අද
දවල් නිෂාන් අම්මා ගැන ලියල තිබුන පෝස්ට් එක මගේ හිතට ගොඩාක් වැදුනා. ඒකට හේතුව ගිය සතියේ අම්මි එක්ක කතා කරද්දි කියපු කතාවකුත් මතක් වෙලා මගේ හිත අවුරුදු 4, 5 ක් පස්සට ගිය එක. අම්මි ගිය සතියෙ කතා කරද්දි "පුතේ ලබන සතියේ මමයි තාත්තියි සිකුරාදා සෙනසුරාදා අයගම යනවා ලොකු අම්මිගේ දානේනේ, අවුරුද්දක් ගියා කියලා දැනුනේවත් නෑ නේද" කියලා කිව්වා..
පුංචි
කාලේ ඉදල අයියලා නැති මටයි නංගිටයි අයියලා උනේ අපේ තාත්තගේ අයියාගේ පුතාලා, එකම වාසගම නිසා තමයි අපි ගොඩාක්ම කිට්ටු උනේ.එයාලගේ අම්ම එහෙම නැත්නම් මගේ ලොකු තාත්තගේ නෝනා තමයි අම්මි “ලොකු අම්මි” කියල සදහන් කලේ. ඒ පවුලේ සේරම කොල්ලො 4 දෙනෙක්, තුන් දෙනෙක්ම මට වඩා වැඩිමල්, එක්කෙනෙක් මට මල්ලි හැබැයි නංගිට එයත් අයියා, ඒ මල්ලි වැඩිමල් උනේ නංගිට වඩා අවුරුද්දකට වගේ මතක, ඒ මල්ලි බැලුම් බෝලයක් හිරවෙලා නැතිවෙද්දි මට අවුරුදු 10ක් විතර ඇති. ඒ දවසේ ඉදන් ලොකු අම්මි, ලොකු තාත්ති ලොකු දුකක් වින්දා. විශේෂයෙන් ලොකු අම්මි.
පුංචි
එකෙක් දැක්කම එයා නිරන්තරයෙන් හඩා වැටුනා, ලොකු අම්මි නංගිට ගොඩාක් ආදරේ කරා ඒ අතර ගෑණු ලමයි නොසිටිය නිසා මටත් ඒ තරම්ම ආදරේ උනා. ලොකු අම්මි හැම වෙලේම අයියාලගේ ඔලුවට දැම්මේ මේ ඔයාලගෙම නංගිල දෙන්න එයාලව බලාගන්න ඕනි ඔය තුන්දෙනා කියන එක. ඒ කාලේදි සති අන්තවල අයියල ඇවිත් මාවයි නංගිලවයි එහේ එක්ක යන්න පුරුදු උනා. ඉතින් ඔය ගිය වෙලාවට ලොකු අම්මි නංගිව තුරුල් කරගෙන අහනවා මගේ දූට මොනවද කන්න හදන්න ඕනි කියලා. එහෙම ඇහුවම නංගි කියන ඕනි දෙයක් අයියලට හරි ලොකු තාත්තිට හරි කියල ගෙනල්ල හදල දෙන එක තමයි ලොකු අම්මිගේ ලොකුම සතුට උනේ..ඒ සති අන්ත දවස් අපි දෙන්න ඉන්නේ රාජ කුමාරිකාවන් වගේ. ඔහොම කාලේ ගෙවිල යද්දි අපේ අම්මි හදිස්සියෙන් දවසක් කතාකරා ඒ හරියටම 2008 දෙසැම්බර් 24 වගේ. ලොකු අම්මි සනීප නැතුව කොලඹ ගෙනත්, පහුවදා උදේම ගියා. බැලුවහම මොලේ ගෙඩියක්.
ඔපරේෂන්
එක කරන්න අයියලට අත්සන් කරන්න කියලා අයියලා අඩනවා හොදටම. කොහොමහරි ඔපරේෂන් එක කරා. මුලින් දොස්තරල කිව්වා එක්කො මතකය නැති වෙයි නැත්නම් පැරලයිස් වෙයි කියලා දෙවියන්ගෙ පිහිටෙන් ඒ කිසි දෙයක් උනේ නෑ. ඒත් එදා තට්ටෙ ගාල හිටිය ලොකු අම්මිව මටයි නංගිටයි ලොකු කම්පනයක් ගෙනවා. පස්සෙ සැරෙන් සැරේට අසනීප උනා, පිලිකා රෝහලේ හිටියා, එක එක ඔපරේෂන් කලා. දොස්තරල එක කෑල්ලක් අයින් කරලා පස්සෙ කියනවා නෑ දැන් අනිත් එක පැතිරිලා කියලා. ඔය වෙද්දි බැදල හිටියෙ ලොකු අයියා විතරයි. ලොකු අම්මිට ඕනි උනා දෙවෙනි අයියත් බදින්න.. ඉක්මනටම උනත් හොදම හොද අක්ක කෙනෙක් කෙනෙක් හම්බ උනා. අයියලාට සේරම තනියම කරගන්න බැරි නිසා අපි කේක් හැදුවා, කොච්චර අමාරු තිබුනත් ලොකු අම්මි ඒ වෙලාවෙදිත් අයියලාගෙන් වෙඩින් එක ගැන විස්තර අහනවා, මට සහෝදරයෝ නැති නිසා වැඩවලට රෑ වෙලා යන්න විදිහක් නෑ. ඒක කිව්වහම පොඩිම අයියා හැමදාම වැඩ ඇරිල එනවා දෙහිවලට, මං එක්ක ඇවිදිනවා හැමදේකටම. මම ඉතින් ලොකු අම්මිට කියනවා අනේ සොරි ලොකු අම්මි අයියා මගේ වැඩ නිසා ගෙදර එන්නෙ නැතුවට කියලා. ලොකු අම්මි ආදරෙන් හිනා වෙලා කියනවා අහා ඒකට මොකද අයියලා ඉන්නේ නංගිලාගේ වැඩ වලට උදව් වෙන්න තමයි ඔයාගේ වැඩ අඩුවක් නැතුව කරගන්නකො පුතේ කියල. ඔහොම හැමදේම හොදින් සිද්ද උනා, දෙවෙනි අයියාගේ වෙඩින් එකත් තිබුනා
ලොකු අම්මි ආයේ ගොඩාක් අසනීප උනා. ඒ වෙලාවෙ දොස්තරල කිව්වෙ දැන් ගර්භාශය අයින් කරන්න වෙනවා කියල. ලොකු අම්මි මහරගම නැවැත්තුවා ඔපරේෂන් එක කරපු දවසට පහුවදා ලොකු අම්මි ලග නවතින්න කෙනෙක් නෑ. ලොකු අයියාට බබාල දෙන්නෙක් එයාල අම්ම නැතුව ඉන්නේ නෑ. පොඩි අයියගේ නෝනා සනීප නෑ. අපේ අම්මිට එන්න වෙලාවක් නෑ. එදා දවල් දෙවෙනි අයියා කතා කරා. අනේ නංගි උදව්වක් කරන්න පුලුවන්ද අද රෑට අම්ම ලග ඉන්න කවුරුත් නෑ නවතින්න පුලුවන්ද ඇහුව.
ලොකු අම්මි ආයේ ගොඩාක් අසනීප උනා. ඒ වෙලාවෙ දොස්තරල කිව්වෙ දැන් ගර්භාශය අයින් කරන්න වෙනවා කියල. ලොකු අම්මි මහරගම නැවැත්තුවා ඔපරේෂන් එක කරපු දවසට පහුවදා ලොකු අම්මි ලග නවතින්න කෙනෙක් නෑ. ලොකු අයියාට බබාල දෙන්නෙක් එයාල අම්ම නැතුව ඉන්නේ නෑ. පොඩි අයියගේ නෝනා සනීප නෑ. අපේ අම්මිට එන්න වෙලාවක් නෑ. එදා දවල් දෙවෙනි අයියා කතා කරා. අනේ නංගි උදව්වක් කරන්න පුලුවන්ද අද රෑට අම්ම ලග ඉන්න කවුරුත් නෑ නවතින්න පුලුවන්ද ඇහුව.
මම
හා කිව්වෙ එක පයින්. ලොකු අම්මි මට මගේ අම්ම වගේ ඉතින් ආපහු ඒක ගැන දෙපාරක් හිතන්න දෙයක් නෑනේ. ප්රශ්නේ මට නිවාඩු නෑ. නිවාඩු අහන්නත් බෑ. ඒත් රෑට විතරක් ඉන්න පුලුවන් නම් පහුවදාට කවුරුහරි තියන්න පුලුවන් කිව්ව නිසා මම අයියාට එන්න කිව්වා හවස ඔෆිස් එක ලගට එතනින් ගෙදරට ගිහින් ඇදුම් එහෙම අරගෙන මහරගමට ගියා. එදා එලිවෙනකන් මම හිටියා ලොකු අම්මි ලග, පලවෙනි වතාව එහෙම ලෙඩෙක් ලග මම හිටිය, එදා රෑ එලිවෙනකන් මම ලොකු අම්මිව සැරෙන් සැරේ ටොයිලට් ගෙනිච්චා, ලොකු අම්මි මගේ බෙල්ලෙ එල්ලෙනවා මම අමාරුවෙන් ලොකු අම්මිව වීල් චෙයාර් එකට දාගන්නවා, සේලයින් එහෙම අරගෙන ටොයිලට් ගෙනිහින් ලොකු අම්මිව හෝදලා ආපහු ගේනවා. එලිවෙනකන් 5 සැරයක් විතර ගියා. ඔහොම ඉදල ලොකු අම්මි සෑහෙන්න හොද උනා. ආපහු අමාරු උනේ ගිය අවුරුද්දේ ගිය අවුරුද්දේ මාර්තු මාසෙ
3 වෙනි සතියෙ දොස්තරල කිව්වා දැන් නම් බේරගන්න බෑ, ආපහු ගේන්න එපා මෙහෙට කියලා. එතකොට
දෙවෙනි අයියව නම් බේරගන්නම බැරි උනා. අඩනවා ඉවරයක් නැතුව. පස්සෙ එයාම තනියම ගිහින්
සිංහල වෙද මහත්තයෙක්ගෙන් බෙහෙත් ගෙනාවා. ඒ ගෙනාපු දවසේ පලවෙනි වතාවට ලොකු අම්මි අසනීප
උනායින් පස්සෙම මමයි නංගි ෆෝන් එකෙන් ලොකු අම්මිගෙන්ම කොහොමද කියල අහන්න කතා කරා වෙනදට
අපි දවස් 2, 3 කට සැරයක් අයියලට කතා කරලයි විස්තර අහන්නෙ. එදා ලොකු අම්මිටම කතා කරා.
ගොඩාක් වෙලා හිනා වෙවි කතා කරල තියල හරියටම සතියයි ලොකු අම්මි නැති උනා. දවස් දෙක තුනක්
ඉස්පිරිතාලේ ඉදල තියනවා ඒත් අමාරුවක් නැති නිසා ලොකු අයියා අනිත් දෙන්නටත් එන්න එපා
කියලා. මොකද කවුරුවත් හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට නැති වෙයි කියලා.
හෙටට
ලොකු අම්මි නැතිවෙලා අවුරුද්දක්. මේ ලියන මොහොතෙත් පුතේ කියලා කතා කරන ලොකු අම්මිගේ
කටහඩ ඇහෙනවා වගේ.
නිෂාන්ගේ
කතාව ඇහුවහම මට මතක් උනා ඔය දේවල් සේරම. හැබැයි එක දෙයක් අර ලොකු අම්මි ලග මම හිටපු
එක රෑ මගේ ජීවිතේට ලොකු දෙයක් උනා. මොකද ඒක කරන්න බැරිඋනා නම් මම ජීවිත කාලේම ඒකට දුක්
වෙයි. මොකද අන්තිම දවස් ඉස්පිරිතාලේ ඉදල යන්න බැරි උන එක මම තාමත් විදවනව..
ලොකු
අම්මිගෙන් මම ලබපු ආදරේ ජීවිතේ තියන තුරාවට මට මතක තියනවා, ඒ වගේම ලොකු අම්මි නිසා හම්බ උන අයියලා තුන් දෙනා මටත් මගේ නංගිටත් ගොඩාක් වටිනවා. දැන් අයියලා අපිට විහිළු කරද්දි අපේ පැත්තට කතා කරන්න කවුරුත් නෑ ලොකු අම්මි, දැන් එහෙ යනකොට කෑම හදාගෙන මග බලාගෙන ඉන්න කවුරුත් නෑ. ආපහු එන්න වදිනකොට ආපහු ඉක්මනට එන්න කියන්න කෙනෙක් එහෙ නෑ. කොහේ හරි මගුල් ගෙදරකදි හම්බ වෙලා අද කෙල්ලො දෙන්න අපේ ගෙදර ගෙනිහින් හෙට එවන්නම් නංගි කියලා අම්මිගෙන් අහන්න අද කවුරුත් නෑ. පුතේ පුංචිට කියල අද නංගිල මෙහෙ ගේන්න කියල අයියලට කියන්න කවුරුවත් නෑ. ලොකු අඩුවක් දැනෙනවා ලොකු අම්මි,
ලොකු
අම්මිට නිවන් සුව පතනවා !!!!!!
ඇයට නිවන් සුව අත්වේවා..
ReplyDeleteඅද ඇයව මතක් වෙනවා වැඩි...
Deleteහ්ම්ම්ම්ම්ම්ම්.... හැමෝම අපිව දාලා යනවා.. සමහරුන්ගෙ වෙන් වීම අපිට එච්චර දැනෙන්නෙ නෑ... නමුත් තවත් සමහර අයගෙ වෙන්වීම අපිට ජීවිත කාලය පුරාම දැනෙනවා.............
ReplyDeleteලොකු අම්මි නැති අඩුව නම් මේ අවුරුද්ද පුරාම දැනුනා, අයියලා කතා කරද්දිත් හැම වෙලේම...
Deleteහරිම සංවේදී සටහනක්.......
ReplyDeleteඅපට ආදරේ කරන අය ඉක්මණින් අපෙන් ඈත් වෙනව...
එයාලා එන්නෙ එයාලගෙ අගය අපට කියල දීල, අපේ හිත් වල සතුට පුරවල ඉක්මණින් යන්න වෙන්න ඇති.
ඔයාගෙ ලොකු අම්මට නිවන් සුව පතනව...
ඉස්සර අපි යන්න ආසම තැන ලොකු අම්මිලා ගෙදර, ලොකු අම්මිගේ ආදරේ විදල, හැම වෙලේම ආස දේවල් කාල, සති අන්තෙ විනෝදයෙන් ගත කරල එනවා..පුදුමේ කියන්නෙ ඇය ඇගේ නංගිලාගේ දුවලටත් වඩා අපිට ආදරේ කරපු එක..
Deleteගොඩක්ම සංවේදීයි අක්කේ..සමහර මිනිස්සු අපේ ජීවිතවල කොටස් කාරයෝ වෙන්නේ හරි පුදුම විදිහට. ලොකු අම්මට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා
ReplyDeleteඔව් ලොකු අම්මි අපේ ජීවිත වල ලොකු තැනක හිටියා, ඒ වගේම මගේ හස්බන්ඩ්ට උනත් ගොඩාක් ආදරේ කරා, ඇය නැති වීම නම් ලොකු අඩුවක්..
Deleteකෙනෙක් උපදිනකොට එයා ගැන කියන්න පුලුවන් එකම දේ කවද හරි මැරෙනව කියල විතරයි. ඒ වගේම මට නම් මේ ලෝකෙ විශ්වාස කරන්න පුලුවන් එකම දේ මරනය විතරයි.
ReplyDeleteදුක් වෙලා වැඩක් නෑ. හිත හදා ගමු නේද
ඔව් මරණය අපි හැමෝටම උරුමයි, ඒත් ඉතින් ලගම කෙනෙක් මෙහෙම මැරුනම දරාගන්න අමාරුයි..
Deleteඔයා අර මගේ කතාවෙදි කිව්වේ ඔය අයියලා ගැන නේ....
ReplyDeleteඔව් හිරුවෝ...
ReplyDeleteහයියෝ, නදිනිගේ මල්ලි කෙනෙක් බැලුම් බෝලයක් හිරවෙලා නැතිවුනාද? ඒ කියන්නේ පුම්බනකොට පුපුරලා කට ඇතුලට ගිහින් උගුරේ හිරවෙන්න ඇති. හරිම කණගාටුදායකයි.
ReplyDeleteඅන්තිම දුක හිතෙන කතාවක් වුනත් ඔච්චර හොඳ නෑදෑයෝ ඉන්න එක ගැන සතුටුවෙන්න නදිනි. ඒක කලාතුරකින් ලැබෙන වාසනාවක්.
මමත් තාත්තා නැතිවෙනකල්ම තාත්තා ලඟ හිටියා ඉස්පිරිතාලේ, මගේ මල්ලියි මස්සිනයි එක්ක මාරුවෙන් මාරුවට.
ඒක බැලුම් බෝලෙ පුම්බන කොට කට ඇතුලට ගිහින් නෙමෙයි අයියේ, අර ඉස්සර අපි බැලුම් බෝලේ පිපිරුනාම ඒකෙ පොඩි කෑලි වලින් තව බෝල පුම්බන්නෙ, එහෙම කරන්න ගිහින් ලොකු අම්මිට කෑගහන සද්දෙ ඇහිල එද්දිත් මල්ලිට සිහිය නැහැලු. දැන් අපේ පවුල් වල කිසිම දේකට බැලුම් පාවිච්චියක් නෑ.
Deleteනෑදෑයෝ හැමෝම ගැන පැහැදීමක් නැතත්, ලගින්ම ඉන්න අය ගැන නම් හරිම සන්තෝසයි..
ඇයට නිවන්සුව අත්වේවායි පතමි...
ReplyDeleteඅපි කවුරුත් මේ ලෝකෙට ගෙනාපු ආයුෂ ඉවර උන ගමන් එලොවට යන්න වෙනව.
ප්‍රශ්නය කාලයයි.
ඒක නම් ඇත්ත..
Deleteහිත පතුලටම වැදුණු පෝස්ට් එකක්. ලොකු අම්මිව මැවිලා පෙනුණා.
ReplyDeleteලොකු අම්මිට නිවන් සුව පතනවා!!!!
ලොකු අම්මි 2008 ට කලින් නම් හොද නිරෝගි ඇගක් තිබුන උසට හරියන්න මහත තිබුන කෙනෙක්. මම අදටත් ලොකු අම්මි මවාගන්න කැමති එහෙම. පස්සෙ තට්ටෙ ගාල, බොහොම අසරණ වෙලා හිටිය හැටි මතක් වෙද්දි නම් ගොඩාක් දුකයි.
Deleteසමහරුන්ගේ වෙන්වීම අපිට හුගාක් දැනෙන්නේ අපි ඒ අයට හුඟාක් ලග නිසා.. ඒ මතකය හැමදාම තියේවි..
ReplyDeleteලොකු අම්මට නිවන් සුව පතනවා..
ඔව් මල්ලි, එහෙ ගියාම නංගි මමයි පුටුවක වාඩි වෙන්නෙ කලාතුරකින්, මම ලොකු තාත්තිගෙ උකුලෙත්, නංගි ලොකු අම්මිගෙ උකුලෙත් තමයි වාඩි වෙන්නෙ. ලොකු අම්මි කාට හරි අපි ගැන සදහන් කරෙත් අපේ කෙල්ලො දෙන්න කියල. අම්මි නම් වෙලාවකට බනිනවා ලොකු අම්මි, ලොකු තාත්ති තමයි මේ දෙන්න හදාගන්න දෙන්නෙ නැත්තෙ කියල..
Deleteඔන්න මල්ලො සාදරයෙන් පිලිගත්තා... දැන් කැදලි තනන්න ලගයි නේද?
ඇස් දෙකට කඳුලු ආව...!
ReplyDeleteහොඳ මිනිසුන් ඉක්මනට දෙවියන් ගාවට ගෙන්න ගන්නවාලු...!
හිතාගන්න බෑ වෙන මොනව කියන්නද කියල...සංවේදී වැඩිකමට..
ඒකනම් ඇත්ත, අනිත් අයට කරදර කර කර ජීවත් වෙන මිනිස්සුන්ට වඩා ඉක්මනට හොද මිනිස්සුව දෙවියො ලගට ගන්නවා
Deleteසමීපතමයින් වෙන් වුනාම දුකයි තමයි.. සමහර වෙලාවට හීනයක් වගේ.
ReplyDeleteනදිනිගේ ලොකු අම්මිට නිවන් සුව පතනවා..!
ලොකු අම්මි නැති උන එක නම් හීනයක් වගේ තමයි, මට හිතාගන්න බෑ අයියල කොහොම දරාගත්තද කියලා.
Deleteමම මේක කියෙව්වේ කොටස් කීපයකට නදිනි..
ReplyDeleteමගේ දෙවෙනි ලොකු තාත්ත ඔහොමයි..පව් ඉස්සර
ආවම කරන කියන දේවල් මතක් උනා මටත්...
හරිම සංවේදී පෝස්ට් එකක්...අපේ මතකත් හාර අවුස්සන්
එනවා....
දැන් එහෙ පාලු වෙලා ගිහින් අයියලත් එක එක තැන්වල වැඩ ඉතින් ලොකු තාත්ති තමයි පව්.. අනේ මන්දා ජීවිතේ..
Deleteපියෙහි විප්පයෝගෝ දුක්ඛෝ කියලා කියලා තියෙන්නේ ඒකනේ....
ReplyDeleteලොකු අම්මාට නිවන් සුව....
ඒකනම් හොදටම දැනුන වෙලාවක් තමයි මේක..
Deleteඅක්කගේ කතාව කියවද්දී මට තව කතාවක් මතක් වුනා.අපේ අම්මා ඉස්පිරිතාලේ ඉද්දි ගෙනාව තව ගෑණු කෙනෙක්ව.එයාට හරියට සිහියක් නැහැ නිකන් පිස්සුවෙන් වගේ තමා වාට්ටුවේ හිටියේ.එයාටත් සීනි හැබැයි ඕවර් ගිහින් කකුල් දෙකේ පනුවෝ ඉඳලා අහුවෙලා තමා ගෙනල්ලා තියෙන්නේ.ඒ ගෑනු කෙනාට ඉන්නේ සැමියයි පොඩි පුතෙකුයි විතරයි.
ReplyDeleteඑයාගේ සැමියා වැඩට යන නිසා ළඟ තියන්න කව්රුත් නැහැ පුතාත් පොඩි වැඩියි මම හිතන්නේ අවුරුදු නවයක් වගේ ඇති පොඩි එකාට.ඒ ගෑණු කෙනාව තනියෙන් තියන්නත් බැහැ එයාට කිසි දැනීමක් හැඟීමක් නැහැ ඒක නිසා තුවාල තියෙන කකුල් වලිනුත් එහාට මෙහාට ඇවිදිනවා.එයා ගාව කකුල් කුණුවෙලා මාර ගඳක් හමන්න ගත්තා.එයා ගාව නැවතෙන්න ආවේ හරියටම නෙහාර පිරිස් වගේ ගෑණු ළමයෙක්.එයා ගොඩක් පෝසත් වගේ පෙනුමෙන්.ඒ ගෑනු කෙනාගේ ඥාති දුවෙක්.
ඒ වගේ වෙන ගෑනු ළමයෙක් නම් ඒ වගේ ගඳ ගහන කෙනෙක් ගාව ඉන්න එකකුත් නැහැ.ඒ වුනාට ඒ ගැහැණු ළමයා සෑහෙන්න කැපවීමක් කරා එයාගේ නැන්දා වෙනුවෙන්.ඔය වගේ දේවල් වලින් කවදාවත් ඔයාලට වරදින එකක් නැහැ අක්කා අර කට්ටිය මටත් කිව්වා වගේ.
මට අයියල ඉන්න පුලුවන්ද කියල අහපු වෙලාවෙ මම පිනක් කරගන්න යනවා කියලා නම් හිතුනෙ නෑ, මට හිතුනෙ ලොකු අම්මි, අයියල පව් කියල විතරයි. එදා රෑ එලිවෙනකන් අයියල කෝල් කරා, SMS කරා ඒ වෙලාවෙ තමයි මට දැනුනෙ මම ලොකු වැඩක් කරේ කියල, ඒ හැම SMS එකේම තිබුනෙ නංගි ඔයා මේ කරපු දේ අපි කවදාවත් අමතක කරන්නෙ නෑ. ඔයාට ගොඩාක් පිං කියලා.
Deleteහමු වීම වෙන්වීම මේ ලෝක තලයේ සැමටම පොදු ධර්මතාවක්. හමුවීමේදී සතුටත් වියෝවේදී දුකත් අප පිළිගත යුතුයි. සසර වසනා ජාති දක්වා මේ දෙවර්ගයේ සිතුවිලි කෙතරම් වාර ගනනක් අප හද පෙලාවිද...
ReplyDelete