Wednesday, February 6, 2013

නුඹ ඇයි නිහඩ....



පෙම් කෙරුවාම හිත නිදි නැතුව

දුක් දැරුවාම හිත තනිකමට

මල් පිපුනාට සුවදක් නැතිව

නුඹ නැතිවාම පාළුයි හිතම...

 
නුඹ තැලුවාට මගෙ මුලු හිතම

දුක් දැරුවාට අඩමින් තනිව,

උන් උන් කෝම කීවත් මහිත

නුඹ රැදුනාම හැමදා පිරින..

 
පින් නැතුවාට නුඹ ලග ඉන්න

අහිතක් නැතිද පියඹා යන්න,

නුඹේ සිත් අහස නුඹ මගෙ නමට

පවරනවාද නුඹ ඇයි නිහඩ....

 

8 comments:

  1. හරිම ලස්සනයි නදිනි. ඔයාට ජයම පතනවා. වැඩියම ආ..ස .......නුඹේ සිත් අහස නුඹ මගෙ නමට පවරනවාද නුඹ ඇයි නිහඩ....

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි චන්දි මේ පැත්තෙ ආවට... ඔය ඉතින් ඒ කාලෙ කියපුව දැන් ඉතින් දෙනව නම් දෙනවා නැත්නම් ඒත් දෙනවා... (චන්ඩි කමින් තමයි ගන්නේ)

      Delete
  2. ලස්සන පද පෙළක්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චන්දනයෝ....

      Delete
  3. ගොඩාක් පාලුයි වගේ නේද. නිතර ලියන්න. එතකොට හිතට සැහැල්ලුවක් දැනේවි. ඒවගේම තමයි නිර්මාණ හැකියාවත් වර්ධනය වෙනවා. කෙටි උනත් අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් අය්යේ පාලුව නිසාම තමයි ගොඩාක් ලියන්නෙ.. මේවගේ රටක තනියම ඉද්දි දැනෙන පාලුව අය්යට අමුතුවෙන් කියන්න ඕනි නෑනේ...

      Delete
  4. //නුඹ නැතිවාම පාළුයි හිතම//ඇත්තටම ලස්සනයි ..! :)

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට ආවට ගොඩාක් ස්තූතියි රෙහානි.... දිගටම එන්න,,,

      Delete

නදී නිම්න‍යේ තබා යන්න ඔ‍බේ සිතුවිලි මුතු අහුරක්...