Saturday, February 16, 2013

පාළුයි අම්මේ හරියට .........


පාළුයි අම්මේ හරියට
කවුරුත් නෑ ලග තනියට
දුක කියන්න මගෙ හිත ගැන
එන්න හිතයි මට පියඹන
 
ඕනිද ලස්සන ඇගළුම්
ලෝකෙට පෙනෙන්න පැලදුම්
ළග නැතිවම ඔබෙ උණුසුම්
මටනම් නොවටි කිසිවක්
 
එන්නද මම හෙට පියඹන්
කිසිවක් නෑ මගෙ ඉතුරුම්
ළග දැවටි ඔහෙ ඉන්නම්
බඩගිනි නෑ මට එහෙනම්
 
තුරුලට අරගෙන ඉන්න
මට බැහැ ආපහු යන්න
නුඹ වටේම සැනහෙන්න
මා ලගින්ම නුඹ ඉන්න


15 comments:

  1. මේ විදිහේ ගීතයක් තියනවා. එකේ කියන්නේ අම්මට රට යන්න එපා කියල. ඒ තරමටම මේ පද ටිකත් හිතට වැදුන.

    ReplyDelete
    Replies
    1. මටත් ඒක පස්සෙ මතක් උනා.. හිතේ බරටමයි ලියවුනේ...

      Delete
  2. ඇයි මේකට තනුවක් දාලා හෙම බලන්නෙ නැත්තෙ. හරියට කරගත්තොත් නියමෙට තියේවි කියලා මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අය්යේ ඊයෙ හවස පාලුව දරාගන්න බැරි වුනා මම මොකට මෙහෙම ඉන්නවද කියල හිතුනා..

      Delete
  3. මටත් මතක් උනේ අර ගීතය " අම්මේ...යන්න එපා දුර රටකට...කවුරුත් නෑ මගෙ තනියට "

    නදීට මේ හිතෙනවා වගේම අම්මටත් හිතෙනවා ඇති. එයා දුක දරාගෙන ඉන්නවා ඇති. රස කෑමක්, ඔයා කන්න කැමතිදෙයක් ගෙදර හැදුවම ඇස් වල කඳුළු පුරෝගෙන ඔයාව මතක් කරනවත් ඇති. එහෙම වෙලාවට බත් ටික උගුරේ හිරවෙනවත් ඇති...නොකා නොබී හරි කෙල්ල ගෙදර හිටියා නම් හොඳයි කියලා හිතෙනවත් ඇති...

    මේ හැම තනිකමක්ම..දුකක්ම ..පාළුවක්ම..කඳුලක්ම..ටික දවසකට විතරයි..දැනට අපි එහෙම හිතමු කෙල්ල..

    ReplyDelete
    Replies
    1. ඔව් ලිහිණි ඒක මට දැනෙනවා අම්මිත් බය නැතුව ඉන්නෙ මම ඉන්නෙ අම්මීගේ නංගි සහ එයාගෙ දරුවො එක්ක නිසා. මගෙ ඉස්සරහ ඇඩුවෙ නැති උනාට පුංචි හරි අනිත් අය හරි ගියාම අඩ අඩා කියනවලු අනේ නංගි බලගන්න කියල..ඒත් මට හිතෙන්නෙම ඉන්න බෑ කියල... අනිත් අතට හිතෙනවා හම්බ කලොත් එයාලට සලකන්න පුලුවන්නෙ කියල.. දැන් අප්‍රේල් වල මම ගෙන්න ගන්නවා අම්මිවයි තාත්තිවයි සති 2 කට.

      අහා මම දැක්ක ලිහිණිත් ඩුබායි එනවා කියල තියනවා. කවදද එන්නෙ?

      Delete
    2. ඒක මට යන්න ලැබුනේ නෑ නදියෝ. ඒ දවස්වලනෙ මට ඩෙංගු හැදුනේ. ඒකටත් නිවාඩු ගත්ත නිසා ජොබ් එක බේරගන්න නම් නොයා ඉන්න කියලා ඔෆීසියෙන් නිවේදනයක් නිකුත් කලානේ.. ආයෙම චාන්ස් එකක් ලැබෙයි. බලමුකෝ..

      Delete
  4. හරිම ලස්සනයි....ඒ වගේම සංවේදී....මොනවා නැති උනත් අපිට දරාගන්න පුළුවන්..එත් අම්මාගේ අඩුව සම්පුර්ණ කරන්න මේ ලෝකේ වෙන කිසිම දෙකට බෑ...මොකද අපිට ඉන්නේ එක අම්මයි....

    ReplyDelete
  5. ඒක ඇත්ත මල්ලි... හරියට දුක දැනෙනවා..

    ReplyDelete
  6. සරා නම් පරක්කු උනා. චන්දන කියලා තියෙන්නේ මට හිතුනු දේමනේ. ආයෙත් කියන්න ඕන නෑ නේ නේද...?

    ReplyDelete
    Replies
    1. මෙහෙම ඇවිත් යන එකම මදෑ අය්යේ...

      Delete
  7. සිරාවටම මටත් මතක් වුනේ "අම්මේ..යන්න එපා දුරු රටකට" කියන සින්දුව..

    ReplyDelete
    Replies
    1. අය්යෝ මම ඒක කොපි කරාවගේද මල්ලි? වැඩේ තියෙන්නෙ මමනෙ දුරුරට අම්ම ලංකාවෙනෙ...

      Delete
  8. තනුව අර අම්මේ යන්න එපා දුරු රටකට කියන ගීතය වගෙයි තදින්ම හිතට වැදුන නිර්මාණයක්
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. අය්ය්යෝ හැමෝටම මතක් උනේ ඒකද? කමක් නෑ කමක් නෑ ඉතින්...

      Delete

නදී නිම්න‍යේ තබා යන්න ඔ‍බේ සිතුවිලි මුතු අහුරක්...