Wednesday, November 12, 2014

වසන්තය ඇවිදින්....




තනිව ගිය මග ගෙවන්නට අද තව හිතක් ඇවිදින්, 

හෙමි හෙමින් හිත වටේ පවුරක් බදිනවා සවියෙන්, 

ලබාගන්නට ලොබ බදින සිත නුඹ ගැනම රහසින්, 

පමාවී හෝ මගේ දිවියට වසන්තය ඇවිදින්....


ප : ලි : දැන් ඉතින් මේකට දහසක් කතා අහනවා කියලා දන්නවා... කැමති දෙයක් හිතාගනිල්ලා... :)

28 comments:

  1. පමා වී තෝ ආවා නෙව බ්ලොග් එකට.. ඒ මදෑ.. හැක්.. වෙල්කම් බෑක්

    ReplyDelete
  2. කාලෙකින් ඇවිදින් නදී දිය
    වසත් මල් සමඟීන්
    දැනේ සිහිලස හදේ මඳහස
    සුබ පතමි සෙනෙහෙන්...

    ReplyDelete
    Replies
    1. තරු අක්ක හිත පතුලෙන්ම සුභ පතන බව දන්නවා.... ස්තූතියි...

      Delete
  3. පමාවූ අතීතේ වගේ සීන් කෝන් එකද්ද අප්පා............
    නැත්තං ඔයත් වසන්තය එනවා සත්තයි කියලම හිතං හිටියද.............
    ඕයේ..............
    පට්ටයි කවිය ඈ..............
    ආයෙත් එංඤංකො

    ReplyDelete
    Replies
    1. අහා මහේෂ් මල්ලී, ඔන්න තොරණ් බැදල රබන් ගහල පිලිගත්තා....

      Delete
  4. පමා වී ආවත් වසන්තය, සදා සන්තෝසෙන්
    ඇවිද යන මග බැඳන් අත්වැල් යන්න මදහාසෙන් :)

    ReplyDelete
  5. නෑ මං මොකුත් කතාවක් හදන්න හිතුවේ නෑ. මේක කවි සිතුවිල්ලක් විතරක් කියලා හිතාගත්තා.

    ReplyDelete
  6. පමා වී පැමිණි වසන්තය සදාකල් ඔබ අසලම රැදෙන්නට සෙනෙහසින් පැතුම් එකතු කරමි. ජීවිතයේ සුන්දරත්වය වැඩි වැඩියෙන් දැනෙන සමයක් උදා වේවා !

    ReplyDelete
  7. ආදරේ හද පතුලටම දැනෙන්න ලැබිල වගේ. ජීවිතේ පුරාවටම ඔය අදාරේ, සතුට ලැබේවා කියා පතනව. සුභ පැතුම් නදිනි.!!!!!!
    කොල්ල හැන්ඩිය නේද ? ඔය ඩූඩ් අයියලට බැරි උනාට කතාවක් ගොතාගන්න අපිට පුලුවන්.

    ReplyDelete
    Replies
    1. මේ අඩෝව් කම්මලයා දෙනවා ගුටියක් හරිද? නදිනිගේ කොල්ලනම් ඉතින් හැන්ඩියා නෙමෙයි සුපිරි හැන්ඩියෙක් වෙන්න ඕනි...:P කොහොමහරි හදපිරි මෙව්වා එක මේ පැත්තේ ආවට..

      Delete
  8. කැමති දෙයක් හිතාපල්ලා කීවම හරිය...?

    ReplyDelete
    Replies
    1. නෑ ඉතින් ඕවට උත්තර දෙන්න ගියාම බේරෙන්න බෑනේ... සරා අයියා ගොඩාක් කලෙකින් දැක්කේ...

      Delete
  9. මම අහල තියෙනවා වසන්තය එන්න පරක්කු වෙන එක හිතට වේදනාවක් උනත් ..ඒ එන වසන්තය ගස් වැල් මල් සියල්ලම ප්‍රාණවත් කරල....සුන්දර කාලයක් එළබෙන්න පෙරනිමිති පෙන්නගෙන එනවය කියල..පරක්කු උනත් වසන්තය සුන්දරත්වය උදා කරනව...ඒ සුන්දර වසන්තයේ මිහිර මුළු ජිවිත කාලෙටම මතක හිටීවි...අදයි මුලින්ම ගොඩ වැදුනෙ......හොදයි..ජිවිත කාලෙටම වසන්තය ලගම තියා ගන්න..සුබ පැතුම් නංගියෙ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියේ... පමාවුනත් වසන්තය ලස්සන කරගන්න තමයි මටත් ඕනි... ඔන්න ඔයාවත් තොරණ් බැදල රබන් ගහල පිලිගත්තා..

      Delete
  10. තනි තනිව තනි තනිව
    තැනි බිමෙහි තනි තනිව
    ගමන් කළ ගිමන් කල
    කෙළවරයි අප හමුව...

    සිලි සිලිය මද නලය
    කිචි බිචිය විහගුන්ය
    සිරි සිරිය දිය තලය
    කලබලය හද තුළය...

    ලස්සන කවියක් දැකල නැවතුණා විතරක් නෙමෙයි පිළිතුරකුත් නොදී බැරි වුණා. කවියක් තුළින් කවියාගෙ සිතැගි එළියට එන එක වළක්වන්න බැහැ. අමාරුවෙන් ගොතන කවිවලට වඩා නිරායාසෙන් එන එහෙම කවි හැමදාමත් හැඩයි කියලයි මට හිතෙන්නෙ.
    ජය!
    පමාවට නොවිමසා කාරණා - අපරිමිත පෙමම පුදකළ මනා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඉසුරු, මගේ කවියට වඩා ඔයාගේ කවිය හිතට වැදුනා..සාදරෙන් පිලිගන්නවා මගේ ගෙවල් පැත්තට...

      Delete
  11. අහා....!
    මාත් උත්සාහ කර්න්න ඕන.

    ReplyDelete
    Replies
    1. වසන්තය උදා කරගන්න? ආපහු???

      Delete
  12. වසන්තය ගැන අහන්න යන්න නෑ ඒ මොකද බ්ලොග් ලියන්න ආව එකට අපි සතුටු හන්දා...

    ReplyDelete
    Replies
    1. හදපිරි ස්තූතිය මල්ලි...

      Delete
  13. පමා වෙලා හරි ආපු එක ගැන හොදක් කියන්නෙ නතුව කුනු කුනු ගානව. ගෑනු ඔහොම්මමයි අෆ්ෆා

    ReplyDelete
    Replies
    1. ගෑණු ගැන ගොඩාක් දැනගෙන වගේ මල්ලි මම හිටපු නැති ටිකට..

      Delete

නදී නිම්න‍යේ තබා යන්න ඔ‍බේ සිතුවිලි මුතු අහුරක්...