මට
හිතෙනවා අපි තාක්ෂණය අතින් කොයි තරම් දියුණු උනත් සමාජීය අතින් නම් යන්නේ ආපස්සටයි කීයලා. අද මම කල්පනා කරා මිනිස්සු ගෑණු ළමයෙක් දිහා පිටින් බලලා කොයි තරම් නම් තීරණ ගන්නවාද කියලා..
උදාහරණය
මම, වැඩියෙන් මිනිස්සුත් එක්ක කතා කරන නිසා හිතනවා පැන පැන කතා කරන කෝච්චියක් කියලා. එක තැනක ඉන්නෙ නැති නිසා හිතනවා මහා දැගලිලි ළමයෙක් කියලා. පිරිමි ලමයි වැඩිපුර ආස්සරය කරන නිසා නැට්ටිච්චියක් කියලා...
හුගක්
අය ඒ දේවල් මූණට කියලා නෑ තමයි, ඒත් ඒ දේවල් දැනෙන්න වැඩ කරනවා. අනික සමහරු තැන තැන කියනවා.. ඒක ගොඩාක් හිත රිදෙන දෙයක්. ඒක මට දැනෙන නිසාම මම පරිස්සම් වෙනවා කෙනෙක් ගැන දැකපු ගමන් තීරණයක් නොගෙන ඉන්න..ඒත් එහෙම මම මුකුත් නොකිව්වත් ඒ අය මං ගැන වැරදි කියනවා කිව්වම රිදෙන හිත නම් ආපහු කෙනෙක් විශ්වාස කරන්නෙ පරිස්සමින්...
ප්‍රශ්නේ තියෙන්නෙ මට මේ දේවල් ඉක්මනට අමතක වෙනවා. මිනිස්සු මට කරේ මොනවද, එයාලගෙන් පරිස්සම් වෙන්න ඕනි කොහොමද කියන එක මට ඉක්මනින්ම අමතක වෙනවා.. අන්න එතනදි මම තවත් අමරුවේ වැටෙනවා..
මට
මිනිස්සු ආස්සරය කරන එකෙන් මිදෙන්න අමාරුයි..ඉතින් ආපහු ආපහු එකම වලේ වැටෙනවා.
මිනිස්සු
මගේ එක එක දේවල් වලට කැමැත්තෙන් මට ලං වෙනවා. නෑදෑයෝ යාළුවෝ මේ හැම කෙනෙක්ම මගෙන් මොනවාම හරි බලාපොරොත්තු වෙනවා.. ඒ දේ හරි ආකාරව ලබාදෙන්න බැරිවුනාම එයාල මෙච්චර කාලයක් හිතේ මං ගැන තියන් හිටපු දේවල් එලියට දානවා. සමහරු හරි සරල විදිහටත් සමහරු හරි සංකීර්ණ විදිහටත්…
මම
කල්පනා කරේ එහෙම දේවල් එයාලා කරන එකෙන් මට වෙන බලපෑම එයාලට දැනෙන්නෙම නෑ නේද කියලා. සමහර විට දැනුනත් රිද්දන්න තියන උවමනාව නිසා ඒ බලපෑම අමතක කරනවා ඇති. ඒක තමයි මිනිස්සුන්ගේ තියන ආත්මාර්ථකාමීත්වය.
මනුස්සයෙක්ගේ
ඇත්ත ඇති සැටියෙන් තේරුම් නොගෙන ඒ මනුස්සයව මනින්න යන එකෙන් අපි කරන්න ලොකු වැරැද්දක්. ඒක තේරෙන්න විත්තිකාර පාර්ශවය වෙලාම බලන්න වෙනවා. මමත් ජීවිතේ දෙතුන් වතාවක් ඒ විත්ති කූඩුවට නැගපු කෙනෙක්.. හැබැයි පැමිනිලි පාර්ශවයෙන් ලැබෙන සේරම චෝදනා වලට උත්තර නොබැන්දම වැරදිකාරයා උන
කෙනෙක්.. මොකද පැමිණිලි පාර්ශවය ඉක්මන් වෙන නිසා ඉන්න සේරම නඩුකාරයන් ඒ පැත්ත අරගෙන..
විත්ති
කූඩුවේ හිටගෙන හිටපු මම නිකම්ම කූඩුවට දාලා..
මේ
බ්ලොග් කියවන්නෙ, ලියන්නෙත් වැඩිපුර පිරිමි. ඔයාලගේ ජීවිතේත් ගැහැනු ගොඩාක් ජීවත් වෙනවා. සමහරු ගොඩාක් කිට්ටුවෙන් සමහරු සාමානය ආශ්රයෙන්.
ඒ
කිසිම කෙනෙක් ගැන මතුපිටින් බලල ඒ චරිතය ගැන තීරණයක් ගන්න එපා. සමහර ඔයාලගේ ඒ තීරණ නිසා ගැහැනු ජීවිතයක් නිකරුනේ නාස්ති වෙන්න පුළුවන්.. මම කියන්නේ නෑ පිරිමි අයට අනිත් අය හිතන දෙයින් බලපෑමක් වෙන්නෙ නෑ කියලා. ඒත් සමාජයේ නිගමන වලින් පිරිමින්ට වඩා ගැහැනුන්ට වෙන බලපෑම බොහොම වැඩියි..
එක වතාවකට
හරි
ඔයාලා
නැට්ටිච්චියෙක්,
කෑල්ලක්,
බඩුවක්
කියලා
හංවඩු
ගහන
කෙල්ලෙකුට,
ගෑනියෙකුට
ආපහු
ජීවිත
කාලෙම
හොද
ගෑණියක්,
අම්මෙක්
වෙන්න
බැරි
වෙයි..
ඒ
දැනෙන
පීඩනය
ඔයාලගේ
ජීවිත
එලිය
කරන්න
මහන්සි
වෙන
ගැහැනියම
විනාස
කරන්න
බලපානවා..
ඒ
බලපෑම
එතනින්
නවතින්නෙ
නැහැ..
ඒක
ඔයාලගේ
ජීවිතේටත්
බලපානවා...සමහර
විට
ඔයාලා
ඒ
බලපෑම
එල්ල
කලේ
ලඟ
අහල
පහල
නැති
පිට
ගැහැනියකට
වෙන්න
පුළුවන්..
ඒත්
ඒකත්
ගෙවාගන්න
බැරි
පාපකර්මයක්
ජීවිතයට
එකතු
කරගත්තා
හා
සමයි...
එක
පාරට මේ දේවල් ලිව්වේ මම ඊයේ පෙරේදා හිත රිද්ද ගත්ත නිසා නෙමෙයි.. ඒත් කාලයකට ඉස්සර එහෙම පීඩා විදපු නිසා.. ඒත් මගේ හිත ආපහු නැගිටින්න හයියට තිබුනා.. ඒත් එහෙම නැති වුනා නම්????
එහෙනම්
කියන්න තියෙන්නෙ මම මැරුන තැන්වල දැන් ගසුත් පැලවෙලා කියලා තමයි...
Time tells us everything.
ReplyDeleteyes but sometimes its too late
DeleteBut it tells... no???
Deleteඅපේ රටේ තවමත් ඔය වගේ කුහක මානසිකත්වයක් වැඩිපුර තියෙනවා පිරිමින් අතර...කෙල්ලෙක් කලිසමක් ඇන්දොත්/ බයික් එකක් පැදන් ගියොත් / වාහනයක් එළෙව්වොත්/ හයියෙන් හිනා වුනොත් සෑහෙන ප්‍රශ්න...මේකට උගත්කමේ ප්‍රශ්නෙකුත් නෑ...තියෙන්නෙ කාන්තාව සැමදාම ඉන්න ඕනෙ පිරිමියාට ගවු ගානක් පහළින් කියලා හිතෙන කුහකත්වය.
ReplyDeleteඔව්. සමහර වෙලාවට මට හිතෙනවා මෙතනෙ තියෙන්නෙ ගැහැණිය ඉස්සරහට එයි කියන බයද කියලා.. සමහර ඔෆිස් වල නම් තියනවා ඒ විදිහෙ දෙයක්.
Deleteසමහර වෙලාවට එහෙම තනියම බයික් එකක් පදින්නෙ, වාහනයක් එලවන්නෙ කාටවත් පෙන්නන්න නෙමෙයි..ඒ දේවල් කරල දෙන්න කෙනෙක් ලග නැති නිසා වෙන්න පුළුවන් නේද අයියේ??
අනිවාර්යෙන්ම...කාන්තාව කියන්නෙත් මිනිස් ජීවියෙක් කියන සිතුවිල්ලෙන් බැලුවා නම් මේ ගැටලු නෑ...
Deleteඑහෙම බලන අය අඩුයි දැන්...
Deleteඅර තද කළු අකුරෙන් ලියලා තියෙන එක... ඇඩෙනවා!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හිතට වැදුන නම් ඒ ඇති...
Deleteනදීගෙ කතාව හරි.. අපි සහජයෙන්ම හුරුවෙලතියෙන්නෙ මතුපිට බලලා ඇතුලත මනින්නයි.. අපි ජීවිතේදි මූන දෙන ප්‍රශ්න ගොඩකටම හේතුව ඕකයි.. හැබැයි ඒක ගැහැණියක් මනින්න විතරක් නෙවෙයි පිරිමියෙක් මනින්නත් එහෙමම යෙදවෙනවා.
ReplyDeleteඔව් අයියේ ඒක මම දන්නවා.. ඒත් මම කිව්වේ මේ විදිහට ගැහැනියක් හංවඩු ගැහුවම ආපහු ජීවිත කාලේ කවදාහරි ඒ ගැහැනිය හොද කෙනෙක් කියල මිනිස්සු දකින ප්‍රමාණය අඩුයි... සමහර වෙලාවට ඒ කෙනාව ලගින්ම ඇසුරු කරන කෙනෙක් ඒක තේරුම් ගත්තත් හොද පැතිරෙන්නෙ අඩුවෙන් නිසා මිනිස්සු දන්නෙ ඒ කෙනාගේ නරක විතරක්ම වෙන්න පුළුවන්..
Deleteනදිනි අද බොහොම කලකිරීමකින් වගේ. මට හිතෙන්නේ මේකට හේතුව සයිබරයේ සිමාවන් හා සැබෑවේ සීමාවන් නිවැරදිව වටහා නොගැනිම. සයිබරය සයිබරයක් සේ භාවිතයට ගනිමින් එහි සීමා මායිම් හොදින් හැදින ගෙන කටයුතු කරන තාක් මෙවන් තත්ත්වයන්ට මුහුණ දෙන්නට වෙනවා අඩුයි. අනෙක් ගැටලුව නදිනි හිතන්නේ මේ ගැටලු ගැහැණුකමට පමණක් ආවේනික දේවල් කියලද. නෑ එයා කාටත් පොදුයි. හොදම උදාහරණ තමයි මාරයා මාතලන් අටං කෙන්ජි කතන්දර වැනි අය. ඒ අය පිරිමිනේ.හොදින් බලන්න ඒ අයට සයිබරය හරහා එල්ලවන ප්රහාරයන්ට උපහාසයෙන් මුහුණ දෙන ලස්සන. ඇගටවත් ගන්නවද නෑනේ.
ReplyDeleteඅනෙක තමයි මේ අවකාශයේ ලෝක හොරු වගේම හෙරියොත් ඉන්නවා. නොදන්නා ආධුනිකයන් මේ හොරුන්ට මෙන්ම හෙරියන්ට අහුවෙනවා. ඉන් පසුව සදාතනික කලකිරීමකින් සයිබරයටම වෛර කරනවා. වරද කාගෙද?
මේ වගේ පුංචි දේකට ඔයාලම ගැනුකම ඉස්සරහට දාගන්නවා. එහෙම දාලා කියනවා ගැහැනියට අඩු සැලකිලි කියලා. ඉතින් ගැහැනුකම බාල්දු කරගන්නේ කවුද?
තව එක කාරණයක් සයිබරයේ අපට මෙහෙම ඉන්න පුළුවන් නාමික නිර්නාමික අන්වර්ථ නාමික.ඉතින් මේ ත්‍රිත්වයේ වෙනසත් වටහා ගන්න වෙර දරන්න. ඒ වගේම අන් අයත් ඒ වෙනස වටහාගන්නා අය සේ හිතන්න.
නෑ නලීන් අයියේ, මේකට සයිබරයේ කිසිම පුංචිවත් සම්බන්ධයක් නෑ... මම කිව්වෙ සාමාන්‍ය පෞද්ගලික ජීවිතේ ගැන.. දෙයියන්ගේ පිහිටෙන් සයිබරයේ නම් මට කිසිම ප්‍රශ්නයක් ඇති උනේ නෑ..අනික මේක මගේ ගෑනු කම බාල්දු කර ගැනීමක් නෙමෙයි.. මම කියන්නේ ගෑනියෙක් එක්ක නිදාගත්තේ නැතත් පිරිමියෙක් කිව්වොත් මම අර ගෑනි එක්ක නිදාගත්තා, මම මෙහෙම කරා අරෙහෙම කරා කියලා, එතනින් එහාට කිසිම කෙනෙක් ඒ ගෑනු කෙනාගෙන් අහන්නෙ නෑ එහෙම වුනාද කියලා.. පිරිමියා කියන දේ පිලිගෙන වැඩ කිරීම තමයි වෙන්නේ.. ඒත් ගැහැනියක් කියන්න යන්නේ නෑ නේ මම මේ මිනිහා එක්ක මෙහෙම කරා අරෙහෙම කරා කියලා.. කිව්වත් ආහා ඒක උඹේ වැරැද්ද...උඹ දැනගන්න ඕනි එහෙම නොවෙන්න වැඩ කරන්න කියන එකනෙ සමාජයේ කියන්නේ, ඒක ගැනයි මම කිව්වේ..අනික එහෙම වුනාම ඒ ගැහැනියට දැනෙන පීඩනය වැඩියි කියන එකයි මම කිව්වෙ..
Deleteකොහොම හරි තමන්ගේ උවමනාවට පොළඹවා ගන්නකම් පස්සෙන් යනවා.තමන්ගේ වැඩේ කරගත්තට පස්සේ " අපෝ ඕකි මෙහෙමනේ " කියනවා...
ReplyDeleteඋවමනාව ඉෂ්ඨ කරගන්න බැරි උනත් බනිනවා..කරගත්තත් බනිනවා , නිග්‍රහ කරනවා...
එක එකා බලු කතා කියද්දී හිත රිදෙන තැන් නම් එනවා තමයි නදිනි..ඒත් මතක තියාගන්න ඔය එකෙක්වත් ඔයාට වේලක් වත් කන්න දෙන්නේ නැහැ බඩගින්නේ මැරෙන්න ගියත්..තමන් ගැන අබමල් රේණුවක හැගීමක් නැති උන් කියන බලු කතා ගණන් ගන්න එපා..කණ පුරවලා සෙරෙප්පු පාරක් දුන්න නම් ඔක්කොම අමාරු හොඳ වෙනවා නදිනි...
මේක ඔයාට අදාල නැතුව ඇති..මම කිව්වේ පොදුවේ..හරක්ට තේරෙන්නේ කෙවිටෙන් කිව්වම විතරනේ...
\\\හරක්ට තේරෙන්නේ කෙවිටෙන් කිව්වම විතරනේ...\\\\
Deleteමේ කොටස කිව්වේ ඔයාව ඉලක්ක කරන් නෙවේ නදිනි හොඳද..මම කිව්වේ මිනිස්සුන්ට නිග්‍රහ කර කර ආතල් ගන්න හරක් ගැන...
සහන් හරියටම තේරුම් ගත්තා මම කිව්වේ මොකක්ද කියලා.. ඒ වගේම මමත් ඉන්නවා ඔය මතේම..කවුරුවත් අපිට වේලක් වත් කන්න දෙන්නේ නැත්නම් ඒ අය කියන දේවල් වලට අපි කලබල වෙන්න ඕනි නෑ කියන එක...ඒත් කොච්චර හිත තද කරගෙන හිටියත් සමහර වෙලාවට ඒක පුපුරල යනවා... එහෙම වුනාම ඒක කෙලවර කොහෙද කියලා හිතාගන්නවත් බෑ..
Deleteමං බොට වේලක් කන්න දෙන්නං. එතකොටවත් ඔය කියන දෙයක් අහගෙන හිටහං.. හැක්..
Deleteහැම කෙනෙක්ම ඕනම දෙයක් කරන්න හේතුවක් තියෙනවා... කිසිම දෙයක් නිකං කරන්නෙ නෑ මිනිස්සු. හැම දේකින්ම ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙනවා. ඒකයි මේ සමාජයේ ඇත්ත..
ReplyDeleteකෙනෙක් හිඟන්නෙකුට රුපියලක් දෙන්නෙ ඒකට හරියන මානසික තෘප්තියක් ඒකෙන් බලාපොරොත්තුවෙන්... ඒක තමයි ලෝකෙ හැටි...
මගේ ජීවිතේ වැඩිපුරම ඉන්නෙ ගැහැණු යාළුවො.. අනේ මංදා මට නම් අවුලක් නෑ
ඔයා කියන දේ හරි මල්ලි... අනික මටත් වැඩිපුර ඉන්නෙ පිරිමි යාළුවෝ.. ඒක ඇයි කියන්න දන්නේ නෑ.. ඒත් මම පිරිමි ලමයි එක්ක ඉද්දි හරි සැහැල්ලුයි වගේ දැනෙනවා... මේක ලගින් ආස්සරය කරන අයගෙන් වෙන දෙයක් නෙමෙයි ගොඩාක් වෙලාවට...
Deleteඇත්ත ඇත්ත. පිරිමි සීයකට එකට ඉන්න ඇහැකිලු අවුලක් නැතිව. ඒත් ඒක ඉවර වෙන්න එක ගෑනියෙක් එතනට ආවම ඇතිලු.. හැක් හැක්..
Deleteඔය කිව්වේ...
Deleteනදිනි කලකිරීමෙන් වගේ...........ඕවා..සයිබරයට විතරක් නොවේ සමාජයෙත් සුලභයි...කොයි දේත් දැන පමන ඇසුරු කලයුතුය.
ReplyDeleteඒක නම් හොද උපදෙසක් අයියේ...හැබැයි මම මෙතනදි සයිබරය ගැන් ලිව්වේම නෑ.. මොකද මම ඒක ගැන මෙහෙම කතා කරන්න තරම් දේවල් දන්නෙ නෑ..
Delete@ වීයා
Deleteඋඹ ගැන නං මාත් කළකිරිමෙන් ඉන්නේ.. හිපාටුවා
හයිලයිට් කරලා ලිවුව ටික ඔක්කොටම වැඩිය හිතට දැනෙනවා.. මේ ගැන මේ ටිකේ අහන දකින ඒවා හැටියට පෝස්ට් එකක්ම ලියන්න පුළුවන්..
ReplyDeleteඔව් මල්ලි... ඒත් මම මේ සයිබර් කතා හරි හැටි දන්නේ නැති නිසා ඒක ගැන කියන්න බෑ.. ඒත් සමහර අපි සයිබරයේ දකින හොද මිනිස්සු අතරෙත් කුහකකම් තියනවා නේද...ඒවා එක එක තැන් වලදි මතු වෙනවා..
Deleteකපන්න බැරි අත ඉඹින මිනිස්සු, චාන්ස් එක ලැබුන ගමන් කපනවා.
ReplyDeleteමුලින්ම අපිට හිනාවෙනවා
ඊ ලඟට අපිව විවේචනය කරනවා
ඊ ලඟට අපිට වලවල් කපනවා
මේ ඔක්කොම හරි නොගියාම අපිව අනුගමනය කරනවා
අපේ කරට අතත් දාගන්නවා.
මේ කමෙන්ට් එක ගැන කියන්න තියෙන්නෙ එක දෙයයි...
DeleteWELL SAID DUDE....
අපේ නෑනා මාව දැකපු පළවෙනි දවසේ ගෙදර ගිහින් කියලා තිබ්ෙබ් “ මල්ලි හොයාගෙන තියෙන්නේ මාර නැට්ටිච්චියක්නේ ...” කියලා.... ඒ 2001දි විතර... වැඩේ කියන්නේ එයා තාමත් මං දිහා බලන්නේ ඒ මානසිකත්වයෙන්ම තමයි... මටත් අවුලක් නෑ... මොකෝ බොරුයෑ... මං නැට්ටිච්චි තමයි.. හි හි....
ReplyDeleteමං කොල්ලෙක් එක්ක යාලු උනේ ඉස්කෝලේ යන කාලෙදිනේ... අපෝ අපේ ගෙවල් ළඟ හිටපු අයට තිබ්බ පිස්සුවක් ඒ කාලේ... මොකද මං හැංගි හැංගි ලවු කළෙත් නෑනේ... ඉතිං දැනගෙන හිටපු උන් ඔක්කොම මට කාඩ් ගහලා තිබ්බේ... අඩු ගානේ මාත් එක්ක පාඩම් කරන්න වත් අනිත් ළමයින්ව එව්වේ නෑ... හැබැයි උන් ඒ කාලෙදිම කරපු දේවල් මං කළේ බැන්දටත් පස්සේ... ඒවා ගැන කතා කරලත් වැඩක් නෑ.... මට කියන්න ඕනේ උනේ තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලෙට කලින් අනුන්ගේ ඇහේ පොල් කෙන්ද පේන මිනිස්සු කියන කතන්දර සත පහකට වැඩක් නෑ...
ඔය නදිනියට තිබ්බ ලෙඩ ටික මටත් එහෙමම තිබ්බා... ඒවා වෙනස් උනේ බැන්දට පස්සේ තමයි... මොකද වගකීම් යුතුකම් ගොඩක් තියෙන නිසා ව්‍යවහාරික මනෝ විද්‍යාව යොදවන්න ඕනේ තැන් තියෙනවා ඕනේ තරම්, ඔලුව බේර ගන්න ඕනේ නම්....
ඒ ඇරෙන්න මං නං කවුරුවත් මං ගැන කියන දේවල් එච්චර ගනං ගන්නේ නෑ.. හොඳක් කිව්වොත් හිනා වෙලා පැත්තකට වෙනවා.. වැරැද්දක් කිව්වොත් පොඩ්ඩක් කල්පනා කරලා බලලා, මට අදාළ නැත්තම් ඔලුව වනවා පැත්තකට වෙනවා.... අපි අපිම තමයි අපි ගැන තේරැම් ගන්න ඕනේ.. තමන්ට තමන්ව හරියට තේරුම් ගන්න පුළුවන් නම්, තමන් කරන දේ හරි වැරැද්ද තේරුම් ගන්න පුළුවන් නම්, අනිත් අයට බම්බු ගහන්න කියන්න... එච්චරයි මට නම් කියන්න තියෙන්නේ...
හිරූ ඔයා නම් මගේම චරිතේ තමයි.. වෙනසකට තියෙන්නෙ මට වඩා ඔයාගේ නිරීක්ෂනශීලි හැකියාව වැඩියි.. දෙයක් දිහා වෙනස්ම විදිහකට බලන්න ඔයාට තියන හැකියාව මට නෑ..
Deleteමම හිතන්නෙ සැමි අයියගේ පාර්ශවයෙනුත් ඔය වගේම කමෙන්ට්ස් තමයි මං ගැන තිබුනේ... වෙනස මට නැන්දම්මල, නෑනල නෑ...
මමත් සමාන්යෙන් මිනිස්සු කියන දේවල් ගනන් ගන්න කෙනෙක් නෙමෙයි..සමහර වෙලාවට මගේ ගැන කට්ටිය පුදුම වෙලා තියනවා මම ඒ දේවල් ගනන් නොගෙන ඉන්න හැටි දැක්කම.. ඒත් සමහර වෙලාවට මම පිටට නොපෙන්නුවට හිත යටින් ගොඩාක් පහලටම වැටිලා තියනවා..
එහෙම නැත්නම් මගෙත් ප්‍රතිපත්තිය අම්ම තාත්තා කිව්වත් මම වැරදි නැත්නම් නෑම තමයි...ආපහු ඒකෙ හිතල බලන්න දෙයක් නෑ...
මෙන්න ගහට ගහක් සයිබරයෙන් හමු වෙලා.
Deleteඕනෙ දේකට මෙන්න මේ හිරු වගෙ හිහි හිහි හි..හී කියල ඉන්න දරුවෝ ...
Delete@ හිරු
Delete// මල්ලි හොයාගෙන තියෙන්නේ මාර නැට්ටිච්චියක්නේ ..//
හැක්. හැක්.. ඒකනං හැබෑව. මාත් මේ කොහොම කියන්න ද කියල හිත හිත හිටියේ. (මූනක් කටක් බලාගෙන කියත හැකියැ නේද??
@ නලීන් අයියා, ඒකනේ කියන්නේ ප්රස්ථා පිරුලකුත් හැදුනා එහෙනම්...
Delete@ සරත් අයියා, හි හී
@ දේශකයා, මෙහෙම මටත් මිනිස්සු කියන්න බැරුව ඉන්නවා ඇතිනේද?
කෙනෙක්ට ලං වෙන්න කලින් දෙවරක් හිතන්න වෙනවා. ඉක්මනින් ලං වෙන එකේ භයානක කමක් තියෙනවා. ඔයා මුලින්ම කියනවා වගේ ගෑනු වැඩියෙන් කථා කරනොට පිරිමි බය වෙනවා. ඒ වගේම හොඳින් විශ්වාසවන්ත වෙනකම් කිසිම පුද්ගලික රහස් එලි කරන්න නරකයි.
ReplyDeleteඔව් මේ දේවල් නම් ඇත්ත... ඒත් ප්‍රශ්නේ තියෙන්නෙ සමහර පිරිමි කිසිදෙයක් හිතන්නෙ නැතුව තමන්ගේ හිතට එන දේවල් ගැහැනු කෙනෙක් ගැන කියන එක.. ඒකෙන් ගෑණු කෙනාට ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්.
Deleteගැහැනියක් කියන්නේ ස්වභාවයෙන්ම තේරුම් ගන්න අමාරු චරිතයක්.. කිසිම වෙලාවක පහත් කරලා සලකන්න වටින කෙනෙක් නෙවෙයි!
ReplyDeleteතේරුම් ගන්න අපහසුවට වඩා මට හිතෙන්නෙ, පිරිමියෙක් ගෑනු කෙනාට අනුව හැඩගැහෙන්න බලනවා අඩුයි.. තමන්ගේ විදිහට ගෑනි හදාගන්නයි දගලන්නෙ..
Deleteමම නම් හිතන්නෙ අලුත් පරම්පරාවෙ තරුණ කොටස් එහෙම නැතුව ඇති කියල යි.
ReplyDeleteලංකාවෙ අපේ වයසෙ කට්ටියගෙ නම් තාම ඔය කුප්ප ගති තියනව නොයෙක් විස්තර කියවද්දි දැනිල තියෙනව.
අදයි මේ ලිපිය දැක්කෙ.
එහෙම නෑ කෙන්ජි අළුත් පරම්පරාවෙත් එහෙම අය ඉන්නවා...වෙනස තියෙන්නෙ උඩින් පෙන්නනවා එහෙම නෑ අපි Open Minded කියලා...
Deleteහොදටම උණ හැදිල ඉන්නේ.. කමෙන්ට්ස් වලට රිප්ලයි කරන්න ටිකක් පරක්කු වෙයි..සමාවෙන්න ඒ ගැන
ReplyDeleteඉක්මන් සුවය ලැබේවා..!!!! උණ හොද වේවා
Deleteහපොච්චියේ.. ඉක්මනට සනීප වෙයන්.. මන් නැති දවස්වල තෙමිලා තෙමිලා ලෙඩත් හදාගෙන..
Delete@ දේශකයා,
Deleteස්තූතියි.. ඔන්න දැන් හොදයි...
@ අකමා,
අව්වට තෙමිලා තමයි ලෙඩ උනේ..
ලෙඩේ හොදයිද// බෝම සන්තෝසයි. එසේම වේවා.. හැක්
Deleteඋන බෝ වෙයි කියල බයට මං මේක කියෙව්වෙ නෑ. හොද වෙලා එන්න්ටකො. :D
ReplyDeleteකම්මැලියා..
Deleteපිටින් බලල මිනිස්සු මනින එක අපේ හැටියක් නේ. ඕවා ගනන් නොගෙන ඉන්න එක තමයි තියන්නෙ.
ReplyDeleteමිනිස්සු මැනල තැන තැන කියන එකනෙ වැරදි..
Deleteආ ඉක්මනට සනීප වෙන්ටකො එහෙනම්..
ReplyDeleteඒක නෙවෙයි, අර මං කිව්ව ක්‍රමේට කේක් හැදුවද.. :D :D
චන්දන මල්ලිය මටත් එවන්නකො ළමයි දෙන්නට හදල දෙන්න.
Delete@ චන්දන,
Deleteබොහොම ස්තූතියි.. ඔන්න දැන හොදයි..කේක් හදන්න බැරි වුනා ඊට පස්සෙම..
@ කෙන්ජි,
ඒවා රහස්.. :D
ඉක්මනින් සුව වේවා!
ReplyDeleteජප්පෝ නම් උන නිසා වැඩට ආවෙ නැහැ කිව්වොත් එවුන්ට හිනා යනව.
උණ වගේ දැනෙනව නම් ඉන්ජෙක්ෂන් එකක් ගහගෙන වැඩට යනවා.
මෙහෙත් ගැහුව ඉන්ජෙක්ෂන් .. :(
Deleteමොකක් කියන්නද කියලා හිතාගන්නවත් බෑ නදිනියෝ....
ReplyDeleteකොයි වැරැද්ද කලත් පිරිමියෙක් නාවල ගෙට ගත්තම හරි කියලා සංකල්පයක් අපේ රටේ (විශේෂයෙන් වැඩිහිටි ගැහැණු අතරේ) තියෙනවනේ. නැට්ටිච්චි කවුද හොඳ එකා කවුද කියල හොයා ගන්න දන් සමාජයට ගොඩක් අමාරුයි. අනික එහෙම දැනගත්තත් පුද්ගලික වාසි මත බොරුවට තැන දෙන අය තමයි මේ ලෝකේ ඉන්නේ.හොඳම දේ තමයි ඕන එකෙකුට ඕන කුදයක් ගහගනින් කියලා තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩ ටික කරගෙන ඉන්න එක. හැබැයි ඒක කියන තරම් සුන්දර නෑ.
මට හිතෙන්නෙ ඔයාල මොනවා හිතුවත් නැට්ටිච්චියෝ හොදයි අකම්.. වෙන අය වගේ හිතේ එකයි එලියෙ එකයි නෑ.. එහෙම අයව තේරුම් ගන්න වැඩි අමාරුවක් නෑ
Deleteඔයාගේ කතාව දැක්කම මට පහු ගිය දවසක කෝච්චියේ දැකපු දෙයක් මතක් වුනා නදිනි...
ReplyDeleteදවසක් මගින් නැග්ග ගැහැණු ළමයෙක් ව පිරිමි ළමයි බයිට් එකට ගත්තු හැටි...එකටම යන යාලුවෝ ටික..එත් ඒ ගැහැණු ළමයට තේරුනේ නැහැ...මේ වෙන දෙයින් තමන්ට වෙන්නේ අපහාසයක් කියලා...
මේක බලන් ඉඳලා බැහැලා යන කාන්තාවන් පිරිසක් කිව්වේ..." අනේ අර ගෑනු ළමයා...සේල් වුනා ...ලාබෙටම විකුණුනා ..කියලා..."
දුකයි...එත්..ටිකක් හිතුවා නම්.....නේද...?
සයිබරයේ ඉන්න බහුතරයක් පිරිමි හැබෑ ලෝකෙත් බහුතරයක් වෙනව නං මේ ලෝකෙ කොච්චර නිදහස් තැනක්ද? සයිබර් අවකාශයේ තියන නිදහසෙන් දශමයක් හැබෑ ලෝකෙ අපිට දෙනවනං ජීවිතේ කොච්චර පහසු ද? අඩුම ගාන කටක් ඇරල හිතට එන දේ කිව්වම ඒක අහල කතාව සාධාරණ ද නැද්ද කියලවත් හිතන්න අපේ මිනිස්සුන්ට වුවමනාවක් නෑනෙ.
ReplyDelete