Saturday, May 11, 2013

අලුත් නෑකම...

 

ඉපදුන දවසේ ඉදන්ම අපිට මේ ලෝකේ අය එක්ක නෑකම් ඇතිවෙනවා. මමත් මුලින්ම දුවෙක් උනා, එක්කම මිනිබිරියෙක්, නංගි කෙනෙක් උනා. පස්සේ කාලෙක අක්ක කෙනෙක්ඔය අතර මට සුවිශේෂව දැනුන නෑකමක් ඇති උනා මම නැන්ද කෙනෙක් උනා. පුංචි කෙලි පැටියෙක් තමයි ඉස් ඉස්සෙල්ලම මට නැන්දා කියල කිව්වේ. එතකොට මම ඉස්කෝලේ යනවා. මට පදවිය හරිම ලොකු ආඩම්බරයක් උනා. ඔහොම ඉදල කාලේකදි පුංචි කෙනෙක් උනා, දැනට පුංචි පැටව් 11 දෙනෙකුට මම නැන්දා, පැටව් 3 දෙනෙකුට මම පුංචි වෙනවා.
 
ඔන්න දැන් කියන්න හදන්නෙ අලුත්ම නෑකම... මම පුංචි පැටියෙකුට ලොකු අම්මියෙක් වෙන්න යනවා... මගේම කියල දැනෙන මගේ පුංචිගෙ පොඩි දුවට පුංචි දූ පැටියෙක් ලැබෙන්නයි යන්නේ...
 
දැනට ටික දවසක් වෙනවා අපි මේ සුභ අරංචිය දැනගෙන, ඒක දැන්ගත්ත දවසේ ඉදන් මටත් ලොකු වගකීමක් ලැබිල වගේ, දැන් බබාගේ ඇදුම් මහන්න බඩුගන්න මමත් බර කරට දාගෙන, හැමවෙලේම බබා ආවහම අපි කරන දේවල් කල්පනා කරනවා, දුවක් කියල දැනගත්ත දවසේ ඉදන් රෝස පාට පුංචි ඇදුම් අතගගා නංගියි මමයි කඩවල් ගානේ ඇවිදින්න පටන් ගෙන...
 
පුංචි පැටිය එනතුරු ඇඟිලි ගනිනවා,
 
පුංචි දෝණි එකනම් අපි මග බලනවා. මුලින්ම පැටියෙක් ගැන දැන්ගත්තම දෝණිගේ තාත්තියි මමයි රන්ඩු උනා, තාත්ති කිව්වෙ පුතෙක් කියලා මම කිව්වා නැහැ දුවක් කියලා, ඉතින් ඔන්න අන්තිමේදි ලොකු අම්මි දිනුවා, ඒත් දැන් හරියට මම පුතෙක් කිව්වා වගේ තමයි දූ පැටියගේ තාත්ති හැසිරෙන්නෙ, අපි හැමෝටම වඩා දුවකට එයා ආසාවෙන් බලන් ඉන්නවා, අපි වටේ ඉදන් කෑගහද්දි දෝණි හරියට දගලනවලු,  එතකොට දෝණිගේ අම්මි කෑගහනවා, එපා සද්ද කරන්න මෙයා මට ගහනවා කියලා.
 
මේ සේරම සතුට ඔයා නිසා පුංචි දූ...
 
ඔයා මේ ලෝකෙට ආවහම ලොකු අම්මි පුලුවන් තරම් හොද දේවල් ඔයාට උගන්නන්නවා, ඔයාට පුලුවන් උපරිම දේ දෙනවා,ඒක මම පොරොන්දු වෙනවා,
 
ඔන්න එහෙනම් නිකිණි මාසෙදි අපේ පුංචි දෝනි එනකන් අපි මග බලාගෙන ඉන්නවා..

 
 

Tuesday, April 16, 2013

කප් කේක් හදමුද?


දැන් කාලෙක ඉදන් කප් කේක් හදන්න ලොකු ආසාවක් තිබුනා, ඒත් ඉන්ටර්නෙට් එකේ තියන විදිහට ටිකක් වැඩ වැඩී වගේ නිසා වෙන කෙනෙකුගෙන් අහගෙන ගිය සිකුරාදා වැඩේ කරා,

ඔන්න ඕනි දේවල් හදන හැටි එහෙම දාන්නෙ නෑ. ඒකට හේතු තියනවා. මට අවන් එකක් නෑ ඉතින් මයික්‍රොවේව් එකේ තමයි දැම්මෙ. ඒකෙ වෙලාව එහෙම අවන් එකකට වඩා වෙනස්, අනික මට හිතෙන්නෙ නෑ හොදටම හොදයි කියලා. රහ නම් තිබුනා ඒත් සමහර හරිය තදයි වගේ කාපු අය නම් කිව්වෙ අවන් එකේ දාපු නැති නිසා කියලා.. අනික අයිසින් වලට අයිසින් සීනි ගොඩාක් දාන්න නංගි දුන්නෙ නෑ එයා සීනි කන්න ආස නැති නිසා..අයිසින් එක දැම්මෙත් ඒ කපල් එක රන්ඩු වෙවී.. ඉතින් සමහර ඒවට අයිසින් වැඩි සමහර ඒවට ඇත්තෙම නෑ.. බලන්නකෝ රසයිද කියල.. 
 
මෙන්න මෙහෙමයි පටන් ගත්තෙ...
 
 
හරියට වැඩ මෙයා..
 
 
මේ තුන්වෙනි තැටිය මම හිතන්නෙ..
 
 
ඔන්න දැන් මයික්‍රොවේව් එකේ..
 
මෙන්න ඇදුම් අන්දන්න කලින්...
 
මෙන්න අපේ ගෙදර ඉන්න උන් දෙන්නගේ වැඩ..
 
 
 
ඔන්න ඔහොමයි මම කප් කේක් හැදුවෙ... ඒක නිකන් විස්වාස කරන්න බැරිව වගේ දැන් මෙහෙට භූමිකම්පාවකුත් ආවා...බලන්න ඉතින් අහිංසක අසරණ ළමයෙකුට ස්වභාවධර්මයත් කුරිරුවෙන හැටි..
 
 

Wednesday, April 10, 2013

ඉස්කෝලෙදි අපි,



මට හිතෙන විදිහට අපි හැමෝගෙම ජීවිතේ සුන්දරම කාලේ තමයි ඉස්කෝලේ ගිය කාලේ, සැහැල්ලුවෙන්, වැඩිය හිතන්නෙ නැතුව කරපු වැඩ වලත් අමුතු සුන්දරත්වයක් තියනවා. අද ඉස්කෝලේ කාලේ මතක් උනා. ලියන්න තරම් දග වැඩ කරේ නෑ මම හොඳ ළමයෙක්නේ.. ඒත් සුන්දර මතක තියනවා බලමු ඔයාලටත් රස විදින්න පුලුවන් වෙයිද කියලා.
මම ගියේ බාලිකා පාසලකට, රත්නපුර දිස්ත්රික්කයේ හොදම පාසලකට. බාලිකා පාසලක් කිව්වම දන්නවනේ ඉතින් හරිම ෂෝක්. පාරෙන් ගොඩාක් දුර තියන නිසා පංතියකින් එලිය බැලුවත් පේන්නෙ වෑන් අංකල්ල, නැත්නම් කපල්ස් ඒත් නැත්නම් නඩුකාර හාමුදුරුවන්ගේ රියදුරු මහතා තමයි. කොල්ලෙක් කියල නාමයක් පේන්න නෑ.
ටිකක් ලොකු කාලේ කියන්නේ ඕලෙවල් වගේ කාලේ දකින්න හිටිය එකම කොල්ලා සති 2,3 කට වතාවක් ඉස්කෝලේ කැන්ටින් එකට එන කොකා කෝලා රෙප්. අම්මෝ එයා ආපු දවසට අපිට ඉතින් රජ මගුල්.. එතන පාරෙන් එහාට මෙහාට යනවා හැබැයි එයාට පේන්න බලන්නෙ නෑ.
එයාට පෙන්නනේ එයාට සතේකට ගනන් ගන්නෙ නෑ වගේ.. බලපු කට්ටිය දුවල ගිහින් කියනවා අනිත් අයට ඇදන් ඉන්න පාට, ඇදුම ගැන එහෙම.. එතකොට ඊලග කට්ටිය යනවා. ඔහොම ඔහොම ඉතින් කට්ටිය මාරුවෙන් මාරුවට ගිහින් බලල එනවා.

එහෙම ගිහින් බලන තව කට්ටියක් ඉන්නවා තමයි එක වසරේ නංගිලාගෙ තාත්තලා... වැඩේ තියෙන්නෙ එයාල වැඩිපුර එන්නෙ අවුරුද්දෙ මුල විතරනෙ ඉතින් ඉතිරි ටිකට කොකා කෝලා රෙප් තමයි.
ඉස්සර දැන් ඉතින් එක කෙල්ලට සමහර වෙලාවට කොල්ලෝ දෙතුන් දෙනා ලයින් දානවනෙ. අපි ලියල බලනවා අපේ නමත් එක්ක එක එක කොල්ලගේ වාසගම මොකක්ද හොදම එක බලන්න... (නරකයි නේ)
 
9 වසරේ ඉදන් එකම මිස් කෙනෙක් තමයි හිටියෙ විද්යාව උගන්නන්න හිටියෙ, ඔය මිස්ට අපි කිව්වෙ නිදි කුමාරි කියලා. කොයි වෙලාවෙ එයාව දැක්කත් අවුලක් නැතුව නිදාගන්න පුලුවන්. ඉස්සර එයාට සිලබස් එක ඉවර කරගන්න අමාරුයි. ඉතින් හවසට අමතර පංති දානවා ඇත්තටම අපියි කියන්නෙ අමතර පංති දාමු කියලා.. ඔන්න ඉතින් 2 ඉස්කෝලේ ඇරුනහම අපි කනවා ඊට පස්සෙ ක්රිකට් ගහනවා ඔන්න 3, 3.30 වගේ මිස් එනවා ක්ලාස් එක කරන්න. වාඩි වෙලා පාඩාම පටන් ගනිද්දි 3.45 වගේ වෙලා. 4 අපිට ටොයිලට් යන්න ඕනි වෙනවා. ඉවර වෙලා එද්ද් 4.15 පහුවෙලා. 4.30 ක්ලාස් ඉවරයි.. හැබැයි මිස්ට කවදාවත් තේරුනේ නෑ අපි මොකක්ද කරන්නෙ කියලා...
දවසක් ඔහොම මිස් එද්දි අපි අඹ කඩනවා මේසයක් උඩ පුටුවක් තියලා ඒක උඩ එකෙක් නැගල කොස්සෙන් කඩන්නෙ. මිස් දුර එනවා දැකලා කට්ටිය ටික ටික මාරු උනා. උඩ ඉන්න කෙනා හොදට කියව කියව අඹ කඩනව. දැන් කඩල ඉවරයි. මෙයා තව අඹ තියනවද බල බලා පල්ලෙහා පුටුව අල්ලන් ඉන්න එකාට කියනවා හයියෙන් අල්ලගනින් මාව වැටුනොත් අනිත් දවසේ අඹ කඩන්න නගින්න වෙන්න උඹට තමයි. එහෙම කියල බැලුව පල්ලෙහා, අනේ අනේ මිස්ට කතා කරන හැටි නේද, බැලින්නම් පුටුව අල්ලන් ඉන්නෙ මිස්. 

ඉස්සර මම ඕලෙවල් වගේ කරද්දි ෆෝන්ස් එහෙම මෙච්චර භාවිතේ නෑ. අපි වෙන්න ඇති අන්තිමටම පෙම් හසුන් යවපු පරම්පරාව... ඉස්සර ඉතින් ලියුමක් හම්බවුනාම වෙන දෙයක් නෑ. මුලු පංතියම කියවනවා. කොල්ලෝ ලියල තියන ඒවට හිනාවෙන තරම් උන් දන්නවනම් බඩ කපාගෙන එතනම මැරෙනවා.. ඒවට උත්තර ලියන්නෙත් සේරම එකතු වෙලා. ඉස්සර ඉතින් ලියුම් ගෙදර ගෙනියන්න බෑනේ.. ඉතින් සේරම කට්ටියගේ ලියුම් ගෙනියන කෙල්ලෙක් ඉන්නවා. අපි කිව්වෙ ලව් භාන්ඩාගාරික කියලා. හිටපු ගමන් අර භාන්ඩාගාරේ තියපු ලියුමක් බලන්න කෙල්ලෙකුට ඕනි වෙලා ඉල්ලීමක් කරා කියමුකො. අනේ අර අහිංසක ලව් භාන්ඩාගාරික ගේන්නෙ වෙන එක්කෙක්ගෙ එකක්... ඉතින් දවසම ගතවෙන්නෙ ඇඩූ කදුලෙන්.
තව දෙයක් මේ ලියන හොද ලමය කවදාවත් අර මිටි තාප්ප තියන පන්තිවල හරි පාරෙන් පන්තියට ගිහින් නෑ. මිටි තාප්පෙ උඩ නැගල අනිත් පැත්තට කකුල් දෙක දාල පනිනවා. පිරිමි ලමයි නැති නිසා බලන්න කෙනෙකුත් නෑනේ..
 
ඔන්න ඔහොම තමයි ඉස්කෝලේ ජීවිතේ කිව්වලු. තව ලියන්න දේවල් නම් තියනවා පස්සෙ වෙලාවක හොදට ගලපල ලියන්නම්කෝ...
(චික් නෝටි ළමයි නේද?)

Tuesday, April 9, 2013

තනි උනා මම....


වින්දෙ නෑ මම නුඹේ ප්‍රේමය
වෙන්වෙන්න නෑ හීන දැක මම
නොකර ප්‍රේමය දුන්න දුක නුඹ
හඩ හඩා සිහිකරනවා තව...
 
යන්න අවැසිව දුරක් තනිවම
අහස දිග නිදහසේ පියඹන
කරුණ කිම දැයි නොකියවන සද
හඩා වැලපුනි තනි උනා මම..
 
නොකියාම නුඹ ගියා අතහැර
සිහිකරන විට දැවේ හද තව
නැතිව මා නුඹ ගෙවන දිවි මග
සතුටු නම් හිත හදාගමි මම..