Showing posts with label කවි නිම්නය. Show all posts
Showing posts with label කවි නිම්නය. Show all posts
Wednesday, October 21, 2015
Monday, June 15, 2015
මගේ නොවන මගේම හිත...
හොයාගන්න
නෑ වෙලාවකට
ඔහේ
ගිහින් රස්තියාදුවක
අනිත්
අයගේ දුක බලන්න,
අනිත්
අයට හයිය දෙන්න
පැමිණිලි
නම් ගොඩයි ඔන්න,
ඕනි වෙලාවක
රවුමක
දුක
දැනුනම මට කියන්න
හිතවත්
නෑ මගේ තනියට
කියන්න
වෙන නෑ කවුරුත්
අහන්න
ඉන්නේ නුඹ නම්
දුවන්නේ
ඇයි මග අරිමින්,
ඉන්නම
වෙනවා ලග මම්,
දුක
හිතුනම අඩන රගේ
දන්නේ
මම විතරයි හැටි
උණුවෙන
බව වෙඩරු වගේ
ලගින් ඉන්න
හැමදාමත්
දිනාගන්න
ලොව තාමත්
මගේ නොවී
මගේ වෙන්න
බෑ නුඹ
මගේ හිත තාමත්..
Wednesday, November 12, 2014
Tuesday, September 16, 2014
Saturday, October 12, 2013
Sunday, October 6, 2013
Tuesday, April 9, 2013
Wednesday, March 27, 2013
එක වහලයට ....??
නොනිම් සතුටකි
දැනෙන නොදැනෙන
මා ලගින් නුඹ දැවටෙනා
දැනෙන නොදැනෙන
මා ලගින් නුඹ දැවටෙනා
සිතුම් පොදිබැඳ
ගමන යන්නට
නුඹ නිරන්තර දිරිදෙනා
ගමන යන්නට
නුඹ නිරන්තර දිරිදෙනා
දුරක සිටියද
දැනෙන සුසුමක
නුඹ ඉදි මට ලංවෙලා
දැනෙන සුසුමක
නුඹ ඉදි මට ලංවෙලා
දිනය ලංවෙද
එක වහලයට
අපි අපේ වී හමුවෙනා
එක වහලයට
අපි අපේ වී හමුවෙනා
Tuesday, March 19, 2013
ජීවිතේ....
සිනිඳු සළුපිළි
සිරුර හැඩකල
සුවද විලවුන් පැලඳුමෙන්
හැම,
හිනාවන් මුව දරා හැමදින
ගියා ඔහු පෙර දිනේ
සතුටින,
ඇඟ දැමූ සළු
අනුන් රිසිවට
හරව හරවා සිරුර ඇදුමට
සැදුව පසු අවසන් දැකුමකට
අවමගුල් සභිකයන්
පෙරටුව
ගියා ඔහු අද දිනේ
පරලොව
සුසුම් පමණක් මෙහි
ඉතිරිකර..
Thursday, March 7, 2013
ආදරේ උණුසුම්....
නුඹේ සුසුමක පහස දරන්
උරමඩලේ හිස තියාන
කොඳුරපු අපි එකිනෙකාට
ඒ රැය උණුසුම්...
හීන සැබෑ නොවන තරම්
දුක් උනාට අහස තරම්
ආදරබස් දෝරගලපු
ඒ රැය උණුසුම්...
කෙහෙරැලිවල
පහස ලබන්
නුඹ හිනැහෙන විටදි හොරෙන්
නෙතින් නෙතට කතා කරපු
ඒ රැය උණුසුම්...
පාන්දරින් දුක දෑසින්
නලලත සිඹ ආදරයෙන්
වෙන්වන්නට සිදුවුන
ඒ උදයත් උණුසුම්......
Wednesday, February 27, 2013
Wednesday, February 13, 2013
Friday, February 8, 2013
Wednesday, February 6, 2013
නුඹ ඇයි නිහඩ....
පෙම්
කෙරුවාම හිත
නිදි
නැතුව
දුක්
දැරුවාම හිත
තනිකමට
මල්
පිපුනාට සුවදක්
නැතිව
නුඹ
නැතිවාම පාළුයි
හිතම...
නුඹ
තැලුවාට මගෙ
මුලු
හිතම
දුක්
දැරුවාට අඩමින්
තනිව,
උන්
උන්
කෝම
කීවත්
මහිත
නුඹ
රැදුනාම හැමදා
පිරින..
පින්
නැතුවාට නුඹ
ලග
ඉන්න
අහිතක්
නැතිද
පියඹා
යන්න,
නුඹේ
සිත්
අහස
නුඹ
මගෙ
නමට
පවරනවාද නුඹ
ඇයි
නිහඩ....
Sunday, February 3, 2013
Friday, February 1, 2013
තනියට එන්නම්......
යොදුන් ගනන් දුර මල් පාවඩ නැති
නුඹ යන මග මම තනියට එන්නම්...
සිතින් දරාගනු බැරිව සුසුම්ලන
ඔය හිත ලග මම තනියට ඉන්නම්.....
නෙතින් දරාගනු බැරිව ගලායන
කඳුලැල් පිසලා ලගින්ම ඉන්නම්...
ලොවම එරෙහි වී නුඹ තනිවූදා
හිස අතගා නුඹෙ සිත සනසන්නම්.....
නුඹ යන මග මම තනියට එන්නම්...
ඔය හිත ලග මම තනියට ඉන්නම්.....
නෙතින් දරාගනු බැරිව ගලායන
කඳුලැල් පිසලා ලගින්ම ඉන්නම්...
හිස අතගා නුඹෙ සිත සනසන්නම්.....
නුඹෙ මතකය හැමදාමත් මට අගනේ නම්....
හිත් අහසට
තරුවක් වී
නෙත් අද්දර
නුඹ රැඳුනම
දෝර ගලපු
සතුට දන්නෙ
මම විතරක්
නම්....
හීන වලට පාට
අරන්
හැම හීනෙම
පාට කරපු
නුඹෙ මතකය
හැමදාමත්
මට අගනේ
නම්....
ආදරයෙන්
බලාගත්ත
අනේ නුඹේ
සිත් අහසට
අලුත් සඳක්
පායාවිත්
එබී බලයි
නම්...
සඳක් වෙන්න
බැරි උනාට
රෑ අහසේ
තරුවක් වී
හැමදාමත්
නුඹේ අහස
සරසන්නම්
මම්....
Subscribe to:
Posts (Atom)










.jpg)





