Wednesday, March 20, 2013

මම දේශපාලනයට යනෝ...


පහුගිය සතියෙ දවස් 3 ක් විතර සාස්තර කිව්වනේ. වැඩේ නැගල ගියා. කට්ටිය ගොඩාක් කැමති උනා.. මටත් හරි සතුටුයි. ඉතින් සතුටෙන් ඊයෙ නිදාගනිද්දි අමුතු හීනයක් දැක්කා.. අපේ පවුලෙත් ලගම කීපදෙනෙක් දේශපාලනයට සම්බන්ධයි. ලගම කිව්වෙ අපෙ තාත්තගෙ තාත්තගෙ නංගිගෙ මහත්තයා එයාගේ ලමයි එහෙම. (පොඩ්ඩක් දුර තමයි මොනව කරන්නද?) ඔන්න දැන් ඔය සම්බන්ධ කෙනෙක් ආවා හීනෙන් මගේ ලගට. ඇවිත් කිව්වා, ඔහොම ඉදල බෑ දැන් අපේ පවුලකින් කාන්තා නියෝජනයක් ඕනි පාර්ලිමේන්තුවට. ලෑස්ති වෙනවා පාර්ලිමේන්තු යන්න කියලා. එහෙම කිව්වට යන්න පුලුවන්ද? කට්ටිය කොච්චර ඉන්නවද  ඇපෘවල් ගන්න..එහෙම හිතල ගෙදර කට්ටිය බැලුව. කවුරුත් නෑ ගෙදර, කමක් නෑ බ්ලොග් යාළුවෝ ඉන්නවනේ කියල, ඔන්න රිංගුවා ජංජාලෙට, රිංගලා කට්ටිය එක්ක පොඩි චැට් එකක් දැම්මා මගේ දේශපාලන පිවිසුම ගැන කට්ටිය මොකද කියන්නෙ කියලා බලන්න.. පල්ලෙහයින් තියෙන්නෙ කට්ටිය කියපු දේවල්. බලන්නකෝ මම හරිද කියලා..
මුලින්මඇහුවා නලීන් අයියාගෙන්,
දේශපාලනය කරන එක කොයි තරම් නම් හොදද? වැදගත්ම දේ නිවැරදි පක්ෂය සහ ප්රතිපත්ති. වැඩි විස්තර පසුව කතා කරමු.
දුකාඅයියා,
මොලේ කොලොප්පං වෙලාද බං නංගියේ උඹේ?
ළිහිණි,
උඹට පිස්සුද නදිනියෝ හිටපං මම එන්නම් තව විස්තර කතා කරන්න..
සරාඅයියා,
මට දැනෙන විදිහට නම් එච්චර හොද අදහසක් නෙමෙයි නංගියේ.. ඒත් තීරණය කරල ඉවරනම් උදව්වක් ඕනිනම් කියන්න..
චන්දන
නියමයි නියමයි..
දේශකයා
හැක් හැක් උඹට පිස්සුද හැක් හැක්
රජා,
කෙලින්න නේද හදන්නෙ මගේ පුටුවට? බැරිවැඩ නොකර හිටින් අක්කේ
සුභවේවා !! රාජ සම්පත් ලැබේවා!!
යසිත්
මේ බතක් මාලුවක් උයාගෙන ගෙට වෙලා ඉන්නවා හලෝ ඉල්ලන් කන්නෙ නැතුව,
හිරූ,
හිහී උඹ දේශපාලනය කරන්න?? හි හී
මාතලන්,
මේවෙලාවෙ ගන්න පුලුවන් හොදම තීරණය තමයි ඒක, අනිත් අය කියන ඒවට සැලෙන්න එපා
හසිත්
ලංකා ඉතිහාසෙත් රජවරුන්ට මව් රැජින වගේම බිසවගෙනුත් ලැබුන උපදෙස් නිසා තමයි අපේ රට මේ තරම් දියුණු උනේ. ඔබටත් දුර ගමනක් යන්න ලැබෙයි.
ඩූඩ්
ඕකනම් එච්චර හොද අදහසක් කියල මට හිතෙන්නෙ නෑ.. කෝකටත් නිවී සැනසිල්ලෙ ආපහු කල්පනා කරල බැලුවොත් නරකද?
චින්තක
මරේ මරු ෆට්ට
තරූඅක්කා
අනේ මංදා නංගෝ.
සමනළී
අක්කේ ඕකනම් සාස්තර කියනවා වගේ ලේසි නෑ
මියුරු
අදහසක් මතක් වෙන්නෙ නෑ අනේ. එච්චර හොද වැඩක් නෙමෙයි.
වීඅයියා
ඒපාර මොකක්ද හැදුන පිස්සුව?
Silentsahan
මේ වගේ දේකට පේලියෙන් දෙකෙන් උත්තර දෙන්න බෑ. හෙමින් සැරේ පෝස්ට් එකක්ම දාන්නම්.
සෑමා
ඉක්මනට පාර්ලිමේන්තු ගිහින් එන දෙසැම්බර් වලට කලින් බඩු මිල පහල දානවනම් මම ඡන්දේ දෙනවා නැත්නම් වැඩක් නෑ.
සිරාඅයියා,
අදහස හොදයි..
අකමා
අනේ බං?? උඹයි මමයි කරන දේශපාලනේ..
තොටියා,
මේ වගේ දියුණු වෙන යුගයක ගෑණු තමයි ඉදිරියට එන්න ඕනි. පිරිමින්ට සේරම කරන්න බෑනේ..
කෙන්ජි,
ගෑණු දරුවගේ ඔලුව හොද නෑ වගේ මේ දවස් වල....
අනේ මංදා මම මුකුත් නොකියා ඉන්නම්.. 

අදින් පස්සෙ මඩ ගසන්නේ නැති බවට දිවුරා පොරොන්දු වෙමි..

12 comments:

  1. නදියෝ... කවුරු හරි පස්සෙන් පන්නනවද මෙච්චර හදිස්සියක්. ඊයේ පෝස්ට් එකක් දැකලා කමෙන්ට් එකක් දැම්මා. ඒකෙ රිප්ලයි බලන්න එනකොට නෝ රිප්ලයි. අලුත් පෝස්ට් එකක්. එකට කමෙන්ට් එකක් දාලා පැය දෙක තුනකින් එනකොට තව එකක්.

    මාගේ බලවත් විරෝධය පල කිරීම උදෙසා පෝස්ටුව නොකියවාම කමෙන්ට් කළා ඔන්න. අද මේක කියවන්නෙත් නෑ. ග්ර්ර්ර්.....

    ReplyDelete
    Replies
    1. මගෙන් ගුටි නොකා කියවාපිය, පරක්කු වෙලා ඇවිත් තව සද්දෙත් දානවා, මේක ඊයෙ රෑ දාන්න නෙමෙයි හිටියෙ ඒත් සේව් කරද්දි බ්ලොගර් ලොකු අයියා මට සද්දයක් දැම්ම, එයාට අරියාදුවට තමයි මේක දැම්මෙ, ප්‍රශ්නෙ තියෙන්නෙ එයා තරහටම මේක ෆලෝවර්ස්ලට යවල නෑ... මේ දවස්වල මටයි ඩූඩ් අයියටයි එයා හරියට වෙනස්කම් කරනවා..

      Delete
    2. ඔන්න මාසයක්ම පරක්කු උණේ නෑ.... ගහන්න ඔට්ටු නෑ හොඳේ....

      //අනේ බං?? උඹයි මමයි කරන දේශපාලනේ....//

      මේක මං කිව්වනම් වෙනස් වෙන්නේ එක වචනයක් විතරයි. ඒ තමයි,

      "අනේ බං?? උඹයි මායි දන්න දේශපාලනේ...." කියලා.

      හැබැයි ඒ අනාවැකි ටිකත් ගොඩාක් හරි.

      -----------------
      පහු ගිය කාලේ බ්ලොගර් අවුලක් තිබුණා නේද? දැන් හරිද?

      Delete
    3. අන්තිමට දාපු පෝස්ට් එකටනම් ප්‍රශ්නෙ ආවේ නෑ, ඒත් ඊට කලින් එකෙත් අවුලක් තිබුනා... අනේ මන්දා

      Delete
  2. ඔයානම් මාරයි අනේ....මාරම මාරයි... අලුත් දේවල් කරන්න හීන දකිනවද... එහෙම නැත්නම් හීනෙනුත් බ්ලොග් එක ගැන හිතනවද....

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ හීනෙනුත් බ්ලොග් බලනවා.. හි හී (හිරුවගෙන්)

      Delete
  3. හෙහ් හේ... මං කියල තියන එක. :D

    ReplyDelete
    Replies
    1. ඔයා ඉතින් එපා කියන එකක් නෑ මට හිතෙන විදිහට.

      Delete
  4. මේකිට පිස්සුද මට පිස්සුද බ්ලොගර්ට පිස්සුද දෙයියෝතමා දන්නේ..

    ReplyDelete
    Replies
    1. අපි තුන් දෙනාටම පිස්සු, (වැඩිපුර මට තමයි ඉතින්) මේ පෝස්ට් එක ගියේ නෑ ෆලොවර්ස්ලට, ඉතින් අලුත් එකක් දැම්ම, පරණ එකට තමයි සරා අයියා අකමා කමෙන්ට් දාල තියෙන්නෙ, ඉතින් මේක ඩිලීට් කලේ නෑ..

      Delete
    2. මටත් පිස්සු.. මං ද කොහෙද පිස්සු ඩබල් කලේ.. :D

      Delete
    3. ඔව් ඔව් ඒකනම් ඇත්ත...

      Delete

නදී නිම්න‍යේ තබා යන්න ඔ‍බේ සිතුවිලි මුතු අහුරක්...