Tuesday, May 14, 2013

දුකින් හංදා...






බර වැඩි මට

මේ කදුළු කැට

මම ගොඩක් දුක්

විදින හංදා,

 
දිග වැඩි මට

මේ සුසුම් රැල්

තනිවෙලා මම

ඉන්න හංදා,

 
ගැඹුරු වී මගෙ

කල්පනාවන්

සියළු දේ

මතකයන් හංදා,

 
වියළිලා මගෙ

සිනාවන් අද

නුඹ ආයෙමත්

නො එන හිංදා....

 


51 comments:

  1. ඔව් ඉතිං එන්නැත්නං මක් කොරන්නද???

    ReplyDelete
  2. එහෙම වෙන එකක් නෑ එයා ආයිමත් ඒවි..

    ReplyDelete
    Replies
    1. විශ්වාසයෙන් ඉන්නයි තියෙන්නේ නේද අයියේ?

      Delete
  3. යන කෙනාට යන්න දෙන්න..බලෙන් නවත්තගන්න හදන්න එපා...ඒක ප්‍රයෝජන රහිතයි...ඔයා ලග ඉන්න කැමති කෙනෙක් අනාගතයේදි හමුවෙයි. මම කලෙත් ඔය විදියට....

    ReplyDelete
    Replies
    1. රත්තරන් මහත්තැන් කෙනෙක් ඉන්න,ලගදීම සිගිති දියණියකගේ මවක් වෙන්න ඉන්න කෙනෙකුට මොනවාද මලේ මේ කියන්නෙ.

      Delete
    2. මොකක්ද බං කවියක් වත් ලියල දාලා නිදහසේ ඉන්න දෙන්නෑ නේ.. කයි කතා හදන්නේ.

      Delete
    3. @ සිරා අයියා, මගේ තියරියත් ඕකම තමයි ඉතින්..

      @ කෙන්ජි,ඔය නාල තියෙන්නෙ ඇදගෙන ළිදෙන්ම, මගේ නංගිටයි පුංචි පැටියෙක් හම්බ වෙන්න ඉන්නෙ..

      @ දේශකයා, ඒකනේ නේද?

      Delete
    4. ඒ උනාට නදිනි අතීතයේ ලිව්ව පෝස්ට්(කමෙන්ට්) එක්ක ගැලපුමක්නම් නෑ වගේ.......?

      Delete
    5. ඒ කිව්වේ වී අයියේ?

      Delete
    6. වස ලැජ්ජාවයි...කවුද බොල යටගිය දවස බරණැස් නුවර වෙච්ච සිදුවීම් දන්නෙ...

      Delete
  4. අතීතේ පිපි
    සිනා මල් අද
    පර වෙලා බව
    දන්න හින්දා

    නුඹෙ මතකය
    මගේ හදවත
    රිදවනා බව
    දැනෙන හින්දා

    නුඹව නොපෙනී
    මමත් යන්නෙමි
    මතකයන් සිත
    තුළම හංගා

    ReplyDelete
    Replies
    1. ලස්සනම ලස්සන කවියක් නංගී, බොහොම ස්තූතියි...

      Delete
    2. ඔයාගෙ කවිය ලස්සනයි අක්කෙ

      දාල යන අය ගැන හිතන්න එපා
      කවුරුහරි අපිව දාල යන්න හිතනව නම් අපි එයාව ඒට කලිං දාල යමු
      මම නම් එහෙමයි

      Delete
    3. මට නම් එහෙම දාල යන්න අමාරුයි නගේ, කොච්චර දාලා ගියත් මම හිතින් විදවනවා..

      Delete
  5. එයි එයි... ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අසු පිට කුමාරයෙක්ද?

      Delete
  6. සිතුවිල්ලක් පමණක් නිසා කමක් නෑ.

    ReplyDelete
    Replies
    1. මේ හැන්රියා ඕක තමා නලියගේ එකෙත් ඇලෙව්වේ.. හැක් හැක්..

      Delete
  7. එයි එයි ඔය මොකා වුනත් ගිය තැනටම ආපහු එනවා :D

    ReplyDelete
  8. //වියළිලා මගෙ
    සිනාවන් අද
    නුඹ ආයෙමත්
    නො එන හිංදා....//

    හ්ම්ම්... හ්ම්ම්.... සංවේදී පද පෙළක් අක්කේ.....

    ReplyDelete
    Replies
    1. සංවේදී වෙලාවක ලියපු එකක් නංගෝ...

      Delete
  9. වතාවකදී කිව්වා මතකයන් අමතක කරන්න අමාරුයි කියලා.
    තවත් වතාවකදී කිව්වා ඔක්කොම එපා වෙලා කියලා.
    තවත් වතාවකදී කිව්වා අකුරු කරන්නේ සිතුවිලි මිසක් අත්දැකීම් නෙවෙයි කියලා.
    හ්ම්ම්ම්ම්.......

    ඒත් මට හිතෙන්නේ මෙහෙම දෙයක්..
    සැමි අයියා ආවා.. කවි පදය (එක වහල යට...?) සම්පූර්ණ උණා. පෝස්ට් ටික අඩු උණා.. දැන් ඉතිං උන්දෑ යන්න හදනවා...

    ඒත් බං
    .//නුඹ ආයෙමත් නො එන හිංදා....//. මේ මොන මගුලක්ද?.......

    ReplyDelete
    Replies
    1. සිතුවිලි වලට අත්දැකීම් එකතු වෙලා හැදිච්ච එකක් කියල හිතාගන්නකෝ අකම්...

      Delete
  10. දරුවෙක් ලැබෙන්න ඉන්න මවක් ලියන සිතුවිලිද මේවා. :)

    ReplyDelete
    Replies
    1. මම උඩදිත් කිව්වා අයියා කලබලෙන් ඇවිත් ළිදෙන්ම නාලා ගිහින් වගේ.. :D

      Delete
    2. නාල විතරක් නම් කමක් නැහැ...
      කබෙත් එක්ක පනිට්ටුව ළිදට අතහැරල :)

      Delete
    3. කමක් නෑ ඉතින්...

      Delete

  11. බර වුනත් මට
    මේ කඳුළු කැට
    දරන්නම් මම
    ආදරේ හින්දා
    ගැඹුරු වූ මගෙ
    කල්පනාවන්
    නුඹ ගැනම
    ගතු කියන හින්දා
    දිග වුනත් මට
    මේ සුසුම් රැල්
    පතන්නම් නුඹ
    යලි එතැයි
    සිතෙන හන්දා
    වියලුනත් මගේ
    සිනාවන් අද
    පිපී එයි යලි
    නුඹ මගෙම හින්දා

    ReplyDelete
    Replies
    1. මල්ලියො මම ඔයාගෙන් මේ තරම් සංවේදී පද පෙලක් නම් බලාපොරොත්තු උනේම නෑ,... කොල්ල දස්සයා...

      Delete
  12. කවි හින්ද මට මිස් වෙලා බොල.... හි හි...

    ReplyDelete
    Replies
    1. කවියට හිරුවගේ මනාපයක් නැති බව මම දනිමි..

      Delete
  13. දුකිං හංදා
    කවිය බැංදා
    ගියේ කවුදැයි
    අනේ මංදා

    ReplyDelete
    Replies
    1. ආපු හංදා
      පලමුවෙන් තා
      මෙන්න තොරනක්
      මාත් බැන්දා...

      Delete
  14. ලස්සනට පද ගලපලා..!මට බෑනෙ ඔහොම පද ගලපන්න..!

    ReplyDelete
    Replies
    1. අනේ අනේ අයියේ මුරුංගා ගහේ නග්ගන්න එපෝ...

      Delete
  15. කවිය ලස්සනයි නෙ. අසංකගෙ සින්දුවක් මතක් වුනා. :)

    ReplyDelete
    Replies
    1. මොකක්ද අයියේ සිංදුව?

      Delete
    2. ඒක මතක්‍ වුනෙ මේ "හංදා" කියන වචනේ නිසා. "කදුලු හුරතල්‍ වැඩි ද මන්‍දා..." අහල ඇති. :)

      Delete
  16. මේ ළමය කලින් මූල්‍ය අංශයට සම්බන්ද තැනකද වැඩ කලේ ?

    ReplyDelete
  17. පෙරදා හඩවා ගියා ඔයා රිදවා සිත මා
    සුවදක් වත් නැ ..... මා ළග තියා .... :'(

    බය වෙන්න එපා අක්කේ. ඔය ගියාට අගේ තේරුන ගමන් ආයේ එනවා... :D

    ReplyDelete
  18. mama meka danui dakke...moko penna naththe wadiya me tike... doni baba awillada ...?

    ReplyDelete
  19. කවිය ලස්සනයි

    ReplyDelete
  20. ඔයාටත් ලස්සන කවි හිතක් තියෙන්නේ ... :)

    ReplyDelete

නදී නිම්න‍යේ තබා යන්න ඔ‍බේ සිතුවිලි මුතු අහුරක්...