Friday, February 8, 2013

තරුවක් හිංදා ඇඩුවා බොහෝම.....




තරුවක් අල්ලන්ට
උඩ පැන බෝම,
බැරිකම දරාන
ඇඩුවා බොහෝම.....

හිත රිදී තනිව
හඩනා පැයක,
හිත මට කීවා
නාඩන ලෙසට....

තරු පායන්නෙ
එලියෙන් රවිගෙ
උන් ලග නෑ එළි
උන්ටම තනිව...

අඩමින් මොකට
තැවෙන්නෙ තනිව,
රවි කුමරුන්ට
හැකිනම් වඩින්ට...

7 comments:

  1. ඔබ කවි ලියන්නටම උපන්නෙහිද................? හැක්......

    හැබෑවටම ඇත්ත.ව්‍යංගාර්ථ වලින් ලියන කොට ලියවිල්ලේ රස වැඩි වෙනවා. ඔබේ උත්සාහය සාර්ථකයි.

    හැබැයි තව ඕන....

    ReplyDelete
    Replies
    1. හදිස්සියෙම ලියපු එකක් අය්යේ...තව ඕනි කිව්වෙ තව දියුණු වෙන්නද නැත්නම් කවිද?ලියපු පෝස්ට් 2,3 ක් තියනවා දාන්නම්කො හෙමින්....

      Delete
    2. තව ඕන කිවුවේ කවි....

      Delete
  2. වෙලාවකට ඕක අමතක වෙනවා නේ. තරුමයි ඕන කියල හිතෙන්නේ. :):):)

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත... ඒත් පස්සෙ තේරෙනවා අය්යෝ ලගින්ම හිරු පායල හිටියනේ කියල...

      Delete
  3. රවී අයියගේ රෙස්පට් බලන්නේ නැතුව තනියම එලිය දෙන තරුත් තියනවා නේද...?..මට මතකයි මතකයි වගේ.

    ReplyDelete
    Replies
    1. වැඩිපුර ඉන්නෙ ඉතින් රැස්පට් බල බල කරන්න දෙයක් නැති කමට ඉන්න තරුනේ... සාදරෙන් පිලිගන්නවා මේ පැත්තට...

      Delete

නදී නිම්න‍යේ තබා යන්න ඔ‍බේ සිතුවිලි මුතු අහුරක්...