Thursday, November 27, 2014

පිස්සු සටහන්....


 
 
දන්නවද කොච්චර ආදරේද කියලා?

දන්නවද ආදරේ ලෝකේ ලස්සන මට පෙන්නනවා කියලා...

මදිවට පිස්සියෙකුත් කරලා...

වටින්නේ නෑ කියල හිතුව ජීවිතේට අර්ථයක් ලැබිලා...

හිනාවෙනවා හිත හරිම ලස්සනට.... දුක හිතනවා අහල පහල නුඹ නැති වුනාම...

මේකද ඇත්තම ආදරේ? නැත්නම් නිකම්ම නිකන් සිතුවිලි විතරක්ද?

නෑ නෑ මේක තමයි ආදරේ…. ලෝකෙම ලස්සන කරන ආදරේ...

මව්කුසෙන් මේ ලෝකෙට බිහිවෙලා හැමදේම හෙමින් හෙමින් ඉගෙන ගන්නවා වගේ පුංචි පුංචි දේ ඉගෙනගන්නවා ඔයාගේ ආදරේ නිසා...

දවස ගානේ අළුත් වෙනවා ජීවිතේ...

ගෑණු ළමයෙකුට ආදරේ කියන්නේ ජීවිතේමයි... මුලින්ම දකින ආදර දෑසින් මුළු ජීවිතේම දකින්න අපිට පුළුවන්...

කොහොමද? ආදරේ ගැඹුරෙන්ම දැනෙන නිසා

හිනා යනවා නේද? පිස්සු ගෑණු ...

පළවෙනි දවසෙන් කොහොමද ජීවිතේම දකින්නේ...ඒත් ඒක එහෙමයි... ඉතින් පැන්චෝ ඔයාටත් දැනෙනවද ආදරේ?

12 comments:

  1. ජීවිතේ දකින්න ඕනෙ ඇස් දෙකෙන්මයි කියල කියනවනම් ඒක වැරදියි...ජීවිතේ දකින්න ඕනෙ හදවතින්...මොකද ඇස් දෙකෙන් දකින දේ මායාවක් වෙන්න තියන ඉඩ කඩ බොහොම වැඩියි...නමුත් හදවතින් මායාවල් දකින්නෙ නැහැ..ඒ දකින්නෙ මායාවට යටින් තියෙන සත්‍යය...හදවතින් ජීවිතය දකින්න..සෙනෙහසින් ජීවිතය විදගන්න..එතකොට තමයි ජිවත් වෙනව කියල හිතෙන්නෙ...දැනෙන්නෙ....ජය වේවා....

    ReplyDelete
    Replies
    1. ඒක නම් හිතට ගන්න ඕනි කතාවක්... බොහොම ස්තූතියි අයියේ...

      Delete
  2. ආදරය...අකුරු 4ක්....නමුත් වචන දහස් ගානකින් කියන්න බැරි ගැඹුරක්...සමහර කෙනෙක් ආදරය නිසා පුදුමාකාර සතුටක් සැනසීමක් ලබනවා...තවත් කෙනෙක් ඒ ආදරය නිසාම පුදුමාකාර දුකක් විදිනවා. ආදරයේ සතුට මම විඳලා තියෙන්නෙ බොහොම කෙටි කාලයයි...දුක තමයි වැඩිපුර ලැබුවෙ. ඔබේ ජීවිතයට සම්බන්ධ වෙච්ච ආදරයක් නිසා ඔබ අද බොහොම සතුටින් ඉන්න බව පේනවා.ඉතින් ඔබව සතුටට පත් කල ඒ ආදරය සදාකලා ඔබ අසලම රැදේවා...සතුට මිස දුක නොම වේවා කියා පතන්නම් ඉත සිතින්...ජය !

    ReplyDelete
    Replies
    1. අයියටත් ඉක්මනින්ම හිතට වදින ආදරයක් ලැබේවා !!!

      Delete
  3. ආදරේ මහ විකාරයක් බං. ඒක දකින දකින වෙලාවට අපිට ඕන විදියට වෙනස් කරගන්නවා නේ.

    ආහ්.. වල්කම් බෑක් නදිනි

    ReplyDelete
    Replies
    1. සමයම ...

      වල්කම් කරන්න බෑ හලෝ

      Delete
  4. කවුරු හරි කමක් නෑ blog එක ලියන්න හිත හදල තියනව. සන්තෝසෙ පේනවා උඩ තියන foto එකෙන්ම. ජය වේවා ...!!!!

    ReplyDelete
    Replies
    1. හදපිරි ස්තූතිය අයියේ..

      Delete
  5. මට නම් හිතුනේ 'මෙයත් දන්න දේවල්' කියලා. ඔහොම යං, ඔහොම යං........!

    ReplyDelete
  6. කෙනෙකුගේ පෞද්ගලිකත්වයට එබෙන එක මගේ පුරුද්දක් නෙමේ නදිනි. ඒත් ඔයා හෝ ඔයාගේ රචනා ශෛලිය හෝ වෙනස් වෙලා.....

    ReplyDelete
  7. ලියැවිල්ලනම් නියමයි... අකුරු ටිකක් විතර ෙලාකු වුණානම් හොදයි කියලා හිතුණා.......... බ්ලොගයට අාවේ අදද කොහොද???? දිගට ම ඒන්නම්

    ReplyDelete
  8. ලස්සන අදහස්.. අපූරුවට පද ගලපල ලියල තියනව.. අදනෙ මේ පැත්තට මුලින්ම ආවේ.. ලියන්න ටිකක් කම්මැලියි වගේ.. එහෙම එපා දිගටම ලියන්න.. ජය ශ්‍රී!

    ReplyDelete

නදී නිම්න‍යේ තබා යන්න ඔ‍බේ සිතුවිලි මුතු අහුරක්...