Wednesday, April 10, 2013

ඉස්කෝලෙදි අපි,



මට හිතෙන විදිහට අපි හැමෝගෙම ජීවිතේ සුන්දරම කාලේ තමයි ඉස්කෝලේ ගිය කාලේ, සැහැල්ලුවෙන්, වැඩිය හිතන්නෙ නැතුව කරපු වැඩ වලත් අමුතු සුන්දරත්වයක් තියනවා. අද ඉස්කෝලේ කාලේ මතක් උනා. ලියන්න තරම් දග වැඩ කරේ නෑ මම හොඳ ළමයෙක්නේ.. ඒත් සුන්දර මතක තියනවා බලමු ඔයාලටත් රස විදින්න පුලුවන් වෙයිද කියලා.
මම ගියේ බාලිකා පාසලකට, රත්නපුර දිස්ත්රික්කයේ හොදම පාසලකට. බාලිකා පාසලක් කිව්වම දන්නවනේ ඉතින් හරිම ෂෝක්. පාරෙන් ගොඩාක් දුර තියන නිසා පංතියකින් එලිය බැලුවත් පේන්නෙ වෑන් අංකල්ල, නැත්නම් කපල්ස් ඒත් නැත්නම් නඩුකාර හාමුදුරුවන්ගේ රියදුරු මහතා තමයි. කොල්ලෙක් කියල නාමයක් පේන්න නෑ.
ටිකක් ලොකු කාලේ කියන්නේ ඕලෙවල් වගේ කාලේ දකින්න හිටිය එකම කොල්ලා සති 2,3 කට වතාවක් ඉස්කෝලේ කැන්ටින් එකට එන කොකා කෝලා රෙප්. අම්මෝ එයා ආපු දවසට අපිට ඉතින් රජ මගුල්.. එතන පාරෙන් එහාට මෙහාට යනවා හැබැයි එයාට පේන්න බලන්නෙ නෑ.
එයාට පෙන්නනේ එයාට සතේකට ගනන් ගන්නෙ නෑ වගේ.. බලපු කට්ටිය දුවල ගිහින් කියනවා අනිත් අයට ඇදන් ඉන්න පාට, ඇදුම ගැන එහෙම.. එතකොට ඊලග කට්ටිය යනවා. ඔහොම ඔහොම ඉතින් කට්ටිය මාරුවෙන් මාරුවට ගිහින් බලල එනවා.

එහෙම ගිහින් බලන තව කට්ටියක් ඉන්නවා තමයි එක වසරේ නංගිලාගෙ තාත්තලා... වැඩේ තියෙන්නෙ එයාල වැඩිපුර එන්නෙ අවුරුද්දෙ මුල විතරනෙ ඉතින් ඉතිරි ටිකට කොකා කෝලා රෙප් තමයි.
ඉස්සර දැන් ඉතින් එක කෙල්ලට සමහර වෙලාවට කොල්ලෝ දෙතුන් දෙනා ලයින් දානවනෙ. අපි ලියල බලනවා අපේ නමත් එක්ක එක එක කොල්ලගේ වාසගම මොකක්ද හොදම එක බලන්න... (නරකයි නේ)
 
9 වසරේ ඉදන් එකම මිස් කෙනෙක් තමයි හිටියෙ විද්යාව උගන්නන්න හිටියෙ, ඔය මිස්ට අපි කිව්වෙ නිදි කුමාරි කියලා. කොයි වෙලාවෙ එයාව දැක්කත් අවුලක් නැතුව නිදාගන්න පුලුවන්. ඉස්සර එයාට සිලබස් එක ඉවර කරගන්න අමාරුයි. ඉතින් හවසට අමතර පංති දානවා ඇත්තටම අපියි කියන්නෙ අමතර පංති දාමු කියලා.. ඔන්න ඉතින් 2 ඉස්කෝලේ ඇරුනහම අපි කනවා ඊට පස්සෙ ක්රිකට් ගහනවා ඔන්න 3, 3.30 වගේ මිස් එනවා ක්ලාස් එක කරන්න. වාඩි වෙලා පාඩාම පටන් ගනිද්දි 3.45 වගේ වෙලා. 4 අපිට ටොයිලට් යන්න ඕනි වෙනවා. ඉවර වෙලා එද්ද් 4.15 පහුවෙලා. 4.30 ක්ලාස් ඉවරයි.. හැබැයි මිස්ට කවදාවත් තේරුනේ නෑ අපි මොකක්ද කරන්නෙ කියලා...
දවසක් ඔහොම මිස් එද්දි අපි අඹ කඩනවා මේසයක් උඩ පුටුවක් තියලා ඒක උඩ එකෙක් නැගල කොස්සෙන් කඩන්නෙ. මිස් දුර එනවා දැකලා කට්ටිය ටික ටික මාරු උනා. උඩ ඉන්න කෙනා හොදට කියව කියව අඹ කඩනව. දැන් කඩල ඉවරයි. මෙයා තව අඹ තියනවද බල බලා පල්ලෙහා පුටුව අල්ලන් ඉන්න එකාට කියනවා හයියෙන් අල්ලගනින් මාව වැටුනොත් අනිත් දවසේ අඹ කඩන්න නගින්න වෙන්න උඹට තමයි. එහෙම කියල බැලුව පල්ලෙහා, අනේ අනේ මිස්ට කතා කරන හැටි නේද, බැලින්නම් පුටුව අල්ලන් ඉන්නෙ මිස්. 

ඉස්සර මම ඕලෙවල් වගේ කරද්දි ෆෝන්ස් එහෙම මෙච්චර භාවිතේ නෑ. අපි වෙන්න ඇති අන්තිමටම පෙම් හසුන් යවපු පරම්පරාව... ඉස්සර ඉතින් ලියුමක් හම්බවුනාම වෙන දෙයක් නෑ. මුලු පංතියම කියවනවා. කොල්ලෝ ලියල තියන ඒවට හිනාවෙන තරම් උන් දන්නවනම් බඩ කපාගෙන එතනම මැරෙනවා.. ඒවට උත්තර ලියන්නෙත් සේරම එකතු වෙලා. ඉස්සර ඉතින් ලියුම් ගෙදර ගෙනියන්න බෑනේ.. ඉතින් සේරම කට්ටියගේ ලියුම් ගෙනියන කෙල්ලෙක් ඉන්නවා. අපි කිව්වෙ ලව් භාන්ඩාගාරික කියලා. හිටපු ගමන් අර භාන්ඩාගාරේ තියපු ලියුමක් බලන්න කෙල්ලෙකුට ඕනි වෙලා ඉල්ලීමක් කරා කියමුකො. අනේ අර අහිංසක ලව් භාන්ඩාගාරික ගේන්නෙ වෙන එක්කෙක්ගෙ එකක්... ඉතින් දවසම ගතවෙන්නෙ ඇඩූ කදුලෙන්.
තව දෙයක් මේ ලියන හොද ලමය කවදාවත් අර මිටි තාප්ප තියන පන්තිවල හරි පාරෙන් පන්තියට ගිහින් නෑ. මිටි තාප්පෙ උඩ නැගල අනිත් පැත්තට කකුල් දෙක දාල පනිනවා. පිරිමි ලමයි නැති නිසා බලන්න කෙනෙකුත් නෑනේ..
 
ඔන්න ඔහොම තමයි ඉස්කෝලේ ජීවිතේ කිව්වලු. තව ලියන්න දේවල් නම් තියනවා පස්සෙ වෙලාවක හොදට ගලපල ලියන්නම්කෝ...
(චික් නෝටි ළමයි නේද?)

54 comments:

  1. යකෝ විද්‍යාව මිස්ට මොත්තේ දාලා බොලා කරපු අවලං වැඩේ මොකක්ද බොල... හැක්... පිස්සුම පිස්සු කාලේ ඒක තමා බං..

    ReplyDelete
    Replies
    1. මොනව කරන්නද ඒ කාලේ තේරුනේ නෑනේ ඒවා...

      Delete
  2. මේකිට (උත්තර දෙන්න ඕයි) කොටන්නත් ඇප්පුරුවල් ගන්න වෙලා නෙව...

    ReplyDelete
    Replies
    1. එහෙම නැති උනාම කට්ටිය විකාර දානවනේ... :)

      Delete
  3. හරිම ෂෝක්. ආයෙත් ඒ කාලෙට යන්න හැම කෙනෙක්ම ආස ඇති.

    හැබැයි අර පන්තිය ඇතුළට යන විදිය තමයි හරි නැත්තෙ

    ReplyDelete
    Replies
    1. මොනව කරන්නද ඒකාලේ හිතුනෙ නෑ ඒක නරකයි කියලා...මේ කෙල්ල ලොකු අම්ම වගේනේ උපදෙස් දෙන්නෙ.. හික්ස්..

      Delete
  4. අපිනං ඒ කාලේ ඔයවගේ නංගිලාව ඉල්ලල අඹගන්නත් මාර ආසයි. මොකද අපිත් හිටියේ පිරිමි ඉස්කෝලෙකනේ...මාර රහයි ලිපිය නම්.

    ReplyDelete
    Replies
    1. @ නලීන් අයියා, මට වෙලාවකට හිතෙනවා එහෙම බෙදල තියන එක නරකයි කියලා ඒකෙන් සමාජෙට වැටෙද්දි ප්‍රශ්න ඇතිවෙනවා...
      @ හිරු.. හි හී

      Delete
  5. පර් ගිව් සන් වෙන්ටෑ ...මම මෙන්දිස් උන්නැහේගේ බෑණා
    වෙච්චි හරිය ...

    ReplyDelete
    Replies
    1. චික් හරියට කියපන්කො නම.. මොකක්ද මේ බෑණා සිද්ධිය?

      Delete
  6. අපොයි අපොයි මුන් මහා වල් කෙල්ලෝ ටිකක්.

    ReplyDelete
  7. ආපෝ..............යකෝ අපි තව හොදයිනේ! චික්...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අපොයි ඒ හරිය මොකට කියනවද?

      Delete
  8. ලියුම් කිව්වම මරු එක්ක මතක් උනා... හිටුකෝ.. අපේ මහත්තයාගෙන් පර්මිෂන් අරන් පෝස්ට් එකක් දාන්න බලන්නම්...

    හැබැයි අපිට නම් වටේම ඇති වෙන්නෙ කොල්ලෝ හිටියා බලන්න... වටේට පිරිමි ඉස්කෝල 3ක්ම තිබ්බනේ.. ඒ මදිවට පසන්සල් 3කුත් තිබ්බා... හි හි

    ReplyDelete
    Replies
    1. අනේ අපිට කියල බලන්න එක කොල්ලෙක් හිටියෙ නෑනේ... කන්ද උඩ ඉදන් බැලුවම කුරුමිට්ටො වගේ දැක්කේ... ඒකත් කොල්ලෙක්ද සීයෙක්ද කියල හොයාගන්න බෑ..

      Delete
  9. චික් නෝටි ළමයි තමයි. ඒකට අපේ ඉස්කෝලේ කෙල්ලෝ පූ......ස් පැටව් වගේ..
    (මම නම් කවදාවත් මගේ නංගි කෙනෙක් බාලිකා පාසල් වලට යවන්නේ නෑ. බාලිකා පාසල් වල යන අය එක්ක සම්බන්දෙකුත් නෑ)

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා... හැබැයි මේ ප්‍රකාශය නම් දරුණුයි වගේ..

      Delete
  10. අඩේ!!! ආපහු ඉස්කෝලේ යන්න හිතෙනවා බං මේවා දකිද්දී......... ඉහි ඉහි.......

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මල්ලි කියන්නේ..

      Delete
  11. හානී මේ කෙල්ලෝ කොරල තියන් ඒවා :P

    //එහෙම කියල බැලුව පල්ලෙහා, අනේ අනේ මිස්ට කතා කරන හැටි නේද, බැලින්නම් පුටුව අල්ලන් ඉන්නෙ මිස්.// මියුරුත් ලියල තිබුන ඔන්න ඔහොම එකක්. දෙන්නම එක වල්ලේ පොල්. :D

    ඒ කාලේ නොකර නාකි වෙලා කරන්නය ඕවා. නැද්ද මං අහන්නේ.

    ReplyDelete
    Replies
    1. නැත්නම් අයියේ?? ඒ කාලේ මම නම් හොදට දඟකරා...

      Delete
  12. මටත් ඒ කාලෙ ගොඩක් කෙල්ලො ලයින් දාන්න ඇතිනේ.... හයියූ කෙල්ලො ඔහොම බව ඒ කාලෙ දැනං හිටිය නම්... චික්.. අපේ ඉස්කෝලෙ දෙපැත්තෙම තියෙන්නෙ ගර්ල් ස්කූල් දෙකක්නෙ.... ඉහි ඉහි

    ReplyDelete
    Replies
    1. ලයින් දාන්න?? ඔයා දාපු එකක් තමයි මල්ලි... කෙල්ලො හැමෝම මෙහෙමද දන්නෙ නෑ ඉතින්..

      Delete
  13. එහෙම තාප්පෙන් පනින අයට ආච්චිලා කිව්වෙ තේඋඩිච්චියෝ කියල.
    අපි නම් එහෙම පනින,උඩ නැගල අඹ/පේර කඩන ළමයි දැක්කම කිව්වෙ ස්වීට් ගල් දෙක කියල.
    සැමි මලය ඇවිල්ලද ඉන්නෙ නැත්නම් ඔබ ලංකාවට ගියාද?

    ReplyDelete
    Replies
    1. චික් නෝටි කොල්ලෝ... නෑ අයියේ අපි දෙන්න තාමත් දෙපැත්තේ...:(

      Delete
  14. උඹ එකත් එකටම යන්න ඇත්තේ අර ට්‍රැක්ටර් මහා විද්‍යාලෙට. අර මැසි ෆර්ගියුසන් බාලිකාව නේද?

    දැන් අර පන්තියෙන් එබිලා බැලුවම ඉන්න කපල් ඔක්කොම... එක්කො වෙන විදියකට අහන්නම්කෝ. ඒ කපල් එකෙන් එකෙක් කොල්ලෙක් නෙවෙයිද?

    ReplyDelete
    Replies
    1. ටැට්ටර් ඉස්කෝලේ??? මම ඉතින් කියන්නෙ නෑ අයියට,,,

      කපල් යනවා කියලා පේනවා ඒත් ඉතින් ඒ යන කොල්ලවවත් හරියට පේන්නෙ නෑනේ අයියේ. අම්මයි පුතයි යනවද කියල පේන්නෙත් නෑ ..

      Delete
  15. මට හිතෙන්නේ මෙයා පර්ගියුෂන් බාලිකාවියක් වගේ. ඒකේ තමයි ඔහොම මදාවි කෙල්ලෝ ඉන්නේ. ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් නදිනි. ආ.... මොකටද ඔයාට විතරක්. සැමී අයියා මහත්තයාටයි පවුලේ අනිත් හැමෝටමයි එහෙම එකක්ම වේවා.....!!!!

    ReplyDelete
    Replies
    1. මොන මදාවිද රත්නපුරේ අහිංසකම කෙල්ලො ටික ඉන්නෙ ඒකෙ..
      අවුරුදු පැතුමට බොහොම ස්තූතියි අයියේ..

      Delete
  16. පවු අෆ්ෆා අර අඹ කඩපු එකී.. මෙයාලා විශ්වාස කරලා මදැයි මේස පුටු උඩ නැග්ගා..

    ReplyDelete
    Replies
    1. අහා ඒකේ හොදම වැඩේ ලියන්න බැරිවුනා මලේ, ඒ පන්තියෙ මොනිටර් නංගි තමයි පුටුව උඩ හිටියෙ... හික්ස්...

      Delete
  17. මාත් ගියෙ බාලිකාවකට තමයි.ඒත් දඟ වැඩ කියන්නෙ මොනවද?

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා ඔන්න... මමත් දන්නෙ නෑ දඟ වැඩ ගැනනම්... :D

      Delete
  18. සුභ අළුත් අවුරුද්දක් වේවා!

    දැං කෝ ඔය නසරානි සෙට් එක ?? තාම යාළුකම තියේද ?

    ReplyDelete
    Replies
    1. සමහර අය එක්ක නම් හොදටම තියනවා. අපි ෆෝන් එකෙන් එහෙම කතා කරන වෙලාවල් තියනවා ... ඒත් ඉස්සර වගේ සැහැල්ලු ගතිය නම් දැන් නැති වෙලා..

      අහා, මලයාටත් ගෙදර හැමෝටමත්, හනී බනීටත් සුභ අලුත් අවුරුද්දක් වේවා...

      Delete
  19. ඈ අක්කේ.. ටොක් ගහ යට එකට ද නැත්තං මුවගම බාලිකා කොලීජියටද... :ඩී.. අපිත් ආවෙ ඒ කිට්ටුවට තමයි ඈ..........

    ReplyDelete
    Replies
    1. අභිමානවත් ටොකු ගහ උඩ එක... යට කොහෙද? ඇත්ත කියපං ඒ දවස් වල ටොකු ගහ යට කැරකි කැරකි හිටියද?

      Delete
  20. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ...

    ReplyDelete
  21. පැතුමට ගොඩාක් ස්තූතියි !!! ඔබටත් පවුලේ හැමෝටමත් එසේම වේවා අයියේ...

    ReplyDelete
  22. සුබ අලුත් අවුරුද්දක් වේවා නදිනි ඇතුළු හැමෝටම !!!

    ReplyDelete
  23. ඔබටත් පවුලේ හැමෝටමත් එසේම වේවා අයියේ...

    ReplyDelete
  24. නදිනි ඇතුළු හැමෝටම සුබම සුබ සියළු
    පැතුම් ඉටු වන බතින් බුලතින් වාසනාවෙන් සපිරිණු
    නව වසරකට ආසිරි එදිනෙදා ජීවිතය වෙබ් අඩවිය වෙතින් මෙසේ පිරිනමමු ...!

    ReplyDelete
    Replies
    1. ඔබටත් පවුලේ සැමටත් එසේම වේවා සහන්...

      Delete
  25. මැවිලා පෙනුනා සීන් එක. මරු සෙට් එකක්නේ ඉඳලා තියෙන්නේ. මං ඔයාගේ පොස්ට් එහෙකද කොහෙද කිව්වා නේද ඔය සීන් එක ගැන.
    අවශ්‍යතාවයකට ඔය ඉස්කෝලෙට ගිහින් ඔතන හිටපු බට්ටි මිස් කෙනෙකුට අපි ලයින් එක දානවා. ඒ අස්සේ ඕකේ ඉන්න කෙල්ලෝ ටික එකතු වෙලා අමුතු සතෙක් දැක්කා වගේ ජනෙල් දැල් වල එල්ලී එල්ලී අපි දිහා බලන් ඉන්නවා. අපිට ඒ වෙලාවේ මතක් උණේම සූ එක :D

    එක නෙවෙයි ඔය පන්තියේ මොනිටර් නදිනි කියලා කෙනෙක්ද?


    ------------
    නදිනිටත් සැමි අයියටත් පවුලේ සැමටත් ලැබුවා වූ නව වසර සුභම සුභ වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අපේ පංතිය හම්බවුන මිස්ල නිකන් හිරේ යනව වගේ තමයි උගන්නන්න එන්නෙ...
      සූ එක? මම කියන්නෙ නෑ ඉතින්...
      නෑ බං මට ජීවිතේට මොනිටර් කමක් හම්බවෙලා නෑ..
      ඔබටත් පවුලේ හැමෝටමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..

      Delete
  26. ඔබ ඇතුලු පවුලේ සැමටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔයාටත්, නංගි බබාටත් පුංචි උදම්සාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ...

      Delete
  27. අඩෝව්!! ඇරියස් ඇල්ලුවා... ඒවාට සැලකුවේ නැත්නම් ආයෙ එන්නෑ. හරිය...

    ReplyDelete
  28. කෙල්ලෝ තමයි කෙල්ලෝ ඈ

    ReplyDelete
  29. මාත් ගියේ මාතර බාලිකා පාසලකට..අනේ නදිනි ඒ කාලේ ගැන මොකට කියනවද..එක සර් කෙනෙක් හිටියේ නැහැ නේ උගන්වන්න...හරිම අසාධාරණයි..නැද්ද..අනේ..?
    අපෙත් ලව් භාණ්ඩාගාරික කෙනෙක් හිටියා..මට වුනේ මගේ ලියුම් දාහක් විතර..(හිතාගන්න බැහැ නේ..)..ඊට වැඩි මිසක් අඩු නම් නැහැ...එක්ක භාණ්ඩාගාරික අතුරුදහන් වුනා නේ..ඒ කෙල්ලට වෙච්ච දෙයක් මම දන්නේ නැහැ..අපොය් මගේ මහත්තයා..(වර්තමානයේ )මට ලිව්ව ලියුම් ගොඩ..

    ReplyDelete
  30. හප්පේ මෙහෙමත් කෙල්ලො....ඔහොම පාසල් වල ඉන්න පිරිමි ගුරුවරු දෙතුන් දෙනා කෙල්ලට පණ භයේ ඉන්නවා ඇත්තෙ...පව් අසරණයො...

    ReplyDelete

නදී නිම්න‍යේ තබා යන්න ඔ‍බේ සිතුවිලි මුතු අහුරක්...