Sunday, January 18, 2015

නංගි Girl


අද උදේ නිකමට වගේ දුකා අයියාගේ බ්ලොග් එක පැත්තේ කරක් ගැහුවේ පොත් ගැන දුකා අයියා දාපු සටහන් ටිකක් කියවන්න. අතරෙදි දැකපු පෝස්ට් එකක් කියවන්න ගියාම ඇස් දෙකට කදුළු පිරුනේ මටත් සමානම අත්දැකීමක් තියන නිසා. පෝස්ට් එක තමයි කරදරකාර නංගී.

ජීවිතේ වැටෙන වෙලාවට නැගිටින්න,  හිත සැහැල්ලු වෙලාවට උඩ පැන පැන නටන්න, ඔය හැමදේටම මටත් ඉන්නවා නංගියෙක්. ලස්සනම බෝනික්කියෙක්.

ඇත්තටම අම්මි, තාත්ති හැරුනාම මගේ ජීවිතේ මේ තරම් නැගිටින්න මගේ ලගින් හිටියේ නංගි. වයසින් අවුරුදු 6ක් බාල නිසා පුංචි කාලේ නම් අපි අතරේ තිබුනේ නොගැලපීමක්. මම සෙල්ලම් කරන කාලෙදි ඇය සෙල්ලම් වලට එකතු වෙන්න බැරි තරම් පුංචි වීමත් ඇය සෙල්ලම් කරන කාලේ වෙද්දි මම සෙල්ලම් කරන කාලේ පහුවෙලා තිබීමත් ඒකට හේතු වුනා. 

ඒ කාලේදි පුංචි පුංචි දුෂ්ට වැඩත් මගේ අතින් නොකෙරුනාම නෙමෙයි. ඉස්කෝලෙට පය තියන්නත් කලින් ඇය අකුරු කියවන්න ලියන්න පුළුවන් කරවන්න මට ඕනි වුනා. ඉතිං මගේ පොඩි මේසේ තියාගෙන බැන බැන අකුරු උගන්නද්දි ඇස් වලින් වැටෙන කදුළු ඇය හිරකරගෙන ඉන්න හැටිත්, බැරිම වුනාම අම්මි දිහා බලල කට ඇඹුල් කරන හැටිත් මට මැවිලා පේන්නේ සිද්ධි අද ඊයේ වුනා වගේ.

අවුරුදු 2 1/2 වගේ පොඩි කාලෙදි ලොකු කහ කුරුල්ලා බස් එකකට අඩ තියන්න නංගි උත්සාහ කරපු සිද්ධියත් මගේ ජීවිතේ අමතක නොවන දෙයක්. හීරීම් හැර වෙන ලොකු තුවාල නැතිව ඇගේ ජීවිතේ බේරීම අදටත් හාස්කමක්.

දවස් වල ගෙදර අපි දෙන්නගේ කාමරේ ඇදවල් දෙකට වෙලා රෑ වෙනකන් අපි දෙන්න කුටු කුටු ගාන්නේ පොඩ්ඩක් හරි ඇහිච්ච ගමන්මොකද මේ සද්දේ දෙන්නගේ නිදාගන්නේ නැද්ද” කියලා අම්මිගේ නෝක්කඩුව ඇහෙනකන්.

වයසින් වැඩිවෙද්දි අපි දෙන්න යාළුවෝ වගේ වුනේ විදිහට. දැන් උස, මහත, වගේම කකුලේ ප්රමාණයත් අපි දෙන්නගේ එකමයි. නිසා මම නිවාඩුවට යද්දි ඇදුම් ගෙනියන්නේ බොහොම සීමිතව. වගේම මම ගෙනියන ඒවා නිවාඩුව ඉවරවෙනකන් පාවිච්චි කරන්නේ නංගි

මම වගේ කච කච ගාගෙන කඩේ දාගෙන නොහිටියට නංගී තමයි පවුලේ හැමෝගෙම ආදරේ වැඩියෙන්ම ලැබුන කෙනා. අම්මිගේ පැත්තෙන් ගත්තත්, තාත්තිගේ පැත්තෙන් ගත්තත් ඇය ගොඩාක් ආදරයට වගේම හුරතලයටත් පාත් වෙච්ච කෙනෙක්. වටේ වැඩිය යාලුවෝ නැති කෙනෙක්. වගේම තමන්ගේ පිළිවෙලට වැඩ කරන කෙනෙක්. අනිත් අයට පේන්න බොරුවට මවාපෑම් නැති කෙනෙක්.  අදටත් නංගිට වඩා පොඩි අය පවුලේ හිටියත් හැමෝගෙම ආදරේ දිනාගෙන හුරතල් වෙන්නෙ නම් මෙයා තමයි. රස්සාවක් කරත්, තාමත් අම්මිගේ චූටි පුතා, තාත්තිගේ චූටි බබා වගේම පුංචිලා තාමත් එක එක නම් කියනවා. පැටී, පැටියා, චුට්ටං, චොක්කා ඔය කියන නම් වලින් කිහිපයක්.

නංගිගේ යාලුවෝ අවුරුදු 15 කින් වගේ වෙනස් වෙලා නෑ. කියන්නේ අවුරුදු 10 දි වගේ යාළුවෝ වෙච්ච කට්ටියම තමයි අදටත් ඉන්නේ. සමහරු ලංකාව හැර ගිහින් ඒත් එයාලගේ යාළුකම තාමත් විදිහටම පවතිනවා. එතනෙ විශේෂම දේ ඔය යාළුවෝ ගොඩේ කිසිම දවසක මම පිරිමි ළමයෙක් දැකලා නෑ. බොහොම ලගදි දවසක නංගිගේ හොදම යාළුවගේ වැඩකට අපි ගියාම එත හිටිය පිරිමි ළමයෙක් එක්ක නංගි හිනා වෙලා කතා කරා. මම ඇහුව කවුද කියලා. "යාළුවෙක්” නංගි කිව්වා. එදා තමයි පලවෙනි වතාවට නංගිගෙ පිරිමි යාළුවෙක්ව මම දැක්කේ. වෙලාවෙම මම මල්ලිට කිව්වා ඔයා තමයි මම දැකපු අපේ නංගිගේ එකම වගේම පළවෙනි පිරිමි යාලුවා කියලා, එතකොට මල්ලි කියනවා ඉතිං අක්කේ අදමනේ මෙයා මං එක්ක කතා කරෙත්"

මෙහෙන් යන ඕනි කෙනෙක් අතේ මම නංගිට ඕනි දෙයක් යවනවා, වැඩියෙන් යවන්නේ සපත්තු. ඒත් ගමනක් යන්න ගියාම හතරවටේ දුවන්නේ “මට දාන්න ෂූස් නෑනේ” කියන ගමන්. එතකොට තාත්ති බනිනවා "මේ ළමයට අර ජයලලිතාට වගේ සපත්තු තියනවා ඒත් නෑ කියනවා" කියලා. එතකොට නංගි කියන්නේ "ඒකනේ එකක් දෙකක් තිබුනනම් හරිනේ දැන් තෝරන්න ගියාම කරදරයිනේ"

පුංචි කාලේ නංගි බෝනික්කියෙක් වගේ ලස්සනයි. නංගි 1 වසරට ඇතුල්කරාම මම තමයි උදේට එයාව පංතියට ගිහින් දාන්නේ. මගේ පන්තියට ඇවිත් මගේ යාළුවන්ගේ හුරතල් විදල යන නංගිගෙ අත මම එයාව පන්තියේ තියනකන් අත අරින්නේ නෑ. අම්මිගේ හැඩ හුරුවයි, තාත්තිගේ පාටයි එක්ක මිශ් වෙච්ච නංගි අද හුගාක් ලස්සන යුවතියක්. හරි වැරද්ද තේරෙන ඉහලට ඉගෙන ගත්ත, හොද රස්සාවක් කරන කෙල්ලෙක්.

මම රස්සවක් කරන්න පටන් ගත්ත කාලේ ඉදලම ඇයට අවශය හැම දේම මට පුළුවන් උපරිමයෙන් ඇයට දෙන්න මම උත්සහ කරා. තවමත් විදිහම තමයි. මීට අවුරුදු 3 කට කලින් සිංහල අවුරුද්දට මම ගොඩාක් අසරණ වෙලා හිටියා, අතේ සල්ලි නැතුව,වෙන කෙනෙකුට තියා මටවත් දෙයක් ගන්න බැරුව මම ඇඩුවා. වෙලාවෙදි මම තවමත් පුංචියි කියලා හිතාගෙන ඉන්න මගේ නංගි තමයි මට ඇදුම් අරන් දුන්නේ.

තවමත් මට නම් ඇය පුංචි කෙල්ලෙක්, මගේ ලග තියන ඕනිම දෙයක් දෙන්න තරම් මගේ හිතේ ඇය ගැන තියන ආදරය දැඩියි.

පෙරේදා අපි දෙන්නටම දුක දවසක්. මම ගිය සැරේ උපන්දිනයට තෑගි දුන්න ෆෝන් එක නංගි අතින් නැතිවෙලා. “අක්කි අමාරුවෙන් අරන් දුන්නේ ඒ නිසා අක්කිට කියන්න බෑ” කියලා ඉකිගහ ගහා අඩනවා. මම කතාකරද්දිත් ගොඩාක් අඩන ගමන් “සොරි අක්කි මගේ අතින් ෆෝන් එක නැති වුනා” කිව්වෙ මගේ හිතම කඩා වට්ටන ගමන්. ඒ වෙලාවේ මට කතාරගන්න බැරි වුනේ ෆෝන් සීයක් නැතිකරත් මගේ නංගිට ප්‍රශ්නයක් නැතිනම් මට ඒක ප්‍රශ්නයක් නොවන නිසා.
පාඩම් පොතක් ඇරෙන්න වැරදිලාවත් පත්තරයක්වත් නොකියවන නිසා මේක බලන එකක් නම් නෑ.

ඒත් මගේ Nangi Girl, ඔයාට තමයි Akki Girl ගේ හැමදේම හැමදාම.

26 comments:

  1. අගේ අැති සහෝදර ප්‍රේමයක්........... අා නෑ සහෝදරී ප්‍රේමයක්...................... නියමායි............

    ReplyDelete
    Replies
    1. ටැන්කූ ටැන්කූ :)

      Delete
  2. දුකා ගේ 'කරදරකාර නංගි' වගේ අත්දැකීමක් කිව්වම මං නං හිතුවේ නදී ගේ නංගිත් 'මහ ඇණයක්' කියල.. හැක් හැක්.. බලනකොට පුංචි සුරංගනාවක් වගේනේ.. සහෝදරී ප්‍රේමය දිනෙන් දින දිනේවා! ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. නංගි ඇණයක් කියල නම් කවදාවත් දැනිලා නෑ මට, වෙලාවකට මටත් වඩා හිත හරි හයියයි එයාගේ. එහෙම වෙලාවට මමනම් ඇණයක් වෙන්න ඇති එයාට

      Delete
  3. මට ඉතිං නංගියෙක් නැති නිසා නැගනියක සමග කරන ගණුදෙනුව කොයි වගේද කියලා අත්දැකීමක් නෑ. හැබැයි නංගි කෙනෙක් හිටියා නම් හොදයි කියලා මට හිතුන අවස්ථා බොහොමයි. ඒ නංගි කෙනෙක් හිටිය මගේ මිත්තරයො තමන්ගෙ පොඩි පොඩි වැඩ තමන්ගෙ නංගිලාට කියලා කරගත්ත නිසා. ඒ වගේම ආදර සබඳතා වලදි උනත් නංගිලා උන්ට බොක්කෙන්ම හැල්ප් එක දුන්න නිසා.

    පවුලක වැඩිමලා ගැහැණු දරුවෙකු නම් ඒ කෙනා බොහොම වගකීමෙන් කුඩා කාලයේ ඉදලම කටයුතු කරනවා කියලා කථාවක් මම අහලා තියෙනවා....නදිනි නගත් අන්න ඒ වගකීම පුංචි කාලෙ ඉදලම ආරූඩ කරගත්ත බවක් තමයි මට නම් පේන්නෙ...මොනවා උනත් ඔය තරම් ආදරයෙන් ඕගොල්ලො දෙන්නා ඉන්න බව අහන්න ලැබීම සැබවින්ම සතුටක්...

    මමත් ටික කාලයකට ඉස්සර මයෙ මලයා ගැන මමත් සටහනක් තිබ්බා නොවැ. ඒක කියවලා ඒකා කදුළු හලලා තිබුනා. පස්සෙ දවසක මා එක්ක දුරකථනයෙන් කථා කරද්දිත් මිනිහට ඇඩුනා. ඇට මිදුළු විනිවිද ගිය මේ සහෝදරත්වයේ මහා හැගීමෙන් ඔබ පෙදලගේම ජීවිත ආලෝකමත් වේවා කියා ඉත සිතින් පතනවා...මම හිතන්නෙ නංගි කථා කර කර ඉන්න ඇත්තෙ නංගිගෙ අරයා එක්ක...අක්කා ඒ ගැන දැනුවත්ද ? නඟාට මේ ලිපිය පෙන්නුවොත් හොඳයි නේද ?

    ReplyDelete
    Replies
    1. වගකීමෙන් වැඩ වගේම ඉස්සර පොඩ්ඩක් දුෂ්ට වැඩත් කරා, සමහර වෙලාවට නංගි නොදැන කරන දේවල් වලට නංගිව අහුකරල දීල තියනවා මම අම්මිට, හැබැයි දැනුත් ඒවා මතක් වෙද්දි දුක හිතෙනවා.
      නෑ නෑ ඒ නංගිගේ අරය නෙමෙයි, ඒත් දැන් අරයෙක් ඉන්නවා ගෙවල් දෙකේම ආශිර්වාදය අරගෙන ඉන්නේ, ලබන අවුරුද්ද දිහාට කූඩු වේවි.

      Delete
  4. අපේ නඟත් ඔය වගේ තමා... මට ඇඳුම්, බෑග්, සපත්තු අරවා මේවා අරන් දෙන්නෙ, අඩුම ගානේ උපන්දිනේට වත් තෑග්ගක් දෙන්නෙ උෟ විතරයි... මටත් උන්ට ඕවා අරන් දෙන්න තේරෙන්නෙ නැති හින්ද මං ඔය කෝල් එකක් දීලා විෂ් කරනව, ඔය සූප්පුවක් වගේ එකක් ගෙනල්ල දෙනව.. ඔය වගේ විකාරයක් තමයි....

    පොඩි කාලේ අපි දෙන්නව ගෙවල් දෙකට එක්කං යන්න මාර ගේමක් ගහන්න උනා.. පස්සෙ ඉතිං අපි දෙන්නම එක තැනකට ආව නිසා බැඳිම වැඩි උනා.. ඒ වෙලාවට යන එනමං නැති වෙන්නෙ අපෙ මලයට තමා.... හි හි.... දැං නං නඟාව හම්බුවෙන්නෙත් මාස ගාණකට සැරයක්.... ‌‌

    ReplyDelete
    Replies
    1. හිරුවටම නංගියෙක් නෑ නේද? මෙයාත් දත් ගලවනවා මගේ හොද ගානට, අරන් දෙන බව දන්න නිසා ඉස්සෙල්ලම "ඒක ලස්සනයි තමයි ඒත් මට එපා අක්කි" කියලා බොරුව තමයි දාන්නේ.

      Delete
  5. Replies
    1. Thank you ජෝන් මාමේ. ඔන්න තොරණ බැදල පිළිගත්තා

      Delete
  6. දෙන්නගේ සහෝදර ප්‍රේමය දිගුකල් පවතින්න කියල සුබ පතනවා. . .

    පොඩි කාලෙම නංගිට රැග් එකක් දීල වගේ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මාමේ, :P
      පොඩි කාලේ දුන්න රැග් එකට හරියන්න දැන් එයා මට දෙනවා රැග් එක.

      Delete
  7. සහෝදර බැම්ම ලොකුයි කියනවනේ හැම බැම්මකටම වඩා . නංගිටත් නදිනිටත් සුභ පතනවා . කතාව හරිම හැගීම්බරයි අදනම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉවානයෝ, මටත් වටින කියන අයගෙන් උඩින්ම ඉන්න කෙනෙක් තමයි මගේ නංගි.

      Delete
  8. මට නම් එක්කුස උපන් නංගියෙක් නැති උනාට පොඩි කලේ ඉදල මත් එක්ක හැදිච්ච මගේ යාළුවගේ නගා ඉන්නවා..ඒකිගේ අයියට වඩා එකී මාත් එක්ක ෆිට් හැම දේම කියනෙත් මාත් එක්ක ඒ ගොඩක් ඒවා අපේ අයියට කියන්න එපා ලේබලයේ ඒවා

    ReplyDelete
    Replies
    1. සහෝදරකම පිට කෙනෙක් එක්කත් ඇති වෙන්න පුළුවන් නේද? මටත් ඉන්නවා එහෙම හදාගත්ත මල්ලිලා, අයියලා 2, 3 දෙනෙක්.
      ඔන්න සාදරයෙන් පිළිගත්තා මේ පැත්තට.

      Delete
  9. අපිට නංඟිලා හිටියේ නැති එකේ පාඩුව තමයි ඉතින්..

    ReplyDelete
    Replies
    1. හිටියනම් දිනේශ් අයියගේ දත් ගලවයි හිටු කියලා

      Delete
  10. වතුර වලට වඩා ලේ ගනකම් වැඩියි කියනවනේ නගා..සහෝදර ප්‍රේමය තරම් සුන්දර වෙනත් දෙයක් නැති තරම්.කොච්චර සහෝදරයෝ උන්නත් තාම මගේ නංගි හුරතල් වෙන්න කැමති මා එක්ක..(ඒකි දැන් බැදල..ළමයෙකුත් ඉන්නව)ඒත් මම නිවාඩුවට ගෙදර ආවම තාම මගේ ඔඩොක්කුවෙ ඉදගෙන බත් කවා ගන්නවා.ඇස් වලට කදුළු එනව ඒව මතක් වෙනකොට..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත, ඔයාගේ නංගි උකුලේ වාඩි වෙලා බත් කවන කතාව ඇහුවාම මට මතක් වුනේ මගේ ලොකු තාත්තිගේ දෙවෙනි සහ තුන්වෙනි පුතාලව, එයාල ආවහම මම වාඩිවෙන්නෙ එයාල ලග බිම, ඊට පස්සෙ කකුලට ඔලුව තියාගෙන ඉන්නවා, දෙවෙනි අයියානම් කරන්නේ කොන්ඩෙන් අදින එක, තුන්වෙනි එක්කෙනා නම් හරිම ආදරෙන් ඔළුව අතගානවා. ඒ දෙන්න නංගිව අවුස්සනවා අපිට මෙයා හිටියාම ඇති තව නංගිලා ඕනි නෑ කියලා. ඒ වෙලාවට රණ්ඩුව ඉවර වෙන්නේ අපේ කෙල්ල ඇස් රතු කරගෙන තමයි.

      Delete
  11. පිස්සු හැදෙනවා. මගේ නංගි මට වඩා අවු:11ක් බාලයි. මාත් ඔය විදියට ඕවර්ලෝඩ් වෙන්න උගන්නලා තියෙනවා. මම ඕලෙවල් කලේ පිට ඉඳන්. දවසක් නිවාඩුවට ආවම චූටි අයියත් එක්ක ඉන්න ඕනි කියලා මගේ කාමරේට ඇවිත් නිදා ගත්තා. අදටත් කටින් නැතත්, හිතෙන් ඒ බැඳීම තියෙනවා.
    මොකද මේ 2014ටම 3යි. 2015ට මේ වෙනකොට 2යි. අවුරුද්ද සරුයි වගේ. ;)

    ReplyDelete
    Replies
    1. බාප්පොච්චියේ උඹ දැකපු කල්, උස ගිහින් සුදු වෙලා මහත් වෙලා....:D

      උඹ හොද සහෝදරයෙක් බව දනිමි.

      Delete
  12. අෆ්ෆේ... මටත් මතක් වුනේ මගෙ නංගිව.... සහෝදරී ප්‍රේමයට ජය...

    ReplyDelete
  13. මම ගෙදර ගියාම අපේ නංගි නම් ගානට මාව සුද්ද කරනවා :)

    අක්කගේ නංගිගේ දැන් වයස කියක් විතර ඇතිද ? ;)

    ReplyDelete

නදී නිම්න‍යේ තබා යන්න ඔ‍බේ සිතුවිලි මුතු අහුරක්...