Showing posts with label නදීගේ වටේ අය. Show all posts
Showing posts with label නදීගේ වටේ අය. Show all posts

Saturday, May 11, 2013

අලුත් නෑකම...

 

ඉපදුන දවසේ ඉදන්ම අපිට මේ ලෝකේ අය එක්ක නෑකම් ඇතිවෙනවා. මමත් මුලින්ම දුවෙක් උනා, එක්කම මිනිබිරියෙක්, නංගි කෙනෙක් උනා. පස්සේ කාලෙක අක්ක කෙනෙක්ඔය අතර මට සුවිශේෂව දැනුන නෑකමක් ඇති උනා මම නැන්ද කෙනෙක් උනා. පුංචි කෙලි පැටියෙක් තමයි ඉස් ඉස්සෙල්ලම මට නැන්දා කියල කිව්වේ. එතකොට මම ඉස්කෝලේ යනවා. මට පදවිය හරිම ලොකු ආඩම්බරයක් උනා. ඔහොම ඉදල කාලේකදි පුංචි කෙනෙක් උනා, දැනට පුංචි පැටව් 11 දෙනෙකුට මම නැන්දා, පැටව් 3 දෙනෙකුට මම පුංචි වෙනවා.
 
ඔන්න දැන් කියන්න හදන්නෙ අලුත්ම නෑකම... මම පුංචි පැටියෙකුට ලොකු අම්මියෙක් වෙන්න යනවා... මගේම කියල දැනෙන මගේ පුංචිගෙ පොඩි දුවට පුංචි දූ පැටියෙක් ලැබෙන්නයි යන්නේ...
 
දැනට ටික දවසක් වෙනවා අපි මේ සුභ අරංචිය දැනගෙන, ඒක දැන්ගත්ත දවසේ ඉදන් මටත් ලොකු වගකීමක් ලැබිල වගේ, දැන් බබාගේ ඇදුම් මහන්න බඩුගන්න මමත් බර කරට දාගෙන, හැමවෙලේම බබා ආවහම අපි කරන දේවල් කල්පනා කරනවා, දුවක් කියල දැනගත්ත දවසේ ඉදන් රෝස පාට පුංචි ඇදුම් අතගගා නංගියි මමයි කඩවල් ගානේ ඇවිදින්න පටන් ගෙන...
 
පුංචි පැටිය එනතුරු ඇඟිලි ගනිනවා,
 
පුංචි දෝණි එකනම් අපි මග බලනවා. මුලින්ම පැටියෙක් ගැන දැන්ගත්තම දෝණිගේ තාත්තියි මමයි රන්ඩු උනා, තාත්ති කිව්වෙ පුතෙක් කියලා මම කිව්වා නැහැ දුවක් කියලා, ඉතින් ඔන්න අන්තිමේදි ලොකු අම්මි දිනුවා, ඒත් දැන් හරියට මම පුතෙක් කිව්වා වගේ තමයි දූ පැටියගේ තාත්ති හැසිරෙන්නෙ, අපි හැමෝටම වඩා දුවකට එයා ආසාවෙන් බලන් ඉන්නවා, අපි වටේ ඉදන් කෑගහද්දි දෝණි හරියට දගලනවලු,  එතකොට දෝණිගේ අම්මි කෑගහනවා, එපා සද්ද කරන්න මෙයා මට ගහනවා කියලා.
 
මේ සේරම සතුට ඔයා නිසා පුංචි දූ...
 
ඔයා මේ ලෝකෙට ආවහම ලොකු අම්මි පුලුවන් තරම් හොද දේවල් ඔයාට උගන්නන්නවා, ඔයාට පුලුවන් උපරිම දේ දෙනවා,ඒක මම පොරොන්දු වෙනවා,
 
ඔන්න එහෙනම් නිකිණි මාසෙදි අපේ පුංචි දෝනි එනකන් අපි මග බලාගෙන ඉන්නවා..

 
 

Thursday, March 21, 2013

මම දේශපාලනේට යනෝ...


පහුගිය සතියෙ දවස් 3 ක් විතර සාස්තර කිව්වනේ. වැඩේ නැගල ගියා.කට්ටිය ගොඩාක් කැමති උනා.. මටත් හරි සතුටුයි.ඉතින් සතුටෙන් ඊයෙ නිදාගනිද්දි අමුතු හීනයක් දැක්කා.. අපේ පවුලෙත් ලගම කීපදෙනෙක් දේශපාලනයට සම්බන්ධයි. ලගම කිව්වෙ අපෙ තාත්තගෙ තාත්තගෙ නංගිගෙ මහත්තයා එයාගේ ලමයි එහෙම. (පොඩ්ඩක් දුර තමයි මොනව කරන්නද?)ඔන්න දැන් ඔය සම්බන්ධ කෙනෙක් ආවා හීනෙන් මගේ ලගට.ඇවිත් කිව්වා, ඔහොම ඉදල බෑ දැන් අපේ පවුලකින් කාන්තා නියෝජනයක් ඕනි පාර්ලිමේන්තුවට. ලෑස්ති වෙනවා පාර්ලිමේන්තු යන්න කියලා. එහෙම කිව්වට යන්න පුලුවන්ද? කට්ටිය කොච්චර ඉන්නවද ඇපෘවල් ගන්න..එහෙම හිතල ගෙදර කට්ටිය බැලුව. කවුරුත් නෑ ගෙදර,කමක් නෑ බ්ලොග් යාළුවෝ ඉන්නවනේ කියල, ඔන්න රිංගුවා ජංජාලෙට, රිංගලා කට්ටිය එක්ක පොඩි චැට් එකක් දැම්මා මගේ දේශපාලන පිවිසුම ගැන කට්ටිය මොකද කියන්නෙ කියලා බලන්න.. පල්ලෙහයින් තියෙන්නෙ කට්ටිය කියපු දේවල්.බලන්නකෝ මම හරිද කියලා..
මුලින්මඇහුවා නලීන් අයියාගෙන්,
දේශපාලනය කරන එක කොයි තරම් නම් හොදද? වැදගත්ම දේ නිවැරදි පක්ෂය සහ ප්රතිපත්ති.වැඩි විස්තර පසුව කතා කරමු.
දුකාඅයියා,
මොලේ කොලොප්පං වෙලාද බං නංගියේ උඹේ?
ළිහිණි,
උඹට පිස්සුද නදිනියෝ හිටපං මම එන්නම් තව විස්තර කතා කරන්න..
සරාඅයියා,
මට දැනෙන විදිහට නම් එච්චර හොද අදහසක් නෙමෙයි නංගියේ.. ඒත් තීරණය කරල ඉවරනම් උදව්වක් ඕනිනම් කියන්න..
චන්දන
නියමයි නියමයි..
දේශකයා
හැක් හැක් උඹට පිස්සුද හැක් හැක්
රජා,
කෙලින්න නේද හදන්නෙ මගේ පුටුවට? බැරිවැඩ නොකර හිටින් අක්කේ
සුභවේවා!! රාජ සම්පත් ලැබේවා!!
යසිත්
මේ බතක් මාලුවක් උයාගෙන ගෙට වෙලා ඉන්නවා හලෝ ඉල්ලන් කන්නෙ නැතුව,
හිරූ,
හිහී උඹ දේශපාලනය කරන්න??හි හී
මාතලන්,
මේවෙලාවෙ ගන්න පුලුවන් හොදම තීරණය තමයි ඒක,අනිත් අය කියන ඒවට සැලෙන්න එපා
හසිත්
ලංකා ඉතිහාසෙත් රජවරුන්ට මව් රැජින වගේම බිසවගෙනුත් ලැබුන උපදෙස් නිසා තමයි අපේ රට මේ තරම් දියුණු උනේ. ඔබටත් දුර ගමනක් යන්න ලැබෙයි.
ඩූඩ්
ඕකනම් එච්චර හොද අදහසක් කියල මට හිතෙන්නෙ නෑ..කෝකටත් නිවී සැනසිල්ලෙ ආපහු කල්පනා කරල බැලුවොත් නරකද?
චින්තක
මරේ මරු ෆට්ට
තරූඅක්කා
අනේ මංදා නංගෝ.
සමනළී
අක්කේ ඕකනම් සාස්තර කියනවා වගේ ලේසි නෑ
මියුරු
අදහසක් මතක් වෙන්නෙ නෑ අනේ. එච්චර හොද වැඩක් නෙමෙයි.
වීඅයියා
ඒපාර මොකක්ද හැදුන පිස්සුව?
Silentsahan
මේ වගේ දේකට පේලියෙන් දෙකෙන් උත්තර දෙන්න බෑ. හෙමින් සැරේ පෝස්ට් එකක්ම දාන්නම්.
සෑමා
ඉක්මනට පාර්ලිමේන්තු ගිහින් එන දෙසැම්බර් වලට කලින් බඩු මිල පහල දානවනම් මම ඡන්දේ දෙනවා නැත්නම් වැඩක් නෑ.
සිරාඅයියා,
අදහස හොදයි..
අකමා
අනේබං??උඹයිමමයිකරනදේශපාලනේ..
තොටියා,
මේවගේ දියුණු වෙන යුගයක ගෑණු තමයි ඉදිරියට එන්න ඕනි. පිරිමින්ට සේරම කරන්න බෑනේ..
කෙන්ජි,
ගෑණු දරුවගේ ඔලුව හොද නෑ වගේ මේ දවස් වල....
අනේ මංදා මම මුකුත් නොකියා ඉන්නම්..

අදින් පස්සෙ මඩ ගසන්නේ නැති බවට දිවුරා පොරොන්දු වෙමි..