Friday, March 15, 2013

මගේ ඇසින් ඔය කස්ටිය 2..




මෙන්න මට කට්ටිය ගැන හිතෙන විදිහේ දෙවනි එක, මේකේ තියන අය සමහරුනම් මම යන බ්ලොග් වල අය, කට්ටිය තරහ වෙන්න නම් එපා වැරදි තියනවා නම්, මම මේ දේවල් ලියන්නේ ඔයාල දාන කමෙන්ට් හරි නැත්නම් බ්ලොග් එක හරි බලලනෙ. ඉතින් වැරදි වෙන්න පුලුවන්.

හිරූ,
හොද දක්ෂ කෙල්ලෙක්. තමන්ට දැනෙන දේ, දන්න දේ නිවැරදිව නිරවුල්ව කියන්න පුලුවන් කෙනෙක්. හැබැයි තමන් කෙනෙක් ගැන ඇතිකරගත්ත පලවෙනි හැගීම වෙනස් කරගන්න එච්චර කැමති කෙනෙක් නෙමෙයි වගේ. තමන්ගේ මතය ප්රකාශ කරද්දි අනිත් කෙනා ඒක පිලිගන්නෙ නැතිනම්, දිගින් දිගටම ඒක පස්සෙ එල්ලිලා නොයන කෙනෙක්. හොර බොරු නැති කෙලින් වැඩ කරන කෙනෙක් කියලා හිතෙනවා.

නාඩියා
නාඩියා ගැන දැනෙන්නෙත් හොද මල්ලියෙක් වගේ, හැබැයි හිතට එන සේරම එක පාර ප්රකාශ නොකරන ගතියක් තමයි පේන්නෙ, සමාජෙ ගැන වැඩිපුර ටිකක් තේරෙනවා කියල හිතෙනවා. අනිත් මිනිස්සුන්ට ගරු කරන හොද ලමයෙක් බව තමයි පේන්නෙ..

සිරා අයියා,
වැඩිය සද්ද බද්ද නැති සමාජ ආස්සරයෙන් ටිකක් මුහුකුරා ගිය කෙනෙක් වගේ, තමන්ගේ දේවල් බෙදාහදාගන්න කැමති කෙනෙක්, මට හිතෙන්නෙ සිරා අයියාට මිනිස්සු අදුරගන්න ටිකක් අමාරුයි. ලේසියෙන් හැමෝටම රැවටෙන්නෙ හැමෝම තමන්වගේ කියල හිතන හන්ද කියලයි මට හිතෙන්නෙ.. කවදහරි හොද සැමියෙක් වේවි.

ක්සැන්ඩර්,
කාටවත් කරදරයක් නැති තමන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක් වගේ, හැමදේම සමබරව තියාගන්න කැමති කෙනෙක්. ඒවගේම තමන් ගැන ආඩම්බරයක් හිතේ තියාගෙන ඉන්න කෙනෙක් වගේ. අහිංසක කෙනෙක් කියලත් හිතෙනවා.

සිම්බා මලයා
මේ මලයා හරි සිම්පල් ගතියක් තමයි පේන්නේ, අනිත් අයට තියන ආදරේ නොවලහා පෙන්නනවා කියල හිතෙනවා..ගෙදර අයට ලැදි හිත හොද කොලුවෙක් බව තමයි දැනෙනනේ.

චින්තක
චින්තක හරි අහිංස්සක මල්ලියෙක් කියල තමයි දැනුනේ. තමන්ගේ පාඩුවේ ඉන්නවා, හැබැයි හිතේ තියන දේ එක පාර කියන්නෙ නෑ වගේ..

සමනළී,
පුංචි නංගියෙක් වගේ දැනුනේ, පැත්තකට වෙලා විමසිල්ලෙන් අනිත් අය දිහා බලන් ඉන්නවා කියල හිතුනා, ජීවිතේ තවම පටන් ගත්තා විතරයි කියලා හිතෙනවා, වැඩිය හිතෙන දේවල් එලියට කියන්නෙ නෑ කියලා හිතෙනවා..

රාජ්,
හිත හොද කෙනෙක් කියලා හිතෙනවා, තමන් ගැන හීනමානයක් තියගෙන ඉන්නෙ කියල හිතෙනවා, වැඩිය සබේට එන්නෙ නැති කෙනෙක් වගේ තමයි දැනෙන්න..

කෙන්ජි,
ටිකක් ආවේගශීලි කියල හිතෙනවා, තමන්ට හැගෙන දැනෙන දේ කෙලින්ම කියල දානවා වගේ දැනෙන්නේ, තරහ ගියාම අනිත් අයට පාලනය වෙන්නෙ නෑ වගේ, ඒත් ඉක්මනටම තරහ නිමෙනවා...

සෑමා,
සැහැල්ලු ගති තියෙන ඒත් වගකීමක් අරගෙන වැඩ කරන කෙනෙක් කියලා හිතෙනවා, ගෙදරට යාළුවන්ට හිතැති, දිරිය කොලුවෙක් කියල හිතෙනවා.. අනිත් අයගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා නම් දේවල් අහල නොදන්න බව කියල පැකිලිමක් නැතිව අහල ඉගෙන ගන්නවා කියලයි හිතෙන්නෙ..

තොටියා,
හොද වගකීමකින් වැඩ කරන කෙනෙක් ඒත් තාමත් පොඩි ලමයෙක් වගේ සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්.තාක්ශණික මෙවලම් වලට තියන උනන්දුව අඩුකර නොගත්තොත් ඉදිරියේදී හැලිවලං කන්න වෙන බව මතක් කරන්න කැමතියි...

ඊලග එකෙත් කට්ටියක් දාන්න වෙනවා, ඒ මඩිස්ස්සලේ නිශාන්වීයාතරියාඅකමාමාතලන්Silent Sahan, කෝරලේ මහත්තයා සහ දේශකයා

47 comments:

  1. ඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈ..... ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...ඉහි...

    ReplyDelete
  2. හුටා.. මං ගැන කලින් පෝස්ට් එකේ කියලනේ... මං හිතුවෙ මාව අමතක වෙලා කියලා....

    ඔයා නම් ඉතිං නැව ගිළුනත් බෑන් චූන් කියල දකින අය හිතන ,ඒත් ඇතුලෙන් බොහොම සීරියස් චරිතයක්... :-)

    ReplyDelete
    Replies
    1. මම ගැන කියපු එක නම් හරියට හරි..;D

      Delete
    2. විස්තරේ හරියටම හරි නිසා රුපියල් 100/- ක් අය කරනු ලැබේ...

      පොඩි පොඩි පූජා වගයක් කරන්නත් ඕන.... ඒකටත් පොඩි ගානක් වියදම් වේවි... :P

      Delete
    3. අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු (උපුටාගැනීම ඩූඩ් අයියාගෙන්)

      Delete
  3. මට නම් හිරුවා ගැන තියෙන්නේ ඔයිට වඩා වෙනස් අදහසක්. හිරුවා එයා ගැන කියන්නේ මම හිතන ප්‍රමානයටත් වඩා වැඩියෙන්. හැබැයි ඉතින් හිත හයිය කෙල්ලෙක්. මම කැමතිම දේත් ඒකමයි එයාගේ. අනෙක් අය ගැන කියද්දී මමත් හිතනවා සෑම්, සමනළියා, තොටියා, සිරා, නාඩියා ගැන කියපු දේ මේවගේ කියලා මටත් දැනුනා කියලා. රාජ් නම් ඇවිත් සබකෝල ගතියෙන් තොර යාළුවෙක් කියලයි නගෝ මම දන්නේ. බ්ලොග් ලෝකේ කරපු අලුත් වැඩක්. මුල් පෝස්‍ටුවෙදිම මට හිතුනා අපූරු අදහස් තියෙන කෙනෙක් කියලා ඔයා.

    ReplyDelete
    Replies
    1. තැන්තූ තැන්කූ ඉතින්...

      Delete
  4. සිරා අයියා, සෑමා ගැන කියපුවනම් හරියට හරි ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. @ රජා
      ඒ කියන්නෙ මට ලංකාවට ඇවිත් සාස්තර කියන තැනක් දාගන්න ඕනි නම් රජා ඇපෘවල් එක දුන්න කියන එකනෙ.
      @ රෙප් මහත්තයා,
      ++++++++++++

      Delete
  5. හරියට හරි.100%යි.මගේ තුමිය කියන්නෙ මුණ දැක්ක දවසෙ මේක තේරුනේ නැහැ කියල.හැබැයි දැන් එයා "මුහුණ බලා"කියපු සාස්තර නිසා මම ගොඩගිය තැන් කියල වැඩක් නැහැ.හොදනැද්ද "ලියන දේ බලා"සාස්තර කීමේ සේවයක් පටන් ගත්තොත් :).ඇත්තටම මෙයත් එක්තරා හොද පිහිටීමක්.හැබැයි මහත්තැන්ලා ට සාස්තර කියද්දී මුලදී ඇනයක් උනාට,පස්සේ කියන්නෙ ඔයා කිව්ව එක හරියට හරිනේ සත්තරන් කියල තමයි.

    ReplyDelete
    Replies
    1. මෙච්චර හොදට සාස්තර කියන මටත් මගේ සැමි අයියා දැකපු ගමන් එයාගේ විදිහ තේරුනේ නෑ.. හැබැයි දැන් හිතෙනවා ඒක හොදයි කියලා මොකද එහෙම දැන ගත්තනම් මම ඒ වෙලාවෙම තීරණය කරයි මෙයා මට හරියන්නෙ නෑ කියලා.. ඒත් කවදාවත් මේ වගේ සැමියෙක් ලබන්න බෑ කියල දැන් දැනෙද්දී හිතෙනවා ඒ වෙලාවේ මෙයාගේ සාමානය්ය ස්වභාවය නොදැන හිටපු එක හොදයි කියල

      Delete
  6. අප්පොචිචියේ මේකි සාත්තර කියන්න පටන් අරංනේ...මං ගැන මොනව කියයිද දන්නේනෑ...

    ReplyDelete
    Replies
    1. අයියෝ නලීන් අයියේ මම ඔයා ගැන කලින් එකේම ලිව්වනේ, දෙවනියට ලිව්වෙ ඔයා ගැන. අනික මම ඊයක් එව්වෙ ඒක දාලා... අයියෝ සල්ලි..

      Delete
    2. අපෙ අප්පෝ දැන්ම බලන්නං...

      Delete
  7. ඔබ පෙරමග බලා සිටි "සාත්තරේ" දෙවෙනි කොටස දැන් පෙන්වනවා.... :):)

    එය දැන්වීමකි..!! :-)

    මෙතැන සමහර අය ගැන කියල තියන සමහර දේවල් නම් මටත් ඔහොමම හිතුනා. එහෙම නැති ඒවත් තිබුනා..
    සාත්තර කීමේ හැකියාව වඩා වර්ධනය වේවා..!

    ReplyDelete
    Replies
    1. මුදල් අය නොකර ප්‍රචාරය කරපු දැන්වීමට මාගේ ප්‍රණාමය,

      ඒ කියන්නෙ කට්ටිය හැමෝම හැමෝ ගැනම හිතන ඒවා හිතේ තියාගෙන ඉන්නවා??? ඒක හොද නෑ හිතෙන දේ කියල දාන්න ඔන්න ඔහේ...

      Delete
  8. මේ පෝස්ට් ටික එකෙන් එකට ලින්ක් කරලා තියන්න නදිනි..

    ReplyDelete
    Replies
    1. දන්නේ නෑනේ එච්චර වැඩ කිඩ කියල දෙන්නකො චන්දන..

      Delete
  9. ලෝකම තාක්ෂණ ගම්මානයක් වෙන කාලේ එක එක ගැජමැටික්ස් වලට උනන්දු නොවී කොහොමද? :P ඔයා නම් මාර සාත්තරකාරියෙක් අක්කේ. ඔය අන්තිමට කියපු කතාව කියපු පළමු කෙනා ඔයා නෙවි. අපි තාම පොඩි ළමයි තමා හරිද? සාත්තර පංතියක් දානවනං කියන්ඩෝ.. අපිත් එන්නම්

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ මල්ලි හැලි වලං වලින් කන්නයි ලෑස්තිය? එවන්නකො බලන්න ඔයාගේ පින්වත් කුමාරිකාව මගේ ලගට ඔය හැලිවලං හරඹ උගන්නන්න...

      Delete
  10. හික්.. මුං ගැන අපි හිතා ඉන්න විදිය වැරදියි නෙව නදිනියෝ...

    ReplyDelete
    Replies
    1. ඒ මොකද?පොඩ්ඩක් ඉන්නකෝ ඔයාගේ එකත් දානකන්..

      Delete
  11. පුංචිම කිව්වට ඉතිං පුංචිමත් නෑලු....හික්.....
    විමසිල්ලෙන් අනිත් අය දිහා බලන් ඉන්න එකනම් ඇත්ත..... අර අන්තිමට කියල තියෙන එකත් ඇත්තනේ බොලේ........ බලන් ගියාම ඔක්කොම වගේ හරි.
    ඇත්තටම නදිනි අක්කට සාත්තර කියන ජොබක් ගැලපෙනවා වගේ.... ට්‍රයි කරලා බලන්න හික්.... හික්.... :)

    ReplyDelete
    Replies
    1. එහෙනම් බිස්නස් එක පටන් ගන්න පුලුවන් වැඩේ තියෙන්නෙ එන එන එක්කෙනාට කියන්න වෙනවා රචනාවක් ලියන්න කියල නැත්නම් කියන්න බෑනේ..

      Delete
  12. වටේ රවුම යනගමන් එද්දී මෙන්න බොලේ මං කිව්වලු.. :) බොහොම ස්තුතියි. :)

    ReplyDelete
    Replies
    1. හරිද? වැරදිද?

      Delete
    2. ටිකක් හරි. :) හැමදෙයක්ම සමබරව කරන්න මං කැමතියි. රැකියාව වගේම ජීවිතේ අනිත් දේවල්. කවුරුහරි මට කරදර නොකරනතාක් මං කරදර කරන්නේ නෑ කිසිම විදියකින්. ඒ නැතත් මං කාටත් ඇණයක් වෙන්නේ නෑ මොනම හේතුවකින්වත්. :) ටිකක් විතර ආඩම්බරයි නම් තමා සමහර තැන්වලදී. ඒ ගතිය අඩු කරගන්න උත්සාහ කරනවා.

      රැකියාව කරද්දී නම් මං කොහොමත් අහිංසක නෑ. :) අනිත් අතින් පුද්ගලික ජීවිතේදී මං ඒ ගැන කියන්න දන්නේ නෑ. අපේ හාමිනේගෙන් තමා අහන්න ඕනේ :)

      Delete
  13. කොමන්ටුවක් දිගේ අදයි මෙහෙට ආවෙ මං ඒත් බැලුවා මේ සාස්තර කියන බ්ලොගයක්ද කියලා ;)

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් මේ ගෑනු ලමයිටත් සාස්තරයක් කිව්වොත් වෙන දෙයක් නෑනෙ නේද? සාදරෙන් පිලිගන්නවා නිශි....

      Delete
  14. සාස්තර කියන අලුත් විදියක්! ඒකත් නරකම නෑ. :)

    මාත් ආවේ මේ කමෙන්ටුවක් දිගේ.කියවෙන සාස්තරේ හරියටම කියවෙවා! :)

    ReplyDelete
    Replies
    1. ඔන්න පිලිගත්තෙ සාදරෙන්, මේ වැඩෙන් ගානක් හොයාගන්න පුලුවන් වගේ නේද?

      Delete
  15. හප්පුච්චියේ මගෙ ගැනත් කියලා නොවැ.... හිතේ තියෙන දේ නම් එකපාර කියන්නේ නෑ තමා... කොහොමෙයි ඒක දැන ගත්තේ... යකෝ! අත බලා සාස්තර කිව්වොත් කොහොම තියෙයිද...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මල්ලි, දැන්නම් මට හිතෙනවා මේ රස්සාව අත ඇරල ලංකාවට ඇවිත් සාස්තර කඩයක් දාගන්න..

      Delete
    2. කියපුවනම් ඇත්ත අක්කේ...

      Delete
    3. කියපුවනම් ඇත්ත අක්කේ..
      අපේ බ්ලොග් එක පැත්තෙත් එන්ඩෝ...
      http://mrurealpage.blogspot.com/

      Delete
  16. දැන් නදිනි සාස්තර කියනවලු.. :D

    ReplyDelete
    Replies
    1. හොද නැද්ද මට සාස්තර කඩයක් දාගන්න උදව් කලොත්?

      Delete
  17. අඩේ නදිනියෝ සොරි ඈ.. මේ ටිකේ බ්ලොග් දඩයමේ ගියේ නැති නිසා මේ බ්ලොග් එක මඟෑරිලා තිබ්බේ.. ළිහිණියා තමයි ටොක්කක් ඇනලා කිව්වේ ගිහින් බලන්න කියලා...

    දැන් ඉතිං මං මක්කැයි කියන්නේ..

    ගොඩක් වෙලාවට කෙනෙක් ගැන මුලින්ම ඇති වෙන හැඟීම බොහෝ දුරට හරි කියලා මට දැනිලා තියෙනවා... අනිත් එක මොකා ගැන උනත් මුලින්ම හිතෙන්නෙ නරක විදියට නෙවෙයි නිසා මං ඇති වෙන්න චාටර් කාලා තියෙනවා.. දැන් කෙනෙක් ගැන කිසි දෙයක් හිතන්න එච්චර ඉක්මණ් වෙන්නේ නෑ... ( මට දැක්ක ගමන් මිනිස්සු එපා වෙන්නේ හරි අඩුවෙන්... හි හි)

    ඔයිට වැඩිය වෙනස් විදියට මාව පේන අයත් ඇති.. ( ඇති නෙවෙයි ඉන්නවා.. හි හි)

    එක කෑල්ලක් උඹට අමතක වෙලා.. මං ඇවිල්ලා මාර කම්මැලියෙක්... හි හි...

    නදිනි මුල ඉඳලම දාපු කමෙන්ට් කියවගෙන යනකොට ඔයාව මට පේන්නේ මම මීට අවුරැදු 3කට කලින් හිටපු විදියට... ඒ විදියට ඉන්න අයට මං ආසයි... ඒ වගේම මට පොඩි ඉරිසියාවකුත් තියෙනවා.. මං වෙනස් උන නිසා.. කො‌ෙහාමත් උඹ ඔය විදියටම ඉන්නවට මං ආසයි... නිදහසේ, සන්තෝසෙන්, සැහැල්ලුවෙන් ඉන්න ලැබේවා හැමදාම...

    දැන් උඹ මාරයගේ ජොබ් එකට විදින්නද හදන්නේ.. පවු බං අසරණයා... කේන්දරයක් බලාගෙන, සාත්තරයක් කියාගෙන ඉන්න මනුස්සයා... හි හි...

    ReplyDelete
    Replies
    1. ඔයා හරි හිරූ, මටත් කෙනෙක් ගැන මුලින්ම ඇතිවෙන හැගීම හරියට හරි, ඒත් ඒ මනුස්සයා බටර් තලියක් එහෙම ගාල ෂේප් උනාම මම හිතනවා අනේ මම හිතපු දේ වැරදිනෙ කියල, පස්සෙ ඉතින් කාලයක් ගිහින් අර ඇත්තම ගතිය මතු උනාම මට ඉතින් මං ගැනම තරහයි..
      කම්මැලියෙක් කියල නම් දැනිල නෑ..
      ඔයාට දැනෙන්නේ මම හරි සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් කියලනෙ නේද? පිටට එහෙම පෙනුනට මම ටිකක් සීරියස් කෙනෙක්, හැබැයි කාටවත් ඒක පෙන්නන කැමති නෑ. අර යසිත් කියල තියෙන්නෙ, ඒ එයාට මං එක්ක කතා කරද්දි හිතුන දේවල්, සෑහෙන්න ලොකු අක්ක වගේ උපදෙස් දුන්න...

      Delete
    2. //මං ඇවිල්ලා මාර කම්මැලියෙක්... හි හි..//

      මේක නම් ඇත්තමයි..හිහි...හිහිහි...

      Delete
  18. මගෙ බ්ලොගේ පලවෙනි කමෙන්ට් එක දාපු දවසෙ ඉදන් මම බැලුව බොලාගෙ බ්ලොග මොකක්ද කියල. ඒත් ගූගල් ප්ලස් එකට තමා ලින්ක් වුනේ. අද ලින්ක් එක එවපු නිසාම හොයාගෙන ආවා.

    ස්තුති.

    බ්ලොග් ලෝකෙ ඉන්න අයව පූර්ණ සමීක්ෂණයට භාජනය කරල වගේ.

    ජයම වේවා. සුභ ගමනක් පතමි.

    ReplyDelete
    Replies
    1. මම කියපු දේවල් හරිද සෑමා ගැන? බ්ලොග් එක පටන් ගත්තෙ ලගදිනෙ ඉතින්..බොහොම ස්තූතියි සුභ පැතුමට..

      Delete
  19. හි හි සාස්තර කාරියක් ඉන්නවා කියන ආරංචියට අදයි ආවෙ මේ පැත්තට.....
    නියම වැඩක්...ජය වේවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සාජානි, වැඩේ හොද නම් එච්චරයි. :D

      Delete
  20. මගේ ගැන ලිව්වට ස්තූතියි නගෝ...මේ ලිපි පල වෙද්දි මම හිටියෙ සිංගප්පූරුවෙ....ඒ නිසයි ඒ කාලේදීම මේවාට අදහසක් දක්වන්න නොහැකි වුනේ...ඔබ මා ගැන කියා තියෙන දේවල් සහතික ඇත්තයි...මම මගේ ගතිගුණම මට සමීප වෙන කෙනා ලගත් තියේවි කියලා හිතනවා...අන්තිමේදී තමයි මට වැටහෙන්නෙ මගේ සිතුවිල්ල වැරදියි කියලා...ඒ වෙද්දි ඉතිං වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි.

    ReplyDelete

නදී නිම්න‍යේ තබා යන්න ඔ‍බේ සිතුවිලි මුතු අහුරක්...