Showing posts with label නදීගේ ගෙදර අය. Show all posts
Showing posts with label නදීගේ ගෙදර අය. Show all posts

Sunday, January 18, 2015

නංගි Girl


අද උදේ නිකමට වගේ දුකා අයියාගේ බ්ලොග් එක පැත්තේ කරක් ගැහුවේ පොත් ගැන දුකා අයියා දාපු සටහන් ටිකක් කියවන්න. අතරෙදි දැකපු පෝස්ට් එකක් කියවන්න ගියාම ඇස් දෙකට කදුළු පිරුනේ මටත් සමානම අත්දැකීමක් තියන නිසා. පෝස්ට් එක තමයි කරදරකාර නංගී.

ජීවිතේ වැටෙන වෙලාවට නැගිටින්න,  හිත සැහැල්ලු වෙලාවට උඩ පැන පැන නටන්න, ඔය හැමදේටම මටත් ඉන්නවා නංගියෙක්. ලස්සනම බෝනික්කියෙක්.

ඇත්තටම අම්මි, තාත්ති හැරුනාම මගේ ජීවිතේ මේ තරම් නැගිටින්න මගේ ලගින් හිටියේ නංගි. වයසින් අවුරුදු 6ක් බාල නිසා පුංචි කාලේ නම් අපි අතරේ තිබුනේ නොගැලපීමක්. මම සෙල්ලම් කරන කාලෙදි ඇය සෙල්ලම් වලට එකතු වෙන්න බැරි තරම් පුංචි වීමත් ඇය සෙල්ලම් කරන කාලේ වෙද්දි මම සෙල්ලම් කරන කාලේ පහුවෙලා තිබීමත් ඒකට හේතු වුනා. 

ඒ කාලේදි පුංචි පුංචි දුෂ්ට වැඩත් මගේ අතින් නොකෙරුනාම නෙමෙයි. ඉස්කෝලෙට පය තියන්නත් කලින් ඇය අකුරු කියවන්න ලියන්න පුළුවන් කරවන්න මට ඕනි වුනා. ඉතිං මගේ පොඩි මේසේ තියාගෙන බැන බැන අකුරු උගන්නද්දි ඇස් වලින් වැටෙන කදුළු ඇය හිරකරගෙන ඉන්න හැටිත්, බැරිම වුනාම අම්මි දිහා බලල කට ඇඹුල් කරන හැටිත් මට මැවිලා පේන්නේ සිද්ධි අද ඊයේ වුනා වගේ.

අවුරුදු 2 1/2 වගේ පොඩි කාලෙදි ලොකු කහ කුරුල්ලා බස් එකකට අඩ තියන්න නංගි උත්සාහ කරපු සිද්ධියත් මගේ ජීවිතේ අමතක නොවන දෙයක්. හීරීම් හැර වෙන ලොකු තුවාල නැතිව ඇගේ ජීවිතේ බේරීම අදටත් හාස්කමක්.

දවස් වල ගෙදර අපි දෙන්නගේ කාමරේ ඇදවල් දෙකට වෙලා රෑ වෙනකන් අපි දෙන්න කුටු කුටු ගාන්නේ පොඩ්ඩක් හරි ඇහිච්ච ගමන්මොකද මේ සද්දේ දෙන්නගේ නිදාගන්නේ නැද්ද” කියලා අම්මිගේ නෝක්කඩුව ඇහෙනකන්.

වයසින් වැඩිවෙද්දි අපි දෙන්න යාළුවෝ වගේ වුනේ විදිහට. දැන් උස, මහත, වගේම කකුලේ ප්රමාණයත් අපි දෙන්නගේ එකමයි. නිසා මම නිවාඩුවට යද්දි ඇදුම් ගෙනියන්නේ බොහොම සීමිතව. වගේම මම ගෙනියන ඒවා නිවාඩුව ඉවරවෙනකන් පාවිච්චි කරන්නේ නංගි

මම වගේ කච කච ගාගෙන කඩේ දාගෙන නොහිටියට නංගී තමයි පවුලේ හැමෝගෙම ආදරේ වැඩියෙන්ම ලැබුන කෙනා. අම්මිගේ පැත්තෙන් ගත්තත්, තාත්තිගේ පැත්තෙන් ගත්තත් ඇය ගොඩාක් ආදරයට වගේම හුරතලයටත් පාත් වෙච්ච කෙනෙක්. වටේ වැඩිය යාලුවෝ නැති කෙනෙක්. වගේම තමන්ගේ පිළිවෙලට වැඩ කරන කෙනෙක්. අනිත් අයට පේන්න බොරුවට මවාපෑම් නැති කෙනෙක්.  අදටත් නංගිට වඩා පොඩි අය පවුලේ හිටියත් හැමෝගෙම ආදරේ දිනාගෙන හුරතල් වෙන්නෙ නම් මෙයා තමයි. රස්සාවක් කරත්, තාමත් අම්මිගේ චූටි පුතා, තාත්තිගේ චූටි බබා වගේම පුංචිලා තාමත් එක එක නම් කියනවා. පැටී, පැටියා, චුට්ටං, චොක්කා ඔය කියන නම් වලින් කිහිපයක්.

නංගිගේ යාලුවෝ අවුරුදු 15 කින් වගේ වෙනස් වෙලා නෑ. කියන්නේ අවුරුදු 10 දි වගේ යාළුවෝ වෙච්ච කට්ටියම තමයි අදටත් ඉන්නේ. සමහරු ලංකාව හැර ගිහින් ඒත් එයාලගේ යාළුකම තාමත් විදිහටම පවතිනවා. එතනෙ විශේෂම දේ ඔය යාළුවෝ ගොඩේ කිසිම දවසක මම පිරිමි ළමයෙක් දැකලා නෑ. බොහොම ලගදි දවසක නංගිගේ හොදම යාළුවගේ වැඩකට අපි ගියාම එත හිටිය පිරිමි ළමයෙක් එක්ක නංගි හිනා වෙලා කතා කරා. මම ඇහුව කවුද කියලා. "යාළුවෙක්” නංගි කිව්වා. එදා තමයි පලවෙනි වතාවට නංගිගෙ පිරිමි යාළුවෙක්ව මම දැක්කේ. වෙලාවෙම මම මල්ලිට කිව්වා ඔයා තමයි මම දැකපු අපේ නංගිගේ එකම වගේම පළවෙනි පිරිමි යාලුවා කියලා, එතකොට මල්ලි කියනවා ඉතිං අක්කේ අදමනේ මෙයා මං එක්ක කතා කරෙත්"

මෙහෙන් යන ඕනි කෙනෙක් අතේ මම නංගිට ඕනි දෙයක් යවනවා, වැඩියෙන් යවන්නේ සපත්තු. ඒත් ගමනක් යන්න ගියාම හතරවටේ දුවන්නේ “මට දාන්න ෂූස් නෑනේ” කියන ගමන්. එතකොට තාත්ති බනිනවා "මේ ළමයට අර ජයලලිතාට වගේ සපත්තු තියනවා ඒත් නෑ කියනවා" කියලා. එතකොට නංගි කියන්නේ "ඒකනේ එකක් දෙකක් තිබුනනම් හරිනේ දැන් තෝරන්න ගියාම කරදරයිනේ"

පුංචි කාලේ නංගි බෝනික්කියෙක් වගේ ලස්සනයි. නංගි 1 වසරට ඇතුල්කරාම මම තමයි උදේට එයාව පංතියට ගිහින් දාන්නේ. මගේ පන්තියට ඇවිත් මගේ යාළුවන්ගේ හුරතල් විදල යන නංගිගෙ අත මම එයාව පන්තියේ තියනකන් අත අරින්නේ නෑ. අම්මිගේ හැඩ හුරුවයි, තාත්තිගේ පාටයි එක්ක මිශ් වෙච්ච නංගි අද හුගාක් ලස්සන යුවතියක්. හරි වැරද්ද තේරෙන ඉහලට ඉගෙන ගත්ත, හොද රස්සාවක් කරන කෙල්ලෙක්.

මම රස්සවක් කරන්න පටන් ගත්ත කාලේ ඉදලම ඇයට අවශය හැම දේම මට පුළුවන් උපරිමයෙන් ඇයට දෙන්න මම උත්සහ කරා. තවමත් විදිහම තමයි. මීට අවුරුදු 3 කට කලින් සිංහල අවුරුද්දට මම ගොඩාක් අසරණ වෙලා හිටියා, අතේ සල්ලි නැතුව,වෙන කෙනෙකුට තියා මටවත් දෙයක් ගන්න බැරුව මම ඇඩුවා. වෙලාවෙදි මම තවමත් පුංචියි කියලා හිතාගෙන ඉන්න මගේ නංගි තමයි මට ඇදුම් අරන් දුන්නේ.

තවමත් මට නම් ඇය පුංචි කෙල්ලෙක්, මගේ ලග තියන ඕනිම දෙයක් දෙන්න තරම් මගේ හිතේ ඇය ගැන තියන ආදරය දැඩියි.

පෙරේදා අපි දෙන්නටම දුක දවසක්. මම ගිය සැරේ උපන්දිනයට තෑගි දුන්න ෆෝන් එක නංගි අතින් නැතිවෙලා. “අක්කි අමාරුවෙන් අරන් දුන්නේ ඒ නිසා අක්කිට කියන්න බෑ” කියලා ඉකිගහ ගහා අඩනවා. මම කතාකරද්දිත් ගොඩාක් අඩන ගමන් “සොරි අක්කි මගේ අතින් ෆෝන් එක නැති වුනා” කිව්වෙ මගේ හිතම කඩා වට්ටන ගමන්. ඒ වෙලාවේ මට කතාරගන්න බැරි වුනේ ෆෝන් සීයක් නැතිකරත් මගේ නංගිට ප්‍රශ්නයක් නැතිනම් මට ඒක ප්‍රශ්නයක් නොවන නිසා.
පාඩම් පොතක් ඇරෙන්න වැරදිලාවත් පත්තරයක්වත් නොකියවන නිසා මේක බලන එකක් නම් නෑ.

ඒත් මගේ Nangi Girl, ඔයාට තමයි Akki Girl ගේ හැමදේම හැමදාම.

Saturday, August 24, 2013

මට නමක්....



නැන්දේ මාමේ,

ඔන්න මම ආවා, ආවේ 21 වෙනිදා දවල් 12 හරියටම. ලොකු අම්ම කලින්ම දැම්මනේ මම නිකිණි මාසේ එනවා කියලා, එතකොට සහන් මාමා මට නිකිණි කියලා නමකුත් දැම්මා... ඒත් අනේ මගේ වෙලාව බැලුවලු ආච්චියා.. එතකොට දුන්නෙ නෑලු අකුර...

ඉතින් ඔන්න මට ඉක්මනටම නමක් ඕනි.. අකුරු ටික තම ඔය පල්ලෙහා තියෙන්නේ,

ක, ග, ගො, ස, ෂ, සි, සු

හැබැයි ඉතින් අපේ අම්මට නමේ තේරුමත් ඕනිලු... නිසා නැන්දලා මාමලා නම් එවද්දි තේරුමත් එවනවද?
ඉතින් බොහොම ස්තූතියි හොදේ...


ලොකු  අම්මා කැමති නෑ මගේ පින්තූරයක් දාන්න... ලොකු වෙච්ච දවසක මම තනියම දාන්නම්කො...

Tuesday, June 18, 2013

මගේ පුංචි හිත...


වෙලාව උදේ 9 යි...
දැන් කොයි වෙලාවෙ ඉදන්ද මම ඉන්නෙ මේ කොට් එකට වෙලා.. කවුරුවත් ආවේ නෑ මාව ගන්න.. අඩනකම්ම ඉන්නවා. එයාලට නම් මොකද කකුල් දිගයිනේ.. එහෙම උනානම් කොට් එකෙන් පැනල යන්න තිබුනා.. මම දන්නවා ආච්චි හොදට පොතක් කියවනවා ඇති. කාන්ති ආන්ටි නම් කුස්සියට රිංගගෙන ඇති.. ඔන්න ඇහෙනවා කවුරුහරි එනවා.. කමක් නෑ උදේම ඔරවගෙන ඉන්න බෑනේ.. හිනාවෙලා ඉන්නවා..

"අනේ නැගිට්ටද චූටි? ඇඩුවෙ වත් නෑනේ ගුඩ් ගර්ල්...එන්නකෝ යන්න සාලෙට." දැක්කනේ ආච්චි ශේප් වෙච්ච ලස්සන..

වෙලාව උදේ 10යි
කෝ මේ කට්ටිය, මාව සාලේ මද්දෙ  තියල වටේටම සෝෆා හරස් කරල මට කාටූන් එකක් දාලා එයාලා එයාලගේ වැඩ.

තව ටිකකින් මොනවහරි උස්සගෙන එයි ආච්චි කවන්න කියලා, මම මේ ට්රයි කරන්නෙ කොහොමහරි ටී වී එක ලගට යන්න විදිහක් හොයාගන්න.. කොහෙද තාම මගේ කකුල් දෙක දිග නෑනේ.. ඔන්න ඔන්න එනවා, දැන් මෙලෝ රහක් නැති එකක් කවයි ඉතින්..

අම්මේ කාලා ඉවරයි, දැන් වොශ් දාන වෙලාව. ඒකට නම් මම ආසයි.. වැඩේ තියෙන්නෙ ඇග හෝදල හරි නාල හරි ඉවර වෙද්දිම මට ඉවසගන්න බැරි නිදිමතක් එන එකනේ.. ඒකෙන් වෙන්නෙ ඇදුම දාන්න ගියාම ආච්චි එක්කත් තරහ වෙලා තමයි නිදාගන්න වෙන්නේ...


අම්මෝ වතුර ගෑවෙද්දි සනීපෙ... වතුරෙම බැහැල ඉන්න තියන්වා නම් කොයි තරම් හොදද..
හප්පෝ නිදිමත.. ඔය ඇදුම් ඕනි නෑ ආච්චියේ, නිදාගන්න දෙන්නකෝ...

වෙලාව දවල් 12 යි...
ඔය ඇහෙන්නෙ සද්දේ දෙන්නම ගෙදර ඇවිත්. කොච්චර උනත් අයියයි අක්කියි නැති උනාම පාළුයි... දැන් නම් අඩලම තමයි කාමරෙන් යන්න වෙන්නෙ. නැත්නම් තව පැයකට ආච්චි එන්නෙ නෑ මාව ගෙනියන්න,..
.
ඔය එන්නෙ දුවගෙන... "අයියෝ බලන්නකෝ ඉතිං මේ චූටිට නිදාගන්නත් නෑ අයියයි අක්කියි ගෙදර ආවහම.. අපි යන්කෝ චූටි සාලෙට"

ඔන්න දැන් තමයි සෙල්ලම් කරන වෙලාව, අයියා තමයි හොද, අක්කි අල්ලනවට මම ආස නෑ එයා මිරිකනව මාව... ඒත් එයත් ගොඩාක් ආදරෙයි මට..හරියට තාම ඇවිදගන්න බෑනේ.. නැත්නම් මම දනී කරන වැඩ..

අමාරුවෙන් හරි පුටුවට නැගල මේසෙට නැග්ගොත් ඒක උඩ තියන ඒවා අදින්න පුලුවන්.. පුටුවට නම් නැගගත්තා මේසේට.....

"චූටි කොහෙද ඔය නගින්නේ? අයියටයි අක්කටයි දෙන්නටම වඩා පන්ඩිත ආච්චියෙක් මේක, දෙන්න ඕනි දෙකක් උඩවල් වල නගිනවට"

ඔය ආවේ වෙලාවටම අපරාදේ තව ටිකක් වෙලා ගියානම් මම නගිනවා මේසෙට චික් .. මොනව කරන්නද..
ඔන්න ගේනවා ඉතින් කවන්න... කනවා කියලත් ඔහොම කන්න පුළුවන්ද? අනේ මන්දා ඒකත් කමුකෝ ඉතින්...

ආපහු සෙල්ලම තමයි ඉතින්.. දැන් 4යි.. ඔන්න නිදිමතක් එනවා... කොහෙද මෙයාලගේ සද්දෙනේ.. ඔන්න ඔහේ තව පොඩ්ඩක් ඉන්නවා අම්මයි තාත්තයි දෙන්නත් එනවනේ. දෙන්නත් බලලම නිදාගන්නවා...


කෝ බලන්න කවුද දොර ඇරියේ? අහා නදිනි පුංචි... හරි ශෝක් පුළුවන් තරම් හයියෙන් දණගාගෙන යන්න ඕනි... මට තාම හරියට දුවා න්න බෑ නේ..

"ඔය ආවේ චූටිගේ බවුන්සර් එක, අනේ අතට අරගෙන පුරුදු කරන්න එපා පුතේ, දවල්ට එහෙම කරදරේ එතකොට"

ආච්චි නම් දැම්මොත් බාල්දියක්මයි..දැන් නම් ඉතින් ඇඩුවේ නැත්නම් පුංචි කීයටවත් වඩා ගන්නේ නෑ.. එහෙනම් ඔන්න පටන් ගත්තා..

එකායි, දෙකායි, තුනායි...
"පෙනේද කපටිකම? අඩන්න ගත්ත ලස්සන? දැන් ඉතින් අතේ තියාගෙන ඉන්න එකයි පුංචිම"

මෙයා මාව වඩාගෙන විතරක් ඉන්නේ නෑනේ..උඩ දානවා නටවනවා ඒකනේ මම අඩල හරි එයා අතටම යන්නේ..



"දැන් කන වෙලාව" ආච්චිට ඔය වෙලාව විතරයි හරියට මතක තියෙන්නෙ මම හිතන විදිහට, පුංචිත් මාව බස්සල ගියා, අම්මත් වැඩ අර දෙන්න නිදාගන්නෙත් නෑ,. දෙන්න නිදාගත්තම තමයි මට වැඩ පෙන්නන්න අවස්ථාවක් උදාවෙන්නේ...

කාලා ඉවරයි.. ඔන්න ආපහු උස්සගෙන යනවා ඇග හෝදවන්න...
දැන් ඉතින් ආපහු කොට් එකේ තමයි..ඔන්න දවස ගෙව්න ඉක්මන..


.ලි. අක්කිගේ පොඩිම කෙල්ලට හරියටම අවුරුද්දයි..යන්තමින් ඇවිදිනවාහිනාවෙනවා එහෙම අඩුයි.. ගිය සතියෙ දවසක එයා දිහා බලන් ඉද්දි මට හිතුනා එයා මෙහෙම වෙන්න ඇති හිතන්නෙ කියලා..

හරිද දන්නෙ නෑ නේද?

වැඩේ තියෙන්නෙ එයාව කවුරුවත් වඩාගෙන ඉන්නෙ නෑ අතට පුරුදු වෙයි කියලා. මම තමයි එකම ගැලවුම් කාරයා.. මාව දැක්කම කවුරුහරි ගැහුවා වගේ අඩනවා..