හොයනවා
හොද ගෑණු දරුවෙක්,
ඕනලු
මල්ලිට බදින්න,
ඇහුවාම
මම සුදුසුකම් වැඩිය
නෑ අක්කො කීවා
මෙන්න
පහල තියනවා සුදුසුකම්,
නීල
වරලක් තියෙන්න ඕනි
නාදළු
තොල් පෙති තියෙන්නත් ඕනී,
මුතුවන්
දත් පෙලකුත්
දේදුනු
ඇහි බැමිත්
වාත්තු
කලාවගේ ඡවි කලණකුත්
මිටින්
ගත් හැකි ඉගසුගකුත්
රිය
සක වැනි පුලුළුකුලත්
ඔන්න ඔච්චරයි
ඕනි
බැලුවා
දෙතුන් දෙනෙක් අදුනන
නීල වරලෙ
කෑලි කෑලි පාට ගාපු විච්චූරණ
නාදළු තොල්
හදන්නහැකි ඕනි තරම් තොල් සායම්
මුතු වන්
දත් දාන්න හැකි පෙන්නන්ට නුඹට කලින්
දේදුනු
ඇහි බැමිනම් ඔය හදන්නෙ දැන් හතර වටෙන්
ඡවි කලණට
ගන්නට හැකි මාර අය්යගෙ බයෝනාව
ඉගසුග
නම් ඕනි හැටියෙ ගලපගන්න පුලුවන්නෙව
රිය සක
වැනි පුලුළුකුලක් කඩේ තිබේ අවැසි තරමෙ..
ඉන්නවාද
දන්න කෙනෙක්
දන්නවනම්
කියනවාද
නාකිවෙන්ට
කලින් මූට හරි මගුලක්
කොරල දෙන්ට....
…
ඔව් ඔක්කොම තියෙන කෙනෙක් මුලිච්චි උනොත් මටත් කියන්න...
ReplyDeleteසිරා අය්යව සාදරයෙන් පිලිගන්නවා, මේ දේවල් තියන කෙනෙක් කොහොමහරි හෙව්ව කියමුකො, ඒත් මම කොහෙද දැක්ක අය්ය පිවිතුරු ආදරේ හොයනවා කියල, ඒක හොයන එක තමයි ලොකුම අමාරුව...:D :D
Deleteහි හි හී...එකෙක් අඹන්න වෙයි වගේ නදියෝ..
ReplyDeleteඒකනෙ ලිහිණියෝ අඩුගානේ අක්කලා දිහා බලලවත් මූ තේරුම් ගන්න එපැයි මෙහෙම ගෑණු නෑ කියල...
Deleteහෙහ් හෙහ් හෙහ්.....
Deleteනීලගිරියෙන් අහලා බලන්න. බැරි උනොත් අපේ හිරුවා හරහා එයාලගේ අම්මගේ කේක් කොපැනියට ඇනවුම බාර දෙන්න.
ReplyDeleteඇත්තටම මෙහෙම උන් දැන් නෑ නේද අය්යේ....
Deleteදැන්ම ඕඩර් එක දීලා එකියක් උපද්දවලා ගන්න තමයි වෙන්නේ.... :)
ReplyDeleteඒ කියන්නෙ මේකට තව සෑහෙන්න වයසට යනකන් ඉන්න වේවිද?
Deleteනැතුව නැතුව..... :D
Deleteකිව්වට තරහ වෙන්ට එපා අක්කේ ඔය කොලුවට ඔහොම ගියොත් මේ කපේදී මංගල්‍යක් කරගන්ට වෙන්නේ නෑ.
ReplyDeleteඒක නම් ඇත්ත, ඒ කියන්නෙ මල්ලිත් දන්නව වෙනස????
Deleteමල්ලියට ඉස්සෙල්ලම බහු විවාහ කරගන්න පුලුවන් රටකට හරි ආගමකට හරි ගියොත් නම් වැඩේ ගොඩ දාගන්න පුලුවන් වේවි.:D
ReplyDeleteහැබැයි අය්යේ හතර දෙනයි නේද ගන්න පුලුවන් වැඩිම???? එහෙම උනොත් ඒත් ප්‍රශ්නයක්නෙ...
Deleteවැඩිය සුදුසුකම් ඕන නෑ කිව්වට හොයන හරිය මදැයි ඔය. හඳුන් අරටුවකින් වත් නෙලන්න තමයි වෙන්නේ. ඊට පස්සේ යවමු රට වටේ. හැබැයි ඉතින් ඕනෑම එක හොයන්නේ නෑ වගේ.. හොඳ ගතිගුණ චුට්ටක් විතර වත් එපාලු ද.. :D
ReplyDeleteදැන් ටිකකට කලින් මට එස් එම් එස් පණිවිඩයකින් කියල තියනවා ඒකත් ඕනි කියල.. තව එකක් වැඩි උනා ඒපාර... :D :D ඔයාගේ කමෙන්ට් එක දැකල මම හිතන්නෙ..
Deleteආන්න බලන්න.. පේනවා නේද අපි වගේ පණ්ඩිතයින් ඇසුරු කිරීමේ අගේ..! ෆෝන් කොම්පැනියට උනත් ලාබයි නෙ :p :D
Deleteහික්..... අබන්න තමා වෙන්නේ කෙල්ලෙක්ව......
ReplyDeleteඅඹලත් පුලුවන් වෙයිද මන්දා සමනලියො...
DeleteImpossible...... කියන්න හරියන වැඩක් නෙවෙයි කියල
ReplyDeleteකෝරලේ වලව්ව
ඒ කියන්නෙ දැන් ඉන්න කෙල්ලන්ට මේ මුකුත් නෑ??????
Deleteහරියට හරි. කොටින්ම මොළෙත් නැහැ
Delete.
.
.
.
.
.
.
.
.
.
.
.
නැත්නම් අපි වගේ උන්ව බඳිනවද?
තමන්ම කියාගන්න හන්දා හොදයි මේවා ඉතින්, අපි කිව්වොත් තමයි බොහොම විස වෙන්නෙ...
Deleteඒ අදනේ දැක්කේ මෙයාගේ බොග...
ReplyDeleteහොරෙන්ම පටන් අරං.. :0
නිකන්වත් කියන්න එපා ඈ..!
හංගගෙනම ඉන්න...
මිටින් ගත් හැකි ඉගසුගක් & රියසක වැනි පුලුළුකුලක්... යකෝ කාටූන් ගෑණියෙක් වගේ ඉදීනේ... :) :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මම මේ රජ මල්ලිගෙ බ්ලොග් එකට ගිහින් ඔබතුමාට මඩක් ගහල ආව විතරයි.
Deleteඇත්තටම මූට කාටුන් එකක් තමයි වගේ හොයල දෙන්න වෙන්නෙ. ගොඩාක් ස්තූතියි මේ පැත්තේ ආවට රජතුමනි...
මාත් තාම වේලෙනවා නදිනියෝ....
ReplyDeleteමාත් උදේ හවා අයියා ඔය ගැන අහද්දී කියන්නේ.. "අම්මා අම්මා මේ මට.." සින්දුවෙ ඉල්ලීම් ටික.
ඒ කියන්නෙ අකමත් මේ විදිහෙ කෙනෙක්ද හොයන්නෙ, පේනවනේ කට්ටියගෙ කමෙන්ට්ස්? කවදාවත් හම්බ වෙන්නෙ නැති හැඩයි.
Delete