Wednesday, March 27, 2013

එක වහලයට ....??



නොනිම් සතුටකි
දැනෙන නොදැනෙන
මා ලගින් නුඹ දැවටෙනා
 
සිතුම් පොදිබැඳ
ගමන යන්නට
නුඹ නිරන්තර දිරිදෙනා
 
දුරක සිටියද
දැනෙන සුසුමක
නුඹ ඉදි මට ලංවෙලා
 
දිනය ලංවෙද
එක වහලයට
අපි අපේ වී හමුවෙනා

32 comments:

  1. මහත්තැන් එන්න කිට්ටු නිසා පහල වන සිතිවිලි වගේ.
    අර ස්කයිප් වලට තහනම් නීතියක් ගේන්න යන්නෙ ඔහේද?

    ReplyDelete
    Replies
    1. ස්කයිප් කතාව නම් දන්නේ නෑ අයියේ අපෝ ස්කයිප් නැති උනොත් මම නම් පහුවදාම එනවා ලංකාවට.
      එයා එවෙයිද මම එහේ යයිද දන්නෙ නෑ තාම නමුත් මොකක් හරි දෙයක් ඉක්මනට වෙයි...:)

      Delete
  2. ගම රට එන්න කිට්ටුයි වගේ.. ? :)

    ReplyDelete
    Replies
    1. කිට්ටුමත් නෑ චන්දන ඒත් ඉක්මන් කොහේහරි එක වහලක් යටට වෙයි..

      Delete
  3. දිනය ලංවෙද
    එක වහලයට
    අපි අපේ වී හමුවෙනා......

    එකම රටක් ඇතුළේ ගෙදරින් පිට ඉන්නකොට අපිටත් ඔහොම දැනෙනවනම් ඔයාට කොහොම දැනෙනවද කියලා හිතාගන්නවත් බෑ.

    ඒ දිනය අද හෙටම උදාවේවා! කියලා ප්‍රාර්ථනා කරන්නම්.

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනාවට බොහොම පිං අකමෝ. මමත් බලාගෙන ඉන්නවා මේ ජීවිතේ ඉක්මනට පිලිවෙලක් කරගන්න..

      Delete
  4. යාම් ඊම් ගැන කෙසේවෙතත් මේ වගේ පුංචි පුංචි දේවල් සමීපතමයන් වෙනුවෙන් කරන එක බොහොම වටිනවා නංඟා. මට ඒක මීට වඩා තේරුම් කරන්න ඕන වේවි කියලා මම හිතන්නේ නෑ ඔයාට. මොකද ඒ හැකියාව ඔයාට හොඳින්ම තියෙන නිසා.

    ReplyDelete
    Replies
    1. අයියා හරියටම තේරුම් ගත්තා වගේ. මටත් ටික දවසක ඉදන් සැමි අයියා වෙනුවෙන් පෝස්ට් එකක් දාන්න උවමනාව තිබුනා, ප්‍රශ්නේ ඉතින් හදිස්සියකට කියලවත් එක දිගට වචන දහයක් කතා කරන මනුස්සයෙක් නෙමෙයි එයා.

      Delete
  5. අනේ ඒ දිනය ඉක්මනට උදා වේවා අක්කා!

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනාවට බොහොම ස්තූතියි මල්ලො...

      Delete
  6. උඹලා දෙන්නගේ සිහිනය ඉක්මනින් සැබෑ වේවා.

    අපේ කතා නදී දන්නැති නිසා මැද්දෙන් කෑලි කෑලි කියලා වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියේ,
      ඒ කියන්නෙ බොහොම ආදර්ශයට ගත හැකි කතා තියනවා වගේ...

      Delete
  7. නුදුරේදිම දෙදෙනාටම එකම වහලක් යට සුව විදින්නට වාසනාව ලැබේවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියේ...

      Delete
  8. ඕක අහන්නත් දෙයක්ද ...කැලැන්ඩරේ කොල ටික ගලවගෙන ගලවගෙන යන්න..එතකොට එන දවස ලංවෙනවා..

    ඔය වගේම සැමි අයියත් ( මට හිනා යනෝ ඒ නම අහද්දි :D ) හිතනවා ඇති..

    ReplyDelete
    Replies
    1. මාර අයිඩියා එකනේ..බලපං උබේ මොලේ හැපුනද කියලා කොහේහරි? හික්ස්,

      රෑ වෙනකන් ඇහැරගෙන මගුලක් කරනවද? ලෙඩ වැඩි කරගන්නද හදන්නෙ?

      Delete
    2. හි හි හී තනි අතින් උනත් හරියට ටයිප් කරන එකට තැන්ක්ස් කියහං ඔක්කෝටම කලින්..

      Delete
  9. ඒ දවස ඉක්මණටම උදා වේවා කියල මමත් ප්‍රාර්ථනා කරනවා නදිනි..
    මොකද ඔය දුක මාත් හොඳටම දන්නවා..අදටත් දන්නවා..ඒ නිසා
    ඉක්මණටම ජීවිත ගමන එකම තැන ඉඳන් යන්න ලැබේවා ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රාර්ථනාවට සහන්.. :)

      Delete
  10. "දුරක සිටියද
    දැනෙන සුසුමක
    නුඹ ඉදි මට ලංවෙලා"

    අපූරුයි ඇ

    ReplyDelete
  11. වහලෙට හොද ඇස්බැස්ටෝස් සීට් දාගනිල්ලා ඈ... ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. නදිනියෝ... කොන්ක්‍රීට් වලලු නොමිලේ දෙනවලු ගේ හදද්දි වල් රජා ගානේ.. නේද රජෝ.... හි හි...

      ( පුංචි දඟකාරි.... හි හි)

      Delete
    2. රජා හදන්නෙ එතනත් බිස්නස් එකක් කරගන්න..

      හිරුවෝ, කොහොමත් ඉතින් රාජ්ය අනුග්‍රහය ලබාගන්න වේවි නේ..

      Delete
  12. මට පේන්නේ මේක එක්ස්ක්ලූසිව් පෝස්ට් එකක් වගෙයි... සෑම් අයියගෙන් ලකුණු දාගන්න ලියපු එකක් නේද... හි හි....

    ReplyDelete
    Replies
    1. ඕවා ප්‍රසිද්ධියේ කියන්නෙ මොකද බං? දැන් මේක දැක්කම දවස් ගානකට බිමට බස්සගන්න බැරිවෙයි...

      Delete
  13. හොඳා හොඳා..!
    සතුට සැනසුම ලඟාවේවා..!

    ReplyDelete
    Replies
    1. මෙහෙම වැඩිහිටි ආශිර්වාද ලැබෙනවා නම් මොනවා කරන්න බැරිද...ස්තූතියි අයියේ..

      Delete
  14. දුරක සිටියද
    දැනෙන සුසුමක
    නුඹ ඉදි මට ලංවෙලා

    දිනය ලංවෙද
    එක වහලයට
    අපි අපේ වී හමුවෙනා
    ගොඩක් සමීපව දැනෙන පද පේලියක්.
    ගොඩක් ලස්සනයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිෂි...

      Delete
  15. හුටා... ආපහු කසාඅද බැන්දද ? (තිත් දෙකයි ඩී)

    ReplyDelete
    Replies
    1. මැට්ට ඔය ඇහුවෙ එකක්...

      Delete

නදී නිම්න‍යේ තබා යන්න ඔ‍බේ සිතුවිලි මුතු අහුරක්...