Friday, February 1, 2013

තනියට එන්නම්......





යොදුන් ගනන් දුර මල් පාවඩ නැති
නුඹ යන මග මම තනියට එන්නම්...

සිතින් දරාගනු බැරිව සුසුම්ලන
ඔය හිත ලග මම තනියට ඉන්නම්.....

නෙතින් දරාගනු බැරිව ගලායන 
කඳුලැල් පිසලා ලගින්ම ඉන්නම්...

ලොවම එරෙහි වී නුඹ තනිවූදා
හිස අතගා නුඹෙ සිත සනසන්නම්.....

11 comments:

  1. //ලොවම එරෙහි වී නුඹ තනිවූදා
    හිස අතගා නුඹෙ සිත සනසන්නම්.....//

    මට අපූරු සිංදුවක් මතක් වුනා මේ පද දෙක කියවද්දි. ඒ සමුගන්නට අවසරයි කියන සිංදුව. ඒ ඇයි කියලා දැන ගන්න කැමති නම් ඒ ගීතය අහලා බලන්න.

    හැබැයි යාළුවා ඔයාට වර්ඩ්වෙරිපිකේෂන් නම් අයින් කරන්න වෙනෝ.

    ReplyDelete
  2. මේ පැත්තට ඇවිත් අදහස් දැක්කුවාට ගොඩාක් ස්තුතියි අය්යේ.... සාදරයෙන් පිලිගන්නවා.... කියල දෙන්න පුලුවන්ද වර්ඩ්වෙරිපිකේෂන් අයින් කරන විදිහ... මම අලුත්නෙ...

    ReplyDelete
  3. තනියට ඉන්නම් තනි නොකරනවා නම්......

    ලස්සන අදහසක්, කරන්න පුලුවන් නම්

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා.... කරන අයත් ඉන්නවා අපි අතරේ.... එහෙම නේද?

      Delete
  4. ඔය කියන දේ.. අවංකව කියන්නේ සදාකාලික වන්නේ බොහොම ටික දෙනාටයි බං..

    ReplyDelete
    Replies
    1. ඒක හරි ඒත් මම එහෙම මිනිස්සු දැකල තියනවා... අනික මේක නම් මම හස්බන්ඩ්ට ලියපු එකක්... එයාව තනිකරන්නෙ නෑ කියන්න.... ගොඩක් ගැඹුරෙන් හිතල ලියපු එකක් නෙමෙයි..

      Delete
  5. හා.. මෙයා ලස්සන කවි කාරියක් නේ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් රත්නපුරේ කෙල්ලො දක්ශයිනෙ නේද?

      Delete
    2. ආයෙත් අහල.. :)

      Delete
  6. ලස්සන කවියක්...
    මේකෙ මාතෘකාව දකින කොටම මට මතක් උනේ කලකට ඉහත ඇසුනු ප්‍රියානි ජයසිංහ ගායනා කරන අශෝක කෝවිලගේ ලියලා සංගීතවත් කරපු මම ගොඩාක්ම ප්‍රිය කළ මේ ගීතය... දේශ්ටත් ඒකම මතක් වෙලා... :D
    කඳුල නිවන්නම් නෙත නොතෙමනවා නම්
    තනියට ඉන්නම් තනි නොකරනවා නම්...
    මතකයෙ ඉන්නම් අමතක නොම වේ නම්...
    සෙනෙහෙ පුදන්නම් සිත නොරිදනවා නම්...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි මේ පැත්තෙ ආවට මියුරු, ඒකනම් ගොඩාක් ලස්සන සින්දුවක් තමයි...

      Delete

නදී නිම්න‍යේ තබා යන්න ඔ‍බේ සිතුවිලි මුතු අහුරක්...