"නියම සිංහල ගෙදරක අම්මි කියල පාවිච්චි කරන්නේ නෑ" අද යාළුවෙක් එක්ක පොඩි චැට් එකක් දාගෙන ඉද්දි එයා කියපු කතාවක් මේක. ඇත්තටම අම්මි කිව්වාම අපි සිංහල නෙමෙයිද?
පොඩි කාලේ අපි වචන හුරු වෙන්නේ අම්මා තාත්තා නැත්නම් වැඩිහිටියන්ගෙන්. එයාල කියල දෙන දේ ඇරුනාම ඉපදෙන කොට අපි වචන දැනගෙන එන්නේ නෑනේ. ඒ විතරක් නෙමෙයි අපි සිංහලද දෙමළද නැත්නම් ප්‍රංශ කතාකරන්න වෙන්නේ කියලා දැනගෙන එන්නෙත් නෑ නේ. ඒනිසා පොඩි කාලේ අම්මා තාත්තා වැඩිහිටියන් කියල දීපු විදිහට තමයි අපි එයාලව ආමන්ත්‍රණය කරන්නේ.. ඒකට ඉතින් එක පැත්තකින් අපිටවත් අනික් අතට වැඩිහිටියන්ටවත් වැරැද්දක් කියන්න බෑනේ.
එහෙම බැලුවාම ඒ යාළුවා කියපු දේ වැරදි කියන තැන තමයි මම ඉන්නේ. ඒකට හේතුව මේ ඔය කාරණාවට හිත රිදුන පලවෙනි වතාව මේක නොවන නිසා. ඉස්කෝලෙදි දවසක් යාළුවෙක් මේ විදිහටම ඇහුවා "ඇයි අනේ ඔයා අම්මි කියන්නේ? අම්මි කියන්නේ දෙමළෙන් මිරිස් ගලටලු" ඒ වෙලාවේ එතන හිටිය සෙනගත් එක්ක මගේ ඇස් දෙකට කදුළු ආවේ ඒක වැරදි දෙයක් වගේ දැනුන නිසයි.
ගෙදර ඇවිත් මම ඒක අම්මිට කිව්වෙත් ඇස් දෙකේ කදුළු පුරෝගෙන. අම්මි හිනා වුනා විතරයි. ඒත් නංගිවත් කතා කරගෙන අම්මිව අම්ම කරන්න අපි දෙන්න සෑහෙන්න දැගලුවා.. ඒත් පුංචි කමට වෙන්න ඇති ඒක කරගන්න බැරි වුනා. අපි දෙන්නටම හිනා යන්න පටන් ගත්තා.. එතකොට අම්මි කිව්වේ පුතේ ඔයාල අම්මි කිව්වත් අම්ම කිව්වත් මං ගැන තියන ආදරේ වෙනස් වෙන්නේ නැත්නම් එච්චරයි කියලා
මම දන්නේ නෑ මේක කියවන කීදෙනෙක් මේ විදිහට කතා කරන එකට බනිනවද කියලා. ඒත් ඒ බනිද්දිම ඇයි හිතන්න බැරි එයාල අම්ම කියද්දි දෙන ආදරේම අපි අම්මි කියද්දිත් අපේ හිතේ තියනවා කියලා. මාමි, බාප්පි, අක්කි කිව්වට ඔයාල තරම්ම ආදරේ අපෙ හිත් වලත් එයාල ගැන තියනවා කියලා?
මිනිස්සු මහ පටු අදහස් තියාගෙන ඉන්න උන් කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි. වෙන භාෂාවලින් අපි කතාකරන වචන වලට තියෙන්නේ වෙන තේරුමක් කියලා අපි අපේ කතාකරන වචන වෙනස් කරන්න ඕනි කියලා මම නම් හිතන්නේ නෑ.
ඒක ඒ මිනිස්සුන්ගේ භාෂාව, මේක අපේ භාෂාව, අපි අම්මි කියලා මිරිස්ගලටවත්, කුණු කූඩෙකටවත් කියන්නේ නෑනේ. ඒ වගේ තමයි අපි භාවිත කරන අසැබි වචන වෙන භාෂාවල හොද වචන විදිහට පාවිච්චි කරනවා. ඒක ඉතින් ඒ දේවල් හැදුන හැටිනේ.
මම පොඩි කාලේ ඉදන් පුරුදු වෙලා තියෙන්නේ මෙහෙම තමයි. ඒක වෙනස් කරන්න මට බෑ. කවුරුවත් කිව්වට වෙනස් කරන්න හිතන්නෙත් නෑ. ඒත් ඒක එහෙම වුනාම හිතට ගොඩාක් දුකයි. අපි හැමෝම මිනිස්සු, අපි හැමෝම තමන්ගේ අයට ආදරෙයි. ආමන්ත්‍රණයෙන් මනිනවා නම් ආදරේ ඒක වැරදි දෙයක්.
කාලෙකට කලින් මම හිරූගේ පෝස්ට් එකකට කමෙන්ට් එකක් දැම්මා අම්මල තාත්තලට ඔයා මෙයා කියලා කතාකරනවට මම ආස නෑ කියලා.. එතකොට ඩූඩ් අයියා දාල තිබුනා එයා නම් ඒකේ කිසි වැරැද්දක් දකින්නේ නෑ ඒකෙන් දූදරු දෙමව්පිය සම්බන්ධය වැඩි වෙනවා කියලා. හෙමින් සැරේ කල්පනා කරලා බැලුවාම ඒ කතාවත් හරි කියලා මට දැනුනා. එතනදිත් වෙන්නේ මොන ඇමතුමක් දුන්නත් තමන්ගේ ආදරේ අනිත් අයට දැනෙන්න දෙන එක.
දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල
ලොවක පිදුම් ලද ලොවට උතුම් ළඳ
අම්මා අම්මා අම්මා අම්මා
දෙසවන් සනහා මා නැළවූ ඔබ
මියුරු මියැසියේ අරුත කියාදුනි
ඒ මියැසිය අද මා ගයනා විට
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත
අම්මා අම්මා අම්මා අම්මා
ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ
ලතැවුල් දරනා දිරිය ලබා දුනි
ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත
අම්මා අම්මා අම්මා අම්මා
“ඔය ගීතයේ අම්මා වෙනුවට අම්මි කියලා දැම්මා නම් ඔය ලස්සන අපට දැනේවිද ? “
මේක තමයි යාළුවා අන්තිමට දාල තිබුනේ. මට දෙන්න තියෙන්නේ මෙහෙම පිළිතුරක්.