Tuesday, April 9, 2013

තනි උනා මම....


වින්දෙ නෑ මම නුඹේ ප්‍රේමය
වෙන්වෙන්න නෑ හීන දැක මම
නොකර ප්‍රේමය දුන්න දුක නුඹ
හඩ හඩා සිහිකරනවා තව...
 
යන්න අවැසිව දුරක් තනිවම
අහස දිග නිදහසේ පියඹන
කරුණ කිම දැයි නොකියවන සද
හඩා වැලපුනි තනි උනා මම..
 
නොකියාම නුඹ ගියා අතහැර
සිහිකරන විට දැවේ හද තව
නැතිව මා නුඹ ගෙවන දිවි මග
සතුටු නම් හිත හදාගමි මම..

33 comments:

  1. නිර්මාණයක් පමණක් නේද?...

    ReplyDelete
    Replies
    1. නිර්මාණයක් විතරයි අයියේ ඒත් අන්න සැමි අයියත් කලබල වෙලා..

      Delete
  2. නිර්මාණයක්ම පමණක් වේවා කියලා මම හිතින්ම පතනවා :(

    ReplyDelete
    Replies
    1. පැතුමට ගොඩාක් ස්තූතියි මලේ... ඇත්තටම නිර්මාණයක් පමනි..

      Delete
  3. බොහොම සංවේදී විරහ වේදනාවක් ..!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ මම සාර්ථකයි නේද?

      Delete
  4. එලය....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඊයේ පෙරේදා නලීන් අයියා දෙකේ දෙකේ පොල්ලක් හොය හොයා හිටිය නිෂානයට ගහන්න, ඒක දැන් මම හොයාගෙන මේ වල් රජාට දෙන්න හිතෙනව හොද පාරක්..

      Delete
  5. දැන් ළඟ ගිය හකුරට නාඩන්නේ තියන හකුර රැකගන්නේ...ඔන්න ඕකයි තියරිය අක්කේ..දැන් ළඟ හකුරක් නැත්තම් හොයා ගන්න එකයි තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඉන්න හකුර හෝ ගාල දෙස් දෙවොල් තියනවා ඔහේ ඉදන්..

      Delete
  6. හ්ම්ම්...කොහොමත් ප්රෙඅමය කියන්නේ දුක බංගලාවක් අක්කේ....

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත මල්ලි...

      Delete
  7. මොකෑ මේ? හරිම විරහාබරයි

    ReplyDelete
    Replies
    1. ඉදල හිටල මෙහෙම ඒවත් ලියන්න ඕනිනෙ...

      Delete
  8. මුවඟ ගොළු විය ඔබ ඉදිරිපිට
    පවසගන්නට මට නොහැකිවිය
    සිතට දිරි ගෙන පැවසුවද මම
    දනිමි ඔබ මට බොහෝ දුර බව

    (හනී බනියත් මට බූට් එක තියාවිද දන්නෑ.. සාස්තරයක් බලමුද ? )

    ReplyDelete
    Replies
    1. කවුරු බූට් එක තිබ්බත් ඒ යන කෙනා අපේ වටිනාකම දැනගෙන හිටියෙ නෑ කියල හිතන්න මල්ලි...

      Delete
  9. හ්ම්ම්ම්...ම් හිතට වදිනවා අප්පා හරියට..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ කවුරුහරි නොකියම ගියාවත්ද?

      Delete
  10. අාදරය කියන්ෙන් කදුලු පිරිච්ච මහ මුහුදක් මැද්ෙද් තිෙයන පුංචිම පුංචි දූපතක්..
    කොච්චර අාස උනත් හැමදාම දූපතට වෙලා ඉන්නත් බැ..
    ෙකාච්චර අකමැති උනත් මහ මුහුදට ෙනාගිහිනුත් බෑ..

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න බීල කල්පනා කරන්න ඕනි ප්‍රශ්නයක්...

      Delete
    2. අපේ පැත්තේ තියෙනවා පිරිසිදු හොඳට පෙරාපුවා. හැබැයි බෝතල් කරලනම් නෑ. කැමතිනම් උණු කරලා දෙන්න පුළුවන්. ඔය දොස්තරලත් කියන්නේ දවසකට බෝතල් හයක්ද මන්දා බොන්න ඕනි කියලා.

      Delete
    3. අනේ යකෝ දැන් වතුර බීලා කල්පනා කරන්න කියලද කියන්නෙ?

      Delete
    4. ඕඕඕඕඕඕ.....

      වරෙන්කො තේකක් බීලම කල්පනා කරන්න.

      Delete
  11. විරහ ගී මගේත් ප්‍රියතම වෙච්ච කාලයක් තිබ්බා තමයි.

    ReplyDelete
    Replies
    1. හැමෝම අඩුවැඩි වශයෙන් විරහව විදල තියනවනේ නේද අයියේ???

      Delete
  12. මේක සින්දුවක් වගේ. කලිනුත් එහෙම මට දැනුනු නිර්මාණයක් තිබුන වගේ මතකයි.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ මට සිංදු ලියන්න පුලුවන් වගේද? :D

      Delete
  13. දෙන්න දෙපැත්තක ඉද්දි ලියන ඒවාද මේ?

    ReplyDelete
    Replies
    1. ඒ මොකද අයියේ ඒ සැර? :(

      Delete
  14. ඕව මොනවද අනේ අපිට තියෙන කරදර වල හැටියට..හැක්...

    ReplyDelete
    Replies
    1. ඒක හරි, දැන් වේලක් කෑවොත් අනිත් වේල කන විදිහ කල්පනා කරන්න වෙලා තියෙද්දි මොන ලව් ද නේද?

      Delete
  15. ඔන්න ඔය වෙලාවට තමයි හිතෙන්නෙ කොම්පියුටර් ගේමක් ගහං ටිපිටිප් පැකට් එකක් වික වික හිටියනම් මීට හොඳා කියලා :(

    ReplyDelete

නදී නිම්න‍යේ තබා යන්න ඔ‍බේ සිතුවිලි මුතු අහුරක්...