Wednesday, October 21, 2015

ඒ රැය උණුසුම්....



නුඹේ හුස්ම වැදෙන තරම්,
ලගින් ඉදන් තුරුළු කරන්,
නෙතින් නෙතට කතා කරපු,
රැය උණුසුම්….

සතුටු සුසුම් දෝරගලපු,
ලොව අපි විතරක්ම උන්නු,
නුඹ මගේම වෙලා දැනුන
රැය උණුසුම්….

දුකින් බලන් හිස් දෑසින්,
නළලත සිඹ ආදරයෙන්,
වෙන්වන්නට සිදුවුන
උදයත් උණුසුම්….