Showing posts with label පිස්සු සටහන්..... Show all posts
Showing posts with label පිස්සු සටහන්..... Show all posts

Thursday, November 27, 2014

පිස්සු සටහන්....


 
 
දන්නවද කොච්චර ආදරේද කියලා?

දන්නවද ආදරේ ලෝකේ ලස්සන මට පෙන්නනවා කියලා...

මදිවට පිස්සියෙකුත් කරලා...

වටින්නේ නෑ කියල හිතුව ජීවිතේට අර්ථයක් ලැබිලා...

හිනාවෙනවා හිත හරිම ලස්සනට.... දුක හිතනවා අහල පහල නුඹ නැති වුනාම...

මේකද ඇත්තම ආදරේ? නැත්නම් නිකම්ම නිකන් සිතුවිලි විතරක්ද?

නෑ නෑ මේක තමයි ආදරේ…. ලෝකෙම ලස්සන කරන ආදරේ...

මව්කුසෙන් මේ ලෝකෙට බිහිවෙලා හැමදේම හෙමින් හෙමින් ඉගෙන ගන්නවා වගේ පුංචි පුංචි දේ ඉගෙනගන්නවා ඔයාගේ ආදරේ නිසා...

දවස ගානේ අළුත් වෙනවා ජීවිතේ...

ගෑණු ළමයෙකුට ආදරේ කියන්නේ ජීවිතේමයි... මුලින්ම දකින ආදර දෑසින් මුළු ජීවිතේම දකින්න අපිට පුළුවන්...

කොහොමද? ආදරේ ගැඹුරෙන්ම දැනෙන නිසා

හිනා යනවා නේද? පිස්සු ගෑණු ...

පළවෙනි දවසෙන් කොහොමද ජීවිතේම දකින්නේ...ඒත් ඒක එහෙමයි... ඉතින් පැන්චෝ ඔයාටත් දැනෙනවද ආදරේ?