මට
හිතෙන විදිහට අපි හැමෝගෙම ජීවිතේ සුන්දරම කාලේ තමයි ඉස්කෝලේ ගිය කාලේ, සැහැල්ලුවෙන්,
වැඩිය හිතන්නෙ නැතුව කරපු වැඩ වලත් අමුතු සුන්දරත්වයක් තියනවා. අද ඉස්කෝලේ කාලේ මතක්
උනා. ලියන්න තරම් දග වැඩ කරේ නෑ මම හොඳ ළමයෙක්නේ.. ඒත් සුන්දර මතක තියනවා බලමු ඔයාලටත්
රස විදින්න පුලුවන් වෙයිද කියලා.
මම
ගියේ බාලිකා පාසලකට, රත්නපුර දිස්ත්රික්කයේ හොදම පාසලකට. බාලිකා පාසලක් කිව්වම දන්නවනේ ඉතින් හරිම ෂෝක්. පාරෙන් ගොඩාක් දුර තියන නිසා පංතියකින් එලිය බැලුවත් පේන්නෙ වෑන් අංකල්ල, නැත්නම් කපල්ස් ඒත් නැත්නම් නඩුකාර හාමුදුරුවන්ගේ රියදුරු මහතා තමයි. කොල්ලෙක් කියල නාමයක් පේන්න නෑ.
ටිකක්
ලොකු කාලේ ඒ කියන්නේ ඕලෙවල් වගේ කාලේ දකින්න හිටිය එකම කොල්ලා සති 2,3 කට වතාවක් ඉස්කෝලේ කැන්ටින් එකට එන කොකා කෝලා රෙප්. අම්මෝ එයා ආපු දවසට අපිට ඉතින් රජ මගුල්.. එතන පාරෙන් එහාට මෙහාට යනවා හැබැයි එයාට පේන්න බලන්නෙ නෑ.
එයාට
පෙන්නනේ එයාට සතේකට ගනන් ගන්නෙ නෑ වගේ.. බලපු කට්ටිය දුවල ගිහින් කියනවා අනිත් අයට ඇදන් ඉන්න පාට, ඇදුම ගැන එහෙම.. එතකොට ඊලග කට්ටිය යනවා. ඔහොම ඔහොම ඉතින් කට්ටිය මාරුවෙන් මාරුවට ගිහින් බලල එනවා.
එහෙම
ගිහින් බලන තව කට්ටියක් ඉන්නවා ඒ තමයි එක වසරේ නංගිලාගෙ තාත්තලා... වැඩේ තියෙන්නෙ එයාල වැඩිපුර එන්නෙ අවුරුද්දෙ මුල විතරනෙ ඉතින් ඉතිරි ටිකට කොකා කෝලා රෙප් තමයි.
ඉස්සර
දැන් ඉතින් එක කෙල්ලට සමහර වෙලාවට කොල්ලෝ දෙතුන් දෙනා ලයින් දානවනෙ. අපි ලියල බලනවා අපේ නමත් එක්ක එක එක කොල්ලගේ වාසගම මොකක්ද හොදම එක බලන්න... (නරකයි නේ)
9 වසරේ
ඉදන් එකම මිස් කෙනෙක් තමයි හිටියෙ විද්යාව උගන්නන්න හිටියෙ, ඔය මිස්ට අපි කිව්වෙ නිදි කුමාරි කියලා. කොයි වෙලාවෙ එයාව දැක්කත් අවුලක් නැතුව නිදාගන්න පුලුවන්. ඉස්සර එයාට සිලබස් එක ඉවර කරගන්න අමාරුයි. ඉතින් හවසට අමතර පංති දානවා ඇත්තටම අපියි කියන්නෙ අමතර පංති දාමු කියලා.. ඔන්න ඉතින් 2ට ඉස්කෝලේ ඇරුනහම අපි කනවා ඊට පස්සෙ ක්රිකට් ගහනවා ඔන්න 3ට, 3.30 ට වගේ මිස් එනවා ක්ලාස් එක කරන්න. වාඩි වෙලා පාඩාම පටන් ගනිද්දි 3.45 වගේ වෙලා. 4ට අපිට ටොයිලට් යන්න ඕනි වෙනවා. ඉවර වෙලා එද්ද් 4.15 පහුවෙලා. 4.30 ට ක්ලාස් ඉවරයි.. හැබැයි මිස්ට කවදාවත් තේරුනේ නෑ අපි මොකක්ද කරන්නෙ කියලා...
දවසක්
ඔහොම මිස් එද්දි අපි අඹ කඩනවා මේසයක් උඩ පුටුවක් තියලා ඒක උඩ එකෙක් නැගල කොස්සෙන් කඩන්නෙ. මිස් දුර එනවා දැකලා කට්ටිය ටික ටික මාරු උනා. උඩ ඉන්න කෙනා හොදට කියව කියව අඹ කඩනව. දැන් කඩල ඉවරයි. මෙයා තව අඹ තියනවද බල බලා පල්ලෙහා පුටුව අල්ලන් ඉන්න එකාට කියනවා හයියෙන් අල්ලගනින් මාව වැටුනොත් අනිත් දවසේ අඹ කඩන්න නගින්න වෙන්න උඹට තමයි. එහෙම කියල බැලුව පල්ලෙහා, අනේ අනේ මිස්ට කතා කරන හැටි නේද, බැලින්නම් පුටුව අල්ලන් ඉන්නෙ මිස්.
ඉස්සර
මම ඕලෙවල් වගේ කරද්දි ෆෝන්ස් එහෙම මෙච්චර භාවිතේ නෑ. අපි වෙන්න ඇති අන්තිමටම පෙම් හසුන් යවපු පරම්පරාව... ඉස්සර ඉතින් ලියුමක් හම්බවුනාම වෙන දෙයක් නෑ. මුලු පංතියම කියවනවා. කොල්ලෝ ලියල තියන ඒවට හිනාවෙන තරම් උන් දන්නවනම් බඩ කපාගෙන එතනම මැරෙනවා.. ඒවට උත්තර ලියන්නෙත් සේරම එකතු වෙලා. ඉස්සර ඉතින් ලියුම් ගෙදර ගෙනියන්න බෑනේ.. ඉතින් සේරම කට්ටියගේ ලියුම් ගෙනියන කෙල්ලෙක් ඉන්නවා. අපි කිව්වෙ ලව් භාන්ඩාගාරික කියලා. හිටපු ගමන් අර භාන්ඩාගාරේ තියපු ලියුමක් බලන්න කෙල්ලෙකුට ඕනි වෙලා ඉල්ලීමක් කරා කියමුකො. අනේ අර අහිංසක ලව් භාන්ඩාගාරික ගේන්නෙ වෙන එක්කෙක්ගෙ එකක්... ඉතින් දවසම ගතවෙන්නෙ ඇඩූ කදුලෙන්.
තව
දෙයක් මේ ලියන හොද ලමය කවදාවත් අර මිටි තාප්ප තියන පන්තිවල හරි පාරෙන් පන්තියට ගිහින් නෑ. මිටි තාප්පෙ උඩ නැගල අනිත් පැත්තට කකුල් දෙක දාල පනිනවා. පිරිමි ලමයි නැති නිසා බලන්න කෙනෙකුත් නෑනේ..
ඔන්න
ඔහොම තමයි ඉස්කෝලේ ජීවිතේ කිව්වලු. තව ලියන්න දේවල් නම් තියනවා පස්සෙ වෙලාවක හොදට ගලපල ලියන්නම්කෝ...
(චික් නෝටි ළමයි නේද?)