Thursday, March 21, 2013

මම දේශපාලනේට යනෝ...


පහුගිය සතියෙ දවස් 3 ක් විතර සාස්තර කිව්වනේ. වැඩේ නැගල ගියා.කට්ටිය ගොඩාක් කැමති උනා.. මටත් හරි සතුටුයි.ඉතින් සතුටෙන් ඊයෙ නිදාගනිද්දි අමුතු හීනයක් දැක්කා.. අපේ පවුලෙත් ලගම කීපදෙනෙක් දේශපාලනයට සම්බන්ධයි. ලගම කිව්වෙ අපෙ තාත්තගෙ තාත්තගෙ නංගිගෙ මහත්තයා එයාගේ ලමයි එහෙම. (පොඩ්ඩක් දුර තමයි මොනව කරන්නද?)ඔන්න දැන් ඔය සම්බන්ධ කෙනෙක් ආවා හීනෙන් මගේ ලගට.ඇවිත් කිව්වා, ඔහොම ඉදල බෑ දැන් අපේ පවුලකින් කාන්තා නියෝජනයක් ඕනි පාර්ලිමේන්තුවට. ලෑස්ති වෙනවා පාර්ලිමේන්තු යන්න කියලා. එහෙම කිව්වට යන්න පුලුවන්ද? කට්ටිය කොච්චර ඉන්නවද ඇපෘවල් ගන්න..එහෙම හිතල ගෙදර කට්ටිය බැලුව. කවුරුත් නෑ ගෙදර,කමක් නෑ බ්ලොග් යාළුවෝ ඉන්නවනේ කියල, ඔන්න රිංගුවා ජංජාලෙට, රිංගලා කට්ටිය එක්ක පොඩි චැට් එකක් දැම්මා මගේ දේශපාලන පිවිසුම ගැන කට්ටිය මොකද කියන්නෙ කියලා බලන්න.. පල්ලෙහයින් තියෙන්නෙ කට්ටිය කියපු දේවල්.බලන්නකෝ මම හරිද කියලා..
මුලින්මඇහුවා නලීන් අයියාගෙන්,
දේශපාලනය කරන එක කොයි තරම් නම් හොදද? වැදගත්ම දේ නිවැරදි පක්ෂය සහ ප්රතිපත්ති.වැඩි විස්තර පසුව කතා කරමු.
දුකාඅයියා,
මොලේ කොලොප්පං වෙලාද බං නංගියේ උඹේ?
ළිහිණි,
උඹට පිස්සුද නදිනියෝ හිටපං මම එන්නම් තව විස්තර කතා කරන්න..
සරාඅයියා,
මට දැනෙන විදිහට නම් එච්චර හොද අදහසක් නෙමෙයි නංගියේ.. ඒත් තීරණය කරල ඉවරනම් උදව්වක් ඕනිනම් කියන්න..
චන්දන
නියමයි නියමයි..
දේශකයා
හැක් හැක් උඹට පිස්සුද හැක් හැක්
රජා,
කෙලින්න නේද හදන්නෙ මගේ පුටුවට? බැරිවැඩ නොකර හිටින් අක්කේ
සුභවේවා!! රාජ සම්පත් ලැබේවා!!
යසිත්
මේ බතක් මාලුවක් උයාගෙන ගෙට වෙලා ඉන්නවා හලෝ ඉල්ලන් කන්නෙ නැතුව,
හිරූ,
හිහී උඹ දේශපාලනය කරන්න??හි හී
මාතලන්,
මේවෙලාවෙ ගන්න පුලුවන් හොදම තීරණය තමයි ඒක,අනිත් අය කියන ඒවට සැලෙන්න එපා
හසිත්
ලංකා ඉතිහාසෙත් රජවරුන්ට මව් රැජින වගේම බිසවගෙනුත් ලැබුන උපදෙස් නිසා තමයි අපේ රට මේ තරම් දියුණු උනේ. ඔබටත් දුර ගමනක් යන්න ලැබෙයි.
ඩූඩ්
ඕකනම් එච්චර හොද අදහසක් කියල මට හිතෙන්නෙ නෑ..කෝකටත් නිවී සැනසිල්ලෙ ආපහු කල්පනා කරල බැලුවොත් නරකද?
චින්තක
මරේ මරු ෆට්ට
තරූඅක්කා
අනේ මංදා නංගෝ.
සමනළී
අක්කේ ඕකනම් සාස්තර කියනවා වගේ ලේසි නෑ
මියුරු
අදහසක් මතක් වෙන්නෙ නෑ අනේ. එච්චර හොද වැඩක් නෙමෙයි.
වීඅයියා
ඒපාර මොකක්ද හැදුන පිස්සුව?
Silentsahan
මේ වගේ දේකට පේලියෙන් දෙකෙන් උත්තර දෙන්න බෑ. හෙමින් සැරේ පෝස්ට් එකක්ම දාන්නම්.
සෑමා
ඉක්මනට පාර්ලිමේන්තු ගිහින් එන දෙසැම්බර් වලට කලින් බඩු මිල පහල දානවනම් මම ඡන්දේ දෙනවා නැත්නම් වැඩක් නෑ.
සිරාඅයියා,
අදහස හොදයි..
අකමා
අනේබං??උඹයිමමයිකරනදේශපාලනේ..
තොටියා,
මේවගේ දියුණු වෙන යුගයක ගෑණු තමයි ඉදිරියට එන්න ඕනි. පිරිමින්ට සේරම කරන්න බෑනේ..
කෙන්ජි,
ගෑණු දරුවගේ ඔලුව හොද නෑ වගේ මේ දවස් වල....
අනේ මංදා මම මුකුත් නොකියා ඉන්නම්..

අදින් පස්සෙ මඩ ගසන්නේ නැති බවට දිවුරා පොරොන්දු වෙමි..

52 comments:

  1. මේක ආවා. කලින් පෝස්ට් එකේ තියන ටික මේකට කොපි පේස්ට් කරන්න නදිනි.

    ReplyDelete
    Replies
    1. සේරම අවුල් චන්දන, අනිත් පෝස්ට් එකේ අකමයි සරා අයියයි දාපු කමෙන්ට්ස් තියනවා මම මේල් එකකුත් දැම්ම බලපියො

      Delete
    2. මෙන්න දාල. :)

      දේශපාලනේ ගැන මං කියල තියන එක. :D

      Delete
    3. හයියෝ.. මං හිතුවේ ඒ පෝස්ට් එක කවුරුවත් දැකල නෑ කියල නේ. මං ඒක බැලුවේ නෑ. ෂෙහ්...

      සමා වෙන්න ඕන වෙච්චි වැරැද්දට.. :( ඔන්න රිප්ලයි එකක් දැම්මා.

      Delete
  2. හැකැස්... :)
    මම එහෙම කිව්වද අක්කේ?

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් සිංහාසනේ වාඩි වෙලා ඉදල කිව්වෙ.. :P

      Delete
  3. පිස්ු හැදෙන සද? උඹ හොද සාස්තර කියන්න තමා.. දිගටම කරපං.. හුග දවසකින් පෝස්ට්කටුවක් කියවල හොදටම හිනා උනා.. සිරාවටම හිනා ගියා.. තැන්කුයි බං ඒකට. සිරාවට දිගටම කරපං. නියම අයිඩියාස්.. එළස්...

    ReplyDelete
    Replies
    1. හැක් හැක්...
      මෙහෙම වෙලාවට හිතෙනවා මේ අරාබි උන්ට වැඩ කරන්නෙ නැතුව ලංකාවට ඇවිත් සාස්තර කඩයක් දාගන්න..

      Delete
  4. මරු බං නදිනි....!
    බොටත් හිතෙන දේවල්...ඔහොම යන්.....

    දේශපාලනේ..#$#$%#$^අඬුකඩනව..!

    ReplyDelete
    Replies
    1. සිරාවට බං චීයො... මේකි මේ තරම් මඩ ගහන්න දන්න එකේ මාධ්‍ය ඇමතිකමක් වත් දුන්නොත් නියමෙට කරාවි

      Delete
    2. @ වී අයියා,
      හොදයි නේද? මම මුල ඉදන්ම දැනගෙන හිටියා වී අයියා නම් ඕකට කොස්ස දානවා කියලා., හික්ස්..

      @ යසිත්,
      මාධ්‍ය ඇමතිකමක් ඕනි නෑ, නිකන් මංත්‍රීලත් දැන් මඩ ගහගන්න එක විතරනෙ කරන්නෙ.

      Delete
  5. යසිත්
    මේ බතක් මාලුවක් උයාගෙන ගෙට වෙලා ඉන්නවා හලෝ ඉල්ලන් කන්නෙ නැතුව,

    ඊට පස්සෙ නදිනි අක්ක කියපි,

    "මේ මල්ලො කාටවත් කියන්නෙපා.. අවුරුදු 45 පැන්නට තාම මට බතක් උයා ගන්න බෑ බං " (ලොල්ස්)

    ReplyDelete
    Replies
    1. 45??? එහෙම වෙන්න ඇති උඹේ හනී බනීට... :X යන්තමට 20 පැන්නා විතරයි. අනික මගේ කෑම ඉවිල්ල ගැන අහන්න අපේ මනුස්පයාගෙන් බට කෝට්ටක් වගේ හිටිය එකා අල ගෙඩියක් වගේ උනේ මගේ කෑම වලට පිං සිද්ධ වෙන්න.

      Delete
    2. බඩ පුරෝ දාලා වෙන්ටැ...?

      Delete
    3. මේකිත් දන්න දේවල්.......... :D

      Delete
  6. ඇත්තටම මේක හිනෙං දැක්ක එකක්ද කෙල්ලේ...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ අයියා ගැන කියපු දේවල් හරියට හරිද? අනේ නෑ අයියේ පොඩි සිතිවිල්ලක් විතරයි.

      Delete
  7. ලිපි කියවල ලියන්න හිතාගෙන ආවෙ ඇත්තටම දැක්ක එකක්ද,සිතිවිල්ලක්ද කියල.මෙන්න ඒක නලින් අහල.
    කොහොමත් ඔබ එම ආරාධනාව හීනෙන් දැක්කනම් එහි ප්‍රතිපල එන්නෙ සැමි මලයණ්ඩිට.එවැනිම ආරාධනාවක් හෝ රැකියාවෙ උසස්වීමක් තිබෙනව.ඔය වගේ සිහින සීතලට පේන සිහින නෙමෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හීනයක් නම් නෙමෙයි, ඔය හවසට ගෙදර යද්දි හිතට ආපු හිතළුවක්,
      හැබැයි අපි දෙන්න කාලයක් තිස්සෙ බලාගෙන හිටපු ලොකුම ලොකු උසස්වීමක් සැමි අයියට හෙට අනිද්දා ලැබෙනවා. ඒ හීනෙ නම් බැලුවා අපි සෑහෙන්න කාලයක් තිස්සේ, ඒකට මට පුදුම සතුටක් තියෙන්නෙ..
      කෙන්ජි මම ඔය කියපු දේම කියයිද?

      Delete
  8. මේ මේ..... පාර්ලිමේන්තුවටත් ගිහිං සාස්තර කියන්න පටං ගනීද දන්නෑ මෙයා.... :ඩී
    කොහොම හරි ඉතිං ඔයා ඡන්දෙ ඉල්ලන්නේ ලංකාවේ නේද.. ඒ කියන්නේ රත්නපුරෙන් නේ... බලමු බලමු...... අපිත් ඉන්නවානේ...

    ReplyDelete
    Replies
    1. මට මොන දේශපාලනේද මල්ලො, පැටියෙක් දෙන්නක් හදාගෙන ගෙදරට වෙලා ඉන්න තමයි අදහස..

      Delete
  9. මම මේ තුන්වෙනි සැරේ කියෙව්වෙ.හිනා කාල පන යනව.ලිපි ලියන කස්ටිය ලියන භාෂාවෙන්ම ලියල තියන එකනම් අතිවිශිෂ්ටයි!!!

    ReplyDelete
  10. උඹ නං නදිනි පාර්ලිමේන්තුවට නෙවෙයි යන්න ඕනෙ. මාධ්‍යවේදිනියක් හැටියට, මේ අපේ කටවල් වලින් පිටවුනු වාක්‍ය කපලා කොටලා වෙන් කරලා අරගෙන තුන් හිතකින් වත් නොහිතපු දෙයක් කියවෙන විදියට transplant කරලා තියෙන විදියට.

    මට හිතෙන්නෙ නලියාටත් පුලුවන් වේවි නදිනිගෙන් ටියුෂන් ගන්න මේ වගේ අදහස් විකෘති කිරීම සම්බන්ධව.

    සුභ අනාගතයක්! :D

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ. මම මේකා එක්ක මාස ගාණකින් කතා කලේ නෑ. මට පේන්නෙ ඩූඩ් මේකා තරම දේශපාලනේට වෙන කවුරුත් සුදුසු නෑ වගේ..හි හි හී

      Delete
    2. @ ඩූඩ්
      අයියා අප්සෙට් උනාද? ඒ කියන්නෙ මාධ්‍ය කට්ටිය අදහස් විකෘති කරනවා කියලද? අයියෝ....
      දැන් ඔය :D තිබ්බහම සේරම හරිද?

      @ ළිහිණි,
      ඔය සම්පූර්ණ කලේ මගේ සම්බන්ධීකාරක වෙන්න සුදුසුකම්, ඇයි බං උඹේ අර පෝස්ට් එකේ දැම්ම නේද එදා දවලුත් චැට් කරා කියලා? දැන් ඉතින් හරි වැඩේ පත්වීම ස්ථීර කරමු..

      Delete
    3. මම ටියුෂන් ගන්න එනවෝ...

      Delete
  11. අනිවාර්යෙන්ම..උඹට දේශපාලනය හොඳටම ගැලපෙනවා කෙල්ලේ..පටන් ගැන්මේම බොරුවනේ..වැඩේ හරි..පටාන් ගනින්...හි හි හී

    ( කොහෙද බන් මේ පෝස්ටුව තිබුනේ )

    ReplyDelete
    Replies
    1. අයියෝ උඹ එහෙනම් එහෙමයි හිතන්නෙ මං ගැන නේද?

      Delete
  12. දේශපාලනය කියන්නෙ යහපත් සමාජයක් ගොඩ නැගීම වෙනුවෙන් අවංක චේතනාවෙන් වැඩ කිරීම..
    දැන් තියෙන්නෙ ‍දේශපාලනය නම් නෙවෙයි. බලය සහ ධනය වෙනුවෙන් ආර්ථිකය කළමනාකරණය කරන්න පාලන බලය යොදා ගන්න ක්රාමවේදයක්... මෙ‍හෙම කිව්වෙ මං නෙවෙයි.. කථිකාචාර්ය/මහාචාර්ය (හරියටම මතක නෑ ) චමීර පෙරේරා ...
    මට කියන්න තියෙන දේ ඔයා කියල... ඇත්ත දේශපාලනය කරන්න නම් කමක් නැහැ... එහෙම ඉඩක් අද නැහැනෙ...

    ReplyDelete
    Replies
    1. නදිනි;මේ තරු රසී දරුවත් කලකට ඉහත ටික කලකට ඉහත ජපානයට ඇවිත් ගිහිල්ල තියෙනවලු.එයාට ඒ අත්දැකීම් ලියන්න හැකි නම් කාට කාටත් ලිපි රස විදිය හැකි වෙනව.කරුණාකර ඔබලාගේ බජාර් එකේ කස්ටියට හදුන්වා දී ලමයව ඉස්සරහට ඇදල ගන්න බලන්නකො.

      Delete
    2. @ තරු අක්කා
      ඇත්ත දේශපාලනය දැන් කොහෙවත් නෑනේ.. හැබැයි ඔය මම කිව්ව මගේ සීය කෙනෙක් උන කෙනා නම් ඇත්තම දේශප්පලනය තමයි කරල තියෙන්නෙ, අදටත් ලමයින්ටවත් ඉන්න ගෙයක්වත් නෑ. කවුරුවත් බලන්නෙත් නෑ,..රත්නපුරේ එකම එක පාරක් එයා නමින් තියනවා ඒකෙත් බෝඩ් එකවත් හරියට නෑ.
      @ කෙන්ජි,
      ඔය තරු අක්කව සබේට ගන්න ටිකක් අමාරුයි, නැත්නම් දැන් බ්ලොග් එකටත් අවුරුද්දක් පිරුනා. ඒ උනාට හැමෝගෙම බ්ලොග් කියවනවා, හැබැයි කමෙන්ට් කරන්නෙ නෑ. තෝරල බේරල තමයි තමන්ට වැදගත් කියල හිතෙන දෙයක් විතරයි කියන්නෙ..

      Delete
  13. අප්පට උඩු...පාර්ලිමේන්තුව ඉවරයි

    ReplyDelete
    Replies
    1. මේකගේ කසාදේ නිසා ඩිස්ටර්බ් කරේ නෑ ප්‍රශ්න අහල..මෙන්න කමෙන්ට් දාන්න ඇවිත්..

      Delete
  14. ඈ බං... මගෙන් ඇහුවේ හීනෙන්ද.... මට මතක නෑ නේ.... හි හි....

    වැරදියි වැරදියි.. මගෙන් ඇහුවනං මං කියන්නේ “ අනර්කලීයි පබායි දෙන්නා උඹට නඩු දායි ...හි හි” කියලා...

    ReplyDelete
    Replies
    1. එයාල දෙන්න මට නඩු දාන්න? ඒවා කොහෙද?
      හීනෙන් තමයි ඇහුවෙ, හිරුවා හිටියෙ කොම්පීතරේ ඉස්සරහ වාඩි වෙලා..

      Delete
  15. අපේ තාත්තා චන්දේ ඉල්ලපු වෙලාව මගේ සහයෝගේ ඉල්ලපු වෙලාවේ මම දුන්නු උත්තරේ දන්නවද?

    "මොකක් ඉන්න හරක් ටික මදිවටද?"

    ඉතිං හිතහන් උඹ ලිව්ව එක වැරදියි . . :D :D

    ReplyDelete
    Replies
    1. කොහොම වුනත් මම දැන ගෙන හිටියා අයියාගේ කැමැත්තක් නැති බව..
      ඒ කියන්නෙ ඔයා ඒ කතාවම මගෙන් අහනවද?

      Delete
    2. නැතුව නැතුව . . හික්ස් :P

      Delete
  16. හික්....හික්.... මෙයාටත් හිතෙන දේවල්.....

    අර සහන් නම් බුදු ෂුවර් අර වගේ උත්තරයක් තමා දෙන්නේ...... :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ මම හරි නේ, සහන් තාම නෑනේ...

      Delete
  17. කරනවා නම් කරන්න කිසි අවුලක් නැහැ හැබැයි යටිමඩි ගහලා කොමිස් කපාගෙන මගෝඩි වැඩ කරලා අහු වෙන්නේ නැහැ හරිය :P

    ReplyDelete
    Replies
    1. හරිය හරිය, මම හිතුවා පොඩි එකා නිසා මේකගෙන් අහන්න ඕනි නෑ කියල. බලන් ගියාම එයානේ උපදෙස් දෙන්නෙ..

      Delete
  18. සිරාවටම සහතිකම පට්ට පල් ඇත්ත නදිනි .ඔය වගේ දේකට
    පේළියෙන් දෙකෙන් උත්තර දෙන්න අමාරුයි .විශේසෙන්ම වර්තමාන
    දේශපාලන භූමිකාව තුල ..
    ඉන්නකෝ මේ ගැන වෙනම ලියන්න වෙලාවක ..හි හි


    ( ඇත්තටම මට බකස් ගාල හිනාව පැන්නා මේ පෝස්ට් එක දකිද්දී .
    නියම උපහාසාත්මක පෝස්ට් එක නදිනි ..කට්ටිය ගැනම කියපුව
    හරියටම හරි කියල මටත් දැනෙනවා. සිරාම ජෝක් ටික ඈ )

    ReplyDelete
    Replies
    1. තරහ නැත්නම් එච්චරයි සහන්... :)

      Delete
  19. ඔය අප්ඩේට් වෙලා තියෙන්නේ බ්ලොග් රෝලේ...
    ඒක බලන්න ආවේ.දැන් 12යි. හෙටම එන්නම් ඇරියස් අල්ලන්න. මේ පාරනම් එන එක බුදු ෂුවර් ඈ.
    ඔන්න මං තමයි ජයග්‍රාහී 3000ස් වෙනියා. මක්කෙයි බොලන් ඒකට මට දෙන්නේ....
    ----
    අනේ බං උඹයි මායි දන්න දේශපාලනේ..... හි හි හිහි...

    ReplyDelete
    Replies
    1. මේක අප්ඩේට් උනා, ඊට කලින් එක නෑ, ඊටත් කලින් දෙකක් අප්ඩේට් උනා, ඊට කලින් එක නෑ. ඔන්න ඔහොමයි බ්ලොග් අයියා අපිට සලකන්නෙ,
      මේ ඔයැයිට ඔටුවෙක් එවන්නැයි????

      Delete
    2. අඩේ උඹට මගේ භාෂාව විතරයි පොඩ්ඩක් වැරදිලා තියෙන්නේ. කලින් අප්ඩේට් නොවුණු එකේ මං දැම්මා මගේ නිවැරදි භාෂාව. දැන් බලනකොට එදත් මේකට මං දාලා තියෙන්නේ මගේ භාශාවෙන්මනේ....
      "අනේ බං උඹයි මායි දන්න දේශපාලනේ..... හි හි හිහි..." (හිනාවෙ උපුටා ගැන්ම හිරුවගෙන්)

      ----------------
      අනේ ඔටිච්චියේ උඹේ ඔටුවා උඹම තියා ගනින්.

      "මේ ඔයැයිට ඔටුවෙක් එවන්නැයි?" මේ භාෂාව මක්කෙයි? ඔටුවා දකුණෙයි?

      Delete
    3. මම ඔටුච්චියෙක් නෙමෙයි, දෙන්නෙ නෑ මුකුත් උඹට,
      ඇයි අපි දකුනේ භාෂාව කතා කලොත් නරකය?

      Delete
    4. ආන්න බලන්න හසන්ත මහත්තයෝ, "දෙන්නේ නෑ මුකුත් උඹට" කියන්නේ වෙන භාශාවක්නේ. "දෙන්නේ නෑ මක්කවත් උඹට" කියලනේ එන්න ඕනි.

      Delete

නදී නිම්න‍යේ තබා යන්න ඔ‍බේ සිතුවිලි මුතු අහුරක්...