දැන් කාලෙක ඉදන් කප් කේක් හදන්න ලොකු ආසාවක් තිබුනා, ඒත් ඉන්ටර්නෙට් එකේ තියන විදිහට ටිකක් වැඩ වැඩී වගේ නිසා වෙන කෙනෙකුගෙන් අහගෙන ගිය සිකුරාදා වැඩේ කරා,
ඔන්න ඕනි දේවල් හදන හැටි එහෙම දාන්නෙ නෑ. ඒකට හේතු තියනවා. මට අවන් එකක් නෑ ඉතින් මයික්‍රොවේව් එකේ තමයි දැම්මෙ. ඒකෙ වෙලාව එහෙම අවන් එකකට වඩා වෙනස්, අනික මට හිතෙන්නෙ නෑ හොදටම හොදයි කියලා. රහ නම් තිබුනා ඒත් සමහර හරිය තදයි වගේ කාපු අය නම් කිව්වෙ අවන් එකේ දාපු නැති නිසා කියලා.. අනික අයිසින් වලට අයිසින් සීනි ගොඩාක් දාන්න නංගි දුන්නෙ නෑ එයා සීනි කන්න ආස නැති නිසා..අයිසින් එක දැම්මෙත් ඒ කපල් එක රන්ඩු වෙවී.. ඉතින් සමහර ඒවට අයිසින් වැඩි සමහර ඒවට ඇත්තෙම නෑ.. බලන්නකෝ රසයිද කියල..
මෙන්න මෙහෙමයි පටන් ගත්තෙ...
හරියට වැඩ මෙයා..
මේ තුන්වෙනි තැටිය මම හිතන්නෙ..
ඔන්න දැන් මයික්‍රොවේව් එකේ..
මෙන්න ඇදුම් අන්දන්න කලින්...
මෙන්න අපේ ගෙදර ඉන්න උන් දෙන්නගේ වැඩ..
ඔන්න ඔහොමයි මම කප් කේක් හැදුවෙ... ඒක නිකන් විස්වාස කරන්න බැරිව වගේ දැන් මෙහෙට භූමිකම්පාවකුත් ආවා...බලන්න ඉතින් අහිංසක අසරණ ළමයෙකුට ස්වභාවධර්මයත් කුරිරුවෙන හැටි..
ReplyDeleteකෝ බොල වට්ටෝරුව ...?
සාදන ක්‍රමය ....?
උවමනා ද්‍රව්‍ය ...?
පිළිවෙල ..?
පටුන ..?
අඩංගු ද්‍රව්‍ය ..?
සාදාගන්න විදිහ ..?
සහන මේක නිවේදනයක් විතරයි. එයා හදාගෙන කාලා තියෙන බව අපිට දන්වලා.
Delete@ සහන්, අනේ ඔය උඩින්ම දාලා තියෙන්නෙ ඒවා දාන්නෙ නෑ කියලා, ඒක ගොඩාක්ම හරි ගියෙ නෑ වගේ.. ඒත් කාපු කට්ටිය නම් කියන්න හොදටම හොදයි මයික්‍රෝවේව් එකේ දාපු එකයි අවුල කියලා..
Delete@ සුදීක අයියා, ආන්න හරි අයියට තමයි තේරුනෙ,, :D
දාපුවා කිව්වේ නැත්තේනම් රහස් වට්ටෝරුවක් වගේ :D
Deleteමෙන්න මෙයා කේක් හදල කාල. හ...ලී නලකයි..!
ReplyDeleteඅවශ්‍ය ද්‍රව්‍ය..
පිටි, සීනි, බිත්තර කිහිපයක්, අයිසින්, හැඳි ගෑරුප්පු, අලවංගු, බාල්දි... පත්තර පිටුවක්, බ්ලොග් එකක්.. කොටු කොටු ලේන්සුවක්, තැටියක්, පැත්තක් පේන සින්ක් එකක්.. කොලපාට මොකක්ද එකක්, මල්ටියක්, නංගි කෙනෙක්, තරාදියක්...
මේ සියල්ල එකට අනා අවශ්‍ය පරිදි සකස් කරගෙන රස විඳින්න.
ඇයි බං මං වත් කියන්න මේක හදන හැටි.. :D
(වීළුවක් කොරේ ඈ)
නියමයි චන්දන
Deleteහදන විදිය හරියටම කියල
කඉක් ටික නම් ලස්සනයි නදී අක්කා
අයිසින් ටික පාට කීපෙකින් හදන්න එපයි
@ චන්දන, දෙයියෝ සාක්කි මෙච්චර දේවල් අනන්නේ මොකේ දාලද? කමෙන්ට් එක මම නංගිටත් පෙන්නුවා..
Delete@ සසනි, කොහේ හදන්නද නංගි ඔය අයිසින් ටික හැදුවෙත් බලෙන් වගේ.. නංගි බනිනවා සීනි කනවා වැඩී කියලා..
ඔක්කොම හොයා ගත්තා නංගි කෙනෙක් හොයා ගන්න බැරි උන නිසා මම වැඩේ අතෑරියා. ලංකාවට ගියාම ටැයි කොරලා බලඤ්ඤං.
Deleteඅනාගන්න චන්දනයා සින්ක් එක පාවිච්චි කොරන්න ඇති.
Deleteහදල බලල මටත් කියමුකෝ ගුණ අගුණ. :)
Delete@ සරා අයියා, නංගි බබාව දාලා හදන්නද හදන්නෙ? චන්දන අනාගන්න කිව්වෙ වැඩේද දන්නෙ නෑනේ අයියේ...
Delete@ චන්දන, එහෙම හැදුවොත් රස වෙයිද?
බඩම රිදියන් දෙයියනේ තනියෙන් කනවට :/
ReplyDeleteචික් මම හිතුවෙ නෑ නිෂාන් මල්ලි මට මෙහෙම කියයි කියලා...
Deleteඔය අවුරුද්දට කාපුවට හම්බ උනා නේද වැඩේ?
පෙනුමේ නම් අවුලක් නෑ. හොඳට පිපිලත් තියෙනවා. කප් කේක් එකේ මැදත් වටේ වගේම බේක් වෙලා තියෙනවා නම හරිනේ නේද?
ReplyDeleteඔව් අයියේ හොදට රසට තිබුනා, ඒත් උඩ හරිය ටිකක් ඝනකමයි.. ඒකට හේතුව මයික්‍රෝවේව් එක කියලයි අපි නිගමනය කරේ..
Deleteආ බං අක්කේ.. තනියම හදන් කෑවේ.. මේ අපි වගේ අයට හදන්න වෙලාවක් නැති උනත් නිකමට වගේ දැන ගන්න හදන විදිහ දැම්මනම් නරකෙයි මං අහන්නේ?
ReplyDeleteකොහොමත් දැන් මල්ලියා ඕවා ඉගෙන ගන්න එක හොදයි... ඉස්සරහට ඉතින් කෑම හදන්නත් තියනවනේ නේද?
Deleteතුන් වේලට කන කෑම වලට නම් මහන්සි වුනාට කමක් නැහැ.ඔය වගේ සිල්ලර කෑම වලට යන වියදම කාලය බැලුවම කඩෙන් ගන්න එක ලාබයි.දැන් ඕව 1buy1free කඩවල ඕන තරම්.
ReplyDeleteහැබැයි බැන්ද අලුත නම් ඔහෙ කමක් නැහැ.
මට ඉතින් කරන්න කියල දේකුත් නෑනේ අයියේ, අනික ඕක හදන්න විශේෂ කාරණාවක් තියනවා ඒක දාන්නම්කෝ පෝස්ට් එකකින්.
Deleteමේ වගේ වැඩ වලට මයික්‍රෝවේව් අවන් හරි යන්නේ නෑ නගේ. සීනි අඩුවෙන් නම් හැදුවේ ඉතින් මාළු හොදි ටිකක් වත් ඕන වෙයි නේද ඕවා කන්න.
ReplyDeleteහෙහ් හෙහ්.... අපේ නංගි කේක් හැදුවාම මාමා එන්නේ පරිප්පු හොද්දක් හැදුවද කියලා අහගෙන.... :D
Delete@ සරා අයියා... ඒකනම් ඇත්ත ඒත් ඉතින් තියන සම්පත් වලින් ප්‍රයෝජනය ගන්න ඕනිනෙ...
Deleteමාළු හොදි ඕනි නෑ රහට තිබුනා.. :P
අකමාට නම් එහෙනම් පරිප්පු හොදි එක්ක කේක් කාලා පුරුදු ඇතිනෙ... :D
ෂෝයි ස්පංචි ටික................
ReplyDeleteෆලයන් යන්න..
Deleteනිකමට අහන්නෙ... නංඟි ගොඩක් නාකියිද ? සීනි හොඳ නැති වෙන්න...
ReplyDelete:P
මේක දැක්කනම් මල්ලිගේ කෙස් ටික නොමිලේ කපාගන්න තිබුනා..
Deleteඋඩින් පල්ලෙන් කියෙව්වේ. පින්තුර ටික බැලුවා. හදන්නත් බැරිනම් කන්නත් නැත්නම් මක්කටෙයි හූල්ලලා.........
ReplyDelete:P
මොකද උඩින් පල්ලෙන් බැලුවෙ? ආයේ දවසක හදලා හදන විදිහ, ඕනි දේවල් එහෙම දාන්නම්කෝ...
Deleteහොද උත්සහයක් වගෙයි.. වැඩේ සාර්තකද කියලා කාලම තමා කියන්න වෙන්නෙ ඉතින්.
ReplyDeleteකන්න නැති එකේ කෙලවත් ගිලින්නම්කො ඈ..
කාපු අය නම් කිව්වා සාර්ථකයි කියලා.... ආපහු හදල බලන්න ඕනි ඉතින්.. :)
Deleteඔව්වා කාපු අය තාම (යහතින්) ඉන්නවද?
ReplyDeleteඉන්නවා, ඉන්නවා ;D
Deleteඅපි අර ස්පොන්චි කියල දෙකයි පනහට අරන් කන කේක්ද බං මේ... හැක් හැක්.. ආ ඒවා නවත්තල වර මොනා හරි කියන්න
ReplyDeleteමොකක්ද අයියේ, උත්සාහය අගය කරන්නෙවත් නෑනේ..
Deleteකෝ... කේක් කාල බුදි ද.. :D
ReplyDeleteඑහෙමත් නෙමෙයි අයියේ, ඔයාගේ පෝස්ට් වගයකුත් තියනවා කියවන්න..මග ඇරුනා වගේ ටිකක්
Deleteකෝ බොල හදන විදිය???? :-/
ReplyDeleteඅපෝ හදන විදිහ දුන්නම බොලාලත් හදන්න යනවනේ.. ඉතින් ඒක දැම්මෙ නෑ.. මුට්ටියට තියාගත්ත.. :D
Deleteපලවෙනිපාර ඔහොම මදෑ ..... :D ඊලග කෑල්ල තවත් රසවත් :p
ReplyDeleteඑහෙම වෙයි මලේ ඒත් බලන් ඉන්න වෙනවා අවන් එකක් ගන්න..
Deleteඔන්න තොරණ් බැදල පිලිගත්ත හරිද?
හයියු කෝ තොරණ... ගහපු අය ගලොගෙනම ගිහිල්ලද :D මම එන්නත් කලින්ම :P
Deleteනදිනියෝ..........
ReplyDeleteඉන්නවා ඔහේ...
Deleteඅපේ බනියට කියන්න ඕනේ ට්‍රයි එකක් දෙන්න කියල නිකන් ගෙදර ඉන්න වෙලාවට. අක්කේ තව කෑම සම්බන්ද දේවල් දානවනම් මම හරි කැමතියි
ReplyDeleteඅනේ මට එහෙම කියලා ගොඩාක් කෑම හදන්න බෑ මල්ලෝ, ඔය දෙක තුනක් තමයි.. ඕනි නම් රෙසිපි එක දෙන්නම් මේක හරි ලේසියි..
Deleteමේන් මේකි තනියම කේක් හදන් කාලා :(
ReplyDeleteඔයා මාර බඩුවක්නෙ ! තමන්ගේ කප් කේක් හරියට ආවේ නෑ කියලා හදන්න අවශ්‍ය දේවල් ටික නොදා ඉන්න සිරිතක් තියෙනවද ?
ReplyDelete