වින්දෙ නෑ මම නුඹේ ප්‍රේමය
වෙන්වෙන්න නෑ හීන දැක මම
නොකර ප්‍රේමය දුන්න දුක නුඹ
හඩ හඩා සිහිකරනවා තව...
යන්න අවැසිව දුරක් තනිවම
අහස දිග නිදහසේ පියඹන
කරුණ කිම දැයි නොකියවන සද
හඩා වැලපුනි තනි උනා මම..
නොකියාම නුඹ ගියා අතහැර
සිහිකරන විට දැවේ හද තව
නැතිව මා නුඹ ගෙවන දිවි මග
සතුටු නම් හිත හදාගමි මම..
නිර්මාණයක් පමණක් නේද?...
ReplyDeleteනිර්මාණයක් විතරයි අයියේ ඒත් අන්න සැමි අයියත් කලබල වෙලා..
Deleteනිර්මාණයක්ම පමණක් වේවා කියලා මම හිතින්ම පතනවා :(
ReplyDeleteපැතුමට ගොඩාක් ස්තූතියි මලේ... ඇත්තටම නිර්මාණයක් පමනි..
Deleteබොහොම සංවේදී විරහ වේදනාවක් ..!
ReplyDeleteඒ කියන්නෙ මම සාර්ථකයි නේද?
Deleteඑලය....
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඊයේ පෙරේදා නලීන් අයියා දෙකේ දෙකේ පොල්ලක් හොය හොයා හිටිය නිෂානයට ගහන්න, ඒක දැන් මම හොයාගෙන මේ වල් රජාට දෙන්න හිතෙනව හොද පාරක්..
Deleteදැන් ළඟ ගිය හකුරට නාඩන්නේ තියන හකුර රැකගන්නේ...ඔන්න ඕකයි තියරිය අක්කේ..දැන් ළඟ හකුරක් නැත්තම් හොයා ගන්න එකයි තියෙන්නේ.
ReplyDeleteඉන්න හකුර හෝ ගාල දෙස් දෙවොල් තියනවා ඔහේ ඉදන්..
Deleteහ්ම්ම්...කොහොමත් ප්රෙඅමය කියන්නේ දුක බංගලාවක් අක්කේ....
ReplyDeleteඒක නම් සහතික ඇත්ත මල්ලි...
Deleteමොකෑ මේ? හරිම විරහාබරයි
ReplyDeleteඉදල හිටල මෙහෙම ඒවත් ලියන්න ඕනිනෙ...
Deleteමුවඟ ගොළු විය ඔබ ඉදිරිපිට
ReplyDeleteපවසගන්නට මට නොහැකිවිය
සිතට දිරි ගෙන පැවසුවද මම
දනිමි ඔබ මට බොහෝ දුර බව
(හනී බනියත් මට බූට් එක තියාවිද දන්නෑ.. සාස්තරයක් බලමුද ? )
කවුරු බූට් එක තිබ්බත් ඒ යන කෙනා අපේ වටිනාකම දැනගෙන හිටියෙ නෑ කියල හිතන්න මල්ලි...
Deleteහ්ම්ම්ම්...ම් හිතට වදිනවා අප්පා හරියට..
ReplyDeleteඒ කියන්නෙ කවුරුහරි නොකියම ගියාවත්ද?
Deleteඅාදරය කියන්ෙන් කදුලු පිරිච්ච මහ මුහුදක් මැද්ෙද් තිෙයන පුංචිම පුංචි දූපතක්..
ReplyDeleteකොච්චර අාස උනත් හැමදාම දූපතට වෙලා ඉන්නත් බැ..
ෙකාච්චර අකමැති උනත් මහ මුහුදට ෙනාගිහිනුත් බෑ..
සෑහෙන්න බීල කල්පනා කරන්න ඕනි ප්‍රශ්නයක්...
Deleteඅපේ පැත්තේ තියෙනවා පිරිසිදු හොඳට පෙරාපුවා. හැබැයි බෝතල් කරලනම් නෑ. කැමතිනම් උණු කරලා දෙන්න පුළුවන්. ඔය දොස්තරලත් කියන්නේ දවසකට බෝතල් හයක්ද මන්දා බොන්න ඕනි කියලා.
Deleteඅනේ යකෝ දැන් වතුර බීලා කල්පනා කරන්න කියලද කියන්නෙ?
Deleteඕඕඕඕඕඕ.....
Deleteවරෙන්කො තේකක් බීලම කල්පනා කරන්න.
විරහ ගී මගේත් ප්‍රියතම වෙච්ච කාලයක් තිබ්බා තමයි.
ReplyDeleteහැමෝම අඩුවැඩි වශයෙන් විරහව විදල තියනවනේ නේද අයියේ???
Deleteමේක සින්දුවක් වගේ. කලිනුත් එහෙම මට දැනුනු නිර්මාණයක් තිබුන වගේ මතකයි.
ReplyDeleteඒ කියන්නෙ මට සිංදු ලියන්න පුලුවන් වගේද? :D
Deleteදෙන්න දෙපැත්තක ඉද්දි ලියන ඒවාද මේ?
ReplyDeleteඒ මොකද අයියේ ඒ සැර? :(
Deleteඕව මොනවද අනේ අපිට තියෙන කරදර වල හැටියට..හැක්...
ReplyDeleteඒක හරි, දැන් වේලක් කෑවොත් අනිත් වේල කන විදිහ කල්පනා කරන්න වෙලා තියෙද්දි මොන ලව් ද නේද?
Deleteඔන්න ඔය වෙලාවට තමයි හිතෙන්නෙ කොම්පියුටර් ගේමක් ගහං ටිපිටිප් පැකට් එකක් වික වික හිටියනම් මීට හොඳා කියලා :(
ReplyDeleteඅර මොකද මලේ?
Delete