Saturday, March 2, 2013

ගෑණු ළමයි මෙහෙමයි....

පෙරේදා හවස නංගි ගියා ෂොපින්, ලගපාත තියන තැනක සේල් දාලලු, ඉතින් සේල් කිව්වම අපිට අවුරුදු වගේනේ ගන්න දෙයක් නැති උනත් යන්න හිතෙනවා.. ඒත් මටනම් ගොඩාක් දවස් ඉදල සපත්තු ජොඩුවක් ගන්න උවමනාවක් තිබුනා ඉතින් ඊයේ නිවාඩු දවසේ හවස මමත් දාගත්ත යන්න ඒත් හවුලට යන්න කෙනෙකුත් නෑ, නංගි දොස්තර ලගට යනවා කිව්වා ඉතින් ඩබල මාව සේල් එක ලගින් බස්සගෙන ගියා...



ඔන්න ඉතින් ගෑණු ලමය මුලින්ම ගියා සපත්තු තියන තැනට උවමනා දේවල් ගත්තා දැන් හරි, ඒත් මතක් උනා නංගි කිව්වා නේද ඇදුම් තියනවා ගොඩක් අඩුයි ගිහින් බලන්න කියලා, ඉතින් හෙමින් හෙමින් ගෑටුවා පැත්තට, සිංහල අය පිරිලා මෙච්චර මේ රටේ සිංහල මිනිස්සු වැඩ කරනවා කියල හිතාගන්නත් බෑ...සිංහල කියල දැනෙන අයත් එක්ක හිනාවෙවී ඇවිද්දා.. ම්ම්හ්... හිතට අල්ලන එකක්වත් හම්බවුනේ නෑ...

ඔහොම ඇවිදල ඇතිවුනා... දැන් ඉතින් යනවා කියල හිතාගෙන පල්ලෙහාට ආවහම මෙන්න තියනවා අත් ඔරලෝසු, මගේ අත් ඔරලෝසුව පරණයි අලුත් එකක් ගන්න දෙතුන් වතාවක් ආවත් බැරීඋනා... ඉතින් ඔන්න බලන්න ගත්තා අත් ඔරලෝසුවල මිල ගණන්, අම්මෝ ඊට වඩා අඩුවට ගන්න පුලුවන් ඔරලෝසු කණුවක්. ඔන්න ඒකත් අමතක කලා.. පස්සේ ඔය මොනවහරි විස්කුරුත්තමක් ගන්නවා කියලා ඇවිදිනකොට හම්බ උනා නිය ආලේපන... ගොඩාක් ආස නැත්ත් ඉදල හිටල ගානවා ඉතින් ඔන්න ගත්ත 2,3 ක්.

ඊට එහා පැත්තෙන් තියෙනවා මෙන්න හිත ඇදිල යන ආස හිතෙන දෙයක්... තමයි අර NAIL ART කියන්නෙ විදිහට හැඩ ගන්නපු කෘතිම නියපොතු. අනේ ඕක ඉතින් මගේ තිබුන ලොකු ආසාවක්. ඒත් ලංකාවෙ නම් ඕක ටිකක් ගනන්. ඉතින් මෙතන ගනන් බැලුවම වැඩිය නෑ.. දැන් ඉතින් මම තෝරනවා එක එක රටාවන්.. ඔය අතරේ ප්රශ්නයක් මතු උනා. දැන් කොහොමද මේක අලවගන්නේ... එහා පැත්තෙන් හිටිය ගෑණු දරුවෙක් ඔය උදව්වට ඉන්න..

යොමුකලා ප්රශ්නය ඇයට. විස්තර කරන්න කලින් හොදට බැලුවා මං දිහා හරියට පිටසක්වල ජීවියෙක් දිහා බලනවා වගේ. පස්සේ  ඉතින් කියල දුන්නා මෙන්න මෙහෙමයි කියල.

වැඩර් වගේ අරගෙන ආවා ගෙදර. ආපු වෙලාවෙම ගෙදර තියන වැඩ සේරම ඉවර කරා. හොදට අතපය හෝදගෙන ඇවිත් කටත් උල් කරගෙන හයි කරගත්ත ගෙනාපු ප්ලාස්ටික් කෑලි ටික... ඔන්න ඉතින් ඔය ටික අමාරුවෙන් අලවද්දි අපේ ගෙදර ඉන්න අනිත් උන් දෙන්නට ලෝකෙ නැති ප්රශ්න.

දැන් ඔයා කන්නෙ කොහොමද හෙට ඉදන් අතෙන්?
ඔයාට ටයිප් කරන්න පුලුවන්ද ඕක අලවගෙන?
ඔයා ලියන්නෙ කොහොමද?
දිග වැඩි නැද්ද?
ගැලවෙන එකක් නැද්ද?
ලොකු අම්මියි, අය්යයි බනීද?
ගලවන්න කියයිද දන්නේ නෑ?
ස්කයිප්කතා කරද්දි පෙන්නන්න එපා හොදද

ඔන්න ප්රශ්න සහ උපදෙස්.. ඔය ටිකට උත්තර දීලා අමාරුවෙන් කෑලි ටිකත් අලවගෙන මමම තනියම හැඩ බැලුවා.. ඔන්න තියනවා පින්තූර, 






(අත නම් කැතයි . ඔය ආර්ට් එක විතරක් බලන්න ඉතින්)

ගොඩාක් දිගට තමයි තිබුනෙනම් මම ඉතින් කොටට කාපාගත්ත. ටයිප් කරන්න අමාරු උනේ නම් නෑ... අකුරු වැරදියට ගහලනම් ඔයාල කියන්නකෝ...:D

47 comments:

  1. >>සිංහල කියල දැනෙන අයත් එක්ක හිනාවෙවී ඇවිද්දා...<<

    මේ වැඩේ නම් එච්චර හොඳ නෑ නදිනි. ලෝකෙ නැති ප්‍රශ්ණවලට, වරදවා වටහා ගැනීම් වලට ලක් වෙන්න පුලුවන්. අපේම උන්ග්න් වඩා ප්‍රවේසම් වෙන්න. අත් දැකීමෙන් කියන්නෙ.

    එතකොට ඕකට නිල් පාට ලිප්ස්ටික් එකකුයි අයි ෂැඩෝ එකකුයි ගාන්න වේවි නේද? :D මොනවද බං.ඔය කාලෙට නොකරන ඉට්ටැයිල්! කවුරුත් ලස්සන වෙන්න ආසයිනෙ.

    අත් පියානෝ වාදනයට සහ සමහර විට ගිටාර් වාදනයට හොඳ ඇති. උත්සාහ කරලා බලන්න. හීනි දිග අගට යනකොට හීනි වෙන (ටේපරිං ඩවුන්) ඇඟිලි ගැන මට හිතෙන්නෙ එහෙමයි.

    ReplyDelete
    Replies
    1. අය්ය කියල තියෙන්නෙ ඇත්ත, අපේ මිනිස්සුගෙන් පරිස්සම් වෙන එක තමයි අමාරුම... ඔන්න හිතට ගත්තා අවවාදය,,,,ස්තූතියි....
      අයි ෂැඩෝ නම් ගෑවා කියමුකෝ, ලිප්ස්ටික් එකත් ගෑවොත් කෙලින්ම විෂ්ණු දෙවියො වගේ ඉදි නේද?
      මට ඕගන් එක ගහන්න නම් පුලුවන් ගිටාර් ගහන්න ඉගෙන ගන්නත් පුදුම ආසාවක් තියනවා කොහෙද ඉතින් බලධාරියෝ ඉඩ දෙන්නෙ නෑනේ...

      Delete
    2. හැක් නියමයිනේ ඉතින්....

      Delete
    3. විෂ්ණු දෙයියෝ වගේ... ^_^

      Delete
    4. @ සරා අය්යා, නියමයි ඉතින්....නියම නියපොතු ටික අද හවස ගැලෙව්ව අය්යේ අපිට ඉතින් ඔය පොෂ් වැඩ පුරුදු නෑනේ...
      @ රජා කොහොමද නිල් පාට කියුටෙක්ස් ගාල, ලිප්ස්ටිප් ගාල තව අයි ෂැඩෝ එකත් ගෑවහම??? සරා අය්ය නම් දැකල ඇති මෙහෙ ඉන්න පිලිපීන් නංගිල ඔහොම ගානවා...

      Delete
  2. ඔයාගේ අතත් හරිම ලස්සනයි ඔයා වගේම. ඔයාගේ අත ගන්න ඇතිනම්. ඔයාගේ ඔය සිනිදු අත අල්ලාගෙන පෝරුවට ගොඩ වෙලා කසාද බඳින හැටි මම මනසින් මව මවා ඉන්නවා. ඔයා කැමති නම් මමත් කැමතියි..

    ReplyDelete
    Replies
    1. හුටා. ලස්සන හැඩ අතක් බව මටත් පෙනුනා. ආචාර්ය හේවගේ කොහොමද අත සිනිඳු බව දැනගැත්තෙ ෆෝටෝ එකෙන්. මේක 4D ෆෝටෝ එකක්වත්ද?

      විහිලු හොඳේ!

      Delete
    2. Mr.හේවගෙ ගේ ඇසේ සිවිය පිරිමි කාටවත් පිහිටල නැති විදියට තමා පිහිටල තියෙන්නෙ හෙන්රි:).එම නිසා ...............!!!අන්කල් ගෙ වයස කීයද මියියියියිඉආ??????????????

      Delete
    3. @ ඩූඩ් අය්යේ, මේක නිකන් නරියයි කේජු කෑල්ලයි වගේ කතාවක්....

      @ කෙන්ජි, හරියට හරි නැත්නම් ඔය වගේ විකාර පෙනේවිද? මේවා මහ පොඩි උන්ගේ බොළද වැඩ, මේක මේ හේවගේ මහත්තයා මට කරපු අපහාසයක් විදිහට තමයි මට දැනෙන්නේ.

      Delete
    4. @ Mr.හේවගේ;
      වැල්ලවත්තෙ කටු දොස්තරලාගෙ උපාධි කඩෙන් සල්ලි දීල ගත්ත එක නම ඉස්සරහට ගෙන පිරිමි කමට ලජ්ජා කරන්න එපා.විනෝදෙට බාගෙට කුණු හරුපත් කතාකරන්න හැකි තැන් තියෙනවා.ඒ වගේ තැන් වලට ඇවිල්ල හොද මහත්තුරු වගේ අදහස් ප්‍රකාශ කරගමුකෝ.මේ වගේ "මෝඩ චුං"ගන්නෙ නැතිව.

      Delete
    5. අයියෝ මේ ආචාර්යතුමා ගැන දන්නෙ නැද්ද තාම? බුවාගෙන් අහන්න දන්නැත්තං :-)

      Delete
    6. දෙය්යෝ සාක්කි!!!!! මේ සුජිත් හේවගේ හොඳ වෙලාවට පැවිදි නොවුනේ.නැත්නම් සාසනෙයි පඬු හැලියයි විතරක් නෙවේ පන්සල් වත්තේ කිකිලියෙක් වත් ඉතුරු නොවේවි.පිරිමි කමට නින්දා කරන්න එපා මිනිහෝ,නියම විදිහට විවාහයක් කරගනින් නැත්නම් මං වගේ වැදගත් තනිකඩයෙක් වගේ හිටින්

      Delete
  3. නියමයිනේ..මමත් ඉඳලා හිටලා ඔය වගේ පිස්සු වැඩ කරනවා ගෙදරදී. නියපොතු වවන්න මම ආසයි. එක අතක විතරක් දිගට වවලා ඒ නියපොතු වල ඔය වගේ කෘතිම නියපොතු අලවලා නේල් ආර්ට් දමනවා. හැබැයි ගොයියො නිල් පාටට නම් මම වැඩිය කැමති නෑ. ඇඳුම් මැච් කරන්න අමාරුයි.

    ලංකාවෙත් නේල් ආර්ට් කරපු කෘතිම නියපොතු ඕනෑ තරම් තියෙනවා නදී. ගණන් නම් නෑ..

    (නදී ඔයාට ඊයක් එවන්න තියෙනවා. මගේ ලඟ ඔයාගෙ ඊ මේල් එඩ් එක නෑ. මට එවන්න පුළුවන්ද ? )

    ReplyDelete
    Replies
    1. අඩෝ නිල් පාටට මොකුත් කියන්නෑ... මම ආසම පාට!

      හැබැයි තද නිල නෙමේ... මේ නියපොතු වල නිල :)

      Delete
    2. @ ලිහිණි මමත් හරි ආසයි ඔය වගේ වැඩ වලට ලංකාවේ ඉද්දි අපි යනවානේ ඔය එක එක ප්‍රදර්ශන බලන්න. ඉතින් අපේ මනුස්පයා හරි කැමති මෙහෙන්දි අදිනවට එහෙම. එහෙම ඇන්දම එයා ෆොටොස් අරගෙන ෆෝන් එකේ වෝල් පේපර් එකට දාගෙන ඉන්නවා ඉතින් එයාගේ බ්‍රාන්ච් එකේ කෙල්ලො දැකල හූල්ලනවලු යන්න බැරි උනා කියල..
      ඔව් නිල් පාට ඇදුම් මැච් කරන්න නම් අමාරුයි තමයි.. කොහෙද ඉතින් අද හවස් වෙද්දි නියපොතු ටික ගලවලා දැම්ම... අපිට ඉතින් ඔය ලොකු ලොකු දේවල් පුරුදු නෑනේ...

      @ රජා, මේ නිල් පාටට මමත් ආසයි...මේකට තමයි නේද ස්කයි බ්ලූ කියන්නේ?

      Delete
    3. මටත් ඉස්සර උ/පෙ කරන කාලේ හෙන පිස්සුවක් තිබ්බා අතේ මෙහෙන්දි අදින්න. ඉස්කෝලේ ඉන්න මුස්ලිම් ළමයින් ගේනවා එක එක මෙහෙන්දි ඩිසයින් තියෙන පොත්. එයාලට ලස්සනට අදින්න පුළුවන්. ඒ අයට කියල ඇද ගන්නවා....

      Delete
    4. මටනම් තාම තියනවා මෙහෙන්දි අදින ආසාව පුදුම ආසාවක් ඒක නම්, ඉස්කෝලෙදි නම් ඕවා කරන්න ලැබුනේ නෑ..

      Delete
  4. කෙල්ලන්ගේ ඉට්ටැයිල් :) හොඳයි හොඳයි..කොල්ලොත් ඕවා පාවිච්චි කරන්න ගත්තොත් ප්‍රයෝජනවත් වෙයි කියල මාත් මෝස්‌තර ටිකක් හොයා ගත්ත :p

    https://www.google.lk/search?q=NAIL+ART&hl=si&client=firefox-a&hs=nX3&rls=org.mozilla:en-US:official&tbm=isch&tbo=u&source=univ&sa=X&ei=YrMxUbSbLofzrQf8hoH4DA&ved=0CCgQsAQ&biw=1001&bih=579

    ReplyDelete
    Replies
    1. කෙල්ලන්ගෙ ඉට්ටයිල් දැන ගෙන ඉන්න එක හොදයිනේ කාටත් ... අනේ චන්දන ලින්ක් එක නම් ගොඩාක් වටිනවා දැන් මේ සති අන්තයට වැඩක් තියනවා...

      කොල්ලො පටන් ගත්තොත් සැලෝන් එකක් දාන්නද කල්පනා කලේ?

      Delete
    2. //කොල්ලො පටන් ගත්තොත් සැලෝන් එකක් දාන්නද කල්පනා කලේ?//

      හෙ හේ.. හොඳයි නෙහ් ? :)

      Delete
    3. අර මුණු පොතෙත් තියෙනවා නේල් ආර්ට් පේජ් එකක්.....

      Delete
    4. මම ඉතින් මූණු පොතේ නම් නෑනේ...

      Delete
  5. ඔය ඉට්ටයිල් ගැන නම් දන්නේ මායියා පමණි. ඒ නිසා කට වහගෙන ඉඤ්ඤං. මක්කටෙයි නොදන්න දෙමලෙට කට දාලා නහින්නේ. හා නැද්ද මං අහන්නේ...?

    ReplyDelete
    Replies
    1. ඉගෙන ගන්න ඉට්ටයිල්, මොකද මායියාට ඉට්ටයිල් කරන්න උදව් කරන්න පුලුවන්නෙ එතකොට...

      Delete
  6. මම දැක්කා අපේ එකෙක්ගෙ කෑල්ලක් කකුලේ නියපොතු වලත් ඇන්ග්‍රි බර්ඩ්ස් ඇදලා... පට්ට ගති!

    ඕං ට්‍රයි කරලා බලාන්ට ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් රජෝ ඔය චන්දන දාල තියන ලින්කුවෙත් තියනවා ඒක. බලන්න ඕනි කරන්න. ඒත් ඉතින් මටනම් චිත්‍ර අදින එකට පුංචිවත් හැකියාවක් නෑ කොටින්ම හරියට කෝටු බබෙක්වත් ඇදගන්න බෑ..

      Delete
  7. ඔය වගේ වැඩත් කරන්න එපැයි ඉදල හිටලා....නැත්තන් ඉතිං වයසට ගියාම කරන්න කියලයි....
    ආර්ට් එක නම් හොදට පේන්නේ නෑ. පින්තුරේ ටිකක් බ්ලර් වෙලා වගේ....

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත, මේක අතුලෙන් එක කියුටෙක්ස් එකක් ගාල උඩින් ගාන වෙන වීශේෂ එකක් තියනවා ඒක ඒ දවස් වල නම් ටිකක් ගනන්.. අපිත් පවුලම එකක් ගෙනල්ල වගේ ගෑවා සේරම නංගිලා එකතු වෙලා...මෙන්න තියනවා විස්තරේ...
      http://www.youtube.com/watch?v=rrF-KPmWDSc

      Delete
  8. හෙහ් හෙහ් කෙල්ලන්ගේ සුකුරුත්තන්.. නිල් පාට නැතුව වෙන පාටක් තිබුනේ නැද්දෝ

    ReplyDelete
    Replies
    1. අනේ මල්ලො මේ ආචාරියෙක් නිසා මම බ්ලොග් එක පැත්තෙ ආවෙවත් නෑ, අද තමයි බැලුවේ. ඔව් ඉතින් කෙල්ලන්ට විතරනෙ පුලුවන් මෙහෙම සුකුරුත්තම් කරන්න, නිල් පාට ලස්සනයි කියල හිතුනා, ආපහු වෙන පාටක් අරගෙන එන්න ඕනි වැඩේ තියෙන්නෙ ඕක අලවලා වැඩ කරන්න අමාරුයිනෙ.

      Delete
  9. ගෑණු ලමයි එහෙම නේන්නං.....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඉතින් ගෑණු ලමයි ගැන දැනගෙන ඉන්න එක හොදයිනේ....
      සාදරයෙන් පිලිගන්නවා රාජ්...

      Delete
  10. හිකිස්.... මරු මරු,,,,

    ReplyDelete
    Replies
    1. කවුද මමද? තැන්කූ හොදේ... :P

      Delete
  11. අදයි මං මෙහෙ ආවේ..:) කමෙන්ට් එකක් හරහා. මං දන්නේ නෑ ඔය ලිප්ස්ටික් කියුටෙක්ස් ගැන. ඒවාට අපේ එක්ස්පර්ට් ගේ උදව් අවශ්‍ය වෙනවා මට. උන්දෑ තෝරන දේ මං ගන්නවා. :) කමෙන්ට්ස් එක්ක මං කියවන ආවා. ඩුඩ් ගේ මුල්ම කමෙන්ට් එක ඔප්පු කරලම පෙන්නලා තියෙන්නේ. :)

    ReplyDelete
    Replies
    1. උන්දෑ තෝරන එකට ගෙවනවා කියන්න...:D
      අපොයි ඔයා හිතුවෙ මම අර පුද්ගලයා එක්ක කතාවට හිනාවට ගියා කියලද? එයා හිනාවක් කතාවක් නැතුවත් දිරිමත් උනේ මම කමෙන්ට් මොඩරේෂන් දාල තිබුනෙ නැති නිසා,, ඔන්න ඉස්සෙල්ල පෝස්ට් එකෙ තොරණ ගැහුව හොදේ...

      Delete
    2. අනේ නෑ. මං ඔයවගේ PHD (Permanantly Head Damaged) කට්ටිය දැකල තියනවා බ්ලොග් වල. මං හිතන්නේ ඩුඩ් වුනත් ඒ වගේ අය දැකල ඇති. :)

      Delete
    3. මෙයා ගෑණු ලමයි හැමෝගෙම බ්ලොග් වල කමෙන්ට් දාන්නෙ මෙහෙම දේවල් තමයි...

      Delete
    4. මං අද රවුං ගහද්දි නිකමට වගේ ඔය මනුස්සයා ලියන බ්ලොග් ඒකට ගියා. මගේ කතාව හරි නේ බොලේ.. :) මනුස්සයට PHD

      Delete
  12. කමෙන්ට් එකක් දිගේ තමා අද ඉස්සෙල්ලම මේ පැත්තට ගොඩවුනේ. දවස් හතට නියපොතු හතක් ගත්තා නම් මරු! හැබෑට ඕවා ගැලවෙන්නේ නැතිද? දාගෙන බත් කනකොට එකක් බඩට ගියොත්හෙම? :O

    ReplyDelete
    Replies
    1. ඔයාව ඔන්න සාදරයෙන් පිලිගත්තා.. ඔයාටත් තියෙන්නෙ අර අපේ ගෙදර ඉන්න දෙන්නගේ ප්‍රශ්න තමයි. මම කියල තිබුනෙ නංගිට පහුවෙනිදා මට කවන්න කියල.. ඒත් හවස් වෙද්දි ගැලවුනානේ.. ඕවා දාගෙන වැඩ කරන්න බෑ...නිකන් show off එකට හොදයි ඉතිං....

      Delete
  13. ඈක්කා... කැත විතරක්... ලස්සනට තියෙන එක විහින් කාගෙන...

    මේ... නංඟි තාම ඉගෙන ගන්නවද ? :P

    ReplyDelete
    Replies
    1. කාගත්තෙ නෑ හලෝ, ඒක ගලවන්න පුලුවන්,
      නංගි නම් ඉගෙනගෙන ඉවරයි දැන්, මල්ලි ඇහුවේ එයාව ඉස්කෝලෙ ගෙනියන්න ගේන්න වගේ හොද පරමාර්ථයක් හිතේ තියාගෙන කියල මම දන්නවා. කමක් නෑ මල්ලි, හෙට අනිද්ද නංගිගේ පොඩි එකා ඉස්කෝලෙ යවනවා එතකොට කියන්නම්

      Delete
  14. අනේ අනිච්චං ගන්න ගියේ එකක් ගත්තේ තව එකක් :P

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත, ආස හිතුනා දැක්කහම...ඉතින් ගත්තා...ගෑණු ලමයි ඔය විස්කුරුත්තන් වලට ආසවෙන්නත් ඕනිනේ..

      Delete
  15. නේල් ආර්ට් එක ලස්සනයි......

    ඒත් කෝ සෙරෙප්පු දෙක?

    ReplyDelete
    Replies
    1. සපත්තු 2ක් ගත්තේ නංගො, ඔෆිස් දාන්න, ඒක මේකෙ දැම්මම කැතයි නේ..

      Delete

නදී නිම්න‍යේ තබා යන්න ඔ‍බේ සිතුවිලි මුතු අහුරක්...