Wednesday, February 13, 2013

වැලන්ටයින්.....



දිනක් වෙන්කර
පෙම්වතුන් හට
අනග කුමරුනි
නුඹව රවටා...
 
පෙම මුලාකොට
හිඩැස් අතරෙන්
ඔවුනොවුන් හැම
මුලා වෙන්නා...
 
එළිය කරමින්
තරු මැදුරු හැම
උනුන් උන් හා
වැළද නටනා...
 
කුමට මිනිසුනි
ලබන කම්සැප
නුඹට බැරිකල
පිහිට නොවෙනා....

17 comments:

  1. ලොවෙත් නෑ...!! ඔය ළමයගේ අදහස් නම් නියමයි..

    ReplyDelete
    Replies
    1. ඔය අදහස් ඇතිවුනේ මිනිස්සු කරන දේවල් ගැන කලකිරිල අය්යේ. බලන්නකො කොළඹ කීයක් හෝටල් වල හෙට බාල් නටයිද කියල..

      Delete
  2. ම්ම් සිරාවට....වැලන්ටයින් දැන් පේමන්ට් එකේ විකිනෙනවා....ඒ තරම් ලාබයි...

    ReplyDelete
    Replies
    1. ඒක නම් දැන් ගොඩාක් කල් ඉදන් වෙනව නේද මල්ලො, මමත් අය්යට සමහර අවුරුදු වල එක එක දේවල් දුන්න හැබැයි ඉතින් වැලන්ටයින් කියලම නෙමේ. ඔය මොනවහරි දුන්නම එයගේ ඇතිවෙන සතුට බලන්න..

      Delete
  3. ආදරවන්තයෝ මක්කට දිනයක් වෙන් කර ගන්නවද මන්දා.....

    ReplyDelete
    Replies
    1. හැමදේකම හොද නරක දෙකම තියනවා සමනළියේ.... මිනිස්සු ඒක භාරගන්න විදිහෙයි වැරැද්ද තියෙන්නෙ... මේ දවසෙ ගෑණු ලමයි කීදෙනෙකුගේ ජීවිත වෙනස් වෙනව ඇතිද..

      Delete
  4. ඔන්න නදිනි මාත් මුල් වරට ආවා කමෙන්‍ටුවක් හරහා. දිගටම එන්නයි අදහස. ඔන්න මගේ ඩෙනිමේ බ්ලොග් රෝලෙත් එල්ලනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අය්යේ, ඔයාල වගේ අය මේ පැත්තට ඇවිත් දිගටම එනවා කියන එකම මට ලොකු හයියක්...

      Delete
  5. හ්ම්.. ආදරේට මුවා වෙලා මිනිස්සු හොයන්නේ මොනව ද..

    ReplyDelete
    Replies
    1. සමහර අය හරි ආදරේ තේරුම් ගන්න බැරුව ආදරේම හොයනවා, සමහර අය වෙන වෙන ආසාවන් පිරිමහගන්න ආදරේ පාවිච්චි කරනවා...ආදරේ කියන්නෙ ලොකුම ලොකු රැවටීමක් විතරයි ඉතින්...

      Delete
    2. ඒක වැරදියි නංගියේ වැරදියි....... ආදරේ කියන්නේ ‍රැවටීමකට නෙමේ. හුඟාක් එවුන් ආදරෙයි කියලා අනිත් අයව රවට්ටන්න හදනවා. වරද එතනයි.

      Delete
  6. හොද දැක්මක් ඇතිව ලියල තියෙනවා... දිනක් පමණක් ... නෙවෙයි... ආදරේ... ආදරේ හුස්ම ගන්නවා වගේ ජීවිතෙත් එක්ක බැදිල තියෙන දෙයක් වෙන්න ඕන.. මං කියන්නෙ කෙල්ලො කොල්ලො අතර ප්රේජමය ගැන විතරක්ම නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කි ආදරේට දවසක් දාගෙනම කරන්න ඕනි නෑනේ... හරියට කරන මොන ආදරේත් ගැඹුරුයි නේද අක්කි???

      Delete
  7. අතේ සතේ හිඳෙන තවත් එක දවසක් විතරයි..

    කාලය විසින් මේ දිනයට දීල තියන වාණිජ ආරෝපණය නැතුව හදවතින් සමරන්න පුළුවන් සාමාන්‍ය දවසක් වුනා නම්..(කියන්ඩ ගිය එක මට තේරෙන්නෙත් නෑවගේ අප්පා :)

    ReplyDelete
    Replies
    1. අතේ සතේටම හිදිල වගේ අද....:D

      Delete
  8. අපූරුවට ගලපලා තියෙනවා. ආදරේ උනත් විකිනෙන්න ගත්තම ඒකෙ අගයක් නෑ. යුද්ධයක් මැද්දේ වැලන්ටයින් පියතුමා එදා පෙම්වතුන්ට උදව් කරද්දී, ඔවුන්ව විවාව සරණ බන්ධණයට පත් කරද්දී, ඒ හන්දම හිරේ විලංගුවේ වැටිලා දුක් විඳලා මිය යන මොහොතෙදිවත් හිතන්න නැතුව ඇති එතුමාගේ නාමය මේතරම් විකුනාගෙන කාවි කියලා...


    ( ස්තුතියි නදිනියෝ..මගෙ ඉල්ලීමඉටුවෙලා. ඔන්න මගේ බ්ලොග් රෝලෙත් එල්ලනවා..)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලිහිණියෝ, දැන් කාලෙ වැලන්ටයින් සමරන උන් දන්නෙවත් නැතුව ඇති වැලන්ටයිනි පියතුමා ගැන, අද මෙහෙනම් එක විකාරයයි සේරම පිලිපීන් කෙල්ලො මල් අරගෙන ටෙඩී බෙයාර්ස් ලා තුරුල් කරගෙන ඇවිදිනවා...

      Delete

නදී නිම්න‍යේ තබා යන්න ඔ‍බේ සිතුවිලි මුතු අහුරක්...