Sunday, March 10, 2013

වෙරි වෙච්ච උන්....


මෙහෙ එන්න කලින් ලංකාවෙ මම අවුරුදු 6 ½ ක් වැඩ කරා, ලංකාවෙ ප්රධාන ආයතනයක, මට මගේ සැමි අයියා හම්බවුනෙත් ඒකෙදිම තමයි. ඉතිං ඔය ආයතනයෙන් වසරකට වතාවක් ගෙනියනව විනෝද චාරිකාවක්, (දැන් නම් ගෙනියන්නෙ නැහැ මොකද ආයතනයෙ ඉන්න සේවකයො ගොඩාක් වැඩි වෙලා නිසා)
මේ කියන සිද්ධිය උනේ මට මතක විදිහට 2008. දැන් මුලින්ම එක ශාඛාවකින් යන ගණන ගනන් හදල එයාලගෙ පවුලෙ යන අය එහෙම ගනන් හදල ඉවර උනාම තනිකඩ අයව බෙදනව එක කාමරෙකට 3 දෙනෙක් වගේ වෙන්න. ඉතිං ඔහොම බෙදද්දි මම අහුවෙච්ච ශාඛාවෙ ගෑණු ලමයි නැති නිසා මට යන්න උනෙ වෙන කට්ටියක් එක්කමමත් කැමති උනෙ එක පයින්. අපිට නවතින්න තියෙන්නෙ කණ්ඩලම හෝටලයේ
ඉතින් කණ්ඩලමේ ගිහින් තියන අයට නම් මම කියන්න ඕනි නෑනේ ඒ පෑදිච්ච පිනේ තරම. දැන් ඉතින් කොලඹ ඉදන් දුරකතර ගෙවාගෙන ගියා කියමුකෝ.. හොදටම මහන්සි, අපි ඉතින් අදාල කාමර වලට ගිහිල්ල ඇඟ එහෙම හෝදගෙන ගියා කන්න..මට හරියටම මතක නෑ ඒත් ඒ හෝටලේ කාමර තියන්නේ එක පැත්තක, අනිත් ඔය කෑම කන්න එහෙම තියෙන ඒවා තියෙන්නෙ අනිත් පැත්තෙ, ඒ හෝටලේ පිහිටීම නිසා ඒ සේවකයෝ එහෙම කියන්නෙ දඹුල්ල සයිඩ් එකයි සීගිරිය සයිඩ් එකයි කියල. අපිට දඹුල්ල සයිඩ් එකේ පලවෙනි තට්ටුවට යන විදුලි සෝපානයෙන් සීගිරිය සයිඩ් එකේ පලවෙනි තට්ටුවට යන්න බෑ. ඉතින් කාල බීල ගෑණු ලමයිනම් කාමර වලට ආවා. දැන් ඉතින් අනිත් යාලුවෝ සප්පායම් වෙලා හොදට, එක යාලුවෙක් ඉන්නවා එතන අපි එයාට නිර්මාල් කියමුකෝ.. බොනවා කියන්නෙ ඉතින් එයා ලගින් යද්දි ස්කාගාරයක් ලගින් යනවා වගේ තමයි සුවද..

දැන් බීල බීල මහ රෑ එනවලු කාමරේට යන්න.. මේක ඉතින් පුංචි පහේ හෝටලයකුත් නෙමෙයිනෙ. හොයනවා හොයනවා හොයාගන්න බෑලු කාමරේ. ඉතින් ඔන්න ඇවිදල ඇවිදලා ආවලු පිලිගැනීමේ නිලධාරීන් ඉන්න කියන්නෙ රිසෙප්ශන් ඩෙස්ක් එක ලගට. ඇවිත් කිව්වලු එතන ඉන්න සේවකයෙකුට අපිට කාමරේට යන්න ඕනි කියල.. එතකොට සේවකයා බොහොම සුහදශීලී විදිහට කිව්වලු සර්ලා ආවෙ දඹුල්ල පැත්තෙන්නෙ, දැන් යන්න ඕනි සීගිරිය පැත්තට කියලා... ඉතින් නිර්මාල් බැලුවලු ඇස් එහෙම පුංචි කරල අර සේවකයා දිහා ඊට පස්සෙ අහනවලු මෙහෙම "බස් තියෙයිද මේ වෙලාවට"



ඔන්න තව එකක් ඊට පස්සෙ අවුරුදු 2 කට පස්සෙ යද්දි .. ඔන්න දැන් ගිහින් කට්ටිය පලවෙනි දවසේ බීලා රෑ යනවලු කාමර වලට. තුන් දෙනෙක් විදුලි සෝපානය ලග ඉන්නවලු.. විදුලි සෝපානෙ ආවහම එක්කෙන්නෙක් නැගල අනිත් දෙන්නට නගින්න කල්පනාවක් නෑලු. දැන් අර නැගපු එකා උඩට යනවලු, අනිත් දෙන්න පල්ලෙහා ඉදන් කල්පනා කරනවලු අරකා කොහොමද උඩ යන්නෙ කියලා. ඊලගට ආපහු පල්ලෙහාට යනවලු. මේ දෙන්නත් ආපහු පල්ලෙහාට යනවා බලන් ඉන්නවලු...නවත්තගන්න තේරෙන්නෙත් නෑලු. කොහොමෙන් කොහොමෙන් හරි හෝටල් සේවකයෙක් ඇවිල්ල බස්සනකන් අර විදුලි සෝපානේ නැගපු අපේ ලොක්කෙක් සෑහෙන්න වාරයක් උඩට පහලට ගියා කියලා තමයි තතු දන්නෝ උදේ කිව්වෙ..

ඔය ගිය සැරේම ඔන්න දවස් 3ක් බීලා බීලා කට්ටිය උදේට කාල පිටත් වෙන්න ඕනි. ඉතින් ඔන්න උදේට කන්න යනවා.. මගේ ඉස්සරහින් ගියා වෙන යාලුවෙක්, ලොකු හයේ හතරේ මනුස්ස්යෙක්. දැන් බුෆේ එකට ඇතුල් වෙද්ද් මේ දවස් ටිකේම හිටියා ලස්සනට ඔසරිය ඇදපු ගෑණු ලමයි, අපි ඇතුල් වෙද්දිම ගෑණු දරුවා ඉතින් ලස්සනට අත් දෙක එකතු කරලා ආයුබෝවන් කිව්වා... අර මගේ ඉස්සරහින් ගියා අපේ යාලුවා හැරුනා විදුලි වේගෙන්.,"ආයෙබොන්ඩ???? පිස්සු කතා කරන්න එපා නංගි අදනම්, දවස් තුනක් තිස්සේ ඔයා කියන එක අහල බීලා බීලා ඉන්නෙ, අදවත් ගෙදර යන දවසේ සිහියෙන් යන්න ඕනි. බලපන් මචන් මෙයා ආයෙබොන්ඩලු" ඔහොම කියල අර ලමයා තක්බීර් වෙලා බලා ඉද්දි හීන් සීරුවේ බුෆේ එකට ඇදුනා...

අනේ අනිච්චං ඉතින් බිව්වම කස්ටිය පොරවල් වෙනවා කියල එයාල හිතුවට බලු වෙලා තමයි නවතින්නෙ...

24 comments:

  1. හලෝ මේ බොන අයට අනම් මනම් කියනවා නෙමේ හරිද. . ..

    සමහරු නම් බිව්වම චා තමයි . .

    වැඩේ තියෙන්නේ ලංකාවේ අපේ ගොඩක් අය බීමේ කලාව දන්නේ නෑ.

    කෑමක රස බලන්න දන්නේ නැතුව ඔක්කෝම ටික එකට අනාගෙන එකම මිරිස් රසට විතරක් කන අපේ අය බීමක රසය විඳින්න බොයි කියලා කොහොම හිතන්නද අනේ මන්දා . . .

    ReplyDelete
    Replies
    1. බීමේ කලාවක් තියනවාද අයියේ? හික්ස්...
      ඔයාගේ කතාව ඇත්ත, මම දැකල තියන, ආදරේ කරපු, ගෞරව කරපු ගොඩාක් මිනිස්සු බීලා දගලනකොට මට ආපහු ඒ මනුස්සයව ජීවිත කාලෙටම එපා වෙලා තියනවා. හැබැයි ගෙදර මනුස්සයාගේ බීමට ගැන මගේ තියෙන්නෙ වෙනස් ආකල්පයක්. ඔය පාටි වලට ගිහින්, එහෙම නැත්නම් ගෙදර ගෙනත් බිව්වත් මම ඒකට අකුල් හෙලන්නෙ නම් නෑ. ඒකට හේතුව සමහරවිට එයා එයාගේ තරම දැනගෙන බොන නිසා වෙන්න ඇති. විශේෂයෙන් කොහේහරි ගිහින් බොනවනම් ගිය වාහනේ ගැන පවා හිතල තමයි බොන්නේ.. බිව්ව කියල කාටවත් කරදරයක් නෑ.. ඒ නිසා එයා බොන්න යනවනම් හොරෙන් යන්නෙ නෑ.. ඒකත් ලොකු දෙයක්නෙ.

      Delete
    2. බීමේ කලාවක් නැත්තේ මොකෝ බන්

      කෑම කද්දී චයිනීස්, අරැබික්, ඉන්දියන්, ජැපනීස්, ඉටෑලින්, වෙස්ටර්න් අරව මේවා කියලා වෙන වෙන රස වල විඳිනවා වගේ

      බීම වල වයින්, ස්කෝච්, අරක්කු, ලිකියර්, බියර්, රම් ඒවා මේවා කියලා වෙනස් වෙනස් රසවල් තියෙනවා.

      ඒ ඒ රස බලන්න මිශ්‍ර කරන්න වෙන වෙනම ජාති තියෙනවා.

      ජීවිතේට බීල නැති උන්ට මේවා කියලා දෙන්න බෑ හලෝ . . හික්ස්

      Delete
    3. සෑහෙන්න බීලා කල්පනා කරන්න ඕනි දෙයක්....:D

      Delete
  2. >>"බස් තියෙයිද මේ වෙලාවට"<<නියම සීන් එක.කතා දෙකම මරු.අපිටත් බදින්න ඉස්සෙල්ල නම් ඔය වගේ සීන් කෝන් වෙලා තියෙනවා.බැන්දයින් පස්සෙ ඔය සිද්ධි උනොත් ඉතින් ගෙදර බත් කාල හමාරයි :).
    ගෙදර මහත්තැන් ගෙ රස සිද්ධිත් ටිකක් දැම්මනම් තමා හොද.

    ReplyDelete
    Replies
    1. මහත්තැන්ගේ බීලා නටන ඒවානම් අඩුයි එයාගේ තියෙන්නෙ ඔය වෙන වෙන පොඩි පොඩි කතා තමයි.. ඔය ට්‍රිප් ගියාම ඉතින් අපේ ලොක්කො එහෙම බීලා නටනවා දැක්කම අනේ අපොයි කියල හිතෙනවා..

      Delete
  3. ෂික්.. අපේ උන්දැ එක්ක ගිහිං බිව්වොත් සිරාවටම අහන්න වෙන්නේ බස් තියේද මේ වෙලාවට කියල තමා..

    ReplyDelete
    Replies
    1. ඔය නෝනලා ගොඩාක් ආදරේ නිසානේ මහත්තයා බොනවට අකමැති... ඒ නිසා සතුටුවෙන්න හොදම හොද ආදරේම ආදරේ නෝනෙක් ඉන්නවා කියලා.. (අහ් දැන් අපේ මනුස්පයා හිතයිද දන්නේ නෑ මේ ගෑණි මට ආදරේ නැති නිසා තමයි බොනවට මුකුත් නොකියන්නෙ කියල අයියෝ සල්ලි... )

      Delete
  4. " බස් තියෙනවද මේ වෙලාවට ? " හි හි හී සිරා කතාව.

    බිව්වත් ඒක තමන්ගේ ගාණට ඔරොත්තු දෙන තරමට බිව්වා නම් ඉවරයිනේ..

    ReplyDelete
    Replies
    1. ඔය මම කියපු හාදයා නම් දන්නෙවත් නෑ තමන්ට ඔරොත්තු දෙන ගාන, දවසක් බීපු දවසක එයාව ගෙදර ලහින් බස්සල වාහනේ හරවගෙන එද්දි මෙයා ඉන්නවලු ගෙදර පිලේ වාඩි වෙලා බල්ල මෙයාගේ මූණ ලෙවකනවලු ගෙදර දොර ඇරලත් නෑ.. බල්ල ලෙවකනවා මෙයා දන්නෙත් නෑ.. ඔන්න ඉතින් තරම..

      Delete
  5. හහහා.... පට්ට. බස් තියෙනවද? ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බස් නෑ කිව්ව නම් තාම රිසෙප්ශන් ඩෙස්ක් එක ලග.. හිකස්

      Delete
  6. හයියෝ... හිනාවෙලා පණ ගියා කතා ටිකට... ඇති කට්ටිය හතර ගාතෙන් ගියේ නැතුවා... ඕවා රෙකෝඩ් කරගෙන තියාගෙන ඉඳලා පෙන්නන්න තිබ්බෙ... අපේ නම් ඔහොම ට්‍රිපක් ගිහින් ආවම පස්සෙන්ද ඔය වගේ ඒව අල්ලලා කාටූන් සීරීස් එකක් නෝටිස් බෝඩ් එකේ....

    ReplyDelete
    Replies
    1. කාටූන් නෝටිස් බෝඩ් එකේ දැම්මෙ නැති උනාට මෙහෙම ට්‍රිප් එකේදි දෙයක් උනාම සේරම ඉවරයි. ඇයි ඉතින් සේරම බ්‍රාන්චස් 100කට විතර විස්තරේ යනවනේ...

      Delete
  7. "බස් තියෙයිද මේ වෙලාවට" පට්ට කතාව. රෙසිප්ෂන් එකේ උදවියට වහ කන්න හිතෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. ඔව් වේටර් කෙනෙක් ගෙනිහින් දැම්ම කියල තමයි සැමි අයියා කිව්වෙ... හික්ස්...

      Delete
  8. බස් කතාව තමයි මරු.. බස් තියන් පයින් :) :)

    ReplyDelete
    Replies
    1. ඕක පස්සේ අපිට හිනාවෙවී කිව්වට කියපු අයටත් ඒවෙලාවෙදි හරි සිහියක් තිබිල නෑ ඉතින්, නැත්නම් කාමරේ හොයාගෙන යන්න එපැයි...

      Delete
  9. නදිනි කොහොමත් බොන සාහිතයයට එච්චර ලැදි නැති බව මට තේරිලා තිබ්බේ. කොහොමහරි සැමිතුමාත් ඉඳලා හිටලා ලඟ නවන න්බව දැනගත්ත එකත් හොඳයි. මම ආසාවෙන් පුල පුලා ඉන්නෙ අන්න එයාගෙ කතා සෙට් එක අහන්නයි. Coming up next on Nadhee Nimnaya (River Valley)... :D

    ReplyDelete
    Replies
    1. එහෙම නෑ අයියේ කාටවත් කරදරයක් නැත්නම් බොන එක ගැන මට ප්‍රශ්නයක් නෑ... ඔව් ඔව් සැමි අයිය ලග නවනවා වැඩී දැන්.. එයා බයේ ඉන්නේ එයා ගැන පොස්ට් එකක් දායි කියලා. ඕවට මාවගාවගන්න එපාලු...හික්ස්...

      Delete
  10. වරද අරක්කු අත නොවේය. ඒවා බොන එකා අතය. සමහරු අරක්කුවලත් නම කැත කරනවාය. මම ඒකට අකමැතිය. ඒ මමත් කාලෙකට ඉහත බීපු නිසාය. නමුත් කිසි දිනෙක අරක්කුවලට අපහාස වෙන ලෙස හැසිරී නැතිය. අරක්කු කතා ලොට් එකක්ම මා ලඟත් තියෙනවාය. මායියා අකමැති නිසා ලියන්නේ නැතිය. ඒ අපේ ගිවිසුමකි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මම කියන්නෙ, බිව්වට කමක් නෑ තමන්ගේ තත්වේ තියාගෙන. කට්ටිය බොරුවටත් පෙන්නනවනේ වෙරි කියල..

      Delete
  11. කට්ටිය තිතට මත් වෙලා වගේ :P

    ReplyDelete
    Replies
    1. එහෙම නම් වෙන්නෙ නෑ ඉතින් කවදාවත් නේද?

      Delete

නදී නිම්න‍යේ තබා යන්න ඔ‍බේ සිතුවිලි මුතු අහුරක්...