නොනිම් සතුටකි
දැනෙන නොදැනෙන
මා ලගින් නුඹ දැවටෙනා
දැනෙන නොදැනෙන
මා ලගින් නුඹ දැවටෙනා
සිතුම් පොදිබැඳ
ගමන යන්නට
නුඹ නිරන්තර දිරිදෙනා
ගමන යන්නට
නුඹ නිරන්තර දිරිදෙනා
දුරක සිටියද
දැනෙන සුසුමක
නුඹ ඉදි මට ලංවෙලා
දැනෙන සුසුමක
නුඹ ඉදි මට ලංවෙලා
දිනය ලංවෙද
එක වහලයට
අපි අපේ වී හමුවෙනා
එක වහලයට
අපි අපේ වී හමුවෙනා
මහත්තැන් එන්න කිට්ටු නිසා පහල වන සිතිවිලි වගේ.
ReplyDeleteඅර ස්කයිප් වලට තහනම් නීතියක් ගේන්න යන්නෙ ඔහේද?
ස්කයිප් කතාව නම් දන්නේ නෑ අයියේ අපෝ ස්කයිප් නැති උනොත් මම නම් පහුවදාම එනවා ලංකාවට.
Deleteඑයා එවෙයිද මම එහේ යයිද දන්නෙ නෑ තාම නමුත් මොකක් හරි දෙයක් ඉක්මනට වෙයි...:)
ගම රට එන්න කිට්ටුයි වගේ.. ? :)
ReplyDeleteකිට්ටුමත් නෑ චන්දන ඒත් ඉක්මන් කොහේහරි එක වහලක් යටට වෙයි..
Deleteදිනය ලංවෙද
ReplyDeleteඑක වහලයට
අපි අපේ වී හමුවෙනා......
එකම රටක් ඇතුළේ ගෙදරින් පිට ඉන්නකොට අපිටත් ඔහොම දැනෙනවනම් ඔයාට කොහොම දැනෙනවද කියලා හිතාගන්නවත් බෑ.
ඒ දිනය අද හෙටම උදාවේවා! කියලා ප්‍රාර්ථනා කරන්නම්.
ප්‍රාර්ථනාවට බොහොම පිං අකමෝ. මමත් බලාගෙන ඉන්නවා මේ ජීවිතේ ඉක්මනට පිලිවෙලක් කරගන්න..
Deleteයාම් ඊම් ගැන කෙසේවෙතත් මේ වගේ පුංචි පුංචි දේවල් සමීපතමයන් වෙනුවෙන් කරන එක බොහොම වටිනවා නංඟා. මට ඒක මීට වඩා තේරුම් කරන්න ඕන වේවි කියලා මම හිතන්නේ නෑ ඔයාට. මොකද ඒ හැකියාව ඔයාට හොඳින්ම තියෙන නිසා.
ReplyDeleteඅයියා හරියටම තේරුම් ගත්තා වගේ. මටත් ටික දවසක ඉදන් සැමි අයියා වෙනුවෙන් පෝස්ට් එකක් දාන්න උවමනාව තිබුනා, ප්‍රශ්නේ ඉතින් හදිස්සියකට කියලවත් එක දිගට වචන දහයක් කතා කරන මනුස්සයෙක් නෙමෙයි එයා.
Deleteඅනේ ඒ දිනය ඉක්මනට උදා වේවා අක්කා!
ReplyDeleteප්‍රාර්ථනාවට බොහොම ස්තූතියි මල්ලො...
Deleteඋඹලා දෙන්නගේ සිහිනය ඉක්මනින් සැබෑ වේවා.
ReplyDeleteඅපේ කතා නදී දන්නැති නිසා මැද්දෙන් කෑලි කෑලි කියලා වැඩක් නෑ.
බොහොම ස්තූතියි අයියේ,
Deleteඒ කියන්නෙ බොහොම ආදර්ශයට ගත හැකි කතා තියනවා වගේ...
නුදුරේදිම දෙදෙනාටම එකම වහලක් යට සුව විදින්නට වාසනාව ලැබේවා...
ReplyDeleteබොහොම ස්තූතියි අයියේ...
Deleteඕක අහන්නත් දෙයක්ද ...කැලැන්ඩරේ කොල ටික ගලවගෙන ගලවගෙන යන්න..එතකොට එන දවස ලංවෙනවා..
ReplyDeleteඔය වගේම සැමි අයියත් ( මට හිනා යනෝ ඒ නම අහද්දි :D ) හිතනවා ඇති..
මාර අයිඩියා එකනේ..බලපං උබේ මොලේ හැපුනද කියලා කොහේහරි? හික්ස්,
Deleteරෑ වෙනකන් ඇහැරගෙන මගුලක් කරනවද? ලෙඩ වැඩි කරගන්නද හදන්නෙ?
හි හි හී තනි අතින් උනත් හරියට ටයිප් කරන එකට තැන්ක්ස් කියහං ඔක්කෝටම කලින්..
Deleteඒ දවස ඉක්මණටම උදා වේවා කියල මමත් ප්‍රාර්ථනා කරනවා නදිනි..
ReplyDeleteමොකද ඔය දුක මාත් හොඳටම දන්නවා..අදටත් දන්නවා..ඒ නිසා
ඉක්මණටම ජීවිත ගමන එකම තැන ඉඳන් යන්න ලැබේවා ..
බොහොම ස්තූතියි ප්‍රාර්ථනාවට සහන්.. :)
Delete"දුරක සිටියද
ReplyDeleteදැනෙන සුසුමක
නුඹ ඉදි මට ලංවෙලා"
අපූරුයි ඇ
ස්තූතියි ඈ... :)
Deleteවහලෙට හොද ඇස්බැස්ටෝස් සීට් දාගනිල්ලා ඈ... ;)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
නදිනියෝ... කොන්ක්‍රීට් වලලු නොමිලේ දෙනවලු ගේ හදද්දි වල් රජා ගානේ.. නේද රජෝ.... හි හි...
Delete( පුංචි දඟකාරි.... හි හි)
රජා හදන්නෙ එතනත් බිස්නස් එකක් කරගන්න..
Deleteහිරුවෝ, කොහොමත් ඉතින් රාජ්ය අනුග්‍රහය ලබාගන්න වේවි නේ..
මට පේන්නේ මේක එක්ස්ක්ලූසිව් පෝස්ට් එකක් වගෙයි... සෑම් අයියගෙන් ලකුණු දාගන්න ලියපු එකක් නේද... හි හි....
ReplyDeleteඕවා ප්‍රසිද්ධියේ කියන්නෙ මොකද බං? දැන් මේක දැක්කම දවස් ගානකට බිමට බස්සගන්න බැරිවෙයි...
Deleteහොඳා හොඳා..!
ReplyDeleteසතුට සැනසුම ලඟාවේවා..!
මෙහෙම වැඩිහිටි ආශිර්වාද ලැබෙනවා නම් මොනවා කරන්න බැරිද...ස්තූතියි අයියේ..
Deleteදුරක සිටියද
ReplyDeleteදැනෙන සුසුමක
නුඹ ඉදි මට ලංවෙලා
දිනය ලංවෙද
එක වහලයට
අපි අපේ වී හමුවෙනා
ගොඩක් සමීපව දැනෙන පද පේලියක්.
ගොඩක් ලස්සනයි
බොහොම ස්තූතියි නිෂි...
Deleteහුටා... ආපහු කසාඅද බැන්දද ? (තිත් දෙකයි ඩී)
ReplyDeleteමැට්ට ඔය ඇහුවෙ එකක්...
Delete