අතරේ ජීවිත සැමරුම්
මතකය රිදවන බවනම්
දැන උන්නේ නෑ මෙතරම්
හැර ගියාම දුක කෙතරම්...
පටලා අත් වැල් සතොසින්
ගිය මග මතකද තාමත්
හැර යන බව කීවානම්
අද වෙන්නෑ දුක් මෙතරම්....
සතුටින් නුඹෙ මඟ හැමකල්
වෙන්නට පිපි මල් මාවත්
පතමින් නුඹ හට යහපත්
නවතින්නම් මෙතනින් මම්.....
ගොඩක් දවසකින් මොකද මේ දුක හිතෙන කවියක් අක්කේ..
ReplyDeleteදැන් දැන් දුක හිතෙන දේවල් විතරයි මල්ලි වෙන්නේ...
Deleteමොකක්ද බොල මේ....???
ReplyDeleteදුක තමයි අයියේ...
Deleteමේක කියවද්දී මට මතක් වුනේ "අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ.... එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියෝවක් නෑ" ....කියන සින්දුව ...!
ReplyDeleteඒකනම් ප්‍රේමයේ වියෝ දුක විතරක් නෙමෙයි ජීවිතේ ගැනම කියන සිංදුවක්නේ..
Deleteඔබ යන්නකෝ එහෙනං.
ReplyDeleteමම එන්නං පස්සෙන්
හිස සිපගන්නට තරමින්
හොද පොල්ලක් කරකවමින්
අපෝ නෑ...යන අයට යන්න පුළුවන්...
Deleteකවි සංකල්පනාවයි, සැබෑ ජීවිතයයි පැටලෙන්න ගිහින් ආයෙම ලෙහා ගත්තා. :)
ReplyDeleteසේරම පැටලිලා...
Deleteආ මෙතනින් නවතිනවද? ලොකු දෙයක්... ^_^
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
$&^#&*@&$()@*$)
Deletehamuwenne ayi wenwenna nam....... aththatama ayi wenweema me tharam dukbara deyak wune?
ReplyDeleteඒක නම් ඇත්ත... හමුවීම සුන්දර වෙද්දිම තේරුම් ගන්න වෙනවා වෙන්වීම දුකක් කියලා...
Deleteසතොසෙ බඩු ගන්න ගිහිල්ලද දෙන්නා සැට් වෙලා තියෙන්නෙ ?
ReplyDeleteමේ මොකෑ මේ!!?
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
ReplyDeleteයනව කියනව නං යන්න දෙන්න. ආදරේ කියන්නෙ අතේ මිටි කරගෙන හිතට තද කරගෙන බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙවේ. හිර කර ගත්ත ආදරේ කවදාවත් ඔයාගෙ වෙන්නෙ නෑ. නිශ්ශබ්දව බලන් ඉන්න. එයාට වාසනාවක් තියනවනං ඔයාගෙ ආදරේ ලබන්න එයා ආපහු එයි. ජීවිතයේ දුකට ධෛර්යයෙන් මුහුණ දෙන්නට හැකියාව ලැබේවායි පතමි..
ReplyDelete