Thursday, March 7, 2013

ආදරේ උණුසුම්....




නුඹේ සුසුමක පහස දරන්
උරමඩලේ හිස තියාන
කොඳුරපු අපි එකිනෙකාට
රැය උණුසුම්...
 
හීන සැබෑ නොවන තරම්
දුක් උනාට අහස තරම්
ආදරබස් දෝරගලපු
රැය උණුසුම්...
 
කෙහෙරැලිවල පහස ලබන්
නුඹ හිනැහෙන විටදි හොරෙන්
නෙතින් නෙතට කතා කරපු
රැය උණුසුම්...
 
පාන්දරින් දුක දෑසින්
නලලත සිඹ ආදරයෙන්
වෙන්වන්නට සිදුවුන
උදයත් උණුසුම්......
 

24 comments:

  1. පාන් කෑවම ඔහොම්මමයි...අපිට කොයින්ද පූසෝ මාළු... :(

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. නිකන් ඉන්න ගමන් දැලක් දාල බලන්න මල්ලි, සමහර විට හාල් මැස්සෙක්වත් අහුවෙන්නෙ නැතෑ...

      Delete
  2. ආදරයෙන් ඇලිලා ගැලිලා ඉඳලා වෙන්වෙලා යන්න හදන දෙන්නෙක්ගෙ හැඟීම් අපූරුවට කැටි කරලා...

    ReplyDelete
    Replies
    1. මේකෙ උප්පත්ති කතාව හරි ලස්සනයි. මගේ හොදම යාළුවගේ අය්යට පොඩි ලස්සන හොටෙල් එකක් තියනවා ගොඩාක් ලස්සන පැත්තක..(පැත්ත කියන්නෙ නැත්තේ ඒ පැත්තේ ඒක ගොඩාක් ප්‍රසිද්ධ නිසා)
      දවසක් හවසක ඇවිල්ල කපල් එකක් රෑට ඉන්න රූම් එකක් ගන්න. අයියට දැකපු ගමන් හිතුනලු මේ දෙන්න නම් බැන්දපු දෙන්නක් නෙමෙයි කියල, ගොඩාක් ආදරෙන්ලු හිටියෙ, අයිය රූම් එක දෙනවද නැද්ද කියල ගොඩාක් වෙලා කල්පනා කරල ආපහු හිතුවලු දෙනව කියල. පුංචි හොටෙල් එකක්නෙ ඉතින් දෙන්න උඩ ස්ලැබ් එකට වෙලා ගොඩාක් රෑ වෙනකන් ආදරෙන් කියව කියව ඉන්නව අයියා දැක්කලු, දෙන්නම අඩනවලු, උදේ දෙන්න කාල එහෙම යද්දි තුරුල් වෙලා ඇඩුවලු ගොඩාක් වෙලා. අයියා ඒක අපිට කිව්වෙ හරිම දුකෙන් එයා කියනවා ෂික් හලෝ මට හිතුනා කියන්න මෙහෙට වෙලා ඉන්න තියන ප්‍රශ්න විසදෙනකන් මට උදව් කරන්න මට පුලුවන් විදිහට මම සල්ලි දෙන්නම් කියලා.මට ඒ කතාව ගොඩාක් හිතට වැදුනා. ඔන්න නිධාන කතාව.

      Delete
    2. හැම දේකටම අපුරු නිධාන කතාවක් තියනවා නේද? ඇත්තටම හරිම අපුරුයි.

      Delete
    3. ඔව් හැමෝම කාමරගානේ රිංගන අසහනය මේ දෙන්නට තිබුනෙ නෑ කියලයි යාළුවගේ අයිය නම් කිව්වෙ. මේකෙ තියන විශේෂෙ ඒකයි, මට ගොඩාක් හිතට වැදුනෙත් ඒක නිසා..

      අහා ඔන්න තොරණ ගහල පිලිගත්ත හොදේ...

      Delete
    4. :) මං ඒත් බැලුව මේ තොරන් කතාව මොකද්ද කියල :)

      Delete
  3. පද ටික ලස්සනයි නදිනි..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දනයෝ...

      Delete
  4. උදයත් උණුසුම්?

    ඒ කියන්නෙ වෙන්වෙලා යන හේතුව නිසාද නැති නම් වායු ගෝලයේ ආර්ද්‍රතාවය නිසාද? :)

    ReplyDelete
    Replies
    1. ඕකනේ කියන්නෙ කවියෙක් ලස්සනට තේරුම හංගල කිව්වහම අයියල ඒකට විද්යාව ආදේශ කරන්න යනවනේ...

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මේ මොකද මම රිප්ලයි එක ට්යිප් කරන් එන ටිකට අයිය ඒක කොහොද අරන් ගියේ????

      Delete
    2. සොරි නදිනි, මේ වැටිලා තිබ්බේ මම දුකාගේ පෝස්ට් එකට දාන්න හිටපු කමෙන්ට් එක වැරදීමකින්. මම ඒත් බැලුවා ඒකට මොකද වුනේ කියලා. එහෙම වෙන්නේ මම ටැබ් ගොඩාක් ඇරගෙන කමෙන්ට් පේස්ට් කරගෙන කරගෙන යන නිසා.

      Delete
    3. සමාවෙන්න නදිනි, ඒ වැරදීමකින් දුකාගෙ බ්ලොගේ දාන්න හිටි කමෙන්ට් එක මෙතන අලවලා වෙච්ච පොඩි කාර්මික දෝශයක්. දැන් මම දන්නවා මේ කවියට හේතු පාදක වෙච්ච කරුණ අර උඩ කමෙන්ට් එක කියවලා.

      Delete
    4. කිසි ප්‍රශ්නයක් නෑ අයියා, මමත් ඔහොම තමයි.... සේරම එක සැරේ දාගෙන තමයි කියවන්නේ...

      Delete
  6. හ්ම්ම්ම්..කවියත් ලස්සනයි..නිධාන කතාවත් ලස්සනයි.... කොහොමත් ඒ ආදරණිය මොහොතවල් හරිම කෙටියි කියලා තමයි ඒ වෙලේට දැනෙන්නේ....

    ReplyDelete
    Replies
    1. මලය අත්දැකීමෙන් වගේ කියන්නේ? බොහොම ස්තූතියි මේ පැත්තෙ ආවට...

      Delete
  7. කවිය කියවලා මං මුලින් හිතුවේ අර නිදා ගන්න විතරක් ගිය ගමනකදී හම්බ වුනු දෙන්නෙක්ද කියලා. ඒත් නිධාන කතාව කියෙව්වම නම් දුක හිතුනා....

    ReplyDelete
    Replies
    1. ඔව් හැබැයි ඒ අයිය එහෙම කට්ටියට දෙන්නේ නෑ එයාගේ හොටෙල් එකේ රූම්ස්, ඒකයි එයත් දෙතුන් පාරක් කල්පනා කරල තියෙන්නෙ, පාන්දර වෙනකන් ඒ දෙන්න රූම් එකෙන් එලියේ ස්ලැබ් එක උඩ ඉදල තියෙන්නෙ. පව් ඉතින්.

      Delete
  8. තහනම් ප්‍රේමයක උණුසුම නේද ?

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මේකා පොට්ට වෙලාද කියල අච්චර උඩින් නිධාන කතාව දාල තියෙද්දිත් අහනවා තහනම් එකක් ද කියල, සමහරවිට එහෙම වෙන්නත් පුලුවන් ඒත් සාමාන්ය එකක් නෙමෙයි වගේ, සාමාන්යෙන් තහනම් ඒවගේ බලාපොරොත්තු එක්ක මේක ගැලපෙන්නෙ නෑ වගේ..

      Delete
  9. ලස්සන අදහසක් .........
    කතාවත් ලස්සනයි.....

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගත්තා නංගි ඔයාව ඔන්න..

      Delete

නදී නිම්න‍යේ තබා යන්න ඔ‍බේ සිතුවිලි මුතු අහුරක්...