Monday, June 15, 2015

මගේ නොවන මගේම හිත...

 
 
හොයාගන්න නෑ වෙලාවකට
ඔහේ ගිහින් රස්තියාදුවක
අනිත් අයගේ දුක බලන්න,
අනිත් අයට හයිය දෙන්න
 
පැමිණිලි නම් ගොඩයි ඔන්න,
ඕනි වෙලාවක රවුමක
දුක දැනුනම මට කියන්න
හිතවත් නෑ මගේ තනියට
 
කියන්න වෙන නෑ කවුරුත්
අහන්න ඉන්නේ නුඹ නම්
දුවන්නේ ඇයි මග අරිමින්,
ඉන්නම වෙනවා ලග මම්,
 
 අහිංසකයි මලක් වගේ
දුක හිතුනම අඩන රගේ
දන්නේ මම විතරයි හැටි
උණුවෙන බව වෙඩරු වගේ
 
ලගින් ඉන්න හැමදාමත්
දිනාගන්න ලොව තාමත්
මගේ නොවී මගේ වෙන්න
බෑ නුඹ මගේ හිත තාමත්..

15 comments:

  1. The best and most beautiful things in the world cannot be seen or even touched - they must be felt with the heart.

    මම
    හදවත

    ReplyDelete
  2. හිතට හිත පෙම් කෙරූතරම්
    සිංදු කෑල්ල ඇහිල හිත තවත් හිතක් හොයල රස්තියාදුවෙ යනවද දන්නෑ බලාගෙනයි හිහි

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කල්පනාවෙන් ඉන්න ඕනි..:D

      Delete
  3. හ්ම්ම්, ලස්සනයි..

    ReplyDelete
  4. හම්මේ නදිනි දැක්ක කල්.. මෙච්චරකල් නැතුව හිටියේ හදවත හොයන්න ඇවිද්දද?
    හිත හීලෑ නෑ..හරිම මුරණ්ඩුයි තැන තැන ඇවිදිනවා.. හිතෙන හිතෙන තැන නවතිනවා.. කියල එඩ්වඩ් ජයකොඩිත් කියුවේ ඕකනේ..

    ReplyDelete
    Replies
    1. මම ඉතින් එහෙම තමයි නේ අයියේ. හිටපු ගමන් ඉන්නවා ආපහු කාලෙකට නැහැනේ..

      Delete
  5. තමන් හිසට තම අතමය

    ReplyDelete
  6. බ්‍රේක් නැති, ලොක් කරන්න බැරි පියාබන හිත....
    කපල දාන්න ඕන අත්තටු.. නැත්නම් ඉන්න හම්බ වෙන්නේ නැහැ

    ReplyDelete
  7. ටෙස්ට් කොමෙන්ට් ??

    ReplyDelete
  8. ලගදි බූට් එකක්වත් කෑවද නංගි ?

    ReplyDelete

නදී නිම්න‍යේ තබා යන්න ඔ‍බේ සිතුවිලි මුතු අහුරක්...