Sunday, October 6, 2013

දුක මෙතරම්...

 
 
අතරේ ජීවිත සැමරුම්
මතකය රිදවන බවනම්
දැන උන්නේ නෑ මෙතරම්
හැර ගියාම දුක කෙතරම්...

පටලා අත් වැල් සතොසින්
ගිය මග මතකද තාමත්
හැර යන බව කීවානම්
අද වෙන්නෑ දුක් මෙතරම්....

සතුටින් නුඹෙ මඟ හැමකල්
වෙන්නට පිපි මල් මාවත්
පතමින් නුඹ හට යහපත්
නවතින්නම් මෙතනින් මම්.....

18 comments:

  1. ගොඩක් දවසකින් මොකද මේ දුක හිතෙන කවියක් අක්කේ..

    ReplyDelete
    Replies
    1. දැන් දැන් දුක හිතෙන දේවල් විතරයි මල්ලි වෙන්නේ...

      Delete
  2. මොකක්ද බොල මේ....???

    ReplyDelete
    Replies
    1. දුක තමයි අයියේ...

      Delete
  3. මේක කියවද්දී මට මතක් වුනේ "අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ.... එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියෝවක් නෑ" ....කියන සින්දුව ...!

    ReplyDelete
    Replies
    1. ඒකනම් ප්‍රේමයේ වියෝ දුක විතරක් නෙමෙයි ජීවිතේ ගැනම කියන සිංදුවක්නේ..

      Delete
  4. ඔබ යන්නකෝ එහෙනං.
    මම එන්නං පස්සෙන්
    හිස සිපගන්නට තරමින්
    හොද පොල්ලක් කරකවමින්

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ...යන අයට යන්න පුළුවන්...

      Delete
  5. කවි සංකල්පනාවයි, සැබෑ ජීවිතයයි පැටලෙන්න ගිහින් ආයෙම ලෙහා ගත්තා. :)

    ReplyDelete
  6. ආ මෙතනින් නවතිනවද? ලොකු දෙයක්... ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  7. hamuwenne ayi wenwenna nam....... aththatama ayi wenweema me tharam dukbara deyak wune?

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත... හමුවීම සුන්දර වෙද්දිම තේරුම් ගන්න වෙනවා වෙන්වීම දුකක් කියලා...

      Delete
  8. සතොසෙ බඩු ගන්න ගිහිල්ලද දෙන්නා සැට් වෙලා තියෙන්නෙ ?

    ReplyDelete
  9. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  10. යනව කියනව නං යන්න දෙන්න. ආදරේ කියන්නෙ අතේ මිටි කරගෙන හිතට තද කරගෙන බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙවේ. හිර කර ගත්ත ආදරේ කවදාවත් ඔයාගෙ වෙන්නෙ නෑ. නිශ්ශබ්දව බලන් ඉන්න. එයාට වාසනාවක් තියනවනං ඔයාගෙ ආදරේ ලබන්න එයා ආපහු එයි. ජීවිතයේ දුකට ධෛර්යයෙන් මුහුණ දෙන්නට හැකියාව ලැබේවායි පතමි..

    ReplyDelete

නදී නිම්න‍යේ තබා යන්න ඔ‍බේ සිතුවිලි මුතු අහුරක්...