Monday, July 29, 2013

සමාවෙන්න....


ලියන්නට දහසක්
ඇතත් හිත වෙනතක්
රැදී රිදි රිදවන්
විදවමි සහසක්...

යොදුන් දුර සිතුවත
නොහැකිවම පදයක්
ගොනු කරනු බැරියෙන්
විදවමි සහසක්...

සමාවක් ඔබෙන් මම්,
ලබන්නට නැති තරම්, 
ඉක්මනින් ලියන්නම්, 
අදිටනින් කියමි මම්...

20 comments:

  1. මගෙ කවි අයි සී එක බැහැල. ආයෙ කියවන්න වෙනව. :)

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොග් ලියන එක ගැනනෙ කියන්නෙ. ලියමු ලියමු, කොහෙන් කොහෙන් හරි පටන් අරගෙන...

      Delete
    2. ඒ මොකද චන්දන අයියට උනේ?
      ඉක්මනටම ලියන්න ඕනි අයියේ...

      Delete
  2. සිතේ සිතුවම්,
    හැගුම් තෙරපුම්,
    අකුරු කල හැකිනම්,
    සියල්ලම...............?

    ReplyDelete
    Replies
    1. අකුරු කල නොහැකිව
      හිත බරයි හරියට
      ඉක්මනින් සිතුවිලි
      අකුරු වෙයි රිසියෙන්..

      Delete
  3. හරි..හරි...දරුවො.කලබලකාරී තත්වයෙන් මිදුනට පස්සෙ එකතු කරගෙන ඉන්න කතා ටික රස කරල ලියන්නකො.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි අයියට ස්තූතියි හොයලා බැලුවට... ලියන්න ඕනි ඉක්මනටම...

      Delete
  4. වෙලාවක් නෑ කියා
    ගල් පැලෙන බොරු කියා
    රෑ 2.00 ට මෙය ලියා
    පළ කලේ කෙලෙසකා...... ?

    ReplyDelete
    Replies
    1. වෙලාවක් නැති නිසා
      රෑ 2ට ලිව්වෙ මා
      යසියා දුර වැඩි නිසා
      බේරුනා මගෙන් තා...

      Delete
    2. ඔන්න තව මාසෙකින්
      මතක් වෙයි බ්ලොගිය දැං
      දැන් ඉතින් වයින් වී
      මකුණු දැල් කඩමු තින්

      Delete
  5. අනේ මන්ද වෙනදා සාත්තර කියමින් බොහොම සැහැල්ලුවෙන් හිටිය නදිනිට මේ මොකද වෙලා තියෙන්නේ කියලා.... මේ ගැන කෙන්ජිත් ඇහුවා වගේ මතකයි..ඔය දේවල් අමතක වෙන්නත් හොද ඔසුවක් ලියැවිල්ල.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත අයියේ... ඒත් කියවීමත් අඩු උනා මේ දවස් වල... මමත් දන්නවා හිත සන්සුන් කරගන්න හොදම විදිහ ඒක කියලා..

      Delete
  6. මගේ දෙයියනේ මෙන්න මේකි නැගිටලා.. හරි හරි ඔය හිතේ ඇලවිච්ච ප්ලාස්ටර් ගැලඋනාම ලියමු... මතක් උන එකත් ලොකු දෙයක් නෙව

    ReplyDelete
    Replies
    1. පැලැස්තර දීර්ඝ කාලීනව ඇලවිලා දේශකයෝ..

      Delete
  7. මට නම් පේන්නේ උඹේ කම්මැලිකම.

    ReplyDelete
    Replies
    1. මම දන්නවා ඕක තමයි ඩූඩ් නම් කියන්නේ කියලා... ලැබෙන නිදහස් වෙලාවට කල්පනා කරන්න තියනවා සෑහෙන්න දේවල්... ඉතින් වෙලාව නිකම්ම යනවා..

      Delete
  8. දෙදාස් දහතුනට මේකිගෙන් තිහයි
    තිස් එකක් මගෙන්, ප්ලස් ගිය අවුරුද්දෙ තිස් තුනයි
    පොස්ටු කෙසේ වෙතත් කමෙන්ටු නම් හරි සමයි
    චීත්තයක් හැඳ නැවත ලියන්නට මට සිතෙයි.. :(

    කම්මැලිද වැඩ වැඩිද හිතාගනු නොහැකිමය
    සිතේ තැවුලක් හෙම තිබෙනුදැයි මට සැකය
    පෝස්ටුවක් දැම්මොතින් ඔක්කොමත් හරි නෙවද
    අද හෙටම ඇවිත් මෙහි මකුළුදැල් කඩනු මැන

    ReplyDelete
    Replies
    1. මකුළු දැල් කඩන්නට
      එනවාය මම දැන්ම
      චීත්තය දැන් කවුද
      අදින්නේ කලිසම්ය..

      Delete
  9. කාලය සියලුම දේට හොඳම ඔසුවය....
    කම්මැලිකමද...කැමැත්තක් නැති වීමද...කාලය සමග මග හැරී යනු ඇති..
    ලියන්න නදිනි...කියවන්න අපි බලන් ඉන්නවා...

    ReplyDelete
  10. ඈ බං, ප්‍රශ්නයක් තියෙනවනම් වටින් ගොඩින් අඬබෙර ගහන්නැතුව කෙලින්ම කියලා දාහන්. නැත්නම් නොකියම ඉඳහන්. ඔය කරන වැඩෙන් දුක බෙදාගන්න එන දුක්ගන්නා රාලලා වැඩි වෙන ඒක විතරයි වෙන්නේ.

    ReplyDelete

නදී නිම්න‍යේ තබා යන්න ඔ‍බේ සිතුවිලි මුතු අහුරක්...