Wednesday, October 21, 2015

ඒ රැය උණුසුම්....



නුඹේ හුස්ම වැදෙන තරම්,
ලගින් ඉදන් තුරුළු කරන්,
නෙතින් නෙතට කතා කරපු,
ඒ රැය උණුසුම්….

සතුටු සුසුම් දෝරගලපු,
ලොව අපි විතරක්ම උන්නු,
නුඹ මගේම වෙලා දැනුන
ඒ රැය උණුසුම්….

දුකින් බලන් හිස් දෑසින්,
නළලත සිඹ ආදරයෙන්,
වෙන්වන්නට සිදුවුන
ඒ උදයත් උණුසුම්….