Sunday, January 18, 2015

නංගි Girl


අද උදේ නිකමට වගේ දුකා අයියාගේ බ්ලොග් එක පැත්තේ කරක් ගැහුවේ පොත් ගැන දුකා අයියා දාපු සටහන් ටිකක් කියවන්න. අතරෙදි දැකපු පෝස්ට් එකක් කියවන්න ගියාම ඇස් දෙකට කදුළු පිරුනේ මටත් සමානම අත්දැකීමක් තියන නිසා. පෝස්ට් එක තමයි කරදරකාර නංගී.

ජීවිතේ වැටෙන වෙලාවට නැගිටින්න,  හිත සැහැල්ලු වෙලාවට උඩ පැන පැන නටන්න, ඔය හැමදේටම මටත් ඉන්නවා නංගියෙක්. ලස්සනම බෝනික්කියෙක්.

ඇත්තටම අම්මි, තාත්ති හැරුනාම මගේ ජීවිතේ මේ තරම් නැගිටින්න මගේ ලගින් හිටියේ නංගි. වයසින් අවුරුදු 6ක් බාල නිසා පුංචි කාලේ නම් අපි අතරේ තිබුනේ නොගැලපීමක්. මම සෙල්ලම් කරන කාලෙදි ඇය සෙල්ලම් වලට එකතු වෙන්න බැරි තරම් පුංචි වීමත් ඇය සෙල්ලම් කරන කාලේ වෙද්දි මම සෙල්ලම් කරන කාලේ පහුවෙලා තිබීමත් ඒකට හේතු වුනා. 

ඒ කාලේදි පුංචි පුංචි දුෂ්ට වැඩත් මගේ අතින් නොකෙරුනාම නෙමෙයි. ඉස්කෝලෙට පය තියන්නත් කලින් ඇය අකුරු කියවන්න ලියන්න පුළුවන් කරවන්න මට ඕනි වුනා. ඉතිං මගේ පොඩි මේසේ තියාගෙන බැන බැන අකුරු උගන්නද්දි ඇස් වලින් වැටෙන කදුළු ඇය හිරකරගෙන ඉන්න හැටිත්, බැරිම වුනාම අම්මි දිහා බලල කට ඇඹුල් කරන හැටිත් මට මැවිලා පේන්නේ සිද්ධි අද ඊයේ වුනා වගේ.

අවුරුදු 2 1/2 වගේ පොඩි කාලෙදි ලොකු කහ කුරුල්ලා බස් එකකට අඩ තියන්න නංගි උත්සාහ කරපු සිද්ධියත් මගේ ජීවිතේ අමතක නොවන දෙයක්. හීරීම් හැර වෙන ලොකු තුවාල නැතිව ඇගේ ජීවිතේ බේරීම අදටත් හාස්කමක්.

දවස් වල ගෙදර අපි දෙන්නගේ කාමරේ ඇදවල් දෙකට වෙලා රෑ වෙනකන් අපි දෙන්න කුටු කුටු ගාන්නේ පොඩ්ඩක් හරි ඇහිච්ච ගමන්මොකද මේ සද්දේ දෙන්නගේ නිදාගන්නේ නැද්ද” කියලා අම්මිගේ නෝක්කඩුව ඇහෙනකන්.

වයසින් වැඩිවෙද්දි අපි දෙන්න යාළුවෝ වගේ වුනේ විදිහට. දැන් උස, මහත, වගේම කකුලේ ප්රමාණයත් අපි දෙන්නගේ එකමයි. නිසා මම නිවාඩුවට යද්දි ඇදුම් ගෙනියන්නේ බොහොම සීමිතව. වගේම මම ගෙනියන ඒවා නිවාඩුව ඉවරවෙනකන් පාවිච්චි කරන්නේ නංගි

මම වගේ කච කච ගාගෙන කඩේ දාගෙන නොහිටියට නංගී තමයි පවුලේ හැමෝගෙම ආදරේ වැඩියෙන්ම ලැබුන කෙනා. අම්මිගේ පැත්තෙන් ගත්තත්, තාත්තිගේ පැත්තෙන් ගත්තත් ඇය ගොඩාක් ආදරයට වගේම හුරතලයටත් පාත් වෙච්ච කෙනෙක්. වටේ වැඩිය යාලුවෝ නැති කෙනෙක්. වගේම තමන්ගේ පිළිවෙලට වැඩ කරන කෙනෙක්. අනිත් අයට පේන්න බොරුවට මවාපෑම් නැති කෙනෙක්.  අදටත් නංගිට වඩා පොඩි අය පවුලේ හිටියත් හැමෝගෙම ආදරේ දිනාගෙන හුරතල් වෙන්නෙ නම් මෙයා තමයි. රස්සාවක් කරත්, තාමත් අම්මිගේ චූටි පුතා, තාත්තිගේ චූටි බබා වගේම පුංචිලා තාමත් එක එක නම් කියනවා. පැටී, පැටියා, චුට්ටං, චොක්කා ඔය කියන නම් වලින් කිහිපයක්.

නංගිගේ යාලුවෝ අවුරුදු 15 කින් වගේ වෙනස් වෙලා නෑ. කියන්නේ අවුරුදු 10 දි වගේ යාළුවෝ වෙච්ච කට්ටියම තමයි අදටත් ඉන්නේ. සමහරු ලංකාව හැර ගිහින් ඒත් එයාලගේ යාළුකම තාමත් විදිහටම පවතිනවා. එතනෙ විශේෂම දේ ඔය යාළුවෝ ගොඩේ කිසිම දවසක මම පිරිමි ළමයෙක් දැකලා නෑ. බොහොම ලගදි දවසක නංගිගේ හොදම යාළුවගේ වැඩකට අපි ගියාම එත හිටිය පිරිමි ළමයෙක් එක්ක නංගි හිනා වෙලා කතා කරා. මම ඇහුව කවුද කියලා. "යාළුවෙක්” නංගි කිව්වා. එදා තමයි පලවෙනි වතාවට නංගිගෙ පිරිමි යාළුවෙක්ව මම දැක්කේ. වෙලාවෙම මම මල්ලිට කිව්වා ඔයා තමයි මම දැකපු අපේ නංගිගේ එකම වගේම පළවෙනි පිරිමි යාලුවා කියලා, එතකොට මල්ලි කියනවා ඉතිං අක්කේ අදමනේ මෙයා මං එක්ක කතා කරෙත්"

මෙහෙන් යන ඕනි කෙනෙක් අතේ මම නංගිට ඕනි දෙයක් යවනවා, වැඩියෙන් යවන්නේ සපත්තු. ඒත් ගමනක් යන්න ගියාම හතරවටේ දුවන්නේ “මට දාන්න ෂූස් නෑනේ” කියන ගමන්. එතකොට තාත්ති බනිනවා "මේ ළමයට අර ජයලලිතාට වගේ සපත්තු තියනවා ඒත් නෑ කියනවා" කියලා. එතකොට නංගි කියන්නේ "ඒකනේ එකක් දෙකක් තිබුනනම් හරිනේ දැන් තෝරන්න ගියාම කරදරයිනේ"

පුංචි කාලේ නංගි බෝනික්කියෙක් වගේ ලස්සනයි. නංගි 1 වසරට ඇතුල්කරාම මම තමයි උදේට එයාව පංතියට ගිහින් දාන්නේ. මගේ පන්තියට ඇවිත් මගේ යාළුවන්ගේ හුරතල් විදල යන නංගිගෙ අත මම එයාව පන්තියේ තියනකන් අත අරින්නේ නෑ. අම්මිගේ හැඩ හුරුවයි, තාත්තිගේ පාටයි එක්ක මිශ් වෙච්ච නංගි අද හුගාක් ලස්සන යුවතියක්. හරි වැරද්ද තේරෙන ඉහලට ඉගෙන ගත්ත, හොද රස්සාවක් කරන කෙල්ලෙක්.

මම රස්සවක් කරන්න පටන් ගත්ත කාලේ ඉදලම ඇයට අවශය හැම දේම මට පුළුවන් උපරිමයෙන් ඇයට දෙන්න මම උත්සහ කරා. තවමත් විදිහම තමයි. මීට අවුරුදු 3 කට කලින් සිංහල අවුරුද්දට මම ගොඩාක් අසරණ වෙලා හිටියා, අතේ සල්ලි නැතුව,වෙන කෙනෙකුට තියා මටවත් දෙයක් ගන්න බැරුව මම ඇඩුවා. වෙලාවෙදි මම තවමත් පුංචියි කියලා හිතාගෙන ඉන්න මගේ නංගි තමයි මට ඇදුම් අරන් දුන්නේ.

තවමත් මට නම් ඇය පුංචි කෙල්ලෙක්, මගේ ලග තියන ඕනිම දෙයක් දෙන්න තරම් මගේ හිතේ ඇය ගැන තියන ආදරය දැඩියි.

පෙරේදා අපි දෙන්නටම දුක දවසක්. මම ගිය සැරේ උපන්දිනයට තෑගි දුන්න ෆෝන් එක නංගි අතින් නැතිවෙලා. “අක්කි අමාරුවෙන් අරන් දුන්නේ ඒ නිසා අක්කිට කියන්න බෑ” කියලා ඉකිගහ ගහා අඩනවා. මම කතාකරද්දිත් ගොඩාක් අඩන ගමන් “සොරි අක්කි මගේ අතින් ෆෝන් එක නැති වුනා” කිව්වෙ මගේ හිතම කඩා වට්ටන ගමන්. ඒ වෙලාවේ මට කතාරගන්න බැරි වුනේ ෆෝන් සීයක් නැතිකරත් මගේ නංගිට ප්‍රශ්නයක් නැතිනම් මට ඒක ප්‍රශ්නයක් නොවන නිසා.
පාඩම් පොතක් ඇරෙන්න වැරදිලාවත් පත්තරයක්වත් නොකියවන නිසා මේක බලන එකක් නම් නෑ.

ඒත් මගේ Nangi Girl, ඔයාට තමයි Akki Girl ගේ හැමදේම හැමදාම.

Thursday, January 8, 2015

අම්මි කිව්වම ඇත්තටම කැතද ?

"නියම සිංහල ගෙදරක අම්මි කියල පාවිච්චි කරන්නේ නෑ" අද යාළුවෙක් එක්ක පොඩි චැට් එකක් දාගෙන ඉද්දි එයා කියපු කතාවක් මේක. ඇත්තටම අම්මි කිව්වාම අපි සිංහල නෙමෙයිද?

පොඩි කාලේ අපි වචන හුරු වෙන්නේ අම්මා තාත්තා නැත්නම් වැඩිහිටියන්ගෙන්.  එයාල කියල දෙන දේ ඇරුනාම ඉපදෙන කොට අපි වචන දැනගෙන එන්නේ නෑනේ. ඒ විතරක් නෙමෙයි අපි සිංහලද දෙමළද නැත්නම් ප්‍රංශ කතාකරන්න වෙන්නේ කියලා දැනගෙන එන්නෙත් නෑ නේ. ඒනිසා පොඩි කාලේ අම්මා තාත්තා වැඩිහිටියන් කියල දීපු විදිහට තමයි අපි එයාලව ආමන්ත්‍රණය කරන්නේ.. ඒකට ඉතින් එක පැත්තකින් අපිටවත් අනික් අතට වැඩිහිටියන්ටවත් වැරැද්දක් කියන්න බෑනේ.

එහෙම බැලුවාම ඒ යාළුවා කියපු දේ වැරදි කියන තැන තමයි මම ඉන්නේ. ඒකට හේතුව මේ ඔය කාරණාවට හිත රිදුන පලවෙනි වතාව මේක නොවන නිසා. ඉස්කෝලෙදි දවසක් යාළුවෙක් මේ විදිහටම ඇහුවා "ඇයි අනේ ඔයා අම්මි කියන්නේ? අම්මි කියන්නේ දෙමළෙන් මිරිස් ගලටලු"  ඒ වෙලාවේ එතන හිටිය සෙනගත් එක්ක මගේ ඇස් දෙකට කදුළු ආවේ ඒක වැරදි දෙයක් වගේ දැනුන නිසයි.

ගෙදර ඇවිත් මම ඒක අම්මිට කිව්වෙත් ඇස් දෙකේ කදුළු පුරෝගෙන. අම්මි හිනා වුනා විතරයි. ඒත් නංගිවත් කතා කරගෙන අම්මිව අම්ම කරන්න අපි දෙන්න සෑහෙන්න දැගලුවා.. ඒත් පුංචි කමට වෙන්න ඇති ඒක කරගන්න බැරි වුනා. අපි දෙන්නටම හිනා යන්න පටන් ගත්තා.. එතකොට අම්මි කිව්වේ පුතේ ඔයාල අම්මි කිව්වත් අම්ම කිව්වත් මං ගැන තියන ආදරේ වෙනස් වෙන්නේ නැත්නම් එච්චරයි කියලා

මම දන්නේ නෑ මේක කියවන කීදෙනෙක් මේ විදිහට කතා කරන එකට බනිනවද කියලා. ඒත් ඒ බනිද්දිම ඇයි හිතන්න බැරි එයාල අම්ම කියද්දි දෙන ආදරේම අපි අම්මි කියද්දිත් අපේ හිතේ තියනවා කියලා. මාමි, බාප්පි, අක්කි කිව්වට ඔයාල තරම්ම ආදරේ අපෙ හිත් වලත් එයාල ගැන තියනවා කියලා?

මිනිස්සු මහ පටු අදහස් තියාගෙන ඉන්න උන් කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි. වෙන භාෂාවලින් අපි කතාකරන වචන වලට තියෙන්නේ වෙන තේරුමක් කියලා අපි අපේ කතාකරන වචන වෙනස් කරන්න ඕනි කියලා මම නම් හිතන්නේ නෑ.

ඒක ඒ මිනිස්සුන්ගේ භාෂාව, මේක අපේ භාෂාව, අපි අම්මි කියලා මිරිස්ගලටවත්, කුණු කූඩෙකටවත් කියන්නේ නෑනේ. ඒ වගේ තමයි අපි භාවිත කරන අසැබි වචන වෙන භාෂාවල හොද වචන විදිහට පාවිච්චි කරනවා. ඒක ඉතින් ඒ දේවල් හැදුන හැටිනේ.

මම පොඩි කාලේ ඉදන් පුරුදු වෙලා තියෙන්නේ මෙහෙම තමයි. ඒක වෙනස් කරන්න මට බෑ. කවුරුවත් කිව්වට වෙනස් කරන්න හිතන්නෙත් නෑ. ඒත් ඒක එහෙම වුනාම හිතට ගොඩාක් දුකයි. අපි හැමෝම මිනිස්සු, අපි හැමෝම තමන්ගේ අයට ආදරෙයි. ආමන්ත්‍රණයෙන් මනිනවා නම් ආදරේ ඒක වැරදි දෙයක්.

කාලෙකට කලින් මම හිරූගේ පෝස්ට් එකකට කමෙන්ට් එකක් දැම්මා අම්මල තාත්තලට ඔයා මෙයා කියලා කතාකරනවට මම ආස නෑ කියලා.. එතකොට ඩූඩ් අයියා දාල තිබුනා එයා නම් ඒකේ කිසි වැරැද්දක් දකින්නේ නෑ ඒකෙන් දූදරු දෙමව්පිය සම්බන්ධය වැඩි වෙනවා කියලා. හෙමින් සැරේ කල්පනා කරලා බැලුවාම ඒ කතාවත් හරි කියලා මට දැනුනා.  එතනදිත් වෙන්නේ මොන ඇමතුමක් දුන්නත් තමන්ගේ ආදරේ අනිත් අයට දැනෙන්න දෙන එක.

දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල
ලොවක පිදුම් ලද ලොවට උතුම් ළඳ
අම්මා අම්මා අම්මා අම්මා

දෙසවන් සනහා මා නැළවූ ඔබ
මියුරු මියැසියේ අරුත කියාදුනි
ඒ මියැසිය අද මා ගයනා විට
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත
අම්මා අම්මා අම්මා අම්මා

ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ

ලතැවුල් දරනා දිරිය ලබා දුනි
ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත
අම්මා අම්මා අම්මා අම්මා

“ඔය ගීතයේ අම්මා වෙනුවට අම්මි කියලා දැම්මා නම් ඔය ලස්සන අපට දැනේවිද ? “

මේක තමයි යාළුවා අන්තිමට දාල තිබුනේ. මට දෙන්න තියෙන්නේ මෙහෙම පිළිතුරක්.

ඔයාට මේක දැනෙනවා වගේම මටත් මේ කියල තියන දේවල් දැනෙනවා.. ඒකට හේතුව මේ සිංදුවේ තියන දේවල් හැම අම්මා කෙනෙකුටම පොදු නිසා. අම්මා කෙනෙක් ගැන විතරක් නෙමෙයි ඒ වගේ තමන් ගැන බලන තමන්ට ආදරේ කරන අක්ක කෙනෙක්, නංගි කෙනෙක් වගේම බිරිදක් වුනත් ආදේශ කරගෙන සිංදුව අහන්න. ඇත්තටම කදුළු එනවා ඇස් දෙකට. ආමන්ත්‍රණයේ නෙමෙයි හැගීමෙයි තේරුම තියෙන්න ඕනි.හැගීමක් නැතුව කරන ආමන්ත්‍රණයක් හිස් වචනයක් විතරයි.