අද
දවල් නිෂාන් අම්මා ගැන ලියල තිබුන පෝස්ට් එක මගේ හිතට ගොඩාක් වැදුනා. ඒකට හේතුව ගිය සතියේ අම්මි එක්ක කතා කරද්දි කියපු කතාවකුත් මතක් වෙලා මගේ හිත අවුරුදු 4, 5 ක් පස්සට ගිය එක. අම්මි ගිය සතියෙ කතා කරද්දි "පුතේ ලබන සතියේ මමයි තාත්තියි සිකුරාදා සෙනසුරාදා අයගම යනවා ලොකු අම්මිගේ දානේනේ, අවුරුද්දක් ගියා කියලා දැනුනේවත් නෑ නේද" කියලා කිව්වා..
පුංචි
කාලේ ඉදල අයියලා නැති මටයි නංගිටයි අයියලා උනේ අපේ තාත්තගේ අයියාගේ පුතාලා, එකම වාසගම නිසා තමයි අපි ගොඩාක්ම කිට්ටු උනේ.එයාලගේ අම්ම එහෙම නැත්නම් මගේ ලොකු තාත්තගේ නෝනා තමයි අම්මි “ලොකු අම්මි” කියල සදහන් කලේ. ඒ පවුලේ සේරම කොල්ලො 4 දෙනෙක්, තුන් දෙනෙක්ම මට වඩා වැඩිමල්, එක්කෙනෙක් මට මල්ලි හැබැයි නංගිට එයත් අයියා, ඒ මල්ලි වැඩිමල් උනේ නංගිට වඩා අවුරුද්දකට වගේ මතක, ඒ මල්ලි බැලුම් බෝලයක් හිරවෙලා නැතිවෙද්දි මට අවුරුදු 10ක් විතර ඇති. ඒ දවසේ ඉදන් ලොකු අම්මි, ලොකු තාත්ති ලොකු දුකක් වින්දා. විශේෂයෙන් ලොකු අම්මි.
පුංචි
එකෙක් දැක්කම එයා නිරන්තරයෙන් හඩා වැටුනා, ලොකු අම්මි නංගිට ගොඩාක් ආදරේ කරා ඒ අතර ගෑණු ලමයි නොසිටිය නිසා මටත් ඒ තරම්ම ආදරේ උනා. ලොකු අම්මි හැම වෙලේම අයියාලගේ ඔලුවට දැම්මේ මේ ඔයාලගෙම නංගිල දෙන්න එයාලව බලාගන්න ඕනි ඔය තුන්දෙනා කියන එක. ඒ කාලේදි සති අන්තවල අයියල ඇවිත් මාවයි නංගිලවයි එහේ එක්ක යන්න පුරුදු උනා. ඉතින් ඔය ගිය වෙලාවට ලොකු අම්මි නංගිව තුරුල් කරගෙන අහනවා මගේ දූට මොනවද කන්න හදන්න ඕනි කියලා. එහෙම ඇහුවම නංගි කියන ඕනි දෙයක් අයියලට හරි ලොකු තාත්තිට හරි කියල ගෙනල්ල හදල දෙන එක තමයි ලොකු අම්මිගේ ලොකුම සතුට උනේ..ඒ සති අන්ත දවස් අපි දෙන්න ඉන්නේ රාජ කුමාරිකාවන් වගේ. ඔහොම කාලේ ගෙවිල යද්දි අපේ අම්මි හදිස්සියෙන් දවසක් කතාකරා ඒ හරියටම 2008 දෙසැම්බර් 24 වගේ. ලොකු අම්මි සනීප නැතුව කොලඹ ගෙනත්, පහුවදා උදේම ගියා. බැලුවහම මොලේ ගෙඩියක්.
ඔපරේෂන්
එක කරන්න අයියලට අත්සන් කරන්න කියලා අයියලා අඩනවා හොදටම. කොහොමහරි ඔපරේෂන් එක කරා. මුලින් දොස්තරල කිව්වා එක්කො මතකය නැති වෙයි නැත්නම් පැරලයිස් වෙයි කියලා දෙවියන්ගෙ පිහිටෙන් ඒ කිසි දෙයක් උනේ නෑ. ඒත් එදා තට්ටෙ ගාල හිටිය ලොකු අම්මිව මටයි නංගිටයි ලොකු කම්පනයක් ගෙනවා. පස්සෙ සැරෙන් සැරේට අසනීප උනා, පිලිකා රෝහලේ හිටියා, එක එක ඔපරේෂන් කලා. දොස්තරල එක කෑල්ලක් අයින් කරලා පස්සෙ කියනවා නෑ දැන් අනිත් එක පැතිරිලා කියලා. ඔය වෙද්දි බැදල හිටියෙ ලොකු අයියා විතරයි. ලොකු අම්මිට ඕනි උනා දෙවෙනි අයියත් බදින්න.. ඉක්මනටම උනත් හොදම හොද අක්ක කෙනෙක් කෙනෙක් හම්බ උනා. අයියලාට සේරම තනියම කරගන්න බැරි නිසා අපි කේක් හැදුවා, කොච්චර අමාරු තිබුනත් ලොකු අම්මි ඒ වෙලාවෙදිත් අයියලාගෙන් වෙඩින් එක ගැන විස්තර අහනවා, මට සහෝදරයෝ නැති නිසා වැඩවලට රෑ වෙලා යන්න විදිහක් නෑ. ඒක කිව්වහම පොඩිම අයියා හැමදාම වැඩ ඇරිල එනවා දෙහිවලට, මං එක්ක ඇවිදිනවා හැමදේකටම. මම ඉතින් ලොකු අම්මිට කියනවා අනේ සොරි ලොකු අම්මි අයියා මගේ වැඩ නිසා ගෙදර එන්නෙ නැතුවට කියලා. ලොකු අම්මි ආදරෙන් හිනා වෙලා කියනවා අහා ඒකට මොකද අයියලා ඉන්නේ නංගිලාගේ වැඩ වලට උදව් වෙන්න තමයි ඔයාගේ වැඩ අඩුවක් නැතුව කරගන්නකො පුතේ කියල. ඔහොම හැමදේම හොදින් සිද්ද උනා, දෙවෙනි අයියාගේ වෙඩින් එකත් තිබුනා
ලොකු අම්මි ආයේ ගොඩාක් අසනීප උනා. ඒ වෙලාවෙ දොස්තරල කිව්වෙ දැන් ගර්භාශය අයින් කරන්න වෙනවා කියල. ලොකු අම්මි මහරගම නැවැත්තුවා ඔපරේෂන් එක කරපු දවසට පහුවදා ලොකු අම්මි ලග නවතින්න කෙනෙක් නෑ. ලොකු අයියාට බබාල දෙන්නෙක් එයාල අම්ම නැතුව ඉන්නේ නෑ. පොඩි අයියගේ නෝනා සනීප නෑ. අපේ අම්මිට එන්න වෙලාවක් නෑ. එදා දවල් දෙවෙනි අයියා කතා කරා. අනේ නංගි උදව්වක් කරන්න පුලුවන්ද අද රෑට අම්ම ලග ඉන්න කවුරුත් නෑ නවතින්න පුලුවන්ද ඇහුව.
ලොකු අම්මි ආයේ ගොඩාක් අසනීප උනා. ඒ වෙලාවෙ දොස්තරල කිව්වෙ දැන් ගර්භාශය අයින් කරන්න වෙනවා කියල. ලොකු අම්මි මහරගම නැවැත්තුවා ඔපරේෂන් එක කරපු දවසට පහුවදා ලොකු අම්මි ලග නවතින්න කෙනෙක් නෑ. ලොකු අයියාට බබාල දෙන්නෙක් එයාල අම්ම නැතුව ඉන්නේ නෑ. පොඩි අයියගේ නෝනා සනීප නෑ. අපේ අම්මිට එන්න වෙලාවක් නෑ. එදා දවල් දෙවෙනි අයියා කතා කරා. අනේ නංගි උදව්වක් කරන්න පුලුවන්ද අද රෑට අම්ම ලග ඉන්න කවුරුත් නෑ නවතින්න පුලුවන්ද ඇහුව.
මම
හා කිව්වෙ එක පයින්. ලොකු අම්මි මට මගේ අම්ම වගේ ඉතින් ආපහු ඒක ගැන දෙපාරක් හිතන්න දෙයක් නෑනේ. ප්රශ්නේ මට නිවාඩු නෑ. නිවාඩු අහන්නත් බෑ. ඒත් රෑට විතරක් ඉන්න පුලුවන් නම් පහුවදාට කවුරුහරි තියන්න පුලුවන් කිව්ව නිසා මම අයියාට එන්න කිව්වා හවස ඔෆිස් එක ලගට එතනින් ගෙදරට ගිහින් ඇදුම් එහෙම අරගෙන මහරගමට ගියා. එදා එලිවෙනකන් මම හිටියා ලොකු අම්මි ලග, පලවෙනි වතාව එහෙම ලෙඩෙක් ලග මම හිටිය, එදා රෑ එලිවෙනකන් මම ලොකු අම්මිව සැරෙන් සැරේ ටොයිලට් ගෙනිච්චා, ලොකු අම්මි මගේ බෙල්ලෙ එල්ලෙනවා මම අමාරුවෙන් ලොකු අම්මිව වීල් චෙයාර් එකට දාගන්නවා, සේලයින් එහෙම අරගෙන ටොයිලට් ගෙනිහින් ලොකු අම්මිව හෝදලා ආපහු ගේනවා. එලිවෙනකන් 5 සැරයක් විතර ගියා. ඔහොම ඉදල ලොකු අම්මි සෑහෙන්න හොද උනා. ආපහු අමාරු උනේ ගිය අවුරුද්දේ ගිය අවුරුද්දේ මාර්තු මාසෙ
3 වෙනි සතියෙ දොස්තරල කිව්වා දැන් නම් බේරගන්න බෑ, ආපහු ගේන්න එපා මෙහෙට කියලා. එතකොට
දෙවෙනි අයියව නම් බේරගන්නම බැරි උනා. අඩනවා ඉවරයක් නැතුව. පස්සෙ එයාම තනියම ගිහින්
සිංහල වෙද මහත්තයෙක්ගෙන් බෙහෙත් ගෙනාවා. ඒ ගෙනාපු දවසේ පලවෙනි වතාවට ලොකු අම්මි අසනීප
උනායින් පස්සෙම මමයි නංගි ෆෝන් එකෙන් ලොකු අම්මිගෙන්ම කොහොමද කියල අහන්න කතා කරා වෙනදට
අපි දවස් 2, 3 කට සැරයක් අයියලට කතා කරලයි විස්තර අහන්නෙ. එදා ලොකු අම්මිටම කතා කරා.
ගොඩාක් වෙලා හිනා වෙවි කතා කරල තියල හරියටම සතියයි ලොකු අම්මි නැති උනා. දවස් දෙක තුනක්
ඉස්පිරිතාලේ ඉදල තියනවා ඒත් අමාරුවක් නැති නිසා ලොකු අයියා අනිත් දෙන්නටත් එන්න එපා
කියලා. මොකද කවුරුවත් හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට නැති වෙයි කියලා.
හෙටට
ලොකු අම්මි නැතිවෙලා අවුරුද්දක්. මේ ලියන මොහොතෙත් පුතේ කියලා කතා කරන ලොකු අම්මිගේ
කටහඩ ඇහෙනවා වගේ.
නිෂාන්ගේ
කතාව ඇහුවහම මට මතක් උනා ඔය දේවල් සේරම. හැබැයි එක දෙයක් අර ලොකු අම්මි ලග මම හිටපු
එක රෑ මගේ ජීවිතේට ලොකු දෙයක් උනා. මොකද ඒක කරන්න බැරිඋනා නම් මම ජීවිත කාලේම ඒකට දුක්
වෙයි. මොකද අන්තිම දවස් ඉස්පිරිතාලේ ඉදල යන්න බැරි උන එක මම තාමත් විදවනව..
ලොකු
අම්මිගෙන් මම ලබපු ආදරේ ජීවිතේ තියන තුරාවට මට මතක තියනවා, ඒ වගේම ලොකු අම්මි නිසා හම්බ උන අයියලා තුන් දෙනා මටත් මගේ නංගිටත් ගොඩාක් වටිනවා. දැන් අයියලා අපිට විහිළු කරද්දි අපේ පැත්තට කතා කරන්න කවුරුත් නෑ ලොකු අම්මි, දැන් එහෙ යනකොට කෑම හදාගෙන මග බලාගෙන ඉන්න කවුරුත් නෑ. ආපහු එන්න වදිනකොට ආපහු ඉක්මනට එන්න කියන්න කෙනෙක් එහෙ නෑ. කොහේ හරි මගුල් ගෙදරකදි හම්බ වෙලා අද කෙල්ලො දෙන්න අපේ ගෙදර ගෙනිහින් හෙට එවන්නම් නංගි කියලා අම්මිගෙන් අහන්න අද කවුරුත් නෑ. පුතේ පුංචිට කියල අද නංගිල මෙහෙ ගේන්න කියල අයියලට කියන්න කවුරුවත් නෑ. ලොකු අඩුවක් දැනෙනවා ලොකු අම්මි,
ලොකු
අම්මිට නිවන් සුව පතනවා !!!!!!