Saturday, March 16, 2013

මගේ ඇසින් ඔය කස්ටිය 3...



ඔන්න අන්තිම කස්ටිය,.....

නිශාන්,
කාටවත් කරදරයක් නැති, කවුරුවත් තමන්ට කරදර කරනකොට වැඩිය හිතට ගන්නෙ නැති කෙනෙක් වගෙයි. තාමත් ජීවිතේ පටන් ගත්තා විතරයි, හොදම දේ අනිත් අයගේ අදහස් වලට ගරු කරන හොද මලයෙක්..

වීයා,
වැඩි වයසක් නැති ඒත් වයසට වඩා දැනුම් තේරුම් තියන අයියෙක් වගේ, හිතෙන දේවල් එක පාරට ප්රකාශ කරන්නේ නෑ, ඒකෙන් වෙන්න පුලුවන් දේවල් හිතල බලල තමයි කියන්නෙමට හිතෙන්නෙ අනිත් අයට තියා පවුලෙ අයටවත් බලපෑම් කරන්න කැමති නැති කෙනෙක්.

දේශකයා,
ගොඩාක් කියවන්න වෙලාව දෙන කෙනෙක්, වයස ගැන හරි අදහසක් මට එන්නෙ නැත්තේ හැම වයසකටම අදාල දේවල් වලට කමෙන්ට් කරන ලියන කෙනෙක් නිසා. කියන්නෙ ගොඩාක් වයස කෙනෙක් උනත් තාමත් කොල්ල වගේ හිතනවා කියල. හොද කටකාරයෙක් වගේ, කියන ඕනි දේකට කියන්න දෙයක් තියනවා..

කෝරළේ මහත්තයා,
තාම චූටි කොල්ලෙක්, ඒත් විදල තියන අත්දැකීම් හරි, ඇසුරු කරන සමාජෙ නිසා හරි හොද දැනුමක් තියනවා. වගේම තමන්ගේ දේ අගේ කරන කෙනෙක්. කාටවත් කරදරයක් නැති අනුන්ට උදව් කරගෙන සැහැල්ලුවෙන් ඉන්න කැමති මල්ලියෙක්...

Silent Sahan,
වෙනස් චරිතයක්, හැමදේම වෙනස් විදිහකට බලන කෙනෙක්. සීරියස් වගේම ඊසි කියන චරිත ලක්ෂණ දෙකම තියන වෙනස්ම කෙනෙක්. වැඩිය තමන් ගැන පිටට කියන්න කැමති නැද්ද කියල මට හිතෙනවා..කොහොමහරි කවුරුහරි කෙනෙක් හිතට ඇල්ලුවොත් එයාට හුගක් සලකන කෙනෙක් කියල හිතෙනවා..

තරියා,
සැහැල්ලුවෙන් ඉන්නවා කියලා අපිට හිතුනට ලොකු ලොකු දේවල් දන්න ලොකු ලොකු දේවල් කරන මල්ලියෙක්, සමහර පෝස්ට් දැක්කම හිතෙනවා හරියට බ්ලොග් කෙරුවාව හිතට අරගෙන කරනවා කියලා, කියන්නෙ කරන වැඩේ හරියට කරන කෙනෙක්.

මාතලන්,
විවිධ මාතෘකා ගැන ඕන තරම් කතා කරන්න පුලුවන් බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙක් කියලා හිතෙනවා. තමන් හරි නම් අනිත් අය මොනව කිව්වත් ඒක වෙනස් කරන්නේ නැති කෙනෙක්..

අකමා,
තවමත් පුංචි කාලේ වගේම ගෙදර අයට තාමත් ලග කෙනෙක්, තමන්ගේකම ගොඩාක් දැනෙන කෙනෙක්. තමන් ගැන නම් තාම සෑහීමකට පත්වෙන්නෙ නෑ. තමන්ගේ වයසට තමන් කරල තියන කරන දේවල් ගැන සෑහීමකට පත් වෙන්නෙ නම් නෑ වගේ...

ඔන්න ඉවරයි... තව අමතක උන අය ඉන්නවා නම් සමාවෙන්න.. මේ ගනන් කරන්න බැරිතරම් කට්ටිය ඉන්න මේ බ්ලොග් ලෝකේ මේ කට්ටිය තමයි මට ගොඩාක් දැනුන අය... සමහර අයව මිස් උනා වෙන්න පුලුවන් සොරි හොදේ ඉතින්...

හා කටිටිය දැන් මං ගැන කිව්වනම්....

59 comments:

  1. //...හා කටිටිය දැන් මං ගැන කිව්වනම්...// අද සිට කියන්න පටන් ගන්නම් :P

    ReplyDelete
    Replies
    1. කොහොමද මල්ලො? සාදරයෙන් පිලිගත්තා ඔන්න...කෝ ඉතින් මුකුත් කියල නෑනේ..

      Delete
    2. මම අදනේ මේ පැත්තේ ආවේ. ඒ නිසා අද ඉදන් කියන්න පටන් ගන්නම් :D

      Delete
  2. හයියෝ සිම්පල්නේ නම නදිනි. ගම රත්නපුරේ. වැඩ කරන්නේ පිටරට. විවාහකයි. කවි ලියන්න පුළුවන්. පවුලේ කීප දෙනෙක්ම මේ වෙද්දි පිටරට. ඒ කියන්නේ ඔයා ලඟ. ම්ම්ම්ම්.... තව මොනාද දැන ගන්න ඕන.
    සෑස්තරේට පෙන්නුම් කොරන්නේ කලින් කියලා තිබුන දේවල් විතරමයි......

    හැක් කොහොමද ඒක... මටත් පුළුවන් දේවාරූඩයෙන් සාස්තර කීම , මිරිස්ගල් කෙටීම හිරමණ පීරිගෑම, හරක්ට ලාඩං ගැහීම වගේ දේවල් ආයේ අත්දු‍ටුවයි ප්‍රත්‍යක්ෂයි විශ්වාස දායකයි. හැකක් හාංකාවක් තියේනම් ගිරාමසේවක මහත්තැන්ගෙන් අහලා බලතහැකි.

    ReplyDelete
    Replies
    1. මේවගේ තියරි වෙන කොහෙද තියෙන්නෙ? සරා අයියා ලග මිසක්.. හික්ස්, හරියට හරි අයියේ දැන් අයියා ට්‍රයි කලොත් මොකද මේ වගේ සාස්තර වැඩකට?

      Delete
    2. අඩේ.... මේ තියෙන්නේ සරා අයියා නියමෙටම කියලා..... අපිට කියන්න දෙයක් නෑ ඉතිං...... :)

      අහ්හ්.... මාත් එකක් කියන්නම්. මහත්තයා ඉන්නේ ලංකාවේ. ඉක්මනින්ම දෙන්නා එක තැනකට වෙන්න තමා බලනවා. එක්කෝ මෙහෙ නැත්තන් එහෙ.... හරිනේ..... ;)

      Delete
    3. ඇත්තමයි සමනළී මට හරී සතුටුයි මේවගේ මම ගැන දන්න කස්ටිය ඉන්න එක ගැන..
      (පරිස්සම් වෙලා හිටු)

      Delete

  3. \\\\වෙනස් චරිතයක්, හැමදේම වෙනස් විදිහකට බලන කෙනෙක්.\\\

    ඇත්ත නදිනි .මම ගොඩක් වෙලාවට පුහු ආටෝප පැත්තකට
    දාල කතා කරනවා ..ඒකයි වෙලාවකට මාව හිතක් පපුවක් නැති
    කෙනෙක් වගේ පේනවා ඇත්තේ..ඒ උනත් මම එහෙම නැහැ ,
    හරි කරුණාවන්ත කෙනෙක් . හැබැයි ඒ වගේම කෙනෙක්ට හිතන්න
    බැරි තරම් තද තීරණ ගත්ත තැනුත් තියෙනවා ..එහෙම තදම තද
    දේවල් මගේ පුද්ගලික ජීවිතේ විතරයි තියෙන්නේ හැබැයි..


    \\\\සීරියස් වගේම ඊසි කියන චරිත ලක්ෂණ දෙකම තියන වෙනස්ම කෙනෙක්.//

    ඒකත් ඇත්තම ඇත්ත ..මම බොහොම කැමතියි මොනවා හරි
    පුංචි දෙයක් කරලා සරලව ඉන්න .. ඒ උනත් මම සීරියස් වෙන
    වෙලාවට ගොඩක්ම සීරියස් .මම වැඩ කරන වෙලාවට කිසිම
    නින්දක් , කෑමක් බීමක් නැතුව වැඩ කරනවා ..සමහර වෙලාවට
    එක දිගට පැය 40, 50 කිසිම නින්දක් නැතුව වැඩ කරපු තැන්
    තියෙනවා ජීවිතේ .. අනික් සෑම විටකම මම කරන්නේ නිදා
    ගන්න එක .

    බ්ලොග් අවකාශෙට මම ආවේ බොහොම සැහැල්ලුවෙන් ඉන්න .
    ඒත් ඉතින් දේශපාලන , නීති ප්‍රශ්න වගේ දේවල් කතා කරද්දී
    නම් මම ඉතින් ටිකක් සීරියස් ...මොකද තෝංදොල් වේවි ඒ වගේ
    දේවල් කතා කරන්න බැහැනේ නදිනි ...:D


    \\\\වැඩිය තමන් ගැන පිටට කියන්න කැමති නැද්ද කියල මට හිතෙනවා///

    මේකත් ඇත්ත .හැබැයි අහංකාර කමට වත් , ආඩම්බර කමට වත් නම් නෙවේ හොඳද නදිනි ?



    සැබෑ ජීවිතේදී උනත් අඩුම තරමේ මම මගේ ගෙදරක් ඉස්සරහ
    මැරිලා හිටියත් අල්ලපු ගෙදර කෙනා දන්නේ නැහැ මන් කව්ද කියල.. මම බොහොම කැමති නිශ්ශබ්ධ ජීවිතයක් ගෙනියන්න ..නමුත් වරදවා හිතන්න එපා ,ඒ මගේ එක ජීවිතයක් විතරයි ..තනියම ඉන්න හිතෙනකොට මම යනවා ඒ ගෙදරට ..එහෙදි ඉන්නේ ඒ විදිහට ..


    අනික් ජීවිතේ හාත්පසින්ම වෙනස් , බොහොම ලෙන්ගතු විදිහට සමාජයේ පුද්ගලයන් ආශ්‍රය කරනවා ... දවල් මිගෙල් රෑ ඩැනියෙල් කෙනෙක් මම නදිනි..

    ඒ උනාට මම හොරෙක් , වංචාකාරයෙක් , මන් පහරන්නෙක් නෙවේ..හි හි මම ඔහොම ජීවිතයක් ගත කරන්නේ මම කැමති ගොඩක් තනියම ඉන්න නදිනි . ඉස්සර නම් මා වටා ගොඩක් බැඳීම් තිබ්බා .පස්සේ තේරුණා ඒ සියල්ල බොරුවක් කියල..

    ඉතින් මම ගොඩක් දේවල් වලින් නිදහස් වෙලා දැන් ජීවත් වෙනවා..මා ළඟ ඉන්නේ පුංචි පූස් පැටව දෙන්නෙකුයි , කන්න නැතුව මාව හොයන් එන බල්ලෝ කීප දෙනයි විතරයි..



    \\\\.කොහොමහරි කවුරුහරි කෙනෙක් හිතට ඇල්ලුවොත් එයාට හුගක් සලකන කෙනෙක් කියල හිතෙනවා..////

    මේකත් සහතික ඇත්ත ..හොඳ මිනිස්සුන්ට මම පණ උනත් දෙනවා .. ඒත් පහත් වැඩ කරන මනසින් බාල අයව මම හෙලා දකිනවා ..

    හරි ඔන්න පිළිතුරු ..මා ගැන වැරදියට හිතන්න එපා , මම ගොඩක් friendly කෙනෙක් .ආඩම්බර නැහැ ..බොහොම කරුණාවන්තයි ... අනිත් දේ මම අදයි දන්නේ ඔයා බ්ලොග් එකක් කරන බව . වීයගේ බ්ලොග් එකේ ඔයා දාපු කමෙන්ට් එක දැකලයි මේ ආවේ.. නැත්නම් මෙහෙම වත් දකින්නේ නැහැ...

    මොනවා උනත් ගොඩක් මහන්සි වෙලා තියෙනවා ඔයා ..මිනිස්සුන්ව තේරුම් ගන්න කරපු උත්සාහය අගය කරනවා ගොඩක්..ඔයා මා ගැන දැකපු කරුණු හරියටම හරි.මම කරේ තව පුංචි පැහැදිලි කිරීමක් විතරයි..ඉන්නකෝ වෙලාවක මම සම්පූර්ණ පෝස්ට් එකක්ම දාන්න..

    නැවත වරක් ස්තූතියි..දිගටම ලියන්න නදිනි..ජයෙන් ජය. ..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි සහන්, මම ඔයා ගැන කියපුව හරි නම් මට සතුටුයි. මේ පේන හැටියට අපේ ගෙදර මිනිස්සු බොරුනෙ කියන්නෙ මට මිනිස්සු අදුරගන්න බෑ කියල නේද?

      Delete
    2. බුදු අම්මෝ සහන්... ආයිත් පෝස්ට් එපා.. මේකම දාන්න බ්ලොග් එකේ.... හි හි

      සහන් ගැන මං දකින දෙයක් තමයි ‌මෙයා අදහසක් කියද්දි ඇති වෙන්න සද්ද දානවා පේලි දෙකක් තුනක්.. ඊට පස්සේ පේලි 100ක විතර ‘ මම මේක කිව්වේ ඔයා ගැන තරහකින් නෙවෙයි‘ කියලා සමාව ඉල්ලනවා... හි හි...

      මෙයා ලියන ඒවයින් බාගෙට බාගයක් මම දහ පාරක් විතර කියවලා තමයි තේරුම් ගන්නේ.. ඒත් බැරි උනොත් කියනවා අනේ මට තේරෙනේ නෑ කියලා... ඊට පස්සේ මෙයා පැහැදිලි කරලා රිප්ලයි එකක් දානවා... ( ගොඩක් වෙලාවට ඒක මට පෝස්ට් එකට හපන් තේරුම් ගන්න... හි හි.... නේද සහන්.... )

      Delete
    3. \\\සහන් ගැන මං දකින දෙයක් තමයි ‌මෙයා අදහසක් කියද්දි ඇති වෙන්න සද්ද දානවා පේලි දෙකක් තුනක්.. ඊට පස්සේ පේලි 100ක විතර ‘ මම මේක කිව්වේ ඔයා ගැන තරහකින් නෙවෙයි‘ කියලා සමාව ඉල්ලනවා... හි හි... ///

      බ්ලොග් අවකාශය තුලදී
      හිරු මම ටිකක් සැලකිල්ලෙන් තමයි කෙනෙක්ට දෙයක්
      කියන්නේ..මොකද ගොඩක් මිනිස්සු එක වචනෙන්
      සියල්ල මනින නිසා ...:D



      සැබෑ ජීවිතය තුලදී
      i.පුද්ගලික ජීවිතය
      ලඟින් ඉන්න ඉතාම සුළු පිරිස එක්ක බොහොම සුහදව
      ඉන්නවා .

      ii. වෘතීය ජීවිතය
      කිසිම අනුකම්පාවක් නැති පුද්ගලයෙක්.මට ඕනේ වැඩේ විතරයි.
      වැඩ කරන්න පුළුවන් අයට ඉන්න පුළුවන් , බැරි අයට යන්න පුළුවන් .



      \\\\මෙයා ලියන ඒවයින් බාගෙට බාගයක් මම දහ පාරක් විතර කියවලා තමයි තේරුම් ගන්නේ.. ඒත් බැරි උනොත් කියනවා අනේ මට තේරෙනේ නෑ කියලා..///

      ඔතන ප්‍රශ්නේ හිරු මම සමහර දේවල් කියන්නේ පොදුවේ නෙවේ..
      සීමිත පිරිසකට . මතකද මම අග්‍රවිනිශ්චය ධූරය ගැන දාපු post එක ?
      එහෙම ධූරයක් ගැන අපිට අඩුම තරමේ විවේචනයක් කරන්න වත්
      බැහැ. නීතියෙන් වරදක් ඒක .. ඉතින් බොහොම පරිස්සමෙන් තමයි
      එහෙම ඒවා ගැන ලියන්නේ .. නොතේරෙන කෙනෙක් නිහතමානීව
      මගෙන් ඇහුවොත් " සහන් පැහැදිළි මදි " කියල මම උත්තර දෙනවා..

      මතකද ඔයා ඒ post එකේදී දීර්ඝ විදිහට ප්‍රශ්න කරා ..ඒ හැම දේටම මම
      උත්තර දුන්නා නිහතමානීව..


      \\\\( ගොඩක් වෙලාවට ඒක මට පෝස්ට් එකට හපන් තේරුම් ගන්න... හි හි.... නේද සහන්.... )///

      හැකස් ..ඔව් ඔව් උදාහරණ මෙතන තියෙනවා .හි හි

      රටක අග්‍රවිනිශ්චය ධූරයට හූ කියන තුට්ටු දෙකේ පාපතර දේශපාලනය

      \\\බුදු අම්මෝ සහන්... ආයිත් පෝස්ට් එපා.. මේකම දාන්න බ්ලොග් එකේ.... හි හි///

      නැහැ ඇත්තටම මම ගැන post එකක් දාන්න ඕනේ
      හිරු..මම FB, G+ ,වෙන කිසිම දේකට වත් එන්නේ නැති
      නිසා මා ගැන ගොඩක් දෙනා හිතන් ඉන්නේ වැරදියට ..

      ( ඔයා කියන්නේ මම යම ලොවට අධිපති යම රජ|.A horror story. ගැන දාපු වෙලාවේ
      පුදුම ප්‍රශ්න ගොඩක් ඇවිත් තිබ්බා මේල් හරහා ..:D )

      Delete
    4. බුදු අම්මෝ සහන් පෝස්ට් එකට වඩා දිග කමෙන්ට්..හි..හි..!

      Delete
    5. @ හිරූ ඔයාටත් සාස්තර කියන්න පුලුවන් වගේ ටිකක් නේද?

      @ වීයා, ඒක තමයි... බලන් ගියාම මම සාස්තර කියපු එකෙන් සහන් ගැන නම් හැමදේම කට්ටියට දැනගන්න ලැබුනා වගේ...

      Delete
    6. නදිනි තොරතුරු දැනගන්න තියෙන අයිතියට ඇයි මෙහෙම විරුද්ධ වෙන්නේ?ඇයි ඇනෝලට මෙහෙම සලකන්නේ.මම වැරදි දෙයක් ඇහුවද.කුණුහරප කිව්වද.මේක ඇනෝ අයිතීන් උල්ලංගනය කිරීමක්.අපිට මෙහෙම කරන්න එපා නදිනි.

      Delete
    7. @ ඇනෝ, මෙතන මම කාගේවත් පෞද්ගලික තොරතුරු කිව්වෙ නෑ, මම කිව්වෙ එයාල ලියන දේවල් වලින් මට එයාල ගැන හිතුන දේවල්. අනික මට වැඩක් නෑ එයාල මෙතන එක විදිහකුත් තමන්ගේ පෞද්ගලික ජීවිතේ වෙන විදිහකටත් ගෙව්වට. මට හිතුන දේ මම කිව්ව, එයාල ඒකට කැමති වෙලා හරි වැරදි කිව්වා.. මම කැමති නෑ කාගෙවත් ජීවිතේට මම නිසා බලපෑම් වෙනවට. ඔය විදිහට එක එක්කෙනා ගැන විස්තර අහන එකේ කිසි තේරුමක් නෑ.. අපි මෙතනට එකතු වෙන්නෙ තම තමන්ගේ අදහස් බෙදා ගන්න විතරනේ.. ඒ නිසා ලියන දේ ගැන විතරක් කතා කරමු.. මම මේ කමෙන්ට් මොඩරේශන් දැම්මෙ ඇනෝලා නිසා නෙමෙයි... අර ආචාරියා නිසා. ඒ නිසා තරහ වෙන්න එපා ඇනෝ මා එක්ක. අපි හැමෝගෙම හිත හොදින් තියාගෙන වැඩ කරමු.
      (මේ කමෙන්ට් එක මේ ඇනෝගෙන් ආපු මුල කමෙන්ට්ස් නිසා දාපු එකක්. මම කැමති නෑ මගේ බ්ලොග් එකට යන එන අයට මේ බ්ලොග් එකේදි ප්‍රශ්නයක් වෙනවට, ඇවිත් ලියන, කියන දේට අදාලව විතරක් කමෙන්ට් කරනව නම් මම කැමති. මේ ඇනෝ අහල තිබුනේ පෞද්ගලික ප්‍රශන ඒකයි මෙහෙම උත්තර දෙන්න උනේ.)

      Delete
  4. ම්ම් නදිනි කියන්නේ.., සමාජශීලී, සැහැල්ලුවෙන් ඉන්න කැමති, රූපලාවන්‍ය පැත්ත ගැන උනන්දුවක් තියන, පොඩි දෙයක් ගැන වුනත් හොඳ අවධානයෙන් බලන, ජලයට ප්‍රිය කරන කෙනෙක්..

    බලමු හරිද කියල.. :)

    ReplyDelete
    Replies
    1. අනේ රූපලාවනය ගැන නම් එහෙම උනන්දුවක් නෑ. දෙවියන්ගේ පිහිටෙන් අම්ම තාත්තගෙන් හම්බ වෙලා තියන ලස්සන පරිස්සම් කරගෙන ඉන්නවා. (ලස්සනයි කියල මමම කියාගත්තා) පොඩි ජොලියක් ගිය වෙලාවකට තමයි ඉතින් මොනවහරි උලන්න මතක් වෙන්නෙ.. අද උදෙත් පුංචි බනිනවා ගස් ගල් වගේ එලියට බහිනවා මාලයක්, කරාඹුවක් වත් හරියට දාන්නෙ නෑ කියල. රත්තරන් පේන්න බෑ මට. අනිත්වා නම් හරි... ජලයට ප්‍රිය ඇයි???
      මම දැක්ක මගේ සාස්තර කඩයට දාපු දැන්වීම. බොහොම ස්තූතියි..

      Delete
    2. //ජලයට ප්‍රිය ඇයි???// නිකමට කිව්වේ. ඇලක් ළඟ ඉන්න පින්තූරයක් තිබුන වගේ මතකයි කලින්. :)

      Delete
    3. ජලයට ප්‍රිය නෑ ඒත් ඔන්න හිනා වෙන්නෙ එහෙම නෑ මේක දැනගෙන .. මම හරි ආසයි ඔය වැලි පේන වැතුරෙ බැහැල ඉන්න... මට වතුර යට එහෙම ඉන්න බෑ,, ඒත් මේ විදිහට ඉන්න නම් ආසයි... ඔය ට්‍රිප් එකක් ගිහින් කට්ටිය ඇවිලද එනකන්ම මම ඔතන බැහැල හිටිය...

      Delete
  5. මම මේ කට්ටියගෙන් අකමාගෙ ගෙදරින් කෑම කාලත් තියෙනවා. මම හිතන්නෙ අකමට මුණ ගැහිලා තියන එකම බ්ලොගර් මම.

    නදිනි ගැන මම මගෙ කලින් කමෙන්ට් එකේ කිව්වා නේද?

    නමුත් ඒකට එකතු කරන්න පුලුවන් දේවල් තියෙනවා.

    හිසරදයකින් පීඩා විඳිනවා. චීස්, චොක්ලට්, කජු වාගේ දේවල් වලට පෙරේතයි. ඒවා දැක්කාම වෛද්‍ය උපදෙස් පවා අමතක වෙනවා. මම හිතන්නෙ මම හරියටම හරි කියලා. :D

    ReplyDelete
    Replies
    1. අයියා ඔය බලන් හිටියා වගේ කියල තියෙන්නෙ... හලි සෝයි..

      Delete
    2. අඩේ හෙන්රි අයියේ, මේකට රිප්ලයි එක හොඳටම පරක්කු වැඩියි. ඒත් දාන්නම එපැයි. ඔයා තමයි මට හම්බ උණු එකම බ්ලොගර්. වර්ල්ඩ් රෙකොර්ඩ් එකක් තියපු දෙවැන්නා දැන් දවස් තුනකට විතර කලින් හම්බ උණා. ඒත් එයා බ්ලොගර් කෙනෙක්ද රිප්ලයර් කෙනෙක්ද මංදා. :D ඒ තමයි අපේ ප්‍රසන්න අයියා.

      සමාජය ගැන ගොඩාක් අත් දැකීම් තියෙන, විවාදාත්මක ඒත් පල රහිත කාරනා වලදී නිශ්ශබ්දතාවය රකින, අහඹු සංචාරයට ලැදි, සැහැල්ලුවෙන් ජීවත් වෙන්න හදන ඒත් අවශ්‍ය තැනදී තදින් ඉන්න පුළුවන් කෙනෙක් තමයි ඩුඩ් අයියා. ඒ වගේම හොඳ සැමියෙක්. දරුවන්ගේ සාර්ථකත්වය දැක සතුටු වන වාසනාවන්ත පියෙක්.

      Delete
  6. ලියන දේ බලා සාස්ත්‍ර කියන්නෝ... නදිනි එන්ටප්‍රයිසස්....වහාම විමසන්න....

    ReplyDelete
    Replies
    1. අයියා ඉතින් මගේ ගැන කියලා නෑනේ..

      Delete
  7. මුලින්ම සමාව ඉල්ලමි. මට ඔයාගෙ බ්ලොගේ මග හැරිලනෙ...??? අදසිට රෝලටත් දාගත්ත..:))))

    මට නදිනි මුලින්ම හමු උනේ හිරුගෙ පෝස්ට් එකේදි වගෙයි මතක. අර නරුම ඩෝප්කාරයෙක්ගෙ අවලං වැඩක් නිසා මහත්තයත් එක්ක ඇඬුව කියල අපිව ඇඬෙව්වෙ.

    මා ගැන මුලින් කියු කාරනා සැබවි. ඒත් පවුලේ අයට නම් මම තදින් ඉන්න කෙනෙක්. මල්ලියි නංගියි මගේ මුන දිහා බලල කතාකරන්නෙ නෑ..!
    ඒත් සමාජයට මා ඕබ කියූ චරිතයකි.

    බොහොම ස්තූතිය් ආරාධනා කලාට හැමදාම එන්නම්..!නදිනි පිටරට කිව්වෙ...???

    ReplyDelete
    Replies
    1. අනේ සමාව ඉල්ලන්න දෙයක් නෑ අයියේ.. මගේ බ්ලොග් එක ගැන කිසිම ප්‍රචාරයක් දුන්නෙ නෑ මම.. කමෙන්ට් කරන තැනකදිවත්.. නලීන් අයියා කියල තමයි ගොඩාක් කට්ටිය ආවෙ ගියෙ..ඒත් මේ වැඩේ පටන් ගත්තම නම් කියන්න හිතුනා.. කෙනෙක් නොදැන එයා ගැන කියද්දි ඒ කෙනා අප්සෙට් වෙන්නත් පුලුවන්නෙ.
      මම කියපු දේවල් හරි නම් සන්තෝසයි.. ඔව් ඔව් අර අවලං මිනිහා නිසා තමයි අයියා මාව අදුර ගත්තෙ.
      පිටරට ඉන්නෙ අයියේ... ඩුබායි වල..

      Delete
    2. මේයාටද වයස නෑ කිව්වේ????

      හැකැස්....
      මූ නාකියා........... :) :) :)

      අර මාත් එක්ක පොටොත් ගැහුවේ එදා

      Delete
    3. ‍තෝ කොටියම කාපිය රජා...!
      තොපි ඇටෙන් පොත්තෙන් එන්න කලින්....මෙතන රටේ නැති වැඩ කරල අපිට නාකියා කියන්න....
      අඩෝ අපෙ ගැන් එකක් ඉන්නව අරි...!

      Delete
    4. @ රජා, අනේ රජෝ මේකගේ කට..

      @ වීයා, කියල වැඩක් නෑ මේකගේ වයසටද නේද වැඩ?ගැන් එක දාල මේකව නවත්තන්න බැරිවෙයි අයියෙ.

      Delete
    5. හැක් හැක් වී කොල්ලා :D

      Delete
  8. මරු වැඩේ... " බ්ලොග් බලා සාස්තර කියනු ලැබේ" මාත් දැම්මා ඇඩ් එකක්.. :ඩී

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ස්තූතියි...

      Delete
  9. බ්ලොග් අවකාශේ කාටවත් නැති දක්ෂකමක්... කොමෙන්ටු වලින්, පෝස්ට් වලින් කෙනෙක් ගැන කියන්න ඒ කෙනා ගැන අවබෝධයක් තියෙන්න ඕනෑනෙ. මේ කෙටි කාලෙට නදී ඒ ගැන හුඟාක් අවධාණයෙන් ඉඳලා තියෙනවා.. සමහර අය ගැන නදී ලියලා තියෙන දේ හරියට හරි කියලා මටත් හිතුනා..

    ReplyDelete
    Replies
    1. තැන්කු ළිහිණියෝ... අනිත් දේ තමයි මට මේ විස්තර කරපු අය ගැන වැරදි දේවල් හිතුනෙ නෑ කවදාවත්. තමන්ගේ අය වගේ තමයි දැනුනේ...

      Delete
  10. මේ ... බ්ලොග් එක මුල ඉඳලා අගටම කියෙව්වා ඈ..... පෝස්ට් කමෙන්ට් එක්කම... ඔයාට මේ ටික දවසට බොහොම කරදර සිද්ධ වෙලා වගේයි.... හි හි... පිස්සෝ හිටියට අපි රට අතෑරලා යන්නයැ බං... කමෙන්ට් මොඩරේෂන් දාලා අයින් කරලා දාන්න.. ඒවා ගනං ගන්න එපා...

    අර නේල් ආර්ට් කතාවත් එක්කම අර ඔයා ගැන මං කියපු සාත්තරේ හරියට හරි කියලා හිතෙනවා.. මාත් ඕවට ආසයි.. හැබැයි කරන්නේ නෑ... මොකද මට අල්ලන්නෙම නැති වැඩක් ෂොපිං යන එක... මෙහෙන්දි නම් ඉස්සර නංගි අල්ලලා අඳිනවා මගේ අතෙත්.. දවසක් ඔහෙම ඇඳගෙන යුනිටි එක පැත්තේ ගිහින් මරු වැඩකුත් උනා.. හි හි.... ඒ ඇරෙන්න ඉතිං මට කෙල්ලෝ යාලුවෝ නැති නිසත් ඕවට ආසාව තිබ්බට කළේ නෑ.. දැන් ඉතිං කරලා වැඩකුත් නැති නිසා අතෑරලා දාලා ඉන්නවා... හි හි

    ReplyDelete
    Replies
    1. //මොකද මට අල්ලන්නෙම නැති වැඩක් ෂොපිං යන එක...//
      අනේ වාසනාවන්..! ඒකට අපේ ගෑණු (අපොයි හාමිනේ දකීද මන්ද..?)

      Delete
    2. @ හිරූ, මමත් ෂොපින් යන්න ඒ තරම් කැමැත්තක් නෑ, පොත් කඩවල රිංගන්න නම් ආසයි. ඒත් ඉතින් ඔය වගේ විකාර දැක්කම කරන්න ඕනි වෙනවා.. ෂොපින් ගිහින් බඩු ගන්න වැඩේනම් මට හරි අමාරුයි.. ඒක හරි කරදරයක් වගේ දැනෙන්නේ...

      @ වීයා, හාමිනේ දැක්කනම් මේ සතියේ ෂොපින් යන්න වෙනවා ෂුවර්....

      Delete
  11. Replies
    1. අනේ ගයනි නොලිව්වෙ එච්චර දෙයක් දන්නෙ නැති නිසා මොකද වැරදි දේවල් කියන්න බෑනේ..

      Delete
  12. මට පේන්නේ මෙයා බිස්නස් එකක් පටන් ගන්න වගේ ට්‍රයි කරන්නේ...සාස්තර කියන්න..

    ReplyDelete
    Replies
    1. හොද නැද්ද, දක්ෂතාවයකින් වැඩක් ගන්න එක? ඉරිසියාකාරයෝ, බලපුලුවන්කාරයෝ, සල්ලිකාරයෝ,

      Delete
  13. මම යසිත්...
    ගමගේ රාජ පරම්පරාවේ මීළඟ ඔටුන්න හිමි කුමාරයා...
    අපේ සීයා තමයි ලංකාවේ පළවන ගමගේ රජු
    තාත්ත තමයි දෙවන ගමගේ රජු
    මම ඊළඟට රජ වෙන්න ඉන්නෙ...

    දැනට කුමාරිකාවක් එක්ක ඇයි හොදැයියක් තියෙනවා... (ඒ උනාට අන්තක්පුරෙත් ඕන තරම් ඉඩ තියෙනවා)

    තව විස්තර ඕන නම් Google මහා වංශය බලන්න..

    ReplyDelete
    Replies
    1. මෙන්න තව රජෙක්, අර ඉන්න වල් රජා මදිවටද?

      Delete
    2. ඌ වලා... මං මලා...

      Delete
  14. හී හී මට කියන්ට තියෙන්නේ අක්කේ ඔයා ගැන, යමෙකුගේ රූපය දෙස නොබලා ඔහුගේ හෝ ඇයගේ සිතුවිලි දෙස පමණක් බලා ඔහු හෝ ඇය ගැන යමක් පවසන්ට අපූරු හැකියාවක් ඔබට ලැබිලා තියෙනවා....

    ReplyDelete
    Replies
    1. එහෙනම් එච්චරයිනේ නේද?ස්තූතියි මල්ලො...

      Delete
  15. ඔහේ පලයන් මන් ගැනත් ලියලනේ.ස්තුතියි අක්කා මන් ගැන නම් ඔක්කොම හරි වගේ.කෙනෙක්ව තේරුම් ගැනීමේ හැකියාව නියමෙට පිහිටලා තියෙනවා වගෙ ඔයාට :).

    දෙයියනේ මට මේ බ්ලොග් එක මගහැරුනේ කොහොමද? :/

    ReplyDelete
    Replies
    1. කියපු දේවල් හරි නම් හොදයි.. ඒ කියන්නෙ අපේ ගෙදර මිනිස්සු බොරුනෙ කියන්නෙ..

      Delete
  16. බ්ලොග් වර්ජනය කොරල හිටපු නිසා ගොඩක් පෝස්ට් මගහැරිල. නිදහසේ කියවන්න ඕන ඔක්කොම.

    ප.ලි අර දේශකය ගැන කියපු දේ ගැන කියන්නම ඕන. ඕකට දැන් 60 පැනල.
    (දකින දකින තැන මාත් එක්ක එල්ලෙනව)


    අහ් follow ගැජට් එක දැම්මට පස්සෙ අදයි ආවෙ. ඔන්න follow කලා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි....දේශකයට හැට පැනල කියල මට හිතුනා...හික්ස්....

      Delete
  17. හෙහ්.. කරුමෙට උඹ කිව්ව ඔක්කෝම වැරදියි එකක් ඇර.. //කියවන්න ගොඩාක් වෙලාව දෙනව//

    අවංකව කිව්වොත් නදිනි ගැන මට කියන්න තියෙන දේ සෑහෙන්න අඩුයි. ඒත් මම කියන්නේ ඍජු චරිතයක් කියලයි...

    ReplyDelete
    Replies
    1. සෘජු චරිතයක් කියල තමයි දන්න අය කියන්නෙ නම්... මම හිතුවෙ අර වයස කතාව විතරයි හරි කියලා..

      Delete
  18. මරු පෝස්ට් එක. :) කට්ටියගේ අදහස් ටිකක් එනකං බලගන හිටියේ. බලගන ගියාම ඩුඩ්ටත් සාස්තර කියන්න පුදුම හැකියාවක් තියන පාටයි :)

    ReplyDelete
    Replies
    1. කොහොමත් හැමෝම පොඩ්ඩ පොඩ්ඩහරි කට්ටිය ගැන දන්නවා කියලා මට හිතෙනවා, නැත්නම් මේ විදිහට බැදෙන්නත් බෑනේ...
      පෝස්ට් එකටනම් හිතුවටත් වැඩිය ප්‍රතිචාර ලැබුනා...

      Delete
    2. බැඳීම ගැන නම් ඉතිං මං කතා නොකරමි.

      Delete
  19. යකෝ මේකි බොගක් අටෝගෙන කියලා දන්නෑ නොවැ මේ වෙනකම්. අපේ පැත්තට ඔලුව දානකොට පුරවැසි භාවයවත් හම්බවෙලා නෑනේ. දැන්නම්... මෙයත් දැන් ලොකු ළමයෙක් (18+) කියලා තමයි කියන්න තියෙන්නේ. :D

    සමා වෙන්ඩෝනි පරක්කු උණාට.

    -----------
    සාත්තර කියන්නත් අරන් තියෙන්නේ මේ ඩිංගට. බොගේ බලා සාත්තර කීම. ගාස්තු කමෙන්ට් වලින්.

    -----------
    බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න හදන ඒත් වගකීමකුත් දරන කෙල්ලෙක්. ආ.. නෑ නෑ. බිරිඳක්. සබරගමුවෙයි කියලා කියන්නේ. ටැට්ටර් ඉස්කෝලෙකට ගිහිං තියෙන්නේ..

    (මං හරි නේද? කොහොමද නිකම් සුමනදාස අබේගුණවර්ධන වගේ නෙහ්)

    -----------------

    ඔයා කමෙන්ට් බොක්ස් එකේ ලින්ක් එකක් දානකොට (a href="වෙබ් එඩ්රස් එක")අනේ මගෙනුත් මල් ගන්න (/a) කියලා දෙන්න.
    මෙතන වරහන් යුගල වෙනුවට ග්‍රේටර් දෑන්, ලෝවර් දෑන් මාර්ක් දාන්න. (<,>)
    ---------------

    මං ගැන කියපුවා ගැන දෙකක් කියන්නයි අනිත් කමෙන්ට් බලන්නයි හෙට එන්නම්. දැන් කනේ භාගයක් සාක්කුවේ. :D

    ReplyDelete
    Replies
    1. ටැට්ටර් ඉස්කෝලේ??? මම කිව්වයි කියල හිතාගනින්..මොකටද දන්නෙ නෑ නේද ඔය ටැට්ටර් ඉස්කෝලෙ කෙල්ලොම දාගන්න රත්නපුරේ කොල්ලො ඔච්චර ට්‍රයි? කෝ ඉතින් ඔය ගැන කියපුවට රිප්ලයි කරල නෑනේ..

      Delete
    2. හිතුවද අපි එහෙම ආවට ගියාට එන අය කියලා.. :D

      ටැට්ටර් ඉස්කෝලෙ කෙල්ලෝ දාගන්න කොල්ලෝ මෙච්චර ට්‍රයි කරන්නේ මොකද දන්නවද? උන් ඕන මඩවලක බැහැලා හාන්න දන්න නිසා... (උඹ ළඟදී ලංකාවට එහෙම එන්නේ නෑනේ :o )

      ---------------
      මං පොඩිම කාලේ ගෙදරට ළං වෙලා හිටියට පස්සේ ගෙදරින් ඈත් උණා නදිනි. තාත්තා නැති උණයින් පස්සේ/ අම්මා ලෙඩ උණත් එක්කම බර දැනෙන්න ගත්තා. දැන්නම් කොයි වැඩේ කළත් ගෙදර තමයි එක.

      සෑහීමකට පත් වෙන්නේ නෑ කියන එකනම් හරි වගේ. ආයේ වෙන මොකුත් උදාහරණ ඕනි නෑ. අද අවුරුදු දවස. ඒත් මට තවත් එක නිවාඩු දවසක්/ හති අරින්න තියෙන දවසක් විතරයි.

      අම්මට පුළුවන් කාලේ නංගිගේ පස්සෙන් වැටිලා හිටියා. ඒත් දැන් එයා තනියෙන් ක්ලාස් යන්නෙත්. රස්සාව කරන්නේ කන්න විතරද?/ එහෙමත් නැත්නම් කවදා හරි විඳවන්නද කියලත් හිතෙනවා.

      Delete
    3. මඩවලවල් හාන්න??? හිතුව මදි... කොහොමත් ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ..
      කියපු දේවල් හරි නම් එච්චරයි අකම්...

      Delete

නදී නිම්න‍යේ තබා යන්න ඔ‍බේ සිතුවිලි මුතු අහුරක්...