Monday, June 15, 2015

මගේ නොවන මගේම හිත...

 
 
හොයාගන්න නෑ වෙලාවකට
ඔහේ ගිහින් රස්තියාදුවක
අනිත් අයගේ දුක බලන්න,
අනිත් අයට හයිය දෙන්න
 
පැමිණිලි නම් ගොඩයි ඔන්න,
ඕනි වෙලාවක රවුමක
දුක දැනුනම මට කියන්න
හිතවත් නෑ මගේ තනියට
 
කියන්න වෙන නෑ කවුරුත්
අහන්න ඉන්නේ නුඹ නම්
දුවන්නේ ඇයි මග අරිමින්,
ඉන්නම වෙනවා ලග මම්,
 
 අහිංසකයි මලක් වගේ
දුක හිතුනම අඩන රගේ
දන්නේ මම විතරයි හැටි
උණුවෙන බව වෙඩරු වගේ
 
ලගින් ඉන්න හැමදාමත්
දිනාගන්න ලොව තාමත්
මගේ නොවී මගේ වෙන්න
බෑ නුඹ මගේ හිත තාමත්..