Friday, February 1, 2013

නුඹෙ මතකය හැමදාමත් මට අගනේ නම්....




හිත් අහසට තරුවක් වී 
නෙත් අද්දර නුඹ රැඳුනම 
දෝර ගලපු සතුට දන්නෙ 
මම විතරක් නම්....

හීන වලට පාට අරන්
හැම හීනෙම පාට කරපු
නුඹෙ මතකය හැමදාමත්
මට අගනේ නම්....

ආදරයෙන් බලාගත්ත 
අනේ නුඹේ සිත් අහසට
අලුත් සඳක් පායාවිත්
එබී බලයි නම්...

සඳක් වෙන්න බැරි උනාට
රෑ අහසේ තරුවක් වී
හැමදාමත් නුඹේ අහස 
සරසන්නම් මම්....

14 comments:

  1. ලස්සන සිතුවිල්ල.... අහිමි උණත් ආදරය ආදරයම තමයි... වෛරයක් තියෙන්න විදියක් නෑ සැබෑ ආදරයේ...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ඉස්සර ලියපු කවියක්... පත්තරෙත් ගියා... ස්තූතියි හැම උදව්වකටම.....

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. දැන් කොහොමෙයි අපි ඔයාගෙ බ්ලොග් එක follow කරන්නෙ. ඒකත් හැදුව නම් තමයි වැඩේ සම්පූරිණ වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් දේවල් තාම දන්නෙ නෑ... යන්තමින්නෙ අටවගෙන ඉන්නෙ... කියල දෙන්න පුලුවන්ද?

      Delete
    2. අඩුපාඩු තියෙන ඒව අද හැන්දෑවට හදල දෙන්නම් හොදේ...

      Delete
    3. ඇවිල්ලා ඇවිල්ල.... මගේ ගුරුතුමී ඇවිල්ල.... දැන් හරි....

      Delete
  4. සුභ පැතුම්. ඉදිරියට යන්න...

    ReplyDelete
  5. කවිය ලස්සනයි නදිනි.. බ්ලොග් දිවියට සුබ පැතුම්...!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි මේ පැත්තට ආවට චන්දන...

      Delete
  6. අදයි ආවෙ මේ පැත්තෙ... ලස්සන කවියකින්ම පටන් අරන් තියෙන්නෙ... :D

    ReplyDelete
    Replies
    1. මට හිතෙනවා මම මොනවහරි ලියනවට වඩා කවි ලියන එක හොදයි කියල, රසවිදින්න පුලුවන් අයත් වැඩිනෙ... ඔයාල ඔහොම කියනකොට ඉතින් තව ලියන්න හිතෙනවා....

      Delete
  7. ඔයාගෙ පළවෙනි ලියවිල්ල මේ දැන් කියෙව්වෙ නගෝ...දුක තුල හැංගුන රහ දැනුනු පද පෙලක්...

    ReplyDelete

නදී නිම්න‍යේ තබා යන්න ඔ‍බේ සිතුවිලි මුතු අහුරක්...