Sunday, February 3, 2013

මගේ පුතුට....




නුදුරු සිහිනෙක
දුටිමි මම නුඹෙ
සිනිඳු අත් පා ගැටෙනවා...
 
බිලිඳු අතැඟිලි
විහිද විහිදා
කිරි සිනාවන් නගනවා...
 
අවදි වී මම බැලිමි වටපිට
නැතේ නුඹ ලඟ සිඹින්ටා....
 
පුතේ නුඹ මගෙ
කුසට එනතුරු
තාම මම මග බලනවා.....

36 comments:

  1. පුන් සද රෑට සිංදුව මතක් උනෙ.
    අගෙයි අගෙය්හ්

    ReplyDelete
    Replies
    1. මේ දේශ්.. උඹ බ්ලොගර වලද බං වැඩ කොරන්නේ.. කොහේ බැලුවත් පාන්දරම වැට පනිනවා.. හැක්...

      Delete
    2. බුකියෙ
      බ්ලොගියෙ
      ඔයාබටෙ
      කුරුලු කූඩුවෙ
      මේ ඔක්කොගෙම මම තමයි බං තනි අයිතිකාරය. බොලාට ඉරිසියාව.

      Delete
    3. දෙශ් අය්යේ අපිට ඉදිරියට යෑමට අවසරද?

      Delete
  2. ඒක මතක් උනේ නම් දැන්... ඒත් අපි ගෑනු අය හැමදාම බලන ලස්සන හීනයක්නෙ මේ...

    ReplyDelete
  3. එහෙම වෙනවනම් කොයි තරම් හොදද හැබැයි තාමත් නැති එකනෙ ප්‍රශ්නෙ.....පෙරුම් පුරාගෙන ඉන්නවා...සාදරෙන් පිලිගන්නවා ගයනි....

    ReplyDelete
  4. හැබෑවටම අපූරු ප්‍රාර්ථනයක් නගේ. එතනින් එහාට නම් මොකුත් කියන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔයත් චූටි පැටියෙක් ඉන්න කෙනෙක් නිසා දන්නවනේ අය්යේ ඒකේ තියන සතුට නේද?

      Delete
  5. ලස්සනයි කවිය.. දකිද්දි දුකත් හිතුණා... තව නදී නිම්නයෙ වැඩ ටිකක් තියෙනවා කරල දෙන්න. අද හවසට හදල දෙන්නම් හොදේ...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි අක්කි කරන උදව් වලට.... ඔයා නැත්නම් ඉතින් මුකුත් කරගන්න වෙන්නෙ නෑ....

      Delete
  6. මේ තියෙන්නේ නදිනි ලස්සනට.. ඔබේ පැතුමන් ඉටුවේවා....ඔන්න මං ලිංකුව දැම්මා මගේ අලුත්ම පෝස්ට් එකත් එක්ක.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අය්යේ... ඔයා, තරු අක්ක එහෙම නැත්නම් තාමත් ඔහේ ඉන්නවා... ගොඩාක් ස්තූතියි හැමදේකටම....

      Delete
  7. පැතුම් ඉක්මනින් සඵල වේවා . .. !

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිලිගන්නවා අය්යේ... ඔයා මේ පැත්තට ආපු එකත් ලොකු ගෞරවයක් මට....
      ආසාවෙන් බලන් ඉන්නවා පැතුම් සඵල කරගන්න...පැතුමට ගොඩක් ස්තුතියි...

      Delete
  8. හප්පේ නදිනියෝ... මේ තමා ඕනෑම ගැහැණියක් බලාපොරොත්තු වෙන දෙය...ඒ සුන්දර බලාපොරොත්තුව ඉක්මනින්ම මල්පල ගනීවී...අපිටත් කියන්න එතකොට...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම කියනවා ලිහිණි, ඇගිලි ගැන ගැන ඉන්නේ... ඉතින් මේ පැත්තට ආවට ගොඩාක් ස්තූතියි....

      Delete
  9. නදිනි පුළුවන්නම් ෆලෝව ගැජට් එකක් එල්ලන්න. එතකොට රීඩරේට පෝස්ට් එක එන නිසා අලුතින් එන හැම පෝස්ටුවක්ම මඟ නොහැර කියවන්න පුළුවන්. :)

    ReplyDelete
    Replies
    1. මම ඉතින් තාම ඉගෙන ගන්නවා... තරු අක්ක තමයි කියල දෙන්නෙ... ඔය සේරම ගැජට් එල්ලගන්න ඕනි ඔයාලගෙන් ඉගෙනගෙන....

      Delete
  10. මාත් ආව නලින් අයියගේ ලින්කුවෙන්.....
    හැම ගැහැණියකගේම පැතුමක්.... මේ සිහිනය ඉක්මනින්ම සැබෑ වෙන්න කියල ඔන්න මාත් පතනවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සමනලියෝ...... මේ පැත්තට ආවටයි, මට පතපු පැතුමටයි...

      Delete
  11. ෆලොවර් ගැජට් එක තාම දාලා නෑනේ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත නේ.. මමත් දෙකක් කියන්න ආවේ..

      Delete
    2. අනේ තරියෝ තරුරසී අක්කගෙන් අහල ඉගෙන ගන්නෙ...ඉතින් දන්නව නම් කියල දෙන්නකෝ... බොහොම ස්තූතියි ආවට...

      Delete
    3. @ දේශකයා... අනේ ඉතින් තාම පොඩි එකානෙ... ඔහොම බනින්න එපා...

      Delete
  12. නලිය කිව්ව දැකලයි ආවේ.. කියන්න එපායැ බං.. මම දෙතුන් පාරක් ම කලින් බැලුවම නෝ බ්ලොග්... අනිවා එනවා.. ආ... කවිය අමතක උනා.. මට හිතෙන්නේ මේ ලෝකේ තියෙන සුන්දරම දේ එයයි කියලා...ජය වේවා...

    ReplyDelete
    Replies
    1. මේ ලෝකෙ තියන සුන්දරම දේ ඒක තමයි.... හැම ගැහැනියක්ම පතන්නෙ මේකනේ...,මේ පැත්තෙ ආවට බොහොම ස්තූතියි...

      Delete
  13. සුන්දර ප්‍රාර්ථනාවක්.. ඉක්මණින්ම ඉටු වෙන්න කියල පතනවා..!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි චන්දන....

      Delete
  14. මගේ දෝණි බලන්න මං පියාසලනවා... :)

    ReplyDelete
    Replies
    1. ජීවිතේ සම්පූර්ණයි කියල දැනෙනවා නේද? මම බලන් ඉන්නවා ඒක දැනෙනකන්....

      Delete
    2. සෑහෙන්න දැනෙනවා දැන් නං, මගේ ජීවිතේ වෙනස් කරපු එක සිද්ධියක් මගේ දූ.

      Delete
    3. දූලා කොහොමත් තාත්තට තමයි වැඩියෙන්ම ආදරේ, අපේ අම්මිත් බනිනවා වෙලාවකට, මේ ගොල්ලන්ට මම කොච්චරකරත් වැඩක් නෑ තාත්තා විතරයි ඕනි කියල.

      Delete
  15. ඇත්තමයි නදිනි කියන්න කොච්චර හැදුවත් එකක්වත් ලියවෙන්නෙ නෑ වගේ. ඔයාගෙ ඒ බලාපොරොත්තුව
    , පුංචි පැටියා ඔයාගෙ ජීවිතේ පුරවයි. සත්තයි!

    මට මේක කියවද්දී මතක් උනේ අයියගෙ කෙලි පොඩ්ඩිව. ඒකි ඒ පවුල විතරක් නෙවෙයි අපිවත් පිරෙව්වා.

    ReplyDelete
    Replies
    1. ඔව් එක පුංචි පැටියෙක්වත් නෑනේ තාම , බලන් ඉන්නවා එනකන් මග....
      අයියගේ කෙලි පොඩ්ඩ නම් මම දැක්කා, බාප්පියට පනවගේ ආදරෙයි නේද?

      Delete

නදී නිම්න‍යේ තබා යන්න ඔ‍බේ සිතුවිලි මුතු අහුරක්...