්ධ මිනිස්සු අදුරගන්න බැරි හැමකෙනාටම රැවටෙන කෙනෙක් විදිහට.
ඉතින් මට හිතුනා පුංචි වැඩක් කරන්න. මම ඔයාල හැමෝම ගැන දැනගත්තේ බ්ලොග් එක නිසානෙ, සමහරු එක්ක නම් පොඩ්ඩක් චැට් කරල තියනවා,
ඉතින් මම මට ඔයාල ගැන හිතෙන දේවල් මම සටහන් කරා,
මගේ බ්ලොග් එකට එන අය ගැන විතරක් නෙමෙයි, මම යන බ්ලොග් වල අය ගැනත් සමහර අය ගැන වැඩිය තේරෙන්නෙ නෑ. ඒත් මේක බලල ඔයාලම කියන්නකෝ අර පවුලේ අය කියන දේ ඇත්තද බොරුද කියල..
අනේ වැරදි නම් ඉතින් සමාවෙලා ඒක නිවැරදි කරන්න හරිද?
ඔන්න මුලින්ම මම කියන්නෙ තරු අක්ක ගැන ඒකට හේතුව කියල ඉන්නම් ඉස්සෙල්ලම,
තරු අක්ක තමයි මට උදව් කරේ බ්ලොග් එක හදාගන්න මම ලියන ඒව බලන්න කවුරුත් එන එකක් නෑ කිව්වම තරු අක්කයි, නලීන් අයියයි තමයි මාව දිරිමත් කරේ.. ඒකෙනුත් තරු අක්ක බ්ලොග් එක හදල දීලා සේරම කරා.
ඉතින් ඔන්න තරු අක්කේ මුලින්ම ඔයා ගැන...
තරු අක්කා,
හුගක් හිත උණුවෙන, මිතුරු ඇසුරට බොහොම ප්‍රිය ආදරණීය කෙනෙක්.
කාගෙවත් හිත රිද්දන්න කැමති නෑ.
තමංගේ පාඩුවේ තමංගේ වැඩක් කරගෙන ඉන්න තමයි මෙයා කැමති.
අපි වගේ හැම බ්ලොග් එකකම කමෙන්ට් නොදැම්මට ඒවා කියවලා අවැසිනම් විතරක් කමෙන්ට් කරනවා කියලයි මට හිතෙන්නෙ.
නලීන් අයියා,
මුලින්ම මම නලීන් අයියා එක්ක තමයි චැට් කරේ.
නලීන් අයියා තමංගේ රාජකාරිය හරියට කරන, තවමත් තරුණයෙක් වගේ හිතෙන කෙනෙක් වගේ මට දැනෙන්නෙ, ගොඩාක් සමාජයේ වැදගත් උගත් මිනිසුන් ඇසුරෙන් ජීවිතේ නැවුම් කරගන්න කෙනෙක්. තමංගේ දරුවන්ට තියන ආදරේ හංගන්නේ නැතුව පෙන්නන අහිංසක තාත්තෙක්.
කලබලයක් නැති, කවුරුවත් මුකුත් කිව්වට ඒකට රංඩුවට නොයන කෙනෙක් හැබැයි ඉදල හිටල කලහකාරී ගතිත් මතු වෙනවා වගේ..
ලිහිණි,
ඉස්සරහ ගැන ගොඩාක් හිතනවා කියල තමයි හිතෙන්නෙ. ඒත් ඒ සිතුවිලිවල මොකක්දෝ අසුභවාදී කමක් පේනවා.
දක්ෂ, හිත හයිය කෙල්ලෙක්. කවුරුවත් කරල දෙනකන් බලන් ඉන්නෙ නැතුව තනියම නැගිටින්න හදන කෙනෙක්. කතා කරපු ටික දවසට දැනුනේ නම් බාහිර බලපෑම් හිතට ගන්නවා වැඩියි කියලා. තමංට කවුරුත් නෑ කියන එක ගොඩාක් හිතනවා..ලිහිණියෝ පුංචි උපදෙසක් දෙන්නම්,
හැමදාම කළුවට නෑ නංගි ජීවිතේට ලස්සන එලියක් ලගදීම වැටෙයි,
හැමදේකටම වෙලාව එන්න ඕනි. සුභවාදීව ඉවසගෙන ඉන්න..
ඩූඩ් අයියා,
ඩූඩ්අයියා මට දැනෙන්නේ මගේ මාමෙක් වගේ, එහෙම කිව්වෙ වැරැද්දකට උපදේසයක් දෙන්න වගේම කවටකමට අපේ තත්වෙටම වැටිල හිනාවෙන්න පුළුවන් කෙනෙක් නිසායි. සැහැල්ලුවෙන් ඉන්න තමයි කැමති, කාටවත් කරදර නොකර තමංගේ වියදමින් හිතේ සතුටෙන් ඉන්නවා. ඒ වගේම දරුවන්ට පුළුවන් තරම් ලංවෙන්න උත්සාහ කරන තාත්තියෙක්.
දැනෙන විදිහට හොදම හොද සැමියෙක්.
ලොකුවට ප්ලෑන් ජීවිතේ නෑ වගේ පෙනුනට ඉස්සරහ ගැන හිතල වැඩකරනවා කියල හිතෙනවා..
රජා
මල්ලියේ මට ඔයා ගැන නම් දැනෙන්නේ මගේ හස්බන්ඩගේ මල්ලි ගැන දැනෙන විදිහට,.
කරන ඕනිම දඟ වැඩක් හිනාවෙලා ඉවසන්න පුළුවන් බැදීමක්. හුගක් විවෘත, හැමදේම සරලව ගන්නවා කියල හිතුවට එහෙම නැති චරිතයක්. හොද ප්‍රේමවන්තයෙක් වෙයි කියල හිතන්න බැරි උනාට, හොද සැමියෙක් වේවි.
අම්මට තාත්තට සලකන සහෝදරයට ගොඩාක් ආදරේ කරන හොද රජෙක්...
චන්දන
අම්මෝමොනවා කියන්නද මන්ද,
මට හිතෙනවා සැබෑ ජීවිතේදි චන්දන ගොඩාක් නිශ්ෂබ්ද්ද කෙනෙක් කියලා.
අර සමහර අය ඉන්නෙ වැඩි කතාවක් නැති උනාට දැනුමෙන් පරිපූර්ණ හොද විමසිල්ලෙන් ඉන්න අය, අන්න එහෙම තමයි මට චන්දන ගැන හිතෙන්නෙ.
පිරුණු කලේ දිය නොසැලේ කියන්නේ ඒකට තමයි නේද? අනික වැඩිය තමන් ගැන කියවන්න තමන් ගැන විස්තර කරන්න කැමති නැති.
ආවනම් ආව වැඩේ කරගෙන අය අහිංසක කෙනෙක්.
දුකා අයියා,
කෙලින්කතා කරන, හැමවෙලේම බොහොම උද්යෝගයෙන් ඉන්න, ගොඩාක්ම ගොඩාක් ආදරණීය චරිතයක්. සද්දේ දාල කතා කරාට ඒ වෙලාවෙම ඒක අමතක කරන කෙනෙක්.යාළුවන්ට ගොඩාක් කැමති,
ඉක්මනින් මිතුරු වෙන චරිතයක්. සංගීතයට බොහොම ලැදියි.
(මම හිතාගෙන හිටියෙ හොද හයේ හතරේ එක්කෙනෙක් කියලා අයියෝ නෑ චූටිම චූටි අයියෙක්)
යසිත්,
යසිත්ගැනත් පොඩ්ඩක් වැඩිපුර විස්තර මම දන්නවා, ඔන්න ඔහේ ඕන එකක් කියල ඉන්නවා වගේ තමයි දැනුනේ.
හැබැයි හැමෝ එක්කම ඉක්මනට යාළුවෙනවා,
සහෝදර කම, යාලුකම දැනෙන්න සලකනවා,
අන්තිම මොහොතේ පාඩම් කරන හිත හොද මල්ලියෙක්..
සරා අයියා
හොද අභිමානයක් තියාගෙන ඉන්න කාටවත් නැමෙන්නෙ නැති කෙනෙක්.
මයි කා මයි පෙට්‍රල් නිසා අනිත් උන්ට මගේ වැඩ වලින් පලක් නැත වගේ මතයක ඉන්න බව තමයි දැනුනේ. තමංට ලැබිල තියන දේවල් හැමවෙලේම අගේ කරන කෙනෙක්. මොකද පිරිමි හරි අඩුයි තමංගේ බිරිඳ වර්ණනා කරන. ඒ කියන්නේ සරා අයියා ලැබිල තියන දේවල් වලට ගරු කරන ආදරේ කරන කෙනෙක්.
ටිකක් විතර තරහ යනවා වගේ..
(අල්ලන් ගහයිද දන්නෙ නෑ)
මියුරු,
දඟමල්ලක් වගේ දැනෙන්න,
තාමත් සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්. ජීවිතේ පුංචි පුංචි දේවල් වලින් සතුටු වෙන හොද කෙනෙක්.
අහා තව තමන් ඉස්සර ගතකරපු ජීවිතේ මතක කෙනෙක්. සමහරු හරියට උඩින් වැටුනා වගේනෙ ඉන්නෙ ඔය රටවල් වලට.
පැතුම්,
කසාදේ අත ලග තියාගෙන බ්ලොග් කියනවා එකෙක්..
හික්ස්.. ගොඩාක් දන්නෙ නෑ ඒත් ලියන දේවල් දැක්කම හිතෙනවා හිතට එන දේවල් නිදහසේ කරල බලන කෙනෙක් කියලා..
බැන්ඳම හම්බවෙයි උඹට හිතෙන හිතෙන දේවල් කරන්න...
මල්ලියේ,එකිනෙකා හොදට හදුනගෙන ගෙවන සාර්ථක විවාහ ජීවිතේකට සුභ පැතුම්.
(මේ පෝස්ටුව ඊයේ රෑ නිදිමතේ කෙටුවේ,
වැරදි ඇත්නම් සමාවෙන්න...
)
තවකට්ටිය ඉන්නවා අද හවස හරි හෙට හරි මෙන්න මේ අය ගැන නදිනිට හිතෙන දේ නදී නිම්නයෙන් බලාපොරොත්තු වන්න.
හිරූ,නාඩියා,
ක්සැන්ඩර්,
සිරා, සිම්බා මලයා,
චින්තක, සමනළී, රාජ්,
කෙන්ජි, සෑමා, තොටියා,
මඩිස්ස්සලේ නිශාන්, වීයා,
තරියා, අකමා, මාතලන් සහ Silent Sahan. කෝරලේ මහත්තයා..
මේ අය ගැනත් ලියන්නම් ඉක්මනට...
මම නම් අදමයි මේ පැත්තට ආවේ. ඒත් ලිහිණි ෂෙයාර් කරපු එකක් දැකලා. කෝ අර කසාද බඳිනවා කියන පැතුමා .... :P ;)
ReplyDeleteඔන්න සාදරයෙන් පිලිගත්තා, මම නම් ඒ පැත්තේ ගිහින් තියනවා ඒත් කමෙන්ට් කරා කියල මතක නෑ. පැතුම සද්දයක් නෑ හෙට අනිද්දම මගුල තියන බවක් තමයි කිව්වෙ නම්...
Deleteස්තුතියි..එතකොට උඹට මා ගැන හිතෙන්නෙ මෙහෙමයි ආ...
ReplyDeleteඒකිට විතරක් නෙමේ බොල මටත් හිතෙන්නේ එහෙම තමයි. උඹ වෙනස් නොවුනොත් තව අයට එහෙම හිතේවි.
Delete@ ළිහිණි අනේ තරහ උනාද? මට ඉතින් දැනෙන හැටිනෙ කිව්වෙ, ඒකනෙ කිව්වෙ වැරදිනම් නිවැරදි කරන්න කියලා...
Delete@ සරා අයියා, ලිහිණි තරහ වෙලාද කොහොද අයියේ... :(
ළිහිණියා එහෙම නෑ. නදිනි
Deleteඋඹ දන්නවද නංගී මම ගොඩක් තැන් වල කිව්වා මගේ ජීවිතයට මෑත අවුරුදු පහ හයක කාලේ අතුලට සිද්ද උනු හොඳම දේවල් දෙකක් තියෙනවා.
ReplyDeleteඑකක් මගේ පුතා විරුල්.
අනික මගේ බ්ලොග් එක.
මට මගේ ම දිහාත් වෙනස්ම, තුන්වෙනියක් වගේ බලන්න මට පුලුවන් උනේ බ්ලොග් එක නිසා.
මොකද කවදාවත් මම තව කෙනෙකට කියන්න ඕන දේ කියලා මගේ හිත පිරිසිදු කර ගත්තා මිසක් ඒ මනුස්සයගේ පැත්තෙන් කියන්න ඕන දේ අහන්න වද උනේ නෑ.
ඒත් බ්ලොග් එකේ කොම්න්ට්ස් නිසා මම ඒ පුරුද්ද හදාගත්තා.
අහ් මම ගැන කියපුවා ගොඩක් හරි වගේ.
හැබැයි මම මිතුරෝ ඇති කර ගන්න ගොඩක් කැමති කෙනෙක් උනාට මාව ආශ්‍රය කරන උන් හරි ඉක්මනට මාව හලනවා.
මොකෝ මගේ ජරා කටට ගොඩක් උන් කැමති නෑ.
මගේ අම්මගෙන් මට ලැබුනු විශේෂ දායාදේ උනු ඒක මගේ හොඳම ගතියක් කියලා මම හිතන නිසා හැලෙන උන් හැලියන් කියලා මම කියන්න තියෙන දේ කෙලින්ම කියනවා. . .
හෙ හෙ හේ . .
ඒ කියන්නෙ බ්ලොග් එක නිසා හොද දේවල් වෙලා තියන්නේ අයියට? සන්තෝසයි ඉතින් මේ විදිහට මම කට්ටිය ගැන අදුරගෙන ඉන්න එක. චූටි අයියෙක් කියපු එකනෙ හරිම කතාව?
Deleteහොඳ වෙලාවට චූටි අයියෙක් කිව්වේ තඩි බඩගෙඩියෙක් නොකියා . . හික්z
Delete//මයි කා මයි පෙට්‍රල් නිසා අනිත් උන්ට මගේ වැඩ වලින් පලක් නැත වගේ මතයක ඉන්න බව තමයි දැනුනේ// හෙහ් හෙහ් හෙහ්...
ReplyDeleteමම අනිත් අයගේ මත වලට නම් ගරු කරනවා නදිනි. කෙනෙකුව හිතා මතා අපහසුවට පත් කරන හා බොරු අහන්කාර කම් තියෙන අයට තමයි මම අකමැති. බ්ලොග් ලෝකෙට ආවටම පස්සේ මෙහෙම ලිපියක් දැක්කමයි. මොකද බ්ලොග් ලිවුවට තව කෙනෙක් මා ගැන හිතන්නේ කොහොමද මම කරන දේවල් නිසා තවකෙනෙක් මාව දකින්නේ කොයි විදිහටද කියලා හිතන්න මම වදවෙලා නෑ කවදාවත්. ඔයාට හිතෙන විදිහනේ. මට අවුලක් නෑ වෙනස් විදිහක පෝස්ටුවක් ලියපු එක නම් අගෙයි. මම කියන්නේ මේක අළුත් අදහසක්.
මම එතනදි කිව්වෙ අයියා අනිත් අයගේ මතයට ගරු නොකරනවා කියල නෙමෙයි, කාගෙන්වත් යැපෙන්නෙ නැති නිසා අනිත් අය තමන්ගේ ජීවිතේ අනිත් අයගේ බලපෑමකින් තොරව ගෙනියවා වගේ දෙයක් අනේ මන්දා කොහොමහරි කියන්න හැදුවෙ අනිත් අයගේ මතයට ගරු නොකරනවා කියල නම් නෙමෙයි...අනිත් දේවල් හරිද අයියේ?
Deleteඅපේ මායියට පෙන්නුවා උන්දෑ නම් කිව්වේ හරියටම හරි කියලා. හරි ඇති නේද නදිනියෝ. උන්දෑ මා ගැන මටත් වඩා හොඳට දන්න කෙනා නොවැ. හැක්....
Deleteඒක හැබැයි, නංගි බබාත් ආවනම් අයියගේ විස්තරේ හරියටම අහගන්න තිබුනා..
Deleteහප්පට සිරි.. පිරුණු කලේ..! හනේ මගේ කලේ :P :D
ReplyDelete//සැබෑ ජීවිතේදි චන්දන ගොඩාක් නිශ්ෂබ්ද්ද කෙනෙක් කියලා.// බොහෝ දුරට හරි. ඇයි එහෙම හිතුවේ. FB වල එහෙම වැඩිය දකින්න නැති නිසා ද..? :)
වෙනස් ලිපියක්. මෙහෙම එකක් වෙන කවුරුවත් ලියලම නැද්ද කොහෙද.. (මේ පෝස්ට් එක රෝලට ඇවිත් නෑ තමයි)
මට එහෙම හිතුන, සද්ද බද්ද නැති හොද ලමයෙක් කියලා. මේක එඩිට් කරත් බ්ලොග් රෝලට යන්නෙ නෑනේ, මාර වැඩේ මම මේ අනිත් කට්ටියගෙ ඒවා දාන්නේ නැතුව ඉන්නෙ, ඒකත් අප්සෙට් වෙයි කියලා...ස්තූතියි පෝස්ටුව අගය කලාට.
Deleteඒකනේ මේ පොස්ට් එක දැක්කේ නෑනේ මාත්.... නලින් අයියගේ බ්ලොගේ තිබ්බ ලින්කුවකින් මාත් දැක්කේ.....
Deleteඒක ප්‍රශ්නයක් නිසා ෆලෝවර්ස්ලට ගියේ නෑ, ලිහිණිත් ඔහෙ ඉදන් සෑහෙන්න ට්‍රයි කරා ඒත් බැරි උනා. පස්සෙ මම පුලුවන් අයට ඊයක් යැව්වා..දෙවෙනි එක එදා හවස දැම්මෙ නැත්තේ ඒකත් අවුල් වෙයි කියල.. දැන් නම් හරි වගේ..
Deleteහොදා මුං ගේ පැටිකිරිය ටිකක් දැනගන්න එක.. හැක්... ටයිටල් රිපෝරින් බයි නදිනි...
ReplyDeleteහැක් හැක් නෙමෙයි, ඊලග එකේ එනවා ඔබතුමාගේ විස්තරෙත්, මේක එඩිට් කරගන්න විදිහක් නැතුව ඉන්නෙ..
Deleteහානේ....... ළගපාත හිටියනම් ටොපි පැකට් එකක් හලනවා කටේ ^_^
ReplyDeleteහරියට හරි වගේලු ඈ....
මෙයා මේ මොනවා කියෝනවද? කොහෙ ප්‍රේමවන්තයෙක් වෙන්නද...යන යන තැන පොඩිම එකා මම. ඔක්කොම අක්කලා... මට මරාගෙන මැරෙන්න හිතිලා තියෙන්නේ.
සුභ වේවා!!! රාජ සම්පති ලැබේවා!!!
මට එපා ටොපි ..
Deleteඇයි රජා හිතාගෙන ඉන්නෙ ඔයාගේ අවුරුද්දට පස්සෙ ලංකාවේ කෙල්ලො ඉපදුනේ නෑ කියලද? නැත්නම් හැමදාම ඔය වයසෙම ඉදී කියලද?
ඒවා හඳේ මල්ලි, හෙට අනිද්දම කෙල්ලෙක් නාහෙ විද්දයි පස්සේ මේ ඉන්නෙ රජා එහෙයි කියාගෙන...හි හී
මෝඩ රජෝ මුලින්ම අක්ක කෙනෙක් සෙට් කර ගනින් අවුරුදු දෙකක් විතර වැඩිමල්...
Deleteයාලු වෙලා අවුරුදු 2ක් ගියාම උඹේ වයස එයාගෙ වයසට සමාන වෙනවනෙ මෝඩයෝ... :P
මෙන්න කට්ටිය, මුන් නේද හෙට අනිද්දා රට බාරගන්න ඉන්නෙ?
Deleteඔයා මාව දැකපු විදිය නම් ගොඩාක්ම හරි... ඔය සැහැල්ලුවෙන් ඉන්න කතාව කොහොමද කියල කිව්වොත් අපේ මනූ කියන්නෙ එයාට දූලා තුන් දෙනෙක් බලා ගන්න වෙලා කියල... අර දඟ මලු ගතිය නම් දැන් ගොඩාක්ම අඩුවෙලා නදිනි... දැන් එහෙම ඉන්න ගියොත් ලෝකෙට විහිළුවක් වෙනවනෙ... ඒත් පරණ යාළුවො මුණ ගැහුනම නම් ඒක මතක නැති වෙනවා....
ReplyDeleteමගෙ වැඩත් ඔයාට ටිකක් සමානයි ඒකයි මට එහෙම හිතුනේ, මටත් තාමත් ඔය එක එක විකාර වැඩ හිතට ආවාට කරන්නෙ නෑ... මිනිස්සු පිස්සු කියල හිතයිනේ කියල, තාම ඉතින් දරු පැටව් නැති නිසා වෙන්න ඇති ඔය කරන විකාර සැමි අයියා ඉවසගෙන ඉන්නේ...
Deleteනලින් සහ හෙන්රි ගැන නම් හරියට හරි කියල මම හිතනව.ඒ දෙන්නගෙ ලිපි වලට කොමන්ට් කරද්දී දැනිල තියෙන විදියට.දැරිවියන් අතරින්නම් ලිහිණි දෝණි ට නම් අන්තිමට කියපු ටික හරියට හරි කියල හිතෙනව.[මොකද මට සුන්දර මතකයක් තිබෙන පැත්තක දරුවෙක් නිසා]චන්දනගේ සමහර ලිපි කියවද්දී ගමේ කරපු/කියපු දේවල් මතක් කරනවා.දුකා ගෙ ලිපිත් හුගක් දුරට මගේ අතීතය මතක් කරනව.අනිත් අය ගැනත් ඔබ ලියල තියෙන විදිහ හරි ඇති කියල හිතනව.
ReplyDeleteබොහොම ස්තූතියි...ඒත් කෝ ඉතින් ඩූඩ් අයියත් නෑ නලීන් අයියත් ඇවිත් නෑ මේ පැත්තේ. ඔන්න ඔබ තුමා ගැනත් සදහන් කරල ඊලග එකත් දැම්මා..
Deleteඇයි මං මේක කලින් නොදැක්කේ..... මිස් වෙන්න විදියක් නෑ....
ReplyDelete//අන්තිම මොහොතේ පාඩම් කරන /// හිහි... පාඩම් කරන්න අකමැති හලෝ....
මං මේක හනී බනීට පෙන්නන්න ඕන.. එයත් දැන ගන්න එපැයි රටේ ලෝකෙ මිනිස්සු මං ගැන දකින විදිය නේ..... :D
ඔව් ඔව් පෙන්නන්ට, එහෙම අමතක වෙන්නෙ නෑ ඔයාව මුල ඉදන්ම මම දන්නවනේ.. ඉස්සෙල්ල පෝස්ට් එක ගියෙ නෑ ෆලෝවස්ලට ඇයි දන්නෙ නෑ.. ඒ නිසා ඩූඩ් අයීයා එහෙමත් දැකල නෑ..
Deleteහප්පට උඩු මෙතැනනේ පැටිකිරිය..සොරි ඈ..කලින් එකේ සෝලි තියලා ගියාට.
ReplyDeleteකසාදෙ ? හෙහ් හෙහ් මෙයා මගුලක් කියනවා..හෙහ් හෙහ්..මගේ කසාදෙ ගැන දැනගත්තොත් ඔයා..හෙහ් හෙහ් හෙහ්
හප්පට උඩු මෙතැනනේ පැටිකිරිය..සොරි ඈ..කලින් එකේ සෝලි තියලා ගියාට.
ReplyDeleteකසාදෙ ? හෙහ් හෙහ් මෙයා මගුලක් කියනවා..හෙහ් හෙහ්..මගේ කසාදෙ ගැන දැනගත්තොත් ඔයා..හෙහ් හෙහ් හෙහ්
දැන් මේක රටටම කිව්වෙ මම බදිනවෝ කියල? අර හැම එකාම කේක් ඉල්ලුවහම දෙන්නම් කියල එහෙම කිව්වෙ? ඒ පාර කියනවා බදින්නෙ නෑ ලු..
Deleteබැන්දා බැන්දා....හැබැයි "ලැපක්" හෙහ් හෙහ් හෙහ්
Deleteඅවුරුදු 23 බඳින්ට වයසකද අප්පා හෙහ්හ් හෙහ්හ්
ReplyDeleteඒ මොකද? මම බැන්දෙත් 23 න්... තේරෙන මගුලක් නම් නෑ තමයි..
Deleteහික්...මොනව කරගත්තද දන්නේ නැ එදා...
Deleteඑදානම් ඉතින් මුකුත් නෑ අයියේ අත්සන් කරා විතරනේ, තේරුනෙත් නෑ මොකද වෙන්න යන්නෙ කියලා.. කොහොමත් අපේ මනුස්සයා කියන දෙකට ඔලුව වනනවා ඇර උත්තර දෙනවා අඩුයි, දැන් තමයි හිතෙන්නෙ එයත් දැනගෙන හිටියෙ නෑ මොකද වෙන්නෙ කියල..ඔන්න ඔහේ ඕන එකක් කියල අත්සන් කරන්න ඇති..
Delete
ReplyDeleteමමත් නදිනි කලා වගේ එඩිට් කලා, රිවර්ට් ටො ඩ්‍රාෆ්ට් කරලා ආයි පබ්ලිෂ් කලා. ඒත් ප්‍රශ්නෙ එහෙමමයි.
ඉතින් පෝස්ට් එක ගැන කිව්වොත් මේක හැමෝටම රසවත් එකක්. අපි කවුරුත් හරිම ආසයි අනිත් අය අපි ගැන අවංකවම හිතන්නෙ මොනවද කියලා දැනගන්න. නදිනි මං ගැන සුභවාදී ආකල්පයක් ඇතිකරගෙන තියෙන බව පේනවා මම ලියන දෙයින්. අපි ලියන දෙයින් පිළිබිඹු වෙන්නෙ අපේ ඇතුලතාන්තය තමයි.
නදිනි අපි ගැන කිව්ව නිසා මට හිතුනා නදිනි ගැන මම හිතන හැටි වාක්‍යකින් දෙකකින් කියන්න.
මම හිතන්නෙ ඔයා, ඔයාගෙ සැමි අයියත් එක්ක මැදපෙරදිග රටක රැකියාව කරනවා. සමහර විට සැමි අයියා ඔහේ ඉන්නවා වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. කොහොම හරි දෙන්නා ඉතාම ආදරෙන් ඉන්න බව පේනවා. තරමක් දුරට අනිත් උන් විශ්වාස කරනවත් වැඩිද කියලා මට වෙලාවකට හිතෙනවා. ඒත් අවශ්‍ය වෙලාවට කියන්න අවශ්‍ය දේ කෙලින්ම කියලා දානවා. ඒ වගේම relationships වලට ගරු කරනවා. පවුලට ලැදියි. සංස්කෘතිය ගැනත් සෑහෙන්න හිතනවා. මම හිතන්නෙ මම හරිය කියලා.:)
අයියා ගැන මම කියපුව හරිනම් මට සතුටුයි.
Deleteමම ගැන කියනවා නම් මම විතරයි මෙහේ ඉන්නෙ, මගේ සැමි අයියා ලංකාවේ, ටිකක් ලොකු ජොබ් කට්ටක් කරන නිසා එක පාරට මෙහෙට ඇවිත් අනාථවෙනවට මගේ කැමැත්තක් නෑ. ඒත් මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් අපි කොහේ හරි සෙට්ල් වෙනවා ඒක ලංකාවෙ හරි මෙහෙ හරි මටනම් කොහෙත් එකයි.
ඔයා හරි අයියේ මගේ මිනිස්සු තේරුම් ගැනීම නම් නිල්. හුගක් වෙලාවට ඒකෙන් ප්‍රශ්න ඇති වෙනවා. කටට නම් බ්රේක් අඩුයි, ඒත් කාගෙවත් හිත රිද්දන්න එචචර කැමති නෑ.ඔෆිස් එකේදි එහෙම නම් හරි සැරයි. රිලේශන්ශිප් එකට ගරු කරන කතාවත් සංස්කෘතිය ගැන සෑහෙන්න හිතන කතාව ඇත්ත. මොකද කොච්චර මොඩර්න් උනත් තාමත් පරණ අදහස් තියනවා මගේ ලග. පවුලට තියන ලැදියාව නම් ගොඩාක් ලොකුයි. කොච්චරද කියනවා නම් ඒක ඒ අයට වදයක් වෙනවත් ඇති...
කෙන්ජිත් කියලා තිබ්බා මේ පෝස්ට් එක ගැන මට කමෙන්ට් එකක්ම දාලා. ස්තුතියි කෙන්ජි/
ReplyDeleteමේ පෝස්ට් එක නම් මගේ බ්ලොග් රෝල් එකේ අප්ඩේට් වෙලා තිබ්බා. නමුත් මේකෙ පළවෙනි කොටස නෑ. ඉතින් ඒකයි මම ඒක නොදැක්කෙ. මම ඒකට කමෙන්ට් එකක් දැම්මා. දැන් බලාපුවාම ඒකෙත් මුල කොටස මිසිං. ඉතින් ඒකෙ මුල ටික මෙතන ආයෙම දාන්නම්.
ඔය බ්ලොග් රෝල්ල් වල පෝස්ට් එක අප්ඩේට් නොවන ලෙඩේ මටත් තියෙනවා. මමත් ඊයෙ දැම්මා නදිනිලාටත් ගැලපෙන ඩයටිං ගැන පෝස්ට් එකක්. වෙනදා වගේ කමෙන්ට් නෑ. බැලුවාම ඒක මගේම බ්ලොග් රෝලෙ වත් අප්ඩේට් වෙලා නෑ. මමත් නදිනි කලා වගේ එඩිට් කලා, රිවර්ට් ටො ඩ්‍රාෆ්ට් කරලා ආයි පබ්ලිෂ් කලා. ඒත් ප්‍රශ්නෙ එහෙමමයි.
ඔන්න ඔය ටිකයි හැලුණු ටික.
මුන් සෙට් එක ගැන මගේ ඇති හැඟීමත් ඔයිට සෑහෙන දුරට සමානයි.
කෙන්ජි කොකු කිං. නමුත් බොක්ක හොඳ එකා.
නලීන් බොක්ක හොඳ නමුත් රස්සාව සහ දේශපාලනය නිසා නාගන්න බුවෙක්. හැබැයි මට මුණ ගැහිලා තියෙනවා.
ළිහිණි මුරන්ඩු, නමුත් විනෝදෙට කැමති, හිත හොඳ වගේම අතීත අත්දැකීම් වලින් තවමත් හිතින් දුක් විඳින කෙනෙක්.
රජා: මූ තාම ජීවිතය මොනවගේද කියලා ඉව කරන එකෙක්. ඔය කියන තරං වල් නෑ. මූ ඉන්නෙ තවම නව යොවුන් වියේ අවුරුදු විසි එක පැන්නට.
දුකා ගැන ඔයා කියාපු දේම තමයි මටත් හිතෙන්නෙ.
සරා: මුරණ්ඩු සත්‍ය ප්‍රේම භෘංග රාජයා.
මියුරු: කෙල්ලො දෙන්නෙක්ගෙ අම්මා කෙනෙක් වුනාට විනෝදෙන් ඉන්න, අතීතය මතක එකියක්
පැතුම්: උගෙ වයසට නෙවෙයි භාෂාවත් එක්ක දාන සෙල්ලම්. නිහතමානී බුවා. ලඟදිම ඉතින් ඌත් ඉවරයි.
:D
Dude: මේ තිත් දෙකයි ඩී අකුරයි දැම්මාම ඔක්කොම හරියි කියලා හිතෙන එකෙක්
ඔන්න ගිහින් මම ඩයටින් පෝස්ට් එක බලල කමෙන්ට් දාලා ආවා. මේ දවස් වල මගුල් ලෙඩේ හැදිලා ඉතින් ටිකක් අමාරුයි කොම්පීතරී වැඩ, සැමි අයියා දිවා රෑ නොබලා බනිනවා යස වැඩේ චොක්ලට් කනවට කියලා. ඉරිසියාව ඉරිසියාව වෙන මොකක්ද ඉතින්, අහා ඔය අයියා දාල තියෙන්නෙ විස්තරයක් මටත් වඩා හොදට.
Deleteමගුල් ලෙඩේ Migraine හොදේ..
DeleteMigraine වලයි චොක්ලට් වලයි සම්බන්ධයක් තියෙන බව මට මතක නෑ. එහෙම එකකුත් තියෙනවද?
Deleteඔව් මට දොස්තර මහත්මයා කිව්වෙ, කජු, චීස් චොක්ලට් එපාය කියලා, කොහෙද ඉතින් ඒව දැක්කම ලෙඩක් තියනවා කියල නිකමටවත් මතක් වෙන්නෙ නෑනේ...
Deleteඔන්න මමත් ආවෝ අද එක දැක්කට පස්සෙනේ මේක දැක්කේ... මං ගැන කියු දෙයින් දියණියන් දෙදෙනා තමා මගේ ලෝකේ අංක එක. දෙවැන්න මගේ රැකියාව.. ඒත් නදිනි රැකියාවේදි නම් බොහෝ පිරිසක් මට මනාප නැ.. මොකද මං එතැනදි ටිකක් දරදඩු කෙනෙක්..හැමදාම උදේ 10වෙනකොට තුන් හතර දෙනෙක්වත් මගෙන් පරිප්පු කනවා..හැබැයි ඒ වාචිකව විතරයි..කිසිම දවදක කිසිම කෙනෙක් ට වරදක් ඉහළට ගෙනිහින් නම් නෑ.. ඒ වුණාට මං දන්නවා මගේ වාග් විලාශයට බොහෝ දෙනකු අකමැති බව.. ඒත් කරන්න දෙයක් නෑ හරියට වැඩේ කරගන්න නම් යකෙක් වගේ වෙන්නම වෙනවා.මොකද උදේ 10ට තියන රැස්විමෙදි මං පරිප්පුව කනවා පාලනාධිකාරියෙන්..රැකියාවේ මේ තත්ත්වය මට පීඩනයක්.. එය මග හැර ගන්න තමයි මම මේ බ්ලොග් එක කරගන යන්නේ. බ්ලොග් එකට එන පුංචි වුණත් කමෙන්ටුවකින් මගේ හිත සැහැල්ලුවෙනවා..ස්තුතියි මා ගැන මෙහෙම ලිව්වට.
ReplyDeleteඅයියා මට ගොඩාක් උදව් කරානේ මේක හදාගන්න.. සතුටුයි මම හරියට කට්ටිය ගැන කිව්ව එක නම්..
Deleteඅන්තිම ලිපිය ආවට පස්සෙම මං තව විස්තර ටිකක් කොටන්න එන්නං..
ReplyDeleteමේ අන්තිම එකෙත් ඔයා ගැන දාන්නෙ නෑ.. 2 වෙනි එකේ දැම්ම එක විතරයි..
Deleteමාත් ආව ඔන්න මේ පැත්තේ.. :)
ReplyDeleteඔන්න සාදරෙන් පිලිගත්තා ප්‍රමුදි.. තව ටික දවසකට කලින් ආවානම් මගේන් නොමිලේ සාස්තරයක් අහගන්නවනේ. :D
Deleteඩූඩ් අයියා මට දැනෙන්නේ මගේ මාමෙක් වගේ,// මටත් දැනෙන්නෙ ඒ විදිහටමයි..... හෙහ් හේ..... ඩූඩ් මාමා මේක දකිවිද දන්නෙ නෑ :D
ReplyDeleteසාදරෙන් පිලිගන්නවා බුද්ධි, සාමාන්‍යයෙන් කියනවනෙ අක්කට හරි නංගිට හරි දරුවෙක් ලැබුනාම මාමගේ සුලගිල්ලට කිරි එරෙනවා කියලා... මමත් හරි ආදරෙයි මාමලට..
Deletemama blog liyanna aluth.adamai me blog eka dakke..computer eka ekka dawasema happila iddi me vage post ekak kiyawanna labuna eka sathutui..digatama karagena yanna suba pathanawa akki.aith me paththe ennam aluth post kiyawanna..
ReplyDeleteඔන්න තොරන් බැන්දල රබන් ගහල පිලිගත්තා... දිගටම එන්න මල්ලි...
Deleteaniwa digatama enawa akkiyo.sinhalen ketuwe nathi unata samawenna.comment karanne phone eken :(
Deleteඅනේ නංගෝ අදනෙ මේ ලිපිය දැක්කෙත... ඇත්තටම රස්සාවයි, ලියන කියන වැඩයි, සමාජ වැඩයි නිසා මට බ්ලොග් බලන්න වෙනනොදැ අඩුවෙන්.. ඉඩක් ලැබුණම තොගේට බලාගෙන යනවා.. කමෙන්ට් කරනව අඩුයි.. කොහොම වුණත් සතුටුයි.. ඔයා මාව තේරුම් අරන් තියෙනවා... ස්තුතියි මේ ආදරයට... පොත් බලනව ඇති නේද?
ReplyDeleteඔව් අක්කියෝ පොත් දෙවෙනි පාරට කියවනවා, දැන් අම්මිලා ඇවිත් යද්දි එවන්නම් හොදද?
Deleteබොහොම ස්තූතියි හොදේ..
ඔයා මාර සාස්තර කරියෙක් තමයි..
ReplyDeleteහොදයි නේද සාස්තර කඩයක් දාගත්තනම්? අය්යා ගැනත් කියන්නද? මට හිතෙනවා ගොඩාක් ප්‍රතිපත්ති රකින කෙනෙක් කියලා, දකින් මිනිස්සු ඔයා ගැන හිතන්නෙ වැඩිය බරක් නැති කෙනෙක් වගේ.. ඒත් හිතේ තියන දේ එලියට දාන්න කලින් කවුඩ කින්ද මන්ද හිතනවා.. අහා තව පුංචි දේවල් වලින් වුනත් ලොකු සතුටක් ලබනවා..
Deleteසුමනදාස උන්නැහේ නිවාඩු හින්දා නදිනි මිසී වැඩ පටන් අරං වගේ..හ්ම්ම්
ReplyDelete