Tuesday, June 18, 2013

මගේ පුංචි හිත...


වෙලාව උදේ 9 යි...
දැන් කොයි වෙලාවෙ ඉදන්ද මම ඉන්නෙ මේ කොට් එකට වෙලා.. කවුරුවත් ආවේ නෑ මාව ගන්න.. අඩනකම්ම ඉන්නවා. එයාලට නම් මොකද කකුල් දිගයිනේ.. එහෙම උනානම් කොට් එකෙන් පැනල යන්න තිබුනා.. මම දන්නවා ආච්චි හොදට පොතක් කියවනවා ඇති. කාන්ති ආන්ටි නම් කුස්සියට රිංගගෙන ඇති.. ඔන්න ඇහෙනවා කවුරුහරි එනවා.. කමක් නෑ උදේම ඔරවගෙන ඉන්න බෑනේ.. හිනාවෙලා ඉන්නවා..

"අනේ නැගිට්ටද චූටි? ඇඩුවෙ වත් නෑනේ ගුඩ් ගර්ල්...එන්නකෝ යන්න සාලෙට." දැක්කනේ ආච්චි ශේප් වෙච්ච ලස්සන..

වෙලාව උදේ 10යි
කෝ මේ කට්ටිය, මාව සාලේ මද්දෙ  තියල වටේටම සෝෆා හරස් කරල මට කාටූන් එකක් දාලා එයාලා එයාලගේ වැඩ.

තව ටිකකින් මොනවහරි උස්සගෙන එයි ආච්චි කවන්න කියලා, මම මේ ට්රයි කරන්නෙ කොහොමහරි ටී වී එක ලගට යන්න විදිහක් හොයාගන්න.. කොහෙද තාම මගේ කකුල් දෙක දිග නෑනේ.. ඔන්න ඔන්න එනවා, දැන් මෙලෝ රහක් නැති එකක් කවයි ඉතින්..

අම්මේ කාලා ඉවරයි, දැන් වොශ් දාන වෙලාව. ඒකට නම් මම ආසයි.. වැඩේ තියෙන්නෙ ඇග හෝදල හරි නාල හරි ඉවර වෙද්දිම මට ඉවසගන්න බැරි නිදිමතක් එන එකනේ.. ඒකෙන් වෙන්නෙ ඇදුම දාන්න ගියාම ආච්චි එක්කත් තරහ වෙලා තමයි නිදාගන්න වෙන්නේ...


අම්මෝ වතුර ගෑවෙද්දි සනීපෙ... වතුරෙම බැහැල ඉන්න තියන්වා නම් කොයි තරම් හොදද..
හප්පෝ නිදිමත.. ඔය ඇදුම් ඕනි නෑ ආච්චියේ, නිදාගන්න දෙන්නකෝ...

වෙලාව දවල් 12 යි...
ඔය ඇහෙන්නෙ සද්දේ දෙන්නම ගෙදර ඇවිත්. කොච්චර උනත් අයියයි අක්කියි නැති උනාම පාළුයි... දැන් නම් අඩලම තමයි කාමරෙන් යන්න වෙන්නෙ. නැත්නම් තව පැයකට ආච්චි එන්නෙ නෑ මාව ගෙනියන්න,..
.
ඔය එන්නෙ දුවගෙන... "අයියෝ බලන්නකෝ ඉතිං මේ චූටිට නිදාගන්නත් නෑ අයියයි අක්කියි ගෙදර ආවහම.. අපි යන්කෝ චූටි සාලෙට"

ඔන්න දැන් තමයි සෙල්ලම් කරන වෙලාව, අයියා තමයි හොද, අක්කි අල්ලනවට මම ආස නෑ එයා මිරිකනව මාව... ඒත් එයත් ගොඩාක් ආදරෙයි මට..හරියට තාම ඇවිදගන්න බෑනේ.. නැත්නම් මම දනී කරන වැඩ..

අමාරුවෙන් හරි පුටුවට නැගල මේසෙට නැග්ගොත් ඒක උඩ තියන ඒවා අදින්න පුලුවන්.. පුටුවට නම් නැගගත්තා මේසේට.....

"චූටි කොහෙද ඔය නගින්නේ? අයියටයි අක්කටයි දෙන්නටම වඩා පන්ඩිත ආච්චියෙක් මේක, දෙන්න ඕනි දෙකක් උඩවල් වල නගිනවට"

ඔය ආවේ වෙලාවටම අපරාදේ තව ටිකක් වෙලා ගියානම් මම නගිනවා මේසෙට චික් .. මොනව කරන්නද..
ඔන්න ගේනවා ඉතින් කවන්න... කනවා කියලත් ඔහොම කන්න පුළුවන්ද? අනේ මන්දා ඒකත් කමුකෝ ඉතින්...

ආපහු සෙල්ලම තමයි ඉතින්.. දැන් 4යි.. ඔන්න නිදිමතක් එනවා... කොහෙද මෙයාලගේ සද්දෙනේ.. ඔන්න ඔහේ තව පොඩ්ඩක් ඉන්නවා අම්මයි තාත්තයි දෙන්නත් එනවනේ. දෙන්නත් බලලම නිදාගන්නවා...


කෝ බලන්න කවුද දොර ඇරියේ? අහා නදිනි පුංචි... හරි ශෝක් පුළුවන් තරම් හයියෙන් දණගාගෙන යන්න ඕනි... මට තාම හරියට දුවා න්න බෑ නේ..

"ඔය ආවේ චූටිගේ බවුන්සර් එක, අනේ අතට අරගෙන පුරුදු කරන්න එපා පුතේ, දවල්ට එහෙම කරදරේ එතකොට"

ආච්චි නම් දැම්මොත් බාල්දියක්මයි..දැන් නම් ඉතින් ඇඩුවේ නැත්නම් පුංචි කීයටවත් වඩා ගන්නේ නෑ.. එහෙනම් ඔන්න පටන් ගත්තා..

එකායි, දෙකායි, තුනායි...
"පෙනේද කපටිකම? අඩන්න ගත්ත ලස්සන? දැන් ඉතින් අතේ තියාගෙන ඉන්න එකයි පුංචිම"

මෙයා මාව වඩාගෙන විතරක් ඉන්නේ නෑනේ..උඩ දානවා නටවනවා ඒකනේ මම අඩල හරි එයා අතටම යන්නේ..



"දැන් කන වෙලාව" ආච්චිට ඔය වෙලාව විතරයි හරියට මතක තියෙන්නෙ මම හිතන විදිහට, පුංචිත් මාව බස්සල ගියා, අම්මත් වැඩ අර දෙන්න නිදාගන්නෙත් නෑ,. දෙන්න නිදාගත්තම තමයි මට වැඩ පෙන්නන්න අවස්ථාවක් උදාවෙන්නේ...

කාලා ඉවරයි.. ඔන්න ආපහු උස්සගෙන යනවා ඇග හෝදවන්න...
දැන් ඉතින් ආපහු කොට් එකේ තමයි..ඔන්න දවස ගෙව්න ඉක්මන..


.ලි. අක්කිගේ පොඩිම කෙල්ලට හරියටම අවුරුද්දයි..යන්තමින් ඇවිදිනවාහිනාවෙනවා එහෙම අඩුයි.. ගිය සතියෙ දවසක එයා දිහා බලන් ඉද්දි මට හිතුනා එයා මෙහෙම වෙන්න ඇති හිතන්නෙ කියලා..

හරිද දන්නෙ නෑ නේද?

වැඩේ තියෙන්නෙ එයාව කවුරුවත් වඩාගෙන ඉන්නෙ නෑ අතට පුරුදු වෙයි කියලා. මම තමයි එකම ගැලවුම් කාරයා.. මාව දැක්කම කවුරුහරි ගැහුවා වගේ අඩනවා..


45 comments:

  1. ළමයින්‍ගො හිත් කියවන්න පුළුවන් උනා නම් ඇත්තටමඅපට විරුද්ධව දහසක් ‍චෝදනා ති‍යේවි.... අපි එයාල‍ගො අහිංසක හිත් ‍තේරුම් ‍නොගැනීම ගැන...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත තරු අක්කේ... මෙයා දිහා බලන් ඉද්දි මටත් හිතුනා අපිට කොයි තරම් හිතෙන් බනිනවා ඇතිද කියලා..

      Delete
  2. හරි හරි මේ සිතුවිලිවලින් හිත පුරෝගන්න ඕන කාලේ තමා.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ කාලය හරි... අනිත් දේවල් තමයි වැරදි..

      Delete
  3. හරි ඇති... පොඩ්ඩෝ නියමයි අනේ... අපේ පවුලේ දැන් පොඩ්ඩෝ නෑ ඔක්කමලා දැන් පොඩි ලොක්කෝ වෙලා ඉතින්... මම තමයි පොඩි ලොක්කන්ගේ ලොක්කා :පී

    ReplyDelete
    Replies
    1. පොඩි ලොක්කිද? ලොක්කද මේ? පොඩි ලොක්කි වෙන්න ඕනි..
      එහෙනම් ඉතින් දැන් පොඩි ලොක්කිගේ පැටියෙක්ම තමයි හුරතල් කරන්න වෙන්නේ.

      Delete
  4. මොනා කරන්නද පොඩි එකාට විරුද්ධ වෙන්න පුලුවන් එකම දේ අඩන එක විතර නේ. ඒකත් ඉවරයි කුක්කුව කටේ තිබ්බම. ළමා අයිතිවාසිකම් ගැන කතා කරන්න කව්රුවත් නෑනේ අප්පා..

    ReplyDelete
    Replies
    1. මෙයා නම් දැන් සැර දානවා, දැන් බෑ කියන්න පුරුදු වෙලා.. මගේ අතේ ඉද්දි කවුරු කතා කරත් බෑ කියනවා..

      Delete
  5. ඇත්තෙන්ම මේසේ උඩට නගින එකා තොටිල්ලේ වැටෙන් පනින්නේ නැත්තේ ඇයි කියලයි මම කල්පනා කලේ. :D නමුත් හොඳම හොඳ සිතුවිල්ලක් ඔය වයසට. මට පේන්නේ අර කාමරේ ගහගෙන ඉන්න පෝස්ටර් ටිකේ පින්තූරම තමයි මේ දාලා තියෙන්නේ. හොඤයි හොඤයි. LOL - බිපෙහි!

    ReplyDelete
    Replies
    1. එයාගේ කොට් එකේ මෙට්‍රස් එක ගොඩාක් පහත් කරල තියෙන්නෙ ඒ නිසා පැනගන්න බෑ. ඒත් සාලේ තියන පුටු වලට නගිනවා.. මහ ඇට්ටර කෙල්ලෙක් වෙලා..එයාව පලවෙනි පාර වඩාගත්තෙ නැත්නම් ආපහු කොච්චර කතා කරත් බලන්නෙ වත් නෑ..
      හැබැයි අයියේ කාමරේ තියෙන්නෙ මේ කෙල්ලගේ ඇත්තම ඒවා..

      Delete
  6. Punchamme.... Ohaa... Ohaa...

    ReplyDelete
  7. අනේ මන්ද බං.. අපේ නෑනගේ එකා නම් හෙණම පණ්ඩිතයි... ඒකා මීට වඩා ඒවා හිතනවා ඇති... මම එයාගේ ගැලවුම්කාර නැන්දා නෙවෙයි හින්දා මාත් එක්ක තරහයිද කොහෙද.. මාමා තමා එයාගේ ගැලවුම්කාරයා... හි හි.. තව ටිකක් ලොකු උනාම තමයි මට මොන මොනා හරි කරලා යාලු කරගන්න වෙන්නේ.. තාම අවුරුදු 2යි නේ... හි හි...

    ReplyDelete
    Replies
    1. පොඩි උන් පණ්ඩිත උනාමත් හොදයි බං.. දැන් ඔය නෑනගේ එකා නෙමෙයි හෙට අනිද්දා හිරූගෙම පැටිය හුරතල් කරන්න පුළුවන්නේ..

      Delete
  8. ළමයි පොඩි කාලේ වඩා ගන්නේ නැතුව ලොකු උනාම වඩා ගන්නයෑ.... මගේ වෙන්ඩ වයිෆ්ට බබා හම්බුන දාට මම පොඩි එකාව බිමින් තියන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. හා හරි තේරුම් ගත්තා. :)

      Delete
    2. දැං හම්බ වෙන්නද ඉන්නේ. එහෙනං තොට බබා විතරක් නෙමෙයි වෙන්ඩ වයිෆ් වත් බිමින් තියන්න හම්බ වෙන්නේ නෑ. ඒක සුවර්. හැක්

      Delete
    3. @ පැතුම්,
      ඒක තමයි මල්ලි මගේත් තියරිය. ඒකනේ මම වඩාගන්නේ..
      මට පේන විදිහට මල්ලි ළිදෙන්ම ඇදගෙන නාලා වගේ..

      @ ඩූඩ් අයියා..
      පැතුමට මගුලට කලින් ලමයි නලවන්න වෙයි වගේද?

      @ දේශකයා,
      ඔයත් වයිෆ් ව වඩාගෙනඩ හිටියෙ ඒ කාලේ?

      Delete
  9. වැඩේ වෙලා තියෙන්නේ ඒ කලේ අපි හිතපු හැටි අපිට අමතක වෙලානේ

    ReplyDelete
    Replies
    1. මේ කතාව නම් සහතික ඇත්ත..
      ඔන්න සාදරයෙන් පිලිගත්තා ඔයාව....

      Delete
  10. ඇයි බොල ඕය පොඩි එකාට කුක්කු ටිකක් දෙන්න නැද්ද...බත් ගැනම කියන්නෙ..!

    අපිනම් මේදව්ස් වල පට්ට ක‍ටු කන්නෙ..!

    ReplyDelete
    Replies
    1. දැන් මෙයා ටිකක් ලොකු බබෙක්නේ.. දැන් බයියන්, සීරියල් එහෙම කනවා... ඉතින් කුක්කු දෙන්නෙ අඩුවෙන්..
      ඔන්න මම ඒ පැත්තේ ගියා වී පැංචා බලන්න..

      Delete
  11. දැන් බබාලා මේ වගේ හිතයිද ? පණ්ඩිත කෙලිපැටියෙක්. ;) නදීනි පුංචි වගේමයි :D

    වඩාගන්න එකේ වැරද්දක් නැහැ. වඩා නොගන්න එකයි වැරදි. හුරතල් නොවී හැදෙන ළමයි හරිම මුරන්ඩුයි :/

    ReplyDelete
    Replies
    1. කෙලී නම් නදිනි පුංචි වගේම පණ්ඩිතයි තමයි...
      ඒක නම් ඇත්ත, බබාලා පුංචි කාලේ හුරතල් කරන්නේ නැතුව කවදා හුරතල් කරන්නද..

      Delete
  12. පොඩි එවුන් කොහොමත් ආසයි වඩාගෙන නටවනව නම්.. ලොකු වුනාම වඩා ගන්න යැ..

    ReplyDelete
    Replies
    1. ඒත් ඉතින් දවල්ට ගෙදර ඉන්න මිනිස්සුන්ට තමයි ඒකෙන් කරදරේ..

      Delete
  13. මට නම් පොඩි උන් සෙට් එකක්ම් ඉන්න හන්දා උන් හැරෙද්දී දන්නවා මොකටද එන්නේ කියලා.. ඒවා හොද අත්දැකීම්නේ ඉස්සරහට.. :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් දැන්මම ලෑස්ති වෙන එක හොදයි.. ඔන්න උඩින් කමෙන්ට් කරල තියන පොඩි ලොක්කිවත් බලාගන්න වෙනවනේ..

      Delete
    2. මම මේකට දාපු කමෙන්ට් එක නැති වෙලානේ මලේ..

      මම දැම්ම ඒක පුරුදු වෙන එක හොදයි ඉස්සරහට අර උඩ කමෙන්ට් කරල තියන පොඩි ලොක්කිවත් බලාගන්න වෙනවනේ කියලා..

      Delete
  14. පොඩි පැටව් ඉන්න තැන සුර විමනක් කිව්වලු. මේක කියවද්දි මගේ පොඩි කාලෙ මතක් උනා. මතක් උනා කිව්වේ අපේ අම්ම මගේ හැටි කියපුව තමයි. මම නම් මහ ඇට්ටරයලු. කෙල්ලෙක් වෙලත් කරල තියෙන්නෙම කොලු වැඩලු. ඇත්තටම කරපු වැඩ වෙනම පෝස්ටුවක ලියන්නම් දවසක.

    ReplyDelete
    Replies
    1. ඒකනම් හොදයි එතකොට අපිටත් බලාගන්න පුලුවන්නේ කරල තියන ඇට්ටර වැඩ...:D

      Delete
  15. කෝ මගේ කොමෙන්ටුව :'(

    ReplyDelete
    Replies
    1. කොහෙවත් නෑ මල්ලියෝ, ආපහු තරහ නැතුව කොටල දාන්න...

      Delete
  16. අනිත් අයගෙ පොඩ්ඩෝ/පොඩ්ඩියෝ දිහා බලල එවුන්ගෙ සිතිවිලි හරියටම කියල තියෙන්නෙ.
    නදීට,හිරූට දැන් කාලෙ හරි ඔයාලගෙම පැටව්න්ගේ වැඩ කිඩ අපිට කියන්න.
    මැරීගෙන හම්බ කෙරුව මදිද?

    ReplyDelete
    Replies
    1. අවවාදය පිලිගතිමි.. :D

      Delete
  17. " හාපෝ, ඔන්න ආවා මල කරදරේ, නදී පුංචි... දැං ඉතිං ආපු ගමන් උස්ස ගනියි.. තේරෙන්නෙ නැද්ද දන්නෑ මෙයාට මං දැං පොඩි නෑ කියලා.. අල්ලපු ගෙදර කොල්ලත් මට ලයින් දානවා. ඌ ඉස්සරහ මෙයා මාව උස්සන් යනකොට නෝන්ඩිය මටනේ.."

    එයා මෙහෙම හිතනව වෙන්න බැරිද ?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මල්ලි, මේ කතාවත් හරි නේද? ඉන්නව තමයි ඉස්සරහ ගෙදර කොල්ලෙක් කොයි වෙලෙත් සෙල්ලම් කරන්න රිංගන්න බලාගෙන.

      Delete
  18. ඊයේ මහා රෑ ආවත් දැක්කා අද උදේම ආවත් දැක්කා ඔන්න මම...මට රිප්ලයි කරන්න පරක්කු උන නිසයි ඔන්න ගෙදරටම ඇවිත් හම්බෙන්න හිතුවේ..ඒක කරන හැටි මෙහෙම කියන එක හරි නැහැ.මට මේල් එකක් එවන්නකො..

    ReplyDelete
  19. \\\
    වැඩේ තියෙන්නෙ එයාව කවුරුවත් වඩාගෙන ඉන්නෙ නෑ අතට පුරුදු වෙයි කියලා. \\\

    අපෝ මෙහෙම නම් කරන්න එපා කියන්න නදිනි..මේ ළමයා පව්නේ..අනිත් දේ ළමයෙක් වඩාගෙන ඉද්දි තමයි ඒ දරුවට ආදරය උණුහුම කියන දේ දැනෙන්නේ..එවැනි දේවල් අවශ්‍යයි දරුවෙක්ට..ඔය පැටියට කතා කරනවා එහෙම අඩුයි කියනවා ඇත්තෙත් ඕකයි...මමත් ඊළඟට දාන්නේ දුව ගැන දෙයක්..ඔයත් එන්න ඒක බලන්න...

    ReplyDelete
  20. අද තමයි ඉස්සලම ආවා. මමට් එනවා හැමදකම.
    ලස්සන ලිපියක්
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ගොඩාක් සතුටින් පිලිගත්තා සංජීව අයියේ... ඔයාවගේ කෙනෙක් මේ පැත්තට ආපු එකත් මට ගෞරවයක්..

      Delete
  21. නදිනි අක්කටත් හිතෙන එව්වා.... ඇත්තටම පොඩි එවුන් කොහොම හිතනවද දන්නේ නෑ නේද අපි ගැන......

    ReplyDelete
  22. ඔය වගේ ඒවා ඇත්තටම හිතෙනවා ඇති පොඩි උන්ට ! කියන්න බැරි කම මිසක් ,

    ReplyDelete
  23. මගේ පැටවූ දෙන්න නම් දැන් ලොකුයි..ඒත්....ඔයාගේ පෝස්ටුව දිගේ මම ඒ අතීතෙට ගියා...නින්දක් නැතුව..දඟකම් ඉවසපු කාලේ...
    ඇත්තමයි..නදිනි...පුංචි පැන්චි ගේ හිතේ ඇත්තේ ඔය අදහස් මැ වෙන්න ඇති...


    ලස්සනයි...

    ReplyDelete
  24. මාසයක්ම ගෙවිලා........... සද්දයක්වත් නැත්තෙ මොකද ?

    ReplyDelete

නදී නිම්න‍යේ තබා යන්න ඔ‍බේ සිතුවිලි මුතු අහුරක්...