වෙලාව
උදේ 9 යි...
දැන්
කොයි වෙලාවෙ ඉදන්ද මම ඉන්නෙ මේ කොට් එකට වෙලා.. කවුරුවත් ආවේ නෑ මාව ගන්න.. අඩනකම්ම ඉන්නවා. එයාලට නම් මොකද කකුල් දිගයිනේ.. එහෙම උනානම් කොට් එකෙන් පැනල යන්න තිබුනා.. මම දන්නවා ආච්චි හොදට පොතක් කියවනවා ඇති. කාන්ති ආන්ටි නම් කුස්සියට රිංගගෙන ඇති.. ඔන්න ඇහෙනවා කවුරුහරි එනවා.. කමක් නෑ උදේම ඔරවගෙන ඉන්න බෑනේ.. හිනාවෙලා ඉන්නවා..
"අනේ නැගිට්ටද
චූටි? ඇඩුවෙ වත් නෑනේ ගුඩ් ගර්ල්...එන්නකෝ යන්න සාලෙට." දැක්කනේ ආච්චි ශේප් වෙච්ච ලස්සන..
වෙලාව
උදේ 10යි
කෝ
මේ කට්ටිය, මාව සාලේ මද්දෙ තියල
වටේටම සෝෆා හරස් කරල මට කාටූන් එකක් දාලා එයාලා එයාලගේ වැඩ.
තව
ටිකකින් මොනවහරි උස්සගෙන එයි ආච්චි කවන්න කියලා, මම මේ ට්රයි කරන්නෙ කොහොමහරි ටී වී එක ලගට යන්න විදිහක් හොයාගන්න.. කොහෙද තාම මගේ කකුල් දෙක දිග නෑනේ.. ඔන්න ඔන්න එනවා, දැන් මෙලෝ රහක් නැති එකක් කවයි ඉතින්..
අම්මේ
කාලා ඉවරයි, දැන් වොශ් දාන වෙලාව. ඒකට නම් මම ආසයි.. වැඩේ තියෙන්නෙ ඇග හෝදල හරි නාල හරි ඉවර වෙද්දිම මට ඉවසගන්න බැරි නිදිමතක් එන එකනේ.. ඒකෙන් වෙන්නෙ ඇදුම දාන්න ගියාම ආච්චි එක්කත් තරහ වෙලා තමයි නිදාගන්න වෙන්නේ...
අම්මෝ
වතුර ගෑවෙද්දි සනීපෙ... වතුරෙම බැහැල ඉන්න තියන්වා නම් කොයි තරම් හොදද..
හප්පෝ
නිදිමත.. ඔය ඇදුම් ඕනි නෑ ආච්චියේ, නිදාගන්න දෙන්නකෝ...
වෙලාව
දවල් 12 යි...
ඔය
ඇහෙන්නෙ සද්දේ දෙන්නම ගෙදර ඇවිත්. කොච්චර උනත් අයියයි අක්කියි නැති උනාම පාළුයි... දැන් නම් අඩලම තමයි කාමරෙන් යන්න වෙන්නෙ. නැත්නම් තව පැයකට ආච්චි එන්නෙ නෑ මාව ගෙනියන්න,..
.
ඔය
එන්නෙ දුවගෙන... "අයියෝ බලන්නකෝ ඉතිං මේ චූටිට නිදාගන්නත් නෑ අයියයි අක්කියි ගෙදර ආවහම.. අපි යන්කෝ චූටි සාලෙට"
ඔන්න
දැන් තමයි සෙල්ලම් කරන වෙලාව, අයියා තමයි හොද, අක්කි අල්ලනවට මම ආස නෑ එයා මිරිකනව මාව... ඒත් එයත් ගොඩාක් ආදරෙයි මට..හරියට තාම ඇවිදගන්න බෑනේ.. නැත්නම් මම දනී කරන වැඩ..
අමාරුවෙන්
හරි පුටුවට නැගල මේසෙට නැග්ගොත් ඒක උඩ තියන ඒවා අදින්න පුලුවන්.. පුටුවට නම් නැගගත්තා මේසේට.....
"චූටි කොහෙද
ඔය නගින්නේ? අයියටයි අක්කටයි දෙන්නටම වඩා පන්ඩිත ආච්චියෙක් මේක, දෙන්න ඕනි දෙකක් උඩවල් වල නගිනවට"
ඔය
ආවේ වෙලාවටම අපරාදේ තව ටිකක් වෙලා ගියානම් මම නගිනවා මේසෙට චික් .. මොනව කරන්නද..
ඔන්න
ගේනවා ඉතින් කවන්න... කනවා කියලත් ඔහොම කන්න පුළුවන්ද? අනේ මන්දා ඒකත් කමුකෝ ඉතින්...
ආපහු
සෙල්ලම තමයි ඉතින්.. දැන් 4යි.. ඔන්න නිදිමතක් එනවා... කොහෙද මෙයාලගේ සද්දෙනේ.. ඔන්න ඔහේ තව පොඩ්ඩක් ඉන්නවා අම්මයි තාත්තයි දෙන්නත් එනවනේ. ඒ දෙන්නත් බලලම නිදාගන්නවා...
කෝ
බලන්න කවුද දොර ඇරියේ? අහා නදිනි පුංචි... හරි ශෝක් පුළුවන් තරම් හයියෙන් දණගාගෙන යන්න ඕනි... මට තාම හරියට දුවා ගන්න
බෑ නේ..
"ඔය ආවේ
චූටිගේ බවුන්සර් එක, අනේ අතට අරගෙන පුරුදු කරන්න එපා පුතේ, දවල්ට එහෙම කරදරේ එතකොට"
ආච්චි
නම් දැම්මොත් බාල්දියක්මයි..දැන් නම් ඉතින් ඇඩුවේ නැත්නම් පුංචි කීයටවත් වඩා ගන්නේ නෑ.. එහෙනම් ඔන්න පටන් ගත්තා..
එකායි,
දෙකායි, තුනායි...
"පෙනේද කපටිකම?
අඩන්න ගත්ත ලස්සන? දැන් ඉතින් අතේ තියාගෙන ඉන්න එකයි පුංචිම"
මෙයා
මාව වඩාගෙන විතරක් ඉන්නේ නෑනේ..උඩ දානවා නටවනවා ඒකනේ මම අඩල හරි එයා අතටම යන්නේ..
"දැන් කන
වෙලාව" ආච්චිට ඔය වෙලාව විතරයි හරියට මතක තියෙන්නෙ මම හිතන විදිහට, පුංචිත් මාව බස්සල ගියා, අම්මත් වැඩ අර දෙන්න නිදාගන්නෙත් නෑ,. ඒ දෙන්න නිදාගත්තම තමයි මට වැඩ පෙන්නන්න අවස්ථාවක් උදාවෙන්නේ...
කාලා
ඉවරයි.. ඔන්න ආපහු උස්සගෙන යනවා ඇග හෝදවන්න...
දැන්
ඉතින් ආපහු කොට් එකේ තමයි..ඔන්න දවස ගෙව්න ඉක්මන..
ප.ලි. අක්කිගේ පොඩිම කෙල්ලට හරියටම අවුරුද්දයි..යන්තමින් ඇවිදිනවා, හිනාවෙනවා එහෙම අඩුයි.. ගිය සතියෙ දවසක එයා දිහා බලන් ඉද්දි මට හිතුනා එයා මෙහෙම වෙන්න ඇති හිතන්නෙ කියලා..
හරිද දන්නෙ නෑ නේද?
වැඩේ
තියෙන්නෙ එයාව කවුරුවත් වඩාගෙන ඉන්නෙ නෑ අතට පුරුදු වෙයි කියලා. මම තමයි එකම ගැලවුම් කාරයා.. මාව දැක්කම කවුරුහරි ගැහුවා වගේ අඩනවා..