Saturday, May 11, 2013

අලුත් නෑකම...

 

ඉපදුන දවසේ ඉදන්ම අපිට මේ ලෝකේ අය එක්ක නෑකම් ඇතිවෙනවා. මමත් මුලින්ම දුවෙක් උනා, එක්කම මිනිබිරියෙක්, නංගි කෙනෙක් උනා. පස්සේ කාලෙක අක්ක කෙනෙක්ඔය අතර මට සුවිශේෂව දැනුන නෑකමක් ඇති උනා මම නැන්ද කෙනෙක් උනා. පුංචි කෙලි පැටියෙක් තමයි ඉස් ඉස්සෙල්ලම මට නැන්දා කියල කිව්වේ. එතකොට මම ඉස්කෝලේ යනවා. මට පදවිය හරිම ලොකු ආඩම්බරයක් උනා. ඔහොම ඉදල කාලේකදි පුංචි කෙනෙක් උනා, දැනට පුංචි පැටව් 11 දෙනෙකුට මම නැන්දා, පැටව් 3 දෙනෙකුට මම පුංචි වෙනවා.
 
ඔන්න දැන් කියන්න හදන්නෙ අලුත්ම නෑකම... මම පුංචි පැටියෙකුට ලොකු අම්මියෙක් වෙන්න යනවා... මගේම කියල දැනෙන මගේ පුංචිගෙ පොඩි දුවට පුංචි දූ පැටියෙක් ලැබෙන්නයි යන්නේ...
 
දැනට ටික දවසක් වෙනවා අපි මේ සුභ අරංචිය දැනගෙන, ඒක දැන්ගත්ත දවසේ ඉදන් මටත් ලොකු වගකීමක් ලැබිල වගේ, දැන් බබාගේ ඇදුම් මහන්න බඩුගන්න මමත් බර කරට දාගෙන, හැමවෙලේම බබා ආවහම අපි කරන දේවල් කල්පනා කරනවා, දුවක් කියල දැනගත්ත දවසේ ඉදන් රෝස පාට පුංචි ඇදුම් අතගගා නංගියි මමයි කඩවල් ගානේ ඇවිදින්න පටන් ගෙන...
 
පුංචි පැටිය එනතුරු ඇඟිලි ගනිනවා,
 
පුංචි දෝණි එකනම් අපි මග බලනවා. මුලින්ම පැටියෙක් ගැන දැන්ගත්තම දෝණිගේ තාත්තියි මමයි රන්ඩු උනා, තාත්ති කිව්වෙ පුතෙක් කියලා මම කිව්වා නැහැ දුවක් කියලා, ඉතින් ඔන්න අන්තිමේදි ලොකු අම්මි දිනුවා, ඒත් දැන් හරියට මම පුතෙක් කිව්වා වගේ තමයි දූ පැටියගේ තාත්ති හැසිරෙන්නෙ, අපි හැමෝටම වඩා දුවකට එයා ආසාවෙන් බලන් ඉන්නවා, අපි වටේ ඉදන් කෑගහද්දි දෝණි හරියට දගලනවලු,  එතකොට දෝණිගේ අම්මි කෑගහනවා, එපා සද්ද කරන්න මෙයා මට ගහනවා කියලා.
 
මේ සේරම සතුට ඔයා නිසා පුංචි දූ...
 
ඔයා මේ ලෝකෙට ආවහම ලොකු අම්මි පුලුවන් තරම් හොද දේවල් ඔයාට උගන්නන්නවා, ඔයාට පුලුවන් උපරිම දේ දෙනවා,ඒක මම පොරොන්දු වෙනවා,
 
ඔන්න එහෙනම් නිකිණි මාසෙදි අපේ පුංචි දෝනි එනකන් අපි මග බලාගෙන ඉන්නවා..

 
 

45 comments:

  1. මේක එයාට යවන්න තමා විදියක් නැත්තේ.. සුභ ආරංචියකුත් එක්ක නෙව ඇවිල්ල තියෙන්නේ.. අපිත් බලාන ඉමු නිකිණි වෙනකල්...

    ReplyDelete
    Replies
    1. මේක ප්‍රින්ට් කරල අම්මට කවන්න තමයි වෙන්නේ...:D

      Delete
  2. අපිත් මග බලාගෙන ඉමුකෝ :)

    ජය වේවා !

    ReplyDelete
    Replies
    1. සහන් අයියත් බලන් ඉන්නවා කියන්න පුංචි නිකිණි එනකම් හොඳද ...?

      Delete
    2. @ සෑම්, බොහොම ස්තූතියි...

      @ සහන්, අයියා????? මම අදුරල දෙන්න හිටියෙ සහන් සීය කියලා...

      Delete
  3. අනේ ෂෝයි.... දූ පැටියා එනකම් කට්ටියට ඉවසිල්ලක් නැතුව ඇති නේද...

    ReplyDelete
    Replies
    1. ඔව් නංගෝ අපි ආසාවෙන් බලන් ඉන්නවා එතකන්..

      Delete
  4. දැන් නදිනි ඉන්නේ ලංකාවෙද ඒ කියන්නේ?
    හැකි ඉක්මනින් ආච්චියෙකුත් වේවා.

    ReplyDelete
    Replies
    1. අන්න අයියත් වරද්දගෙන වගේ අම්මියෙක් නෙමෙයි ලොකු අම්මියෙක් වෙන්නයි යන්නේ...තාම පිටරට තමයි ඉතින්..

      Delete
    2. මම වරද්දගත්තේ නෑ. මට තේරුනා. මම කිව්වේ ඊලඟ තට්‍ටුව ග්‍රැන්ඩ් කියන එකයි.

      එතකොට මේ ඇඳුම් මහන්නේ ලංකාවේ ලැබෙන්න යන බබෙකුටද? නැතිනම් එයාලත් ඉන්නෙ ඔය රටේද? ඒකයි ටැපලුනේ.

      Delete
  5. හුරේ... මං මාම කෙනෙක් වෙලා :)

    දැම්මම නමක් දාල තියමු...

    ReplyDelete
    Replies
    1. දාමු දාමු, මමත් දැන් නම් මතක් කරනවා.

      Delete
  6. මල සේක.. ආපහු කිවෙව්වමයි තේරුනේ.. මේක මහ පටලවලනෙ ලියල තියෙන්නෙ, රෙද්ද.. මං මේ මගේ බ්ලොග් එකේ ඔයාට සුභ පතල පෝස්ට් එකක් දාන්න හැදුවෙ.. :(

    ReplyDelete
    Replies
    1. හොද වෙලාවට දෙවෙනි පාරට කියෙව්වේ...:D

      Delete
    2. චූටි බාල ශෝයි, ඇඟේ ජරා කරන්නෙ නැත්නම්...

      Delete
    3. ඔව් ඔව් උඹ ඉපදුන දවසේ ඉදන් ටොයිලට් ගිහින් වෙන්න ඇති වැඩේ කරේ?

      Delete
  7. අපිත් බාප්පිලා හරිය... ඒත් දෝණියන්දෙකුට.

    නැන්දී පුංචි වෙලා, පුංචි ලොකු අම්මියෙක් වෙන්න යන ගමනට මගෙන් උණුසුම් සුභ පැතුම්. එතකොට ඔය ලොකු කෑල්ල හැලෙන දවස කවද්ද බොල එන්නේ...

    ReplyDelete
    Replies
    1. දන්නවා දන්නවා බාප්පොච්චි ගැන...

      ඉක්මනටම ඒ දවස ඒවි කියල බලාගෙන ඉන්නවා අකම්....

      Delete
    2. එදාට තමයි උඹ එළිච්චියෙක් වෙන්නේ. :D (ටියුබ් ලයිට්නම් දේශකයාට දීපු රිප්ලයි එක බලන සේක්වා)

      (විහිළුවක් හොඳේ)

      Delete
  8. අලෙ ෂෝයි අනේ
    මගෙනුත් සුභ පැතුම් අක්කියෝ!

    ReplyDelete
    Replies
    1. මට සුභ පැතුම අලුත් නෑකමට වෙන්න ඇති නේද මල්ලෝ...

      මම නංගිට කියන්නම් කෝ..

      Delete
  9. ඈ බං නදියෝ.. මට කියන්න දෙයක් නැනේ... හි හි....

    ReplyDelete
    Replies
    1. මොනවා... හි...හි..කියන්නද.. හි...හි..නේද.. හි...හි. අනේ ?
      .. හි...හි.... හි...හි.... හි...හි.... හි...හි.... හි...හි.... හි...හි.... හි...හි.... හි...හි.... හි...හි.... හි...හි.... හි...හි..

      Delete
    2. හිරුවත් හෙට අනිද්ද මීට වඩා හොද පෝස්ට් එකක් දායි නේද? අම්මියෙක් වෙනෝ කියලා?

      @ යසිත්, හම්බවෙයි හිරුවගෙන්..

      Delete
  10. අනේ වාසනාවන්...මගෙත් කැමැත්ත ඉස්සෙල්ලාම දුවෙක්...

    ReplyDelete
    Replies
    1. සිරා අයියාගේ පෝස්ට් එක දැක්ක ඒත් මේ දවස් වල යලට මහටනෙ බ්ලොග් කියවන්නෙ ඉතින් කමෙන්ට් කරන්න බැරි උනා...

      ඉස් ඉස්සෙල්ලම දුවක් පවුලට වාසනාවක්ලු, ඒ ඉතින් පුතෙක් උනත් හොදයි... කවුරු උනත් දරුවෙක්නෙ..

      Delete
  11. හුටා...අපි සීයල වෙයිද..?

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නෙ කොහොමද? අර අලුත් වී පැංචෙක්ගේ තාත්තෙක් වෙන වෙලාවෙ?
      දැනට මමෙක් කියල කියල දෙන්නම්කෝ..

      Delete
  12. ඔන්න මං මාමත් ආවලු පොඩි එකී බලන්න.. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චන්දන මාමේ, කෙල්ල පෝරුවට නග්නන්න ඕනි වුනත් මේ ඉන්නෙ මාමලා.....:D

      Delete
  13. එල! මතක් කරලා ඒ පැටික්කිට මේ බ්ලොග් එකෙන් අකුරු කියවන්න!

    ReplyDelete
    Replies
    1. ඒකත් හොද අදහසක් තමයි නාඩි සීයේ...

      Delete
  14. මාත් මේ බාප්පා කෙනෙක් වෙන්න මඟ බලාගෙන ඉන්නේ.. තව ටික දවසකින් ඒකත් හරි..

    එහෙනම් අක්කටත් සුභ පැතුම් හොදේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මල්ලි... මම නම් ඔයාට සුභ පතන්නෙ ඉක්මනටම තාත්තියෙක් වෙන්න කීයලා..

      Delete
  15. සුබ පැතුම් මගෙනුත්

    ඔන්න චූටි දූ එනකල් ලොකු අම්මි මග බලන් ඉන්නව

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නංගෝ...

      Delete
  16. මං බයේ උන්නේ මේ බ්ලොග් එකත් වැහෙයි කියල, අර කවී අක්කගේ බ්ලොග් එක වගේ... එහෙම නෑනෙ.

    ලොකු අම්මිගේ බ්ලොග් එකෙන් දුවගේ වැඩකිඩ අපිටත් බලා කියා ගන්න පුළුවන් වෙන්නේ නැතෑ ....:D

    ReplyDelete
    Replies
    1. අනේ නෑ රයිටරයෝ, මම මේ ටිකේ හොදටම බිසී උනා... ඔව් ඔව් වැඩ කිඩ කියන්න එලියට එනකන් ඉන්නේ..

      Delete
  17. ඒ මේ... මට එහෙම එයා මාමේ කිව්වොත් බලාගම්මු ඈ.. :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හරි හරි මම රජ සීයා කියන්න උගන්නම්කෝ...

      Delete
  18. මාතලන්ගේ එකේ වැටෙන්නෙ නැද්ද මේක.නෙන්රිගේ එකේ දැකලයි ආවේ.
    අපිටත් ඉස්සෙලම දුවෙක් තමා.දවසින් දවස ලොකු වෙනව දකිද්දී පුදුම සතුටක් දැනෙන්නෙ.දෙන්නම සීසර් කරල ඉපදුනෙ.පුතාව ඩොක්ටර් අතට අරන් මෙන්න පුතෙක් කියල මුණ ලගටම පෙන්නල.දුවව ගන්න වෙලාවෙ සම්පුර්ණ සිහිය නැති කරල.
    බබාලා බඩේ දගලද්දී අත ගගා එයාල එක්ක කතා කරන්න ඕන,සින්දු කියන්න ඕන.එයාල දැගලිල්ල නවත්වල අහන් ඉන්නව.

    ReplyDelete
    Replies
    1. දුවක් පවුලට මුලින්ම වාසනාවයි කියනවනේ, අනික කොහොමත් තාත්තල තමයිනේ දූලට ගොඩාක් ආදරේ..
      අපොයි මේ දූගේ අම්මට කිව්වම සිංදු කතා කියන්න කියලා අනේ මට බෑ මට පිස්සු කියල හිතයිනේ කියනවා

      Delete
  19. මගෙ කෙල්ලට අවුරුදු විසි එකයි.. තාමත් මගෙ පොඩි එකී.. ලේසියෙන් මාව සීය කරන්න බැරි ජොබ් එකක්නෙ ‍තෝරගෙන ඉන්නෙ.

    ReplyDelete
  20. අපි මාමලා :P
    ලොකු මාමේ ලොකු මාමේ.... අයියෝ මේ චුටි මට ... :D :P

    දූ සිඟිත්ති පවුලට වාසනාවක් :)

    ReplyDelete
  21. මං ඉතින් දැන් චුටි දුවෙක්ගේ තාත්තා වෙලා නේ ඉන්නේ. :)

    ReplyDelete

නදී නිම්න‍යේ තබා යන්න ඔ‍බේ සිතුවිලි මුතු අහුරක්...