Saturday, August 24, 2013

මට නමක්....



නැන්දේ මාමේ,

ඔන්න මම ආවා, ආවේ 21 වෙනිදා දවල් 12 හරියටම. ලොකු අම්ම කලින්ම දැම්මනේ මම නිකිණි මාසේ එනවා කියලා, එතකොට සහන් මාමා මට නිකිණි කියලා නමකුත් දැම්මා... ඒත් අනේ මගේ වෙලාව බැලුවලු ආච්චියා.. එතකොට දුන්නෙ නෑලු අකුර...

ඉතින් ඔන්න මට ඉක්මනටම නමක් ඕනි.. අකුරු ටික තම ඔය පල්ලෙහා තියෙන්නේ,

ක, ග, ගො, ස, ෂ, සි, සු

හැබැයි ඉතින් අපේ අම්මට නමේ තේරුමත් ඕනිලු... නිසා නැන්දලා මාමලා නම් එවද්දි තේරුමත් එවනවද?
ඉතින් බොහොම ස්තූතියි හොදේ...


ලොකු  අම්මා කැමති නෑ මගේ පින්තූරයක් දාන්න... ලොකු වෙච්ච දවසක මම තනියම දාන්නම්කො...

47 comments:

  1. අනේ ඉතින් නමක් දාන කොට තේරුමක් එන එකක් දාන්නත් එපායැ. මට නම් ඒ පැත්ත ගැන තේරුමක් නෑ. කට්ටිය කියයි. අපි බලමුකො..

    පොඩ්ඩගෙ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චන්දන මාමේ... මම පොඩ්ඩියෙක් හොදේ...

      Delete
  2. ලොකු අම්මිගෙන් පරිස්සම් වෙයන් කෙල්ලේ/කොල්ලෝ...
    -----

    ශික් මේ ලොකු අම්මට මං සරමක්ද කම්බායක්ද කියලවත් කියන්න අමතක වෙලා නෙව.

    (පැත්තක ඉන්න එකියක් ලොකු අම්මා කරපු මට ජයවේවා!!!! මගේ ලෝකය සාර්ථක වේවා!!!!)

    ReplyDelete
    Replies
    1. මම කෙලි පැටියෙක් හොදේ... අනික ලොකු අම්මා මට ගොඩාරියක් ආදරෙයි... :P

      Delete
  3. ඔයාට බුදු සරනයි පොඩිදුවෙ.මගෙ දුවගෙ නම නම් සසින්දී.ඔයා කෑමති නම් එ නම ගන්න,

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දමිත් මාමේ... නමේ තේරුමත් කියන්න පුළුවන්ද?

      Delete
    2. සිත් දිනාගත් නායිකාව

      Delete
    3. බොහොම ස්තූතියි මාමේ...

      Delete
  4. පැටියාට නිරෝගී වාසනාවන්ත සුභ අනාගතයක් පතනවා, නමුත් ඔය වැඩේ නම් මම දන්නේ නෑ. දීපා කිව්වා මෙහෙම. ඔය ඉල්ලීමම කරපු බ්ලොග් රචකයෝ හිටියා පහුගිය කාලේ. එකෙක් අටමා. අන්න ඒවයේ ඇති හොඳ කලෙක්ෂන් එකක්. අනිත් බ්ලොග් මොනවද කියලා ඔය මතක් උන් කියාපල්ලකො පුලුවන්නම් ලින්ක් එකත් එක්ක.

    ReplyDelete
    Replies
    1. ඒවා සේරම ලොකු අම්මා බැලුවා මාමේ... ඒත් හොයාගන්න බැරි වුනානේ.. ඔන්න දැන් අම්මයි තාත්තයි ලොකු අම්මට හිනාවෙන්නත් පටන් ගෙන... මහ ලොකු බ්ලොග් එකෙන් වැඩකුත් නෑ කියලා... :(

      Delete
  5. පොඩි පැටික්කිට වාසනාවන්ත අනාගතයක් පතනව..!!
    අරිසෙන් අහුබුදු මහත්තයගෙ දුවගෙන් තමයි නම් ටික ඉල්ලගන්න වෙන්නෙ.
    හැබැයි අපේ හිරු,තරුරසී ගෙන් ලැබෙයි හොද නම් ටිකක්.
    දැන් බොලාලටත් කාලේ හරි.

    ReplyDelete
    Replies
    1. හනේ මේ.. මං නෑ ඕවට... මං දැම්මොත් නික් නේම් තමයි.. ඔය තේරුම් තියෙන ෂයනු වැඩි නම් මං දන් නෑ.. හි හි.. අනිත් එක දැන් ට්‍රෙන්ඩ් එක ඉන්දියන් නම් දාන එකනේ නදී.. ඔය නිළියෝ ටිකකගේ නම් ටිකක් අරං බලන්න... අපේ නෑනගේ පොඩි එකීගේ නම සොනක්ෂි.. හි හි...

      Delete
    2. @ කෙන්ජි සීයේ..බොහොම ස්තූතියි සීයේ... හිරූ නැන්දා නම් බෑ කියලනේ.. තරූ නැන්දා නම් තාම නෑ, බලමුකෝ... ලොකු අම්මත් ඉක්මනට මට නංගියෙක් හරි මල්ලියෙක් හරි ගෙනේවි...

      හිරූ නැන්දේ... එහෙම කරන එක හොද නෑ නේද?

      Delete
  6. මේ දවස් වල සහන් කියන නම භාවිතය අන්තරාදායක වෙන්න පුළුවන් නදිනි. දැන් කෙළින්ම දුටු තැන වෙඩි තබනු තැනට පත් වෙලා ඉන්නේ. නම් ගැන මගේ අදහස කියන්නම්කො .

    01. නම ලස්සන වෙන්න ඕනේ. ළමයට තමන්ගේ නම ගැන ආදරයක් , කැමැත්තක් ඇති වෙන නමක් වෙන්න ඕනේ. ඕනේ තැනක බය නැතුව කට ඇරලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. අපේ වයසේ ළමයෙක් හිටියා " ජෝතිපාල " කියලා. ඒ ළමයා පුදුමාකාර අපහසුතාවයන්ට පත් උනා ( කරා ) නම නිසා .. ( මම උනත් සහන් කියන නම භාවිතා කරන්නේ මගේ ඇත්ත නමට එතරම් අකමැති නිසා. )

    02. කාලෙට ගැලපෙන්න ඕනේ. ඒ කියන්නේ අදින් වසර 30 , 40 කට එහාට වලංගු වෙන්න ඕනේ. " කාන්ති , අනුර " වගේ නම් දැන් කල් ඉකුත් වෙලානේ . ඒ නිසා යල් පැනපු නම් දාලත් බැහැ.

    03. අපේ පන්තියක හිටියා " හිරන්ති " කියලා ගෑණු ළමයෙක්. තේරෙනවනේ ඉතින් ඊට පස්සේ. ඒ වගේ නම් දාලත් බැහැ. ඊට වඩා හොඳයි " යෝනිකා ශිෂ්ණකාන්ති " වගේ නමක් ..

    04. අර අහුබුදු නම් විහිලු සපයන්නාගේ නම් දාන්නත් එපා. ඒ නම් ළමයට වත් කියවන්න බැහැ. අනිත් එක තනිකර ජෝක් නම් ඒවා.

    05. නමේ තේරුම නම් මහාආආආආඅ ලොකුවට හොයන්න යන්න එපා. අන්තිමට කොහෙන් කෙලවර වේවිද කියන්න බැහැ.

    06. මම නම් හරි කැමතියි නිකිණි , සඳනි , නෙතු , විශ්මි , ශෙනුරි වගේ නම් වලට ..ඒත් ඒ නම් අද දැන් ඉපදුන දරුවෙකුට ගැළපෙන එකක් නැහැ නේද ..? යල් පැනපු වගේ නම් නේද ඒවා ලස්සන උනාට .. ( ඒ මොනවා උනත් මට දුවෙක් ලැබුණොත් මම සඳනි කියලා දානවමයි. )

    07. ලස්සන , කටට ගැළපෙන , තාලෙට ලස්සන නමක් ආවොත් දාන්න මෙයා වැඩිය හිතන්නේ නැතුව..

    අහ්හ් ඒක නෙවේ මගේ උපන් දිනේ සැප්තැම්බර් 02 හොඳද ...? ( උපන් දිනේ ලං වෙද්දී මතක කරන එක යුතුකමෙනේ )

    ReplyDelete
    Replies
    1. ඈ බං .. හිරන්ති කියන එකේ අවුල මොකද්ද... ඒකට මාර ලස්සන තේරුමක් තියෙනව... ( මට දැන් මතක නෑ තේරුම)

      Delete


    2. හපෝ ඒක මෙහෙම කියන්න බැහැ අනේ..:(

      Delete
    3. ඔය ඉතින් සහන් මාම නම ඇරෙන්න සේරම දේවල් දාලනේ... ලොකු අම්ම විශ් කරයි හොදේ උපන් දිනේට

      Delete
  7. උම්මා ගුලිය දැකල මගෙ ලේ ටික පිරිසිදු උනා.. තුන්රුවන් සරණයි සියළු දෙවි පිහිටයි. නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායු ලැබේවා..

    ReplyDelete
    Replies
    1. සරත් සීයාටත් ස්තූතියි... නමක් තමයි නැත්තේ..

      Delete
  8. මේ නැන්දල මාමලට සිංහල තේරෙනෙනේ නැද්ද මන්දා... නමක් කියන්නකෝ මට... ඉක්මනට ඕනි...

    ReplyDelete
  9. නම දාමු සි - සිංදුමී ,ස- සඳමිණී ,ක- කව්මිණී ,කවිනි,

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉවාන් මාමේ..

      Delete
  10. සමනලී /සුසුකි /සමීන්ද්‍රි /ෂකිර /කිමිකෝ /ෂසින්කා /ගිම්හානි.

    ReplyDelete
    Replies
    1. සුසුකි.....? අඩේ කෙන්ජයියේ එක වාහනයක නමක්නේ .මොකක්ද එකේ තේරුම ජපන් නමක් නේද..?
      කිමිකෝ - ඒකත් ජපාන් නේද?

      Delete
    2. ඒකනේ ඉවාන් මාමේ කෙන්ජි සීයා සේරම ජපන් නම්නේ දීලා තියෙන්නෙ...

      Delete
  11. මොන නම දැම්මත් දිව උලුක් වෙන්නේ නැතිව කියන්න පුළුවන් නමක් දාන්න අක්කේ. අද තියන නම් අහපුහාම කෘන්තක රදනක දතේ පැටලිලා දිව හැපිලා වලකජ්ජ ගහනවා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ පැතුම් මාමේ ලොකු අම්මා මෙච්චර මහන්සි වෙන්නේ...

      Delete
  12. යකඩෝ, මම මුහුණ දීපු පුරස්නෙම නේද මේ? මට තිබුනේ ත, ර අකුරු දෙක.

    රුපියල් 400ක් දීලා සමන්ති අහුබුදුගෙන් නම් සෙට් එකක් ගත්තා. එකක්වත් හිතට හරි නෑ. අපේ තාත්තා ළඟ තිබුන සිංහල - ඉංග්‍රීසි ශබ්දකෝෂයක් අරන් වැඩේ ගොඩ දාගත්තා.

    තව දෙයක් - නමක් දානකොට හැමෝම සතුටු කරන්නත් බෑ, 100%ක්ම පරිපුර්ණ වෙන්නත් බෑ.

    මගේ පොඩ්ඩා එක්කම ඉපදුන ඒ පොඩ්ඩටත් බුදු සරණයි!

    ReplyDelete
    Replies
    1. අහබදු සීයගේ ඒවා දාන්න ලොකු අම්ම කැමති නෑනේ... දැන් ඉතින් වෙලා තියෙන්නෙත් හැමෝම එයාලට ඕනි එක දාන්න හදනවා එකෙන් වෙලා තියෙන්නෙ මට තාම නමක් නැති එකයි..
      ලොකු අම්මා කිව්වා මාමගේ පොඩි අයියා ගැන.. ඔන්න එයාටත් බුදු සරණයි කියලා අම්මා, තාත්තා, ලොකු අම්මා හැමෝම පතනවා...

      Delete
    2. //ලොකු අම්මා කිව්වා මාමගේ පොඩි අයියා ගැන.. ඔන්න එයාටත් බුදු සරණයි කියලා අම්මා, තාත්තා, ලොකු අම්මා හැමෝම පතනවා... //

      මට මේක තේරුනේ නෑ නේ...

      Delete
    3. ඇයි අනේ... ඔය මාමට හම්බ වුනේ පොඩි කොලු පැටියෙක් නේද?
      ඔන්න සාදරයෙන් පිලිගත්ත නදී නිම්නයට..

      Delete
    4. අනේ අහිංසක පොඩි මට මාමා කෙනෙක් වෙන්නත් උනා එහෙනම්....

      Delete
  13. බොරු විකාර නම් නැතුව...පොඩි එකාට හා සෙසු සමාජයට පහසුවෙන් කියන්න පුලුවන් හොද තේරුමක් ඇති නමක් දැම්මා නම් හොදයි. පාසලේ ඉගෙන ගන්න කාලෙක ඔය විකාර නම් තියෙන ළමයින්ට පට බදින විහිලු නම් නිසා ඒ දරුවො විශාල වශයෙන් මානසිකව පීඩා විදිනවා මම දැකලා තියෙනවා...පොඩිඑකාට තෙරුවන් සරණයි !

    ReplyDelete
    Replies
    1. අම්මෝ... සිරා අයියා දැකපු කල්... සොරි සිරා මාමා... :D
      විස්තර කියලා ඉක්මනින්ම පෝස්ට් එකක් දායි කියලා හිතනවා... පැටියගේ අම්මයි තාත්තයි නමක් හිතුවාලු දැන් ඉතින් ලියකියවිලි වල වැඩ තමයි තියෙන්නේ..

      Delete
    2. ලබන මස මුල සිට කාමරේ ලෑලි දොර නැවතත් විවෘතයි...

      Delete
  14. නම් සීයකට වඩා මමනං දාල තියෙනව හැබැයි ඒවා ඔක්කොම නික් නේම්,පොඩි දුවට ලස්සන නමක් ලැබේවි,වාසනාවන්ත අනාගතයකට ආසිරි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හැලප සීයේ...
      ඔන්න නදී නිම්නයට තොරන් බැදල රබන් ගහල පිලිගත්තා...

      Delete
  15. දැන් නමක් දානකොට ෂ යනු දෙක තුනක්වත් තියෙන්න ඕනේ නේද., ටිකක් දිව උලුක්වෙන ගතියකුත් ඕනෙලු ..
    හොද නමක් මතක් උනොත් දැන්නම් කියනම් හොදේ ... පැටියට වාසනාවන්ත අනාගතයක් පතනවා !!!

    ReplyDelete
    Replies
    1. අයියෝ චමී මාමේ එහෙනම් ඉතින් වොෂින් මෙෂින් තමයි... කොහොම වුනත් බොහොම ස්තූතියි මාමේ....

      Delete
  16. නැන්දේ, මාමේ ඔන්න අම්මයි තාත්තයි හිතල නමක් දැම්මා.. හිරූ නැන්ද කිව්වනේ ඉන්දියන් නම් තමයි දැන් යන්නේ කියලා...ඉතින් අම්මා "සනායා" කියන නම තෝරගත්තා... ඊට පස්සේ ඉවාන් මාමා දාලා තිබුන "කවිනි" කියන නම් තෝරගත්තා... ඔන්න දැන් මගේ සම්පූර්ණ නම "සනායා කවිනි බණ්ඩාර" ලස්සනයි නේද?
    මාමලා නැන්දලා හැමෝටම ගොඩාක් ස්තූතියි...

    ReplyDelete
  17. හයියූ... නමක් දාලත් ඉවරද :( මොනව කරන්නද එහෙනම් මං බබාට මුලින්ම නමක් හදන්නම්. එතකොට ඉස්කෝලෙ යන කාලෙක යාළුවොන්ට අළුත් නම් හද හද මහන්සි වෙන්න ඕන නෑ..

    "ක" අකුරත් තියෙන එකේ "කක්කි" කියල දාමු :P

    දැං ඔහොම ගිහින් ගිහින් මං බැඳල බබ්බු ඉන්න කාලෙක මොන වගේ නම් ඒවිද ? Gmail account හදනව වගේ නම්බර් කෑලිත් ගහන්න වේවි..
    කවිනි2012, යසිත්564, සනායාT56

    ReplyDelete
  18. නම් නම් තියන් මට තේරුමක් නැහැ පොඩ්ඩාගේ අනාගතය වාසනාවන්ත වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  19. මොකද ළමයො ලියවිල්ල නවත්තලයි....!!!

    ReplyDelete
  20. නදිනි නගෝ....කෝ බ්ලොග් එක මග නැවතිලා වගේ...

    ReplyDelete
  21. ටු යන්නෙන් එන ලස්සන නමක් දුවකට කියන්න දන්න කෙනෙක් ඉන්නවානම්...ගොඩාක් පින්

    ReplyDelete
  22. ටු යන්නෙන් එන ලස්සන නමක් අරුත්බර නමක් දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න ගොඩාක් පින්

    ReplyDelete

නදී නිම්න‍යේ තබා යන්න ඔ‍බේ සිතුවිලි මුතු අහුරක්...