ගෙදර
ඉන්න දුවට දරුව ලැබෙන්න අමරුවෙලා එලියට බහිද්දි මිදුලෙ තිබුන උදැල්ල හරහට වැටුනම ලැබෙන්න ඉන්න දරුවගේ තාත්තයි, ආච්චියි හොදටම බය වුනා... හේතුව දරුව හරි අම්ම හරි දෙන්නගෙන් කෙනෙක් නැතිවෙනවා කියලා සාසතරයක් අහපු වෙලාවේ කියපු කතාව නිසා...
ඒ
බය දෙගුණ තෙගුණ වුනේ ඉස්පිරිතාලෙන් දොස්තරගේ තුණ්ඩුවක් නැතුව බඩදරු අම්මව බාරගන්න බෑ කිව්වාම.. ලැබෙන්න ඉන්න දරුවගේ තාත්තයි සීයයි දෙන්නම කිව්වේ අනේ අපි ඉක්මනට දොස්තරගෙන් තුණ්ඩුවක් ගේනතුරු මේ බඩදරු අම්මව වාඩි කරල තියාගන්න කියලයි.. එහෙම කියලා මේ කෙදිරිගාන අම්මව බංකුවක වාඩි කරල ඒ දෙන්න පිටත් උනා විතරයි අටෙන්ඩන් නෝනගේ ආදර වෑගෙන වදන් එලියට එන්න පටන් ගත්තා
විදුලි වේගෙන්.. "සල්ලි වැඩි වෙලා වෙන්න ඇතිනේ දොස්තර චැනල් කරල බැලුවේ? ලමය ලැබෙන්න
විතරක් මොන එහෙකට ආවද අපිට වද දෙන්න?"
අම්ම
කෙදිරි ගානගමන් "නංගි කිව්ව නිසා ගියෙ" කියල පිට කරගත්තේ ගොඩාක් අමාරුවෙන්..
නංගි? එහෙනම් නංගිටම කියනවා ඉතුරු ටිකත් කරන්න කියලා..හා දැන් කවුද කියමුකෝ බලන්න ඔය
නංගි?" නංගි තමයි ගිය සතියෙ මෙහෙන් මාරු වෙලා ගියා ඩොක්ට __________ අම්මා ඒකත්
කිව්වේ අමාරුවෙන් ඉන්න කෙනාටම මෙහෙම කරන්න ඇයි කියලා හිතාගන්න බැරුව..
අනේ
මිස්, ඕක කලින් කියන්න තිබුනේ නැද්ද? එන්න එන්න අපි වාට්ටුවට ඇතුල් වෙමු. මිස්ට ඕනි ඇදක් තෝරගන්න.. අපිට ඩොක්ට ගොඩාක් සලකලා තියනවා.. එහෙම එකේ අපි ඩොක්ටගේ අක්කට සලකන්නේ නැතුව කොහොමද? ඔන්න ඔහොම කියල ඇටෙන්ඩන් නෝනා මේ දරුව ලැබෙන්න ඉන්න අම්මට හොද ඇදක් එහෙම දීල තාම ඒ හැටි අමාරුවක් නෑනේ මිස්. හෙට උදේ හම්බවෙයි කියලා තමයි හිතෙන්නෙ කියල ගියෙ කරන්න පුළුවන් හැම සත්කාරයක්ම කරලයි..
අමාරුව
නිසා අම්මට නින්ද යන්නෙ නෑ පලවෙනි දරුව නිසා දැන් ලැබෙයිද නැද්ද කියලා තේරෙන්නෙත් නෑ... ඔහොම ඉද්දි එහා ඇදේ කෙනා නැගිටල තට්ටුවක් දැම්ම... නැගිටින්න කියලා...අම්මත් බැරි මරගාතේ නැගිට්ටා. "එනවා නැගිටල මට කක්කුස්සි යන්න වතුර එකක් ගෙනත් දෙනවා" ඒ රකුසු වෙසක් ගත්ත කෙනා පස්සේ වැටිල යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ ඒ මනුස්සයා ගිහින් එනකන් වතුර ගෙනත් දීලා දොර ලගට වෙලා ඉදල තමයි ආපහු ඇදට එන්න අවසර ලැබුනේ..
ටික
ටික එලිවෙද්දි අමාරුව වැඩි... ඒත් නංගි කිව්වේ කෑගහලා දැගලුවාම මහන්සිය වැඩි, එතකොට බබා හම්බ වෙන්නත් අමාරුයි කියන එකයි... ඒනිසා ඉවසගෙන ඉන්න වෙනවා.. එහෙම ඉවසලා පුංචිම පුංචි කෑගහිල්ලක්වත් නැතුව එලියට ආපු බබාගේ අද උපන්දිනේ...
ඔව්
ඔව් ඒ බබා මම තමයි... ඉතින් කියන්න හැපි බර්ත් ඩේ කියලා... කෝ පටන් ගන්න,,,, එකායි දෙකායි තුනායි...
ඔන්න එහෙනං එකායි ,දෙකායි, තුනායි ......
ReplyDeleteහැපී බර්ත්ඩේ ටූ යූ.......
හැපී බර්ත්ඩේ ටූ යූ.......
හැපී බර්ත්ඩේ ටූ යූ.......
හැපී බර්ත්ඩේ ඩියර් නදිනී...............
හැපී බර්ත්ඩේ ටූ යූ.......
බොහොම ස්තූතියි ඉවාන්...:D
Deleteසුභ උපන්දිනක් වේවා.... !
ReplyDeleteකේක් කෑල්ලක් නැති එක නම් ලොකු අඩුවක්.. ආපහු පෝස්ට් එක එඩිට් කරල හරි කේක් කෑල්ලක් දාන්න....
ඔන්න දැන් හතලිස් ඇඳිරියත් පටන් ගත්ත එහෙනම් ආ.....
අර ප්රසන්න අයියා අවුරුද්දක් ගානේ කේක් එක දාන්න විතරක් බ්ලොග් එකක් ඇරගෙන ඉද්දි අපිත් මොකටද කේක් දාන්නේ? ඉතින් ඔන්න ඔයාටත් ස්තූතියි මල්ලො...
Deleteසුබ උපන් දිනක් වේවා.....
ReplyDeleteබොහොම ස්තූතියි අයියේ...
Deleteසුබ උපන් දිනයක් වේවා නදිනි..!
ReplyDeleteබොහොම ස්තූතියි චන්දන අයියේ...
Deleteඔයා එතකොට ලොක්කිද..?
ReplyDeleteසුබ උපන්දිනක් වේවා..!
ඉස්සර නම් ඉස්පීරිතාල එහෙමලුදැන්නම් නෑලු...ඒඋනාට අමාරු උනාම මොකක්ද එකක් දාල ඇවිදින්න කියනවලු ලමය හම්බවෙන්න ලේසි කියල..ඒත් සමහර ඉස්පිරිතාල වල එහෙමත් නෑලු..! ඒත් ප්රසිද්දියෙ කියන්න බැරි තරම් දේට මුහුන දෙන්න වෙනවලු..ඒ තරම් ඩොක්කො,නර්ස්ල,වින්නඹු අම්මලහොඳයි අවංකයිලු.
මම තමයි ගෙදර ලොක්කි... බොහොම ස්තූතියි අයියටත්...
Deleteමට මේ කතාව අහන හැමදාම හරි අමුතු හැගීමක් දැනෙනවා... ඒ වගේම අර අම්මිගේ එහා ඇදේ හිටපු කෙනා කරන්න ලමයි වදල වෙනකාටහරි හදාගන්න දෙන එකලු.. එයාට ඉස්පිරිතාලේ ගෙදර වගේ පුරුදුයි ලු....එහෙමත් අය ඉන්නවනේ නේද?
සුබම සුබ උපන්දිනයක් වේවා නංගි...
ReplyDeleteබොහොම ස්තූතියි අක්කී.. ඔයාගේ ඊයට මම උත්තර එවන්නම් හොදද?
Deleteයකඩෝ.... මෙන්න මේකිගේ උපන්දිනේ අදලු....
ReplyDeleteසුභ උපන් දිනයක් නදිනි.
(අර කතන්දරේ කියෝනකොටනම් හිත කීරි ගැහුණා. අන්තිම ටික දෙපාරක් කියාවන්න උනෙත් ඒ නිසාමයි.)
ඔව් යකෝ මගේ උපන් දිනේ....
Deleteබොහොම ස්තූතියි බාප්පොච්චියේ...
සුභම සුභ උපන් දිනයක් වේවායි පතමි නදී දරුවට...!!!
ReplyDeleteමම හිතුව දැගලිල්ලේ හැටියට අම්මගෙ බඩෙත් දගලලා හරහට ඉදල සීසර් කරල ගන්න ඇති කියල.
බොහොම ස්තූතියි අයියේ, පොඩි කාලේ නම් එහෙම දැගලිලි ළමයෙක් නෙමෙයි වගේ ඉතිහාස කතාවලින් කියවෙන්නේ,.පුංචිලා කියනවා අඩන සද්දෙවත් ඇහෙන්නෙ නෑලු...
Deleteඒවටත් හරියන්න දැං අර මනුස්සයට කණක් ඇහෙන්න නෑලු :P
Deleteඅගෝස්තු මාසෙ උපදින්නෙ හොඳ අය.. මේ මං පෙනෙන්නෙ නැද්ද../ නදිනිත් ඒ වගේ ඇති හික් හික්...
ReplyDeleteසුබ උපන් දිනයක් වේවා !!
ඔව් ඔව් හොදම කට්ටිය ඉපදෙන්නෙ අගෝස්තු මාසේ...ඉතින් අයියාගේ උපන් දිනේ කවද්ද?
Deleteබොහොම ස්තූතියි අයියේ..
සුබ උපන් දිනයක් වේවා...
ReplyDeleteදැන් නං ඒ තරම් අවුලක් නෑ කියන්නේ ඔය ගිය අය... ඒත් ඉතිං කාසල් එක නං කුකුල් කූඩුවක් වගේ තමයි... මං ගියානේ එක පාරක් ... මේ රටේ මිනිස්සුන්ට හැම එකටම වියදම් කරන්න සල්ලි තියනවා.. පිං පුරෝ පුරෝ යන ජාතියෙ පිං කඳන් පඳුරකට පයින් ගැහුවම විසිවෙන ගානට ඉන්නවා .. ඒත් මෙච්චර බයකුත් හිතේ තියාගෙන මෙච්චර දුකක් විඳින අලුත් අම්මලට හිතට සැනසීමක් ලැබෙන විදියේ තැනක බබෙක් හම්බුවෙන්නයි, ඒ අයට කරුණාවෙන් සළකන්න පුළුවන් මිනිස්සු ටිකකුයි දාන්න බෑ .... නර්ස්ලා නං ටිකක් ෂේප්.. ඒත් ඇටෙන්ඩන්ලා නං යක්කු වගේ... ( හැබැයි වෙලාවකට එහෙම නැතුවත් බෑ කියලා හිතෙනවා... මොකද බලන වෙලාව ඉවර උනාමත් එතන ඉන්න අයට කෑගහලා එපැයි යවන්න... එහෙමනේ අපේ රටේ මිනිස්සු පුරුදු වෙලා තියෙන්නෙ... හි හි)
බොහොම ස්තූතියි හිරුවෝ...
Deleteඔයා හරියටම ඉස්පිරිතාලේ කියලා තියෙන්නේ.. ඕකේ තමයි මමත් ඉපදුනේ...පුංචි මාව ගනිද්දි අනිත් අම්ම කෙනෙක් අඩනවලු අනේ නෝනා මාවත් පොඩ්ඩක් බලන්න.. ගිය පාරත් කවුරුත් බැලුවෙ නැතුව මගේ බබා නැති වුනා කියලා...
අක්කේ සිරාවටම ඒ උපන්දින කතාවේ හෙන සිනමාරුපි ටයිප් එකක් තියනවනේ. කෙටිකතාවකට නම් පට්ට.
ReplyDeleteහැපී බර්ත් ඩේ දඩින් බිඩින් ඩොන්
මට මේක ලියද්දි මතක් උනේ ඔයාවයි ඩූඩ් අයියවයි... මට හිතුනේ හොදට රස කරල ලියන්න මේ දෙන්න තමයි ඉන්න ඕනි කියලා...
Deleteබොහොම ස්තූතියි මල්ලො..
ගෙදර ඉන්ටනෙට් එකට කෙලවෙලා. මම මේ ඉස්කෝලෙට ආවා පේජ් ලෝඩ් කරගෙන යන්න. කියවලා කමෙන්ට් කරන්න ඕනෙ.
Deleteනදිය... තොපට සුන්දර වූ සුභ උපන්දිනයක් ලැබෙන සේ නියෝග කරමි..
ReplyDeleteනදිය..??
Deleteදේශය... තොප කාට නියෝග කරයි ද ? :D :D
@ දේශකයා එසේය එසේය...
Delete@ චන්දන අයියේ ඔන්න ඔහේ එසේය කියල ඉමු.. කොච්චර වුනත් මිනිස්සුන්ට පිස්සු තද වුනාම හිනාවෙන්න හොද නෑනේ..
සුභ ම සුභ උපන් දිනයක් වේවා, නදිනි අක්කේ.
ReplyDeleteබොහොම ස්තූතියි නංගෝ.... ඔන්න ඔයාව සාදරයෙන් පිලිගත්තා,,,
Deleteනදිනි සමාවෙන්න ඕනේ ප්රමාද වුනාට. ඉන්ටනෙට් අවුලක්. නමුත් වාසනාවන්ත සුබ උපන් දිනයක් ප්රාර්ථනා කරනවා. ඔබේ සියළු සුභ සිහින සැබෑවේවා.
ReplyDeleteමේ කතාව වගේම එකක් මම අහලා තියෙනවා. ඔයා මේක කලින් පෝස්ට් එකක දැම්මද?
බොහොම ස්තූතියි අයියේ....
Deleteමම වෙන බ්ලොග් එකක කියල තියනවා වගේ මතක...