Saturday, October 12, 2013

අනේ පුතේ නුඹ එන්නේ නෑලු.....



 

ඇගිලි ගැන්නා මම දින සති මාස
බලන් හිටියා මම, විදින්නට දුක් නුඹ එන දාක
හීන පොදි බැන්දා මම
ආඩම්බර වෙන්න පුතු පැටියට, දුවට
අම්මෙක් වෙන්න

සේරම හීන විසිරුනා මොහොතෙන්
නුඹට එන්න වෙන්නෙ නෑලු
දරුඵල නැතිලු මගෙ
කේන්දරේ ලියවී.....

Sunday, October 6, 2013

දුක මෙතරම්...

 
 
අතරේ ජීවිත සැමරුම්
මතකය රිදවන බවනම්
දැන උන්නේ නෑ මෙතරම්
හැර ගියාම දුක කෙතරම්...

පටලා අත් වැල් සතොසින්
ගිය මග මතකද තාමත්
හැර යන බව කීවානම්
අද වෙන්නෑ දුක් මෙතරම්....

සතුටින් නුඹෙ මඟ හැමකල්
වෙන්නට පිපි මල් මාවත්
පතමින් නුඹ හට යහපත්
නවතින්නම් මෙතනින් මම්.....

Saturday, August 24, 2013

මට නමක්....



නැන්දේ මාමේ,

ඔන්න මම ආවා, ආවේ 21 වෙනිදා දවල් 12 හරියටම. ලොකු අම්ම කලින්ම දැම්මනේ මම නිකිණි මාසේ එනවා කියලා, එතකොට සහන් මාමා මට නිකිණි කියලා නමකුත් දැම්මා... ඒත් අනේ මගේ වෙලාව බැලුවලු ආච්චියා.. එතකොට දුන්නෙ නෑලු අකුර...

ඉතින් ඔන්න මට ඉක්මනටම නමක් ඕනි.. අකුරු ටික තම ඔය පල්ලෙහා තියෙන්නේ,

ක, ග, ගො, ස, ෂ, සි, සු

හැබැයි ඉතින් අපේ අම්මට නමේ තේරුමත් ඕනිලු... නිසා නැන්දලා මාමලා නම් එවද්දි තේරුමත් එවනවද?
ඉතින් බොහොම ස්තූතියි හොදේ...


ලොකු  අම්මා කැමති නෑ මගේ පින්තූරයක් දාන්න... ලොකු වෙච්ච දවසක මම තනියම දාන්නම්කො...

Thursday, August 15, 2013

සුභ උපන් දිනයක්..... !!!!



ගෙදර ඉන්න දුවට දරුව ලැබෙන්න අමරුවෙලා එලියට බහිද්දි මිදුලෙ තිබුන උදැල්ල හරහට වැටුනම ලැබෙන්න ඉන්න දරුවගේ තාත්තයි, ආච්චියි හොදටම බය වුනා... හේතුව දරුව හරි අම්ම හරි දෙන්නගෙන් කෙනෙක් නැතිවෙනවා කියලා සාසතරයක් අහපු වෙලාවේ කියපු කතාව නිසා...

බය දෙගුණ තෙගුණ වුනේ ඉස්පිරිතාලෙන් දොස්තරගේ තුණ්ඩුවක් නැතුව බඩදරු අම්මව බාරගන්න බෑ කිව්වාම.. ලැබෙන්න ඉන්න දරුවගේ තාත්තයි සීයයි දෙන්නම කිව්වේ අනේ අපි ඉක්මනට දොස්තරගෙන් තුණ්ඩුවක් ගේනතුරු මේ බඩදරු අම්මව වාඩි කරල තියාගන්න කියලයි.. එහෙම කියලා මේ කෙදිරිගාන අම්මව බංකුවක වාඩි කරල දෙන්න පිටත් උනා විතරයි අටෙන්ඩන් නෝනගේ ආදර වෑගෙන වදන් එලියට එන්න පටන් ගත්තා විදුලි වේගෙන්.. "සල්ලි වැඩි වෙලා වෙන්න ඇතිනේ දොස්තර චැනල් කරල බැලුවේ? ලමය ලැබෙන්න විතරක් මොන එහෙකට ආවද අපිට වද දෙන්න?"

අම්ම කෙදිරි ගානගමන් "නංගි කිව්ව නිසා ගියෙ" කියල පිට කරගත්තේ ගොඩාක් අමාරුවෙන්.. නංගි? එහෙනම් නංගිටම කියනවා ඉතුරු ටිකත් කරන්න කියලා..හා දැන් කවුද කියමුකෝ බලන්න ඔය නංගි?" නංගි තමයි ගිය සතියෙ මෙහෙන් මාරු වෙලා ගියා ඩොක්ට __________ අම්මා ඒකත් කිව්වේ අමාරුවෙන් ඉන්න කෙනාටම මෙහෙම කරන්න ඇයි කියලා හිතාගන්න බැරුව..

අනේ මිස්, ඕක කලින් කියන්න තිබුනේ නැද්ද? එන්න එන්න අපි වාට්ටුවට ඇතුල් වෙමු. මිස්ට ඕනි ඇදක් තෝරගන්න.. අපිට ඩොක්ට ගොඩාක් සලකලා තියනවා.. එහෙම එකේ අපි ඩොක්ටගේ අක්කට සලකන්නේ නැතුව කොහොමද? ඔන්න ඔහොම කියල ඇටෙන්ඩන් නෝනා මේ දරුව ලැබෙන්න ඉන්න අම්මට හොද ඇදක් එහෙම දීල තාම හැටි අමාරුවක් නෑනේ මිස්. හෙට උදේ හම්බවෙයි කියලා තමයි හිතෙන්නෙ කියල ගියෙ කරන්න පුළුවන් හැම සත්කාරයක්ම කරලයි..

අමාරුව නිසා අම්මට නින්ද යන්නෙ නෑ පලවෙනි දරුව නිසා දැන් ලැබෙයිද නැද්ද කියලා තේරෙන්නෙත් නෑ... ඔහොම ඉද්දි එහා ඇදේ කෙනා නැගිටල තට්ටුවක් දැම්ම... නැගිටින්න කියලා...අම්මත් බැරි මරගාතේ නැගිට්ටා. "එනවා නැගිටල මට කක්කුස්සි යන්න වතුර එකක් ගෙනත් දෙනවා" රකුසු වෙසක් ගත්ත කෙනා පස්සේ වැටිල යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ මනුස්සයා ගිහින් එනකන් වතුර ගෙනත් දීලා දොර ලගට වෙලා ඉදල තමයි ආපහු ඇදට එන්න අවසර ලැබුනේ..

ටික ටික එලිවෙද්දි අමාරුව වැඩි... ඒත් නංගි කිව්වේ කෑගහලා දැගලුවාම මහන්සිය වැඩි, එතකොට බබා හම්බ වෙන්නත් අමාරුයි කියන එකයි... ඒනිසා ඉවසගෙන ඉන්න වෙනවා.. එහෙම ඉවසලා පුංචිම පුංචි කෑගහිල්ලක්වත් නැතුව එලියට ආපු බබාගේ අද උපන්දිනේ...

ඔව් ඔව් බබා මම තමයි... ඉතින් කියන්න හැපි බර්ත් ඩේ කියලා... කෝ පටන් ගන්න,,,, එකායි දෙකායි තුනායි...

 

Monday, July 29, 2013

සමාවෙන්න....


ලියන්නට දහසක්
ඇතත් හිත වෙනතක්
රැදී රිදි රිදවන්
විදවමි සහසක්...

යොදුන් දුර සිතුවත
නොහැකිවම පදයක්
ගොනු කරනු බැරියෙන්
විදවමි සහසක්...

සමාවක් ඔබෙන් මම්,
ලබන්නට නැති තරම්, 
ඉක්මනින් ලියන්නම්, 
අදිටනින් කියමි මම්...

Tuesday, June 18, 2013

මගේ පුංචි හිත...


වෙලාව උදේ 9 යි...
දැන් කොයි වෙලාවෙ ඉදන්ද මම ඉන්නෙ මේ කොට් එකට වෙලා.. කවුරුවත් ආවේ නෑ මාව ගන්න.. අඩනකම්ම ඉන්නවා. එයාලට නම් මොකද කකුල් දිගයිනේ.. එහෙම උනානම් කොට් එකෙන් පැනල යන්න තිබුනා.. මම දන්නවා ආච්චි හොදට පොතක් කියවනවා ඇති. කාන්ති ආන්ටි නම් කුස්සියට රිංගගෙන ඇති.. ඔන්න ඇහෙනවා කවුරුහරි එනවා.. කමක් නෑ උදේම ඔරවගෙන ඉන්න බෑනේ.. හිනාවෙලා ඉන්නවා..

"අනේ නැගිට්ටද චූටි? ඇඩුවෙ වත් නෑනේ ගුඩ් ගර්ල්...එන්නකෝ යන්න සාලෙට." දැක්කනේ ආච්චි ශේප් වෙච්ච ලස්සන..

වෙලාව උදේ 10යි
කෝ මේ කට්ටිය, මාව සාලේ මද්දෙ  තියල වටේටම සෝෆා හරස් කරල මට කාටූන් එකක් දාලා එයාලා එයාලගේ වැඩ.

තව ටිකකින් මොනවහරි උස්සගෙන එයි ආච්චි කවන්න කියලා, මම මේ ට්රයි කරන්නෙ කොහොමහරි ටී වී එක ලගට යන්න විදිහක් හොයාගන්න.. කොහෙද තාම මගේ කකුල් දෙක දිග නෑනේ.. ඔන්න ඔන්න එනවා, දැන් මෙලෝ රහක් නැති එකක් කවයි ඉතින්..

අම්මේ කාලා ඉවරයි, දැන් වොශ් දාන වෙලාව. ඒකට නම් මම ආසයි.. වැඩේ තියෙන්නෙ ඇග හෝදල හරි නාල හරි ඉවර වෙද්දිම මට ඉවසගන්න බැරි නිදිමතක් එන එකනේ.. ඒකෙන් වෙන්නෙ ඇදුම දාන්න ගියාම ආච්චි එක්කත් තරහ වෙලා තමයි නිදාගන්න වෙන්නේ...


අම්මෝ වතුර ගෑවෙද්දි සනීපෙ... වතුරෙම බැහැල ඉන්න තියන්වා නම් කොයි තරම් හොදද..
හප්පෝ නිදිමත.. ඔය ඇදුම් ඕනි නෑ ආච්චියේ, නිදාගන්න දෙන්නකෝ...

වෙලාව දවල් 12 යි...
ඔය ඇහෙන්නෙ සද්දේ දෙන්නම ගෙදර ඇවිත්. කොච්චර උනත් අයියයි අක්කියි නැති උනාම පාළුයි... දැන් නම් අඩලම තමයි කාමරෙන් යන්න වෙන්නෙ. නැත්නම් තව පැයකට ආච්චි එන්නෙ නෑ මාව ගෙනියන්න,..
.
ඔය එන්නෙ දුවගෙන... "අයියෝ බලන්නකෝ ඉතිං මේ චූටිට නිදාගන්නත් නෑ අයියයි අක්කියි ගෙදර ආවහම.. අපි යන්කෝ චූටි සාලෙට"

ඔන්න දැන් තමයි සෙල්ලම් කරන වෙලාව, අයියා තමයි හොද, අක්කි අල්ලනවට මම ආස නෑ එයා මිරිකනව මාව... ඒත් එයත් ගොඩාක් ආදරෙයි මට..හරියට තාම ඇවිදගන්න බෑනේ.. නැත්නම් මම දනී කරන වැඩ..

අමාරුවෙන් හරි පුටුවට නැගල මේසෙට නැග්ගොත් ඒක උඩ තියන ඒවා අදින්න පුලුවන්.. පුටුවට නම් නැගගත්තා මේසේට.....

"චූටි කොහෙද ඔය නගින්නේ? අයියටයි අක්කටයි දෙන්නටම වඩා පන්ඩිත ආච්චියෙක් මේක, දෙන්න ඕනි දෙකක් උඩවල් වල නගිනවට"

ඔය ආවේ වෙලාවටම අපරාදේ තව ටිකක් වෙලා ගියානම් මම නගිනවා මේසෙට චික් .. මොනව කරන්නද..
ඔන්න ගේනවා ඉතින් කවන්න... කනවා කියලත් ඔහොම කන්න පුළුවන්ද? අනේ මන්දා ඒකත් කමුකෝ ඉතින්...

ආපහු සෙල්ලම තමයි ඉතින්.. දැන් 4යි.. ඔන්න නිදිමතක් එනවා... කොහෙද මෙයාලගේ සද්දෙනේ.. ඔන්න ඔහේ තව පොඩ්ඩක් ඉන්නවා අම්මයි තාත්තයි දෙන්නත් එනවනේ. දෙන්නත් බලලම නිදාගන්නවා...


කෝ බලන්න කවුද දොර ඇරියේ? අහා නදිනි පුංචි... හරි ශෝක් පුළුවන් තරම් හයියෙන් දණගාගෙන යන්න ඕනි... මට තාම හරියට දුවා න්න බෑ නේ..

"ඔය ආවේ චූටිගේ බවුන්සර් එක, අනේ අතට අරගෙන පුරුදු කරන්න එපා පුතේ, දවල්ට එහෙම කරදරේ එතකොට"

ආච්චි නම් දැම්මොත් බාල්දියක්මයි..දැන් නම් ඉතින් ඇඩුවේ නැත්නම් පුංචි කීයටවත් වඩා ගන්නේ නෑ.. එහෙනම් ඔන්න පටන් ගත්තා..

එකායි, දෙකායි, තුනායි...
"පෙනේද කපටිකම? අඩන්න ගත්ත ලස්සන? දැන් ඉතින් අතේ තියාගෙන ඉන්න එකයි පුංචිම"

මෙයා මාව වඩාගෙන විතරක් ඉන්නේ නෑනේ..උඩ දානවා නටවනවා ඒකනේ මම අඩල හරි එයා අතටම යන්නේ..



"දැන් කන වෙලාව" ආච්චිට ඔය වෙලාව විතරයි හරියට මතක තියෙන්නෙ මම හිතන විදිහට, පුංචිත් මාව බස්සල ගියා, අම්මත් වැඩ අර දෙන්න නිදාගන්නෙත් නෑ,. දෙන්න නිදාගත්තම තමයි මට වැඩ පෙන්නන්න අවස්ථාවක් උදාවෙන්නේ...

කාලා ඉවරයි.. ඔන්න ආපහු උස්සගෙන යනවා ඇග හෝදවන්න...
දැන් ඉතින් ආපහු කොට් එකේ තමයි..ඔන්න දවස ගෙව්න ඉක්මන..


.ලි. අක්කිගේ පොඩිම කෙල්ලට හරියටම අවුරුද්දයි..යන්තමින් ඇවිදිනවාහිනාවෙනවා එහෙම අඩුයි.. ගිය සතියෙ දවසක එයා දිහා බලන් ඉද්දි මට හිතුනා එයා මෙහෙම වෙන්න ඇති හිතන්නෙ කියලා..

හරිද දන්නෙ නෑ නේද?

වැඩේ තියෙන්නෙ එයාව කවුරුවත් වඩාගෙන ඉන්නෙ නෑ අතට පුරුදු වෙයි කියලා. මම තමයි එකම ගැලවුම් කාරයා.. මාව දැක්කම කවුරුහරි ගැහුවා වගේ අඩනවා..