Tuesday, March 19, 2013

ජීවිතේ....




සිනිඳු සළුපිළි
සිරුර හැඩකල
සුවද විලවුන් පැලඳුමෙන් හැම,
හිනාවන් මුව දරා හැමදින
ගියා ඔහු පෙර දිනේ සතුටින,
 
ඇඟ දැමූ සළු
අනුන් රිසිවට
හරව හරවා සිරුර ඇදුමට
සැදුව පසු අවසන් දැකුමකට
අවමගුල් සභිකයන්
පෙරටුව
ගියා ඔහු අද දිනේ
පරලොව
සුසුම් පමණක් මෙහි ඉතිරිකර..

 

36 comments:

  1. ම් ම් ම් ඔව් අන්තිමට අපි ගියදාට අපි ගැන මතකයන් විතරයි ඉතුරු වෙන්නේ . .

    ReplyDelete
    Replies
    1. මතක තියෙන්නෙත් ටික දවසයිනේ අයියා...

      Delete
  2. මලාට පස්සෙ හොද තැනක ඉපදින්න ඇති..

    ReplyDelete
  3. හිටියත් විහිදුවා සුවදක් හැම තැනම
    සතුට පුරා වැඩියත් ඔහු ඇති තැනක
    සියළු පිරිස් දැසි දස් ඉන්නා තැනක
    මරනෙට පසුව කිසිවක් නැත ඒ මතක

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.. ජීවිතේ හැටි...

      Delete
  4. අපි කාටත් අන්තිමේදී ඔය ටික තමා..නේද නදිනියෝ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින්, ඒක වලක්වන්න බෑනේ..

      Delete
  5. මොන බලේ තිබුනත් කාටත් උරුම අන්තිමට ඕක තමයි

    ReplyDelete
    Replies
    1. ඕක බලේ ඉන්න උන්ට නම් තේරෙන්නෙ නෑ...

      Delete
  6. අවසන මතකය පමණය උරුමය අප සැමට ම....

    ReplyDelete
    Replies
    1. මතකය ගිලිහෙනවා හෙට අපි මලදාට...

      Delete
  7. ඒ උනාට ජීවිතය කියන්නෙ මතකයන් ගොඩක්..!

    ReplyDelete
    Replies
    1. ඒ නිසානෙ අපිට අනිත්ය තේරෙන්නෙත් නැත්තෙ...

      Delete
  8. ලස්සන මිනී පෙට්ටිය :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  9. ඒක ඇත්ත. අන්තිමට තබා යන්නේ මතකයන් හා සුසුම් පමණයි. පදපෙල, අදහස ලස්සනයි නදිනි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චන්දන....

      Delete
  10. ඉන්නකම් මොන මොන ලොකු ලොකු සීන් දැම්මත් අන්තිමට අපි කාටවුනත් ඔච්ච්ර තමා... හ්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. ලොකු සීන් දාද්දි ඕවා මතක නැති එකනෙ ප්‍රශ්නේ...

      Delete
  11. මේ දවස් හැමෝම ලියන්නේ මැරෙන ඒවාම තමා.මැරෙන අය දන්නවා නම් ජීවත් වෙලා ඉන්න අය එයාලට ගොඩක් ආදරේ බව!!

    ReplyDelete
    Replies
    1. ඔව් මැරෙනකම්ම අපිට හරියට අපිට ආදරේ කරන අය ගැන දැනගන්නෙ නෑ නේද?

      Delete
  12. අන්තිමට අපි හැමෝටම ඔය සෙතේම තමා.....

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් බෑ කියන්න බෑනේ නේද වෙලාව ආවහම..

      Delete
  13. Dude:
    මේ යම් විශේෂ සිදුවීමක්ද, නැතිනම් කවි සිතුවිල්ලක් පමණද?

    ReplyDelete
    Replies
    1. කාලෙකට කලින්, මම හිතන්නෙ මම 10 වසරෙ වගේ මගේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් නැති උනා, අපි එතන හිටියෙ මිනිය ගේන්නත් කලින් ඉදන්.. ඒ අන්කල් හොද ලස්සනට අදින පලදින කෙනෙක්.. අර මිනිය ගෙනාව වෙලාවෙ මිනී සාප්පුවෙ අය අන්දල තිබුන ඇදුම් එහෙම හැදුවා මිනිය එහෙට මෙහෙට හරව හරවා.. මගේ යාලුවා ඒ වෙලාවෙ ගොඩාක් ඇඩුවා ඒක ගැන කිය කියා.. ඒක තමයි නිධාන කතාව..

      Delete
  14. එපා කිසි විට උඩඟු වන්නට එයින් යහපත නැසෙනවා
    එපා කිසි විට කෝප වන්නට ඔබේ හොඳගති නැසෙනවා
    එපා කෙනෙකුට දුකක් දෙන්නට එයින් හදවත් රිදෙනවා
    එපා ආශා පොදි බඳින්නට මැරෙනවා අපි මැරෙනවා!

    ReplyDelete
  15. හ්ම්... ජීවිතේ කාලයක් අතෑරලා තිබුන දැන් ‍රැකගන්න දඟලන.....



    මිනිස්සු මැරුනට නදිනි ඔවුන් ගැන මතක මැරෙන්නේ නෑ. අනිත් අය එක්ක ජීවත් වෙනවා තව ගොඩාක් කල්...

    ReplyDelete
    Replies
    1. ඒක හරි ඒත් මොන හේතුවකටද මන්දා මට හිතෙනවා මම මැරුනම නම් කට්ටියට මාව ඉක්මනටම අමතක වෙයි කියල...

      Delete
  16. හොදට ගොතපු කවි සිතිවිල්ලක්.කියෙව්වයින් පස්සෙ හෙන්රි අහපු දේ මටත් හිතුන.කස්ටිය කියල තියෙන ලෙසටම අපට අන්තිමට යන්න තියෙන්නෙ ඔය හතර රියන තුලට තමයි.

    ReplyDelete
    Replies
    1. කොයි වෙලාවෙ අපිට යන්න වේවිද දන්නෙ නෑ නේ නේද?

      Delete
  17. මට දැන්ම මැරෙන්න බැරියෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඔඔ...........................

    ReplyDelete
    Replies
    1. අපෝ උඹ මැරුනොත් කවුද හනීබනී බලාගන්නෙ?

      Delete
  18. දහදිය දුගඳ මකාලන්නට ගැල්වූ සුවඳ විලවුන් පුයර
    වසාලන්නට මෙදින කුණු මසෙහි ගඳ සුවඳ පැන් ඉසියි නිතොර
    ගැටුණු විට පිරිස ඇඳි සළු පිලියෙහි යනෙනතුර
    හෙළු එරවිලි කොහිද අද වෙනකෙක් අඳන විට සළුව

    ReplyDelete
    Replies
    1. සේරම ඉතින් මේ ගද ගහන දිරන ශරීරෙට තමයි නේද?

      Delete

නදී නිම්න‍යේ තබා යන්න ඔ‍බේ සිතුවිලි මුතු අහුරක්...